♡ නිරුවත් හිතක් ♡

♡ නිරුවත් හිතක් ♡


දෙවන කොටස

මතකනෙ. ධර්මෙ මාම රස්සාවක් දෙනව කිව්ව නිසා මමත් දැන් ගාමන්ට් එකේ වැඩට යනව. අක්ක නං කේස් ඇද්ද හැබැයි. අදාළම නෑ....


පෙර කොටසට



එතැන් සිට...


අක්කගෙ නම මල්කි. එයා A/L ලුත් ලියල හොඳට ඉගෙන ගත්ත කෙනෙක්. ධර්මෙ මාමගෙ හිතවත් කමට ගාමන්ට් එකට ගිහින් , වැඩ හොඳ නිසා ලොකු පුටුවක් හම්බෙලා තියෙන්නෙ. දවස් දෙක තුනක් මමත් අක්ක එක්ක ගාමන්ට් එකට ගිහිල්ල තියෙනව.


ධර්මෙ මාම රැවුල වවාගත්තු හොඳට ඇඟ පත එහෙම තියෙන මිනිහෙක්. කොණ්ඩෙයි රැවුලයි තැන තැන පැහිල තිබුණු එකෙන් කලින්ටත් වඩා ගැම්මෙ ලුක් එකක් තිබ්බෙ. ගමේ ගොඩේ කරක් ගහන ලෝකල් මැරයො වගේ නෙවේ. ධර්මෙ මාම සිරාම මැරයෙක්. මිනිස්සු දෙතුන් දෙනෙක්ම ධර්මෙ මාමගෙ අතින් එලොව ගිහින් තියෙනව කියල තමා ගමේ කතා බහෙන් තේරෙන්නෙ.


අපේ ගෙදෙට්ට කරන්ට් එක හම්බෙන්න කලින් , අම්ම ධර්මෙ මාමගෙ ගෙදර උයන්න ගියා. ඒ කාලෙ තමා මම ධර්මෙ මාමගෙ බයික් එකයි පරණ කාර් කට්ටයි එලවන්න පුරුදු උනේ. ධර්මෙ මාම අපේ පවුල එක්ක මෙච්චර ලෙන්ගතුකමක් තියෙන්නෙ ඇයි කියන එක නං මම දන්නෑ. ඒ උනාට ගමේ වෙන කාටවත් වඩා අපිට සැලකුව.


ගමේ ගෑණුත් ඕනෙ වෙලාවක ධර්මෙ මාමගෙ කරේ නගින්න බලන් හිටියෙ , ධර්මෙ මාමගෙ බල පුලුවන්කාරකම නිසාමයි.


උදේම ශෝටයි බාට දෙකයි කමිසෙයි ඇඳගෙන අක්කත් එක්ක ගාමන්ට් එන්න පිටත් උනා.


අක්ක නං ඊයෙ ඉඳන්ම මම ගාමන්ට් එකේ වැඩට එනවට අකමැත්තෙන් හිටියෙ. හේතුවක් නං මම දන්නෑ. ඕකිගෙ වැඩ කොහොමත් අපිට හිතාගන්න බෑ.


"ආ උඹ ආව නේ"


ගාමන්ට් එකේ ගේට්ටුවෙන් ඇතුලට එනකොටම මාව දැකල ධර්මෙ මාම කතා කලා. අක්ක ධර්මෙ මාම ගාවට ගිහින් පොතක් පෙන්නල මොනාද මොනාද ටිකක් කිව්ව.


"හරි හරි ඒ ටික බලමු පස්සෙ. උඹ එහෙනං වැඩ ටික කරගනින් මල්කි. මම දවල් වෙලා එන්නං"

ධර්මෙ මාම අක්කට කිව්ව.


"මල්ලි පිස්සු කෙලින්න හදන්න එපා හරිද."

අක්ක මං දිහා බලල ඔරවල කියල ඇතුලට ගියා.


අක්කට ඉන්න වෙනම කූල් කාමරයක් තියෙනවලු. ඒකෙලු අක්ක ගනන් හිලව් වැඩ එහෙම කරන්නෙ. ඒ කාමරේට වෙන කාටවත් යන්නත් බැරිලු.


"කොල්ලො. මෙහෙ වරෙන් එහෙනං. උඹට තාම වැඩ වල පුරුද්දක් නැති නිසා පොඩි දෙයක් දෙන්නං කරන්න දැනට."


