♡ නිරුවත් හිතක් ♡

♡ නිරුවත් හිතක් ♡


නවවන කොටස

මතකනෙ සීන් එක. සුභෝද මැඩම්ගෙ කකුල ඉන්ජර්ඩ් නිසා ඒ සතියෙ වැඩිය ගමන් බිමන් තිබ්බෙ නෑ. ඉතින් සිකුරාද හවස ගෙදර එනකොට මම දැක්කෙ හීනෙකින්වත් නොහිතපු දෙයක්


කලින් කොටසට



එතැන් සිට...


ගෙයි දොරකඩ ගාව හිටියෙ අල්ලපු ගමේ රාජා!


ඌ අම්මගෙ අතකින් අල්ලගෙන ඌ දිහාට අදින ගමන් , අනිත් අතින් පොඩි පිහියක් අල්ලන් ඉන්නව


මටත් නොදැනිම මගෙ කකුල් දෙක වැඩ කරන්න අරන් , මම රාජා දිහාට දුවල ගියේ ඌ අම්මට කරදරයක් කරන්න කලින්. ඒ උනාට මම දැනටම පරක්කු වැඩී කියල තේරුනේ උගෙ පිහියෙ තිබ්බ පොඩි ලේ පැල්ලමකුයි අම්මගෙ වම් අතේ කැපුම් පාරයි දැක්කට පස්සෙ.


මගෙ ඔලුවට මාරය ආවේස උනේ ඒ වෙලාවෙ.


"තෝ වල් පරයා. මරනව තෝව මම අද..."

කියාගෙන මම වැට පොල්ලක් ගලවල අරන් ඌ දිහාට දිව්ව.


වරක්..... දෙවරක්...... තෙවරක්.....


මම රාජගෙ ඔලුවටයි පිටටයි , වැට පොල්ලෙන් ගහගෙන ගහගෙන ගියේ අසිහියෙන් වගේ. අම්මගෙ විලාප සද්දෙයි , රාජගෙ කටින් පිට වෙච්ච වේදනාවෙන් කරපු කෑ ගැහිල්ලයි මට ඇහුනෙත් නැති තරම්.


පොඩි කාලෙ ඉඳන් අපා දුකක් විඳල මාවයි අක්කවයි ලොකු මහත් කරපු මගෙ අම්මගෙ අතට තුවාල කරන්න තරන් හයියක් උට?


අම්ම පැනපු ගමන් මගෙ අත අල්ලන් වැට පොල්ල උදුරල ගත්තෙ,

"අනේ බුදු පුතේ ඕක නවත්තපං" කියන ගමන්.


කරපු වැඩේ බරපතලකම තේරුනේ මට ආපහු පියවි සිහියට ආවට පස්සෙ.


රාජ අපේ දොරකඩ ගාව වැටිල හිටියෙ ඔලුවෙන් කටින් ලේ පෙරාගෙන. ඌව දැකල මාව එතනම බිම ඉන්දවුනා.


වටේ පිටේ මිනිස්සුත් කලබල සද්දෙ ඇහිල, එකා දෙන්න අපේ වැට ගාවට එන්න ගත්ත. සිද්ධිය අවබෝධ උන නිසාද මංද කවුරුත් මුකුත් පියවරක් ගන්නැතුව එතනට වෙලා ඔහේ බලන් හිටිය.


අම්ම අඬ අඬම ටක් ගාල ඇතුලට දුවල ගියේ රෙදි කෑල්ලක් ගේන්නද කොහෙද. මගෙ අතෙත් ලේ.


විනාඩි පහක් යන්නත් කලින් බයිසිකලයක් , වත්ත ඇතුලටම ඇවිල්ල නවත්තනව ඇහුන. මම පිටිපස්ස බලල ඒ ආවෙ කවුද කියලවත් හොයන්නැතුව බිම වාඩි වෙලා , මගෙ ඉස්සරහ ලේ පෙරාගෙන වැටුණු මිනිහ දිහා ඔහේ බලන් හිටිය.


"අනේ කොල්ලො මොකක්ද උනේ. ආරංචිය ආපු ගමන්මයි මම ආවෙ"


ඒ ධර්මෙ මාම.


ධර්මෙ මාම මාව නැගිට්ටවල අතපය බලල තුවාල නෑ කියල දැනගෙන , අම්මව හොයන් ඇතුලට ගියා.


