♡ නිරුවත් හිතක් ♡

♡ නිරුවත් හිතක් ♡


දසවන කොටස

මතකනෙ. සිකුරාද ගෙදර යනකොට අල්ලපු ගමේ රාජා ඇවිත් අම්මට කරදර කරනව දැකල මම උට ගහගෙන ගහගෙන ගියා. අන්තිමට ඌව නැතිවෙලා කියල ධර්මෙ මාම කිව්ව. මාව ටික කාලෙකට හංගන්න තණමල්විල පැත්තෙ තැනකට මාව අරන් යනව කිව්ව.


කලින් කොටසට



එතැන් සිට...


ධර්මෙ මාම කියපු දේට මගෙ පිටකොන්ද හිරිවැටිල ගියා වගේ උනා.


"කොල්ලො කලබල වෙන්න එපා. මම මෙහෙ ප්‍රශ්න ඔක්කෝම විසඳල උඹව අරන් එන්නං ආපහු. උඹව වෙන තැනකට යවන්නෙ , උඹ මෙහෙ හිටියොත් උඹෙ අම්මටත් ආරක්ශාවක් නැති නිසා. උඹෙන් විරුද්ධත්වයක් නෑනෙ මුකුත් ඒ ගැන"


ධර්මෙ මාම කියන කතාව ඇත්ත. දැනටමත් රාජගෙ මිනිස්සු පිස්සු බල්ලො වගේ මාව හොයනව ඇති. මම මෙහෙ හිටියොත් අම්මටයි අක්කටයි උනත් ප්‍රශ්නයක් වෙන්න පුලුවන්.


"නෑ මාමෙ. මම කැමතී. අක්කවයි අම්මවයි බලාගන්න පුලුවන්ද මම එනකං"


"මම ඒ දෙන්නව ගෙදර එක්කන් ගිහින් හරි තියාගන්නං. මෙහෙ වරෙන්කො මේ වෑන් එකේ ඉන්න දෙන්නව අඳුන්නල දෙන්න"


ධර්මෙ මාම මාව වෑන් එක ගාවට එක්කන් ගිහිල්ල ඒකෙ ඉස්සරහ ජනේලෙන් අත දාල ඇතුලෙ හිටපු දෙන්නව පෙන්නුව.


වෑන් එක එලවන්න හිටපු තරුණ එකෙක්ට අත දික් කරල,

"මේ ඉන්නෙ සුමිත්. මෙයා උඹව දාල ආපහු එනව"

කියල කිව්ව.


පස්සෙ අනිත් මැදිවයසේ කෙනාටත් අත දික් කරල,

"මේ ඉන්නෙ සංජීව. මෙයා උඹත් එක්ක එහෙ ඉන්නව. මුගෙ පවුලයි ළමයයි දෙන්නත් ඉන්නෙ එහෙ. ඒ නිසා කන්න බොන්න ඔක්කොම හම්බෙයි"

කියල කිව්ව.


ඒ මිනිස්සු දෙන්නම ප්‍රියමනාප හිනාවක් දැම්ම මට. මමත් ඒ දෙන්නට පොඩි හිනාවක් දාල ධර්මෙ මාමට කතා කලා.


"ධර්මෙ මාමෙ, අක්කට කියනවද මම යනව කිව්වයි කියල"


"මම කියන්නං බං. ආ මේ තව දෙයක්. උඹට අද තව පොඩි වැඩකට කර ගහන්න වෙයි. උඹට බෑ වගේ නං උඹව නැතුව මේ දෙන්නට ඒ වැඩේ කරන්න කියන්නං"


මොකක්ද ඒ ගමන.


"නෑ අවුලක් නෑ මාමෙ. මම කරන්නං. දැන් කෝමත් එකයි"


"හරි කොල්ලො එහෙනං" කියල ධර්මෙ මාම වෑන් එකේ ජනේලෙට අතක් තියල අර සුමිත් කියන කෙනාට කතා කලා.


"සුමිත්. එහෙනං වැඩේට කොල්ලවත් එකතු කරගනින්. උට තැනට ගියාම ප්ලෑන් එක කියල එක්කන් පලයන්."