"හරි මාමෙ"


ධර්මෙ මාම මාවත් එක්කන් ගාමන්ට් එක ඇතුලටම ගියා. අක්ක නං පේන්න හිටියෙ නෑ. එයා වෙනම කාමරේකලුනෙ ඉන්නෙ. ගාමන්ට් එකේ පිටිපස්සෙ ලොරියක් නවත්තල තිබ්බ. ලොරිය ගාවම පොඩි පොඩි පෙට්ටි තොගයක් ගොඩ ගහල.


"මෙන්න මේ පෙට්ටි ටික ලොරියට පටවගන්නයි ඕනෙ. ලොකු ඒව බර ඇති. ඒ ටික තියල පොඩි පොඩි පුලුවන් ටික අඩුක් කරල දහං. ඒක ඉවර වෙලා මාව හම්බවෙයන්. පුලුවන් නේ"


"පුලුවන් මාමෙ"


"නියමයි කොල්ලො" කියාගෙන මගෙ ඔලුවට තට්ටුවක් දාන් ධර්මෙ මාම ආපහු ඇතුලට ගියා.


carry යා වගේ වැඩේ භාරගත්තට ඒ පොඩි පෙට්ටිත් අම්බානක බරයි. එකින් එක ශේපට ලොරියට දැම්ම. දවල් වෙනකොට ලොකු පෙට්ටි තුනක් ඇරෙන්න අනිත් සේරම පටවල ඉවර කලා.


ඒ වැඩේ ඉවර නිසා ගාමන්ට් එක පුරාම හෙව්ව ධර්මෙ මාමව. මිනිහ මිසින් නිසයි වෙන වැඩක් නැති නිසයි මම ගෙදර යන්න හැදුවෙ. අක්කට කියල යන්න ඕනෙ නිසා වැඩ කරන එකෙක්ගෙන් අහගෙන අක්කගෙ AC කාමරෙ පැත්තට ගියා. කාමරේ ගාවට ගිහින් දොරෙන් ඔලුව දාල බැලුව.


"මොකද ඕයි කරන්නෙ"

අක්ක මං දිහා බලන් ඉන්නව පුටුවක වාඩි වෙලා.


"ආ මේ දීපු වැඩේ ඉවරයි. මම ගෙදර යන්න කියල බැලුවෙ."


"දැන්ම යන්න එපා. අද මැඩම් එන දවස. වැඩක් නැත්තං මෙතනින් ඉන්න. එලියෙ ඇවිද ඇවිද ඉන්න එපා. හැබැයි පිස්සු කෙලින්න එපා. මෙතන."


"කවුද මැඩම්?"


"ධර්මෙ මාමගෙ නෝන මෝඩයො. මේ බිස්නස් ඔක්කොම එයාගෙ. ධර්ම මාම කරන්නෙ නිකං මේව බලාගන්න එක විතරයි"


"අඩේ එතකොට වීරය නෝනද"


"ඔව් ඔව්"


අක්ක එක්කම හවසට ගෙදර යනව කියල හිතන් මම අක්කගෙ කාමරේ තිබ්බ වෙන පුටුවකින් ඉඳගත්ත. ගැම්මක් තමා. වෙනම AC කාමරයකුත් දීල තියෙන්නෙ අක්කගෙ ජොබ් එක ලොකු එකක් නිසා වෙන්නැති.


පැයක් විතර අක්කට උදව් කර කර එයාගෙ කාමරේ ඉන්නකොට එකපාටම දොර ඇරගෙන කවුද ඇන්ටි කෙනෙක් ආව. ඇඟට තද වෙච්ච කලු සායකුයි රතු පාට බ්ලවුස් එකකුයි ඇඳගෙන හිටියෙ. එයාව දැක්ක ගමන් අක්ක නැගිටල කතා කලා.


"Good afternoon madom"


"වැඩ ටික කෙරීගෙන යනවද මල්කි"

ඒ කෙනා අක්කට කතා කලා.


"ඔව් මැඩම්. දැනට මම import policy ටිකයි ඒ paper work ටිකයි ඉවර කලා. මැඩම් එනකං හිටියෙ sign කරගන්න"


"හරි මම කරන්නං. මල්කි වැඩ ටික කර......"


ඒ ගෑණු කෙනා කිය කිය හිටපු එක නැවැත්තුව මාව දැකල.


"මේ කොල්ලා මොකෝ මෙහෙ"

එයා අක්කගෙන් ඇහුව.