මම පිටිපස්ස හැරිල , අපේ වැට ගාව හිටපු මිනිස්සු දිහා එක පාරක් බලල ඇතුලට ගියා.


මම යනකොට අම්ම ධර්මෙ මාමගෙ පපුවට තුරුල් වෙලා අඬනව හෝ ගාල. ධර්මෙ මාමත් අම්මගෙ ඔලුවෙන් අල්ලන් මොනාද මොනාද කියනව.


මම ඒ දෙන්න දිහා බලන් ඉන්නව දැකපු අම්ම ටක්ගාල ධර්මෙ මාමගෙ ඇඟෙන් අහකට උනා.


"අනේ පුතේ තුවාල නෑ නේද දෙයියෝ"

කියාගෙන අම්ම මං ළඟට ඇවිල්ල මාව ඉඹගෙන ඉඹගෙන ගියා.


"නෑ අම්මා."


"අනේ මයෙ පුතේ. ඇයි එහෙම දෙයක් කලේ."


"නිකං අම්මා"


මගෙ කටින් වචන පිට උනාට මූණෙන් කිසිම හැඟීමක් ප්‍රකාශ උනේ නෑ.


ධර්මෙ මාම එලියට බැහැල කාටද කාටද මංද කෝල් කීපයක් ගත්ත.


විනාඩි දහයකින් විතර ත්‍රී වීල් එකක නැගල මිනිස්සු හතර දෙනෙක් ආව අපේ වත්තට. වැටිල හිටපු රාජාවත් උස්සගෙන ත්‍රී විල් එකට දාගෙන ඒ දෙන්නෙක් ආපහු ගියා. උන් යන්න කලින් එක මිනිහෙක් රාජගෙ බෙල්ලට ඇඟිලි දෙකක් තියන් ඉඳල , ධර්මෙ මාම දිහා බලල ඔලුව දෙපැත්තට හොල්ලනව දැක්ක මම. අනිත් මිනිස්සු දෙන්න ඇතුලට ඇවිල්ල දොරකඩ ඉස්සරහින් හිටගත්ත. උන් දෙන්නගෙ ඉනේ පත මන්න දෙකකුත් තිබ්බ.


ධර්මෙ මාම එතන කලබලේ සමනය කරල , බලන්න ආපු උන්වත් ආපහු යවල මං ළඟට ඇවිල්ල කතා කලා.


"අමරෙ. ඇඳුම් ටික ලෑස්ති කරන් විගහට වරෙන්. අම්ම ගැන බය වෙන්න එපා. අම්මව මම අපේ ගෙදර හරි අරන් යන්නං. උඹ මාත් එක්ක වරෙන් ඉක්මනටම"


"ඒ ඇයි මාමෙ"


"ප්‍රශ්න අහන්න එපා බං. ඉක්මනට වරෙන් ඇඳුම් කෑලි ටිකක් දාගෙන"


අම්මත් ළඟට ඇවිල්ල මගෙ ඔලුව අත ගාල,

"ධර්මෙ කියන දේ කරපං පුතේ. උඹේම හොඳට කියන්නෙ." කියල කිව්ව.


අම්මත් කියපු නිසා මම කාමරේට ගිහින් ඉතුරු වෙලා තිබ්බ ඇඳුම් කෑලි දෙක තුනත් අරගෙන කවරෙකට දාගත්ත. අනිත් ඇඳුම් ටික සුභෝද මැඩම්ගෙ ගෙදරනෙ.


මට දැනුනෙ නිකං පාවෙනව වගේ. මට මාව පාලනෙන් ගිලිහිලා වගේ.


ධර්මෙ මාම මගෙ කර වටේ අත දාන් ඇවිල්ල බයික් එකට නැගල මටත් නගින්න කිව්ව. අම්මත් දොරකඩට වෙලා කඳුලු පෙරන් මං දිහා බලන් හිටිය. තාම ගේ දොරකඩ බිම ලේ පැල්ලම්.


ධර්මෙ මාම මාව කෙලින්ම අරන් ගියේ සුභෝද මැඩම්ගෙ ගෙදර වැඩ කරන පුශ්ප නැන්දගෙ ගෙදෙට්ට. මදූත් ගෙදර හිටිය. ධර්මෙ මාම බයික් එක වත්තට දාල නවත්තල මදූට කතා කලා.


"මදුවෝ. මෙහෙ වරෙන් විගහට"


ධර්මෙ මාමගෙ සද්දෙ ඇහිල මදූ ටක් ගාල එලියට ආව.