"හරි ධර්මෙ අයියා"

කියල ඒ වෑන් එක එලවන සුමිත් කියන එකා වෑන් එක ස්ටාට් කලා.


ධර්මෙ මාම ආපහු මගෙ කරට අතක් තියල කතා කලා.


"අමරෙ. එහෙනං ඒ වැඩෙත් කරල පරිස්සමට හිටහං. මෙහෙ කලබල ඉවර කරපු ගමන්ම මම උඹව ආපහු ගෙන්නගන්නං. සංජීවල එක්ක ඒ වැඩටත් උදව් කරන් නිදහසේ හිටින් එහෙනං"


"හරි මාමෙ"


ධර්මෙ මාම ඒ ආපු දෙන්නටත් තව මොනාද මොනාද කියන අතරෙ මම මදූටත් කතා කරල වෑන් එකට නැග්ග.


අක්කගෙයි අම්මගෙයි ආරක්ශාව ගැන ධර්මෙ මාම තහවුරු කල නිසා මට පොඩි නිදහසක් දැනුනා. රාජගෙ මරණයටත් වඩා මට ලොකු බරක් වෙලා තිබ්බෙ ඒක.


පොඩි කාලෙ ඉඳන්ම මට තිබ්බෙ කොහොමත් ගල් හිතක්. ඉස්කෝලෙදි උනත් මම ගුරුවරුන්ගෙන් සෑහෙන ගුටි කාල , බැනුම් ඇහිල හැදුනෙ. ඉස්කෝලෙ ජීවිතේ මට එපා උනේ ඒකෙ තිබ්බ ඒකාකාරි බව නිසා. මම හුඟක්ම හෙව්වෙ ත්‍රාසය. දැන් මේ වෙලා තියෙන දේට මගෙ හිතේ බයකුත් එක්කම , හිත අස්සෙන් පොඩි සතුටක් , චිල් එකක් දැනෙන්න අරන් තිබ්බෙ.


පාන්දර එක වෙනකොටම වැල්ලවායෙ ටවුන් එක හරියෙ ගෙදරකට ආව අපි. ධර්මෙ මාම කියපු 'වැඩේ' මොකක්ද කියල මම දැනන් හිටියෙ නෑ ඒ වෙනකොටත්.


වෑන් එක නවත්තල බහින ගමන් සුමිත් අයියා මට කතා කලා.


"පොඩ්ඩෝ. මම උඹට වැඩේ කියන්නං. උඹට එලවන්න එහෙම පුලුවන් කිව්ව ධර්මෙ අයියා. පුලුවන්ද"


"පොඩ්ඩක් පුලුවන් අයියෙ"


"හරි හරි ඇතුලට යමන්කො. මම වැඩේ කියන්නං"


සුමිත් අයියයි සංජීව මාමයි මාවත් එක්කන් ගේ ඇතුලට ගිහින් මට වාඩි වෙන්න කිව්ව.


ගෙදර පුටු උඩ බෑග් බෑග් හෙන තොගයක් තිබ්බ. සාලෙ මැද මේසෙක කලු පාට මූණු ආවරණ පහ හයකුයි , ග්ලවුස් කුට්ටම් හතර පහකුත් තිබ්බා.


"පොඩ්ඩෝ. මූණ කට හෝදන් වරෙන්. ඔය දොරෙන් ගියාම කුස්සියට යන්නෙ"

කියල සුමිත් අයියා , එලියට තිබ්බ දොරක් පෙන්නල මට කිව්ව.


මම ශර්ට් එක ගලවල දාල මූණ කට හෝදන් , එතනම තිබ්බ පරණ සාලුවකින් පිහිදාන් සාලෙට එනකොට සුමිත් අයියා මේසෙ උඩ පොටෝ ටිකක් දාල තියෙනව දැක්ක.


ඒ පොටෝ වලින් තුනකම තිබ්බෙ මොකක්ද මංද සැලෝන් එකක රූප. අනිත් පොටෝ දෙකේ ඉඳියෙ හෙන ලස්සන කෙල්ලෙක්.


"මොකක්ද අයියෙ අර ධර්මෙ මාම කියපු වැඩේ"

මම සුමිත් අයියගෙන් ඇහුවෙ වැඩේට එන්ටර් වෙන්න හිතාගෙන.