"ධර්මෙ මාම එයාට රස්සාවක් දුන්න මැඩම්"


"ආ.... දැන් එයත් මෙතන වැඩ කරනවද"


"ඔව් මැඩම්. අද ආවෙ. වැඩ ටික ඉවර නිසා මම room එකෙන් ඉන්න කිව්ව."


"නිකං ඉන්නවට නං මෙහෙ පඩි ගෙවන්නෑ කොල්ලෝ...."

ඒ ගෑනි මං දිහා බලන් කින්ඩි හිනාවක් දාගෙනම එලියට ගියා.


අක්කත් ලොකු හුස්මක් අරන් පහල දැම්මෙ "ඔයින් ගියා මදැයි" කියන ගමන්.


ඒ කෙනා මං ගැන දන්නව වගේ. නමක්වත් ඇහුවෙ නැත්තෙ ඒකනෙ.


"ඒ බං අක්කෙ. එයා නිකං හෙන ලොක්ක වගේනෙ. එයාද අර ඔයා කියපු ලොකු මැඩම්. එයා මාව දන්නවද?"


"හම්ම්. ඔහේ කලින් දවසක මෙහෙ එනව දැකල මැඩම් ඇහුව ඔහේ ගැන. ඔහේව ඒ ගෑනි ගාවට වැඩට ගන්න හැදුවෙ. ඒ ගෑනිගෙන් බේරගන්න තමා තමුසෙව ගෙදරම තියන්න හැදුවෙ. තදියමනෙ ඔහෙටත්"


"අප්පටසිරි ඒමත් කේස් එකක්ද?"


"මේ දැන් එලියට යනව. මට මේ ටික ඉවර කරන්න ඕනෙ. නිකං ඉන්න එපා. ඔය මොකක් හරි වැඩක් කරන්න. ගෙදර යනව නං මට කියල යන්න. නැත්තං මාත් එක්ක යන්න ඉන්න"


"ඕකේ"


අක්කගෙ කාමරෙන් එලියට ඇවිල්ල වැඩක් හොය හොය ඉන්න අතරෙ අර ලොකු මැඩම්ද කවුද කෙනා මට කතා කලා, කියල වැඩ කරන එකෙක් ඇවිල්ල කියල ගියා.


ඉතින් ගේට්ටුව ගාවට යනකොට පතරංග කාර් එකක් එතන නවත්තල තියෙනව. එතනම හිටපු ධර්මෙ මාම මාව දැකල මට කතා කලා.


"ආ අමරෙ. මෙහෙ වරෙන්. සුභෝදා හෙව්ව උඹව"


"ඒ කවුද මාමෙ"


"මගෙ නෝන බං. උඹ වැඩක් නැතුව එහෙ මෙහෙ කැරකි කැරකි ඉන්නව කියල නෝක්කාඩු කිව්ව."


ධර්මෙ මාම මැරය උනත් නෝනට සරෙන්ඩර්.


ධර්මෙ මාමගෙ පස්සෙන් ගාමන්ට් එකේ පැත්තෙන් තිබ්බ පාරක් දිගේ කෙලින්ම ගියාම හම්බුනේ වෙනමම කාමරයක් වගේ තැනක්. ඒක ඇතුලට ගියාම මම දැක්කෙ , ඒක අක්කගෙ කාමරේටත් වඩා ලොකු සැප පහසු කාමරයක්.


කාමරේ වීදුරු දොරෙන් අර ලොකු මැඩම් මාව දැකල අතින් කතා කලා.


ධර්මෙ මාම මාව එතෙන්ට දාල සැනික මාරු උනා එතනින්. ශුවර් එකටම ධර්මෙ මාමත් මොකක් හරි මගුලක් කරල ලොකු මැඩම් බනින්න ඉන්නෙ මිනිහට.


කාමරෙ දොර ඇරන් ඇතුලට ගියාම ලොකු මැඩම් වාඩි වෙලා හිටපු පුටුවෙ ඉඳන්ම මට කතා කලා.


"ඔය ළමයගෙ නම අමරෙ කිව්ව නේද"


"ඔව් ඇන්ටි"


"ඇන්ටි නෙවේ. මම මෙතන බොස්. මට මැඩම් කියනව."

පොඩ්ඩක් සැරෙන් වගේ කිව්ව එයා.