"කියන්න ධර්මෙ මාමෙ"


"අමරෙව පොඩ්ඩක් මෙහෙන් තියාගනින්. මූව නාවල අලුත් ඇඳුමක් අන්දල තියපං. කාටවත් කියන්න එපා මූ මෙහෙ කියල."


මදූ වෙච්ච දේවත් දන්නැතුව උනත් , ධර්මෙ මාමගෙ නියෝගයක් නිසා හෙවිල්ලක් බැලිල්ලක් නැතුවම ඔලුව වනල එකඟ උනා.


"අමරෙ. මූණ කට හෝදල නාල කරල අලුත් ඇඳුමක් දාන් හිටහන්. මම උඹේ අනිත් ඇඳුම් ටිකත් ගෙනත් දෙන්නං. රෑ වෙන්න කලින් මම එනව. උඹ දොට්ට බහින්නැතුව ගෙට වෙලාම හිටපං. හරිනෙ"


"හා මාමෙ"


ධර්මෙ මාම මේ කරන්නෙ මාව හංගන එක කියල මට නිකංම තේරුම් ගියා. මාව හංගන්න තරන් දෙයක් එතන වෙලා ඒ කියන්නෙ. ඒ කියන්නෙ රාජා......


ඒක මතක් උන ගමන් මගෙ ඇඟ හීතල වෙලා ගියා.


ධර්මෙ මාම මාව මදූලගෙ ගෙදරින් දාල ආපහු යන්න ගියා. මදූ මාවත් එක්කන් ඇතුලට ඇවිල්ල දොර වහල දැම්ම.


"අමරෙ දවල්ට කාල බීලද ඉන්නෙ මොනා හරි"


මම 'නෑ' කියන්න ඔලුව වැනුව.


"එන්න එහෙනං මොනා හරි කාල ඉමු. ඔය ඇඳුම් ටික පුටුවක් උඩින් දාන්නකො"


කියල මදූ මගෙ අතක තිබ්බ ඇඳුම් පාර්සලේ අරන් පුටුවට දාල අනිත් අතින් අල්ලගෙන කුස්සියට ඇදන් ගියා.


"මොනාද කන්නෙ අමරෙ. කන්න පුලුවන් ද අතින්"


මදූ මගෙ අතේ තිබ්බ ලේ පැල්ලම් කීපය දැකල සැකෙන් වගේ මගෙන් ඇහුව.


"වාඩි වෙලා ඉන්න අමරෙ මම කවන්නං"


"හම්ම්"


මදූ බත් හැලියෙ අඩියෙන් හාරල අරන් බත් ටිකක් බෙදාගෙන ඇවිල්ල මාවත් කුස්සියෙ පුටුවකින් වාඩි කරල අන අන කැව්ව.


බත් කටවල් දෙක තුනක් කනකොටම මම ඇති කිව්ව.


කෑම ගැන කිසිම රුචියක් තිබ්බෙ නෑ. මගෙ හිතේ තිබ්බෙ අම්ම ගැන බයයි රාජට මොන වෙලාද කියන එකයි විතරයි.


"අමරෙ, මොකක්ද උනේ කියල කියන්න පුලුවන්ද"


මදූ හිමීට ඇහුවෙ මට කරදරයක් නොවෙන විදිහට.


"රාජා ඇවිල්ල අම්මට කරදර කරනව දැක්ක. මම වැටෙන් පොල්ලක් ගලවන් ගැහුව උට. ධර්මෙ මාම ඊට පස්සෙ මාව මෙහෙට එක්කන් ආව."


"ආ.... ඒක හිතන්න එපා අමරෙ. ඕකට නං ගහපු එකමයි හොඳ. ඔයා නැතත් වෙන මිනිහෙක් හරි ගහනව ඕකට. ඒ ගැන නං බයක් තියාගන්න එපා"


මදූ සැහැල්ලුවෙන් වගේ කියපු දේ නිසා මාත් පොඩ්ඩක් කූල් ඩවුන් උනා. එච්චර වෙලා තිබ්බ බරක් නිදහස් උනා වගේ දැනුනෙ මට.


"අමරෙ ඇඳුමක් අරන් එන්න. නාගෙන ඉන්න කිව්වනෙ ධර්මෙ මාම"


"හම්ම්"


ඇඳුම් ටික ඔතන් ආපු කවරෙන් ඇඳුම් දෙකකුත් එලියට අරන් මම මදූ එක්කම ගියා වත්ත පහළ ළිඳ ගාවට.