"පොඩ්ඩො. මේකයි. මේ ඉන්න කෙල්ල තමා අපේ වැඩේ"

කියල සුමිත් අයිය මට අර පොටෝ එක පෙන්නුව.


"මට තේරුන්නෑ"


"අපි මේකිව කිඩ්නැප් කරල උඹත් එක්කම තණමල්විල පොට් එකට එක්කන් යනව"


හත්තපඩවලාමයි!


මගෙ මූණ දෙල් උන නිසාද මංද සුමිත් අයියට හිනා ගියා.


"පොඩ්ඩො බය වෙන්න එපා. මේක එහෙම කිඩ්නැප් එකක් නෙවෙයි"


"එහෙනං?"


"මේ කෙල්ල ඉන්නෙ එයාගෙ මාමත් එක්ක. ඒ මාම, කෙල්ලගෙ තාත්තගෙ බූදලේට රහ වැටිල තමා කෙල්ලව තියාගෙන ඉන්නෙ. කෙල්ලත් මම හිතන්නෙ උඹේ වයසෙමයි. කෙල්ලගෙ තාත්ත නැති උනා. ඉතින් තාත්තගෙ අන්තිම කැමති පත්‍රය හැටියට කෙල්ලව ඒ මාම බලාගන්නව නං බූදලේ මාමට ලැබෙන්නලු තියෙන්නෙ. ඒ මාමත් කෙල්ලව හිර කරන් වගේ ඉන්නෙ. කෙල්ල දෙතුන් පාරක්ම පැනල යන්න ට්‍රයි කරල. අර මාම මිනිස්සු දම්මල ආපහු උස්සන් ඇවිල්ල. ඉතින් ඒ කෙල්ලගෙ පුංචිඅම්ම තමා අපිට වැඩේ භාරදුන්නෙ. අපි කෙල්ලට කරදරයක් කරන්නෑ. අපි කරන්නෙ කෙල්ලව ටික කාලෙකට මාමගෙන් වෙන් කරල තියල, ලෝයර්ස්ලට ඒත්තු ගන්නල , අර බූදලේ කෙල්ලගෙ නමට ලියාගන්න එක."


"ආ.... එහෙනං කමක් නෑ"


"පොඩ්ඩෝ. උඹට වෙට්ටු දාල එලවන්න එහෙම පුලුවන්ද වෑන් එකේ"


"එච්චර නං බෑ සුමිත් අයියෙ"


සුමිත් අයිය ටිකක් වෙලා කල්පනා කරල සංජීව මාමට කතා කලා.


"සංජි අයියෙ. එහෙනං ඔයා පොඩ්ඩත් එක්ක කෙල්ලව වෑන් එකට දාගන්න. මම එලවන්නං. පොඩ්ඩට බර දෙන්න එපා. ඔයාට පුලුවන්නෙ"


සංජීව මාමත් ඔලුව වනල එකඟ උනා.


ගැම්මක් තමා ඉතින්. හිතට ආපහු ආවෙ අමුත් කික් එකක්. රාජ ගැන දැන් මතකත් නෑ වගේ.


පැය හතරක විතර පොඩි නින්දක් දාල උදේ 8 වෙනකොටම වැල්ලවායෙ ටවුන් එකේ, අර පොටෝ වල පෙන්නපු සැලෝන් එක ඉස්සරහින් වෑන් එක නැවැත්තුව අපි.


සුමිත් අයියා එතකොට තමා ප්ලෑන් එක කිව්වෙ මට.


"පොඩ්ඩො දැන් මෙහෙමයි වෙන්නෙ. කෙල්ල අද 8.45 වෙනකොට මේ සැලෝන් එකට එනව මාමත් එක්ක. මාමගෙ මිනිස්සු දෙන්නෙකුත් එනව. අපිට ලැබෙන එකම චාන්ස් එක කෙල්ල සැලෝන් එකෙන් එලියට ඇවිල්ල ආපහු මාමගෙ වාහනේට නගින්න යන තත්පර කීපය විතරයි. වැඩේ චාටර් උනොත් ආපහු චාන්ස් ලැබෙන්නෑ. කෙල්ලටත් ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. සංජි අයියා ඉන්නව සප් එකට. උඹට තියෙන්නෙ සංජි අයියා කෙල්ලව වෑන් එකට දුන්නම පිටි පස්සෙ ශීට් එකේ ඉඳන් එහාට කෙල්ලව ඇදල ගන්න. පුලුවන්නේ."


"පුලුවන් අයියේ. අවුලක් නෑ."


"හරි එහෙනං මේ ෆේස් කවර් එක දාගනින්කො"

කියල කලු මූණු ආවරණයක් මගෙ අතට දුන්නා.


දැන් ඉතින් හිච්චි රාජපක්ශ වගේ තමා. නොම්මර එකේ හොර ලුක් එකක් තියෙන්නෙ.


සුමිත් අයියා කිව්ව වගේම 8.40 වෙනකොටම රතු පාට කාර් එකක් ඇවිල්ල නැවැත්තුව අපේ වෑන් එක පිටිපස්සෙන්. ඒකෙන් මුලින්ම බැස්සෙ හොඳට ඇඟ පත තියෙන මිනිහෙක්. පස්සෙ පිටිපස්සෙ දොර ඇරගෙන බැස්සෙ ටිකක් කොට සුදු කෙල්ලෙක්. ඒකි අර අමුතු ඉස්සරහින් කොට , පිටිපස්සෙන් දිග , දණහිස ගාවට විතර තිබ්බ ගවුමක් ඇඳන් හිටියෙ. මේ පොටො එකේ හිටපු කෙල්ල කියල තේරුම් ගන්න මට එච්චර වෙලාවක් ගියෙ නෑ.


කෙල්ල සැලෝන් එක ඇතුලට ගියාට පස්සෙ අර සද්දන්ත මිනිහ කාර් එකට නැග්ග. උන් කෙල්ල එනකං ඉන්නවද කොහෙද.


විනාඩි විස්සකින් විතර සැලෝන් එකේ දොර ඇරෙනව දකිනකොටම සංජීව මාම සැනික වෑන් එකේ දොර පොඩ්ඩක් ඇරිය.


ඒ කෙල්ල අපේ වෑන් එක ගාවට එනකොටම සංජීව මාම බැහැල ඒකිගෙ අත් දෙකෙන් අල්ලල වෑන් එක දිහාට තල්ලු කලා. පිටිපස්සෙ සීට් එකේ ඉඳන් , වෑන් එකේ දොර ගාවට නැවිල හිටපු මම , වෑන් එක දිහාට විසි උන කෙල්ලව අල්ලල වෑන් එක ඇතුලට ඇදල ගත්තෙ ඒකි කෑගහන එකවත් ගනන් නොගෙනමයි. මම ඒකිව ඇදල අරන් මගෙ ඇඟ උඩට අරන් සීට් එකේ දිගා උනා.


කෙල්ලව වෑන් එකට දාගන්නව දැකලද කොහෙද අර කාර් එකෙ හිටපු පොරවල් දෙකක් එක පාටම දොර ඇරන් එලියට ආව. සංජීව මාම වෑන් එකට නගිනකොටම වගේ සුමිත් අයියා වෑන් එක අද්දල කඩාගෙන බිදගෙන එතනින් ගියෙ නිකං ෆිල්ම් එකක් වගේ.


සම්පූර්ණ සිද්දියට තත්පර පහක් යන්නැති.


අර කෙල්ල වෑන් එකට ආපු වෙලාවෙ ඉඳන් සද්දයක් නෑ. මොකක් හරි වෙලාද බලන්න කියල මම ඒකිගෙ මුණෙන් අල්ලල මගෙ පැත්තට හරවනකොටම ඒකි මගෙ අතට ගහල මගෙ ඇඟෙන් එහාට උනා.


"ඕවට නං එන්න එපා හරිද. පුංචිඅම්ම කිව්ව මට කිසිම දෙයක් වෙන්නෑ කියල. නැත්තං මම කැමති වෙන්නෙත් නෑ මේ වැඩේට"


යකඩෝ. ඒකිත් දන්නව ඒකිව කිඩ්නැප් කරනව කියල.