මං හිතුවෙ මදූ මට නාගන්න කියල එතනින් යයි කියල.


"කෝ ශර්ට් එක ගලවන්න අමරෙ"


"ම... මම නාගන්නං"


"විකාර නැතුව ශර්ට් එක ගලවන්න අමරෙ. කෝ මෙහෙ දෙන්න ගලවල"


"නැ.... නෑ... අවුලක් නෑ...."


මට වාක්‍ය කියල ඉවර වෙන්නත් කලින් මදූ මං ළඟට ඇවිල්ල ශර්ට් එකේ පහලින් අල්ලල උස්සල ගැලෙව්ව.


ශර්ට් එක ළඟ තිබ්බ ගහක අතු කෑල්ලක් උඩට දාල ළිඳට දැම්ම බාල්දිය.


මට වතුර එකක්වත් අදින්න නොදී එයාම වතුර එකක් ඇදල මගෙ ඔලුවට හැලුව. අතේ තිබ්බ ලේ පැල්ලම් ටික හයි වෙලා වගේ තිබ්බ නිසා වතුර පාරට ගියෙ නෑ හේදිලා.


මදූ වතුර බාල්දි දෙක තුනක් ඇදල දාල එයාම සබන් ගෑව පිටේ. අත් දෙකෙත් සබන් ගාල ලේ පැල්ලම් ටික හෝදල දාල එක පාටම කලිසම අස්සට අත දාන්න හැදුව.


"ඒ... ඒ.... එපා...එපා.. මම හෝදගන්නං"


"අනේ මේ කෝලං නොකර හිටින් අමරෙ. ධර්මෙ මාම කිව්ව උඹව නාවල කරල තියන්න කියල."


"ඒ උනාට එහෙම එපා. මම නාගන්නං දැන්"


"මල විකාර"

කියාගෙනම මදූ මගෙ කලිසමේ දෙපැත්තෙන් අල්ලල සුරුස් ගාල කලිසම පාත් කලා.


හොඳ වෙලාවට යටිතල පහසුකමක් ඇඳල හිටියෙ. නැත්තං සිවිල් පිට කෙල්ලෙක් ඉස්සර ඉන්න වෙන්නෙ.


ගලවල දාපු කලිසම කකුල් දෙකෙන් පන්නල දාල මදූට දුන්න. මම සබන් ගාගන්නකං එයා කලිසමයි ශර්ට් එකයි දෙක හෝදල දැම්ම.


නාල ඉවර වෙනකොට නයි නටනව ඇතුලෙ.


කලින් වෙච්ච සිද්දියෙ බලපෑම එහෙම් පිටින්ම වගේ ළිඳ ගාවින් එනකොට නැති වෙලා තිබ්බෙ.


ඒ උනාට ඒ නිදහස් හැඟීම ටික වෙලාවයි කියන එක මට නිකංම තේරුනා.


කලුවර වැටීගෙන එනකොටම ධර්මෙ මාම බයිසිකලේකින් ආව. බයික් එක පිටිපස්සෙන් තව කලු වීදුරු ගහපු වෑන් එකකුත් ආව.


"මදුවෝ.... කොල්ලා ලෑස්තිද..."

ධර්මෙ මාම බයික් එකේ ඉඳන්ම කෑගහල ඇහුව.


මම මගෙ ඇඳුම් කවරෙත් අරන් එලියට බැස්සම ධර්මෙ මාම බයික් එකෙන් බැහැල මං ගාවට ඇවිත් මට කතා කලා.


"අමරෙ නාගෙන එහෙම නේද ඉන්නෙ. කෑවද මොනා හරි"


"ඔව් මාමෙ"


"හරි දැන් උඹ කෙලින්ම යනවා තණමල්විල මගෙ පොට් එකකට. මෙහෙ කලබල ඉවර උනාම උඹට ආපහු එතෑකි. අදට වෙන තැනක ඉන්න වෙන්නෙ. හෙට වෙනකොටම උඹට තණමල්විලට ගියෑකි."


"ඇයි ධර්මෙ මාමෙ මාව එහෙ යවන්නෙ. මෙහෙ මොකක්ද උනේ"


ධර්මෙ මාම මගෙ ඔලුව අතගාල එතනම පාත් උනා බිමට.


"කොල්ලො. කලබල කරන්න එපා. රාජා නැති උනා"


මතු සම්බන්ධයි


Report Page