සුමිත් අයියා වෑන් එක එලවන ගමන් ඒ කෙල්ලට කතා කලා.


"චතූ මිස්. බය වෙන්න එපා. මිස්ට මුකුත් වෙන්නෑ. දැන් කෙලින්ම යන්නෙ අපේ පොට් එකට. කමක් නෑනෙ"


"හරි හරි කමක් නෑ. පුංචි ඔයාලට සල්ලි දුන්න නේද"


"සල්ලි පස්සෙ බලමු මිස්. මුලින් මිස් බේරිලා ඉන්න එපැයි"


සුමිත් අයියත් ගානක් නැතුව කතා කරන්නෙ නිකං හෙන කාලෙක ඉඳන් දන්න අඳුනන කෙනෙක් වගේ.


අර කෙල්ල මම දිහා ටිකක් වෙලා බලන් ඉඳල සුමිත් අයියට කතා කලා.


"මේ කොල්ලා කවුද. මට කිව්වෙ දෙන්නෙක් විතරක් එවනව කියලනෙ. පොඩි එකෙක්ව එවන කතාවක් කිව්වෙ නෑනෙ"


"ආ හිතන්න එපා මිස්. ඔය පොඩ්ඩත් පොඩි ප්‍රශ්නෙක ඉන්නෙ. ඌවත් එක්කන් යනව පොට් එකට."


මේකි සල සල ලා වගේ හිටියට ලෝක ඇණයක් කියල තේරුනේ ටිකක් දුර යනකොටයි.


මගෙ නම අමරෙ කියල දැනගත්තු වෙලාවෙ ඉඳන්,

"අමරෙ වතුර එකක් දෙන්න. අමරෙ කන්න මුකුත් නැද්ද. අමරෙ අරක ඕනෙ. අමරෙ මේක ඕනෙ. අමරෙ. අමරෙ. අමරෙ"


ඉවරයක් නෑ. මල වාතයක්.


සුමිත් අයියටයි සංජීව මාමටයි හිනා.


දවල් වෙද්දි අපි තණමල්විලට ආව. මම හිතුවෙ ටවුම මැද්දෙ පොට් එකක් කියල. ඒ උනාට වෑන් එක ගියේ පොඩි පාරක. හෙන දුරක් කැලේ අස්සට ඇවිල්ල ඇවිල්ල වෑන් එක නැවැත්තුව.


සුමිත් අයියා ඊට පස්සෙ අපිට කතා කලා.


"මෙතන ඉඳන් වෑන් එකෙන් යන්න බෑ. පයින් යන්න වෙන්නෙ. සංජි අයියා ඔය දෙන්නව එක්කන් යයි. මිස්ට මොකක් හරි ඕනෙ උනොත් සංජි අයියා ලව්ව මට කියන්න. මම කරල දෙන්නං."


සුමිත් අයියා මං දිහා බලල ඊළඟට මට කතා කලා.


"පොඩ්ඩො. එහෙනං සංජි අයියට උදව් කරන් මෙතන ඉඳහන්. මිස්ටත් උදව් කරන් මිස්වත් බලාගනින්. දෙන්න එක වයසෙනෙ. උඹට එහෙ කේස් ඉවර උනාම මම ගෙනිහින් දාන්න එන්නං"


සුමිත් අයියා අපේ බඩු ටිකත් දීල ආපහු වෑන් එක හරවන් යන්න ගියා.


අපි ඉන්නෙ හෙන කැලයක් අස්සෙ උනත් , ටිකක් දුර අඩි පාරක් දිගේ ඇවිදන් යනකොට කැලේ අඩු වෙලා පොඩි හේන් කෑල්ලක් වගේ හම්බුනා.


පොඩී කියල හිතුවට ඒක හෙන පත හේනක් කියල දැක්කෙ මගක් දුර ආවට පස්සෙ. හුස්ම ගන්නකොට කැරකිල්ලට වගේ ආපු නිසා මම හොඳට බැලුව මේ හේනෙ මොනාද වගා කරල තියෙන්නෙ කියල.


ගහක කොලයක් දැකල , සීන් එක මීටර් උනාම මට නිකංම හිනා ගියා.


ඒ ගංජ හේනක්!


මතු සම්බන්ධයි


Report Page