"අහ්.... හරි මැඩම්"


"හම්ම්. ඔය ලමය ඉස්කෝලෙ යන්නැද්ද. ඉගෙනගන්න එක නවත්තල දාලද තියෙන්නෙ"


"වැඩිය ඉස්කෝලෙ යැවෙන්නෑ මැඩම්"


"මේ ගාමන්ට් එකේ ඔය ළමයට කරන්න තරන් වැඩක් නෑ. ඔය ළමයට වාහන එලවන්න පුලුවන්ද. කාර් එහෙම"


"අත් ට්‍රැක්ටර් නං පදිනව මැඩම්"


"කාර් එලවන්න පුලුවන්ද ඇහුවම ට්‍රැක්ටර් එලවන්න පුලුවන් කියන්න එපා මෝඩ කොල්ලො"


මම


"කාර් එහෙන් මෙහෙන් පුලුවන් මැඩම්. ලයිසන් නං නෑ. ධර්මෙ මාමගෙ පරණ කාර් එක එලෙව්ව ඉස්සර"


"කාර් පුරුදු වෙනව. මගෙ හිටපු ඩ්‍රයිවර් දැන් නෑ. ඔය ළමයට ඕන්නං ඒ වැඩේ දෙන්න පුලුවන්. ගාමන්ට් එකේ නිකං ඉන්න දෙන්න බෑ. ඉගෙන ගෙනත් නෑනෙ. ඔය ළමය කැමතිද"


"අවුලක් නෑ මැඩම්"


"බොහොම හොඳයි. හෙට උදේට එන්න ගාමන්ට් එකට. ලර්නස් එකකට දාන්නං මං. දැන් ඔය ළමය ගෙදර යන්න. වැඩක් නැත්තං කැරකි කැරකි ඉන්න එපා"


"හරි මැඩම්"


දොර තල්ලු කරන් එලියට ආව මම. අක්ක කියන තරන් නරකකුත් නෑ මැඩම්ගෙ. පොඩ්ඩක් ලොකු ලයින් ඉතින්. වෙන අවුලක් නං නෑ. අක්කටත් යනව කියාගෙන ගෙදර ආව මං.


ගෙදර ආවම එහෙ මල කෙලියක් වෙලා.


අම්ම මගෙ මෙට්ටෙ අස්සෙ හංගල තිබ්බ පත්තර කෑලි ටික අවුස්සල බලල. ඉස්කෝලෙ කාලෙ ඉඳන්ම අපිට සැනසෙන්න තිබ්බෙ ඔය පත්තර ටික තමා. අපිට ෆෝන් අනං මනං නෑනෙ.


"තෝ පරය. දැන්මම පුරුදු උනාද. මරු මිනිහ. තාත්ත වගේම හැදියන්. එතකොට මේ පවුල ඉවරෙටම ඉවරයිනෙ. අපේ නමත් කාපං........see more"


ගෙදර දැන් හිටියොත් තව ටිකකින් කොහුමිටක් කැඩෙනකං ගුටි කන්න වෙනව. ඒ නිසාම පිටිපස්සෙ දොරෙන් එලියට ඇවිල්ල පාරට ආව.


ගයානයගෙ ගෙදර යනව කියල හිතන් ගුරු පාර දිගේ මගක් දුර එනකොට ගයානය වගේ ඩයල් එකක් මගෙ ඉස්සරහ ඇවිදන් යනව දැක්ක. කෑගහල කතා කරන්න හදලත් නැවැතුනේ , ඌ සැකෙන් වගේ එහෙ මෙහෙ බල බල යනව දැකපු නිසා. මමත් පාරෙන් අයින් වෙලා කැලේ පැන පැන සේපට ඌ පස්සෙන් ආව.


මිනිහ යන්නෙ ගයේශි අක්කගෙ ගෙවල් පැත්තට වගේ. ගයේශි අක්ක කියන්නෙ 'ගමටම පත්තිනි වගේ ඉඳන් රෙද්දෙ තුත්තිරි ගාගත්තු' සීන් එකේ ඉන්න ගෑණියෙක්. සල්ලි වලට ඕනෙ එකෙක්ට රෙද්ද උස්සනව. මූ මොන මගුලටද එහෙ යන්නෙ මේ අවේලාවෙ.


මම හිතුව වගේම ගයේශි අක්කගෙ ගෙදෙට්ට යන පාර ගාවින් හැරිල මූ සැනික දුවන් ගියා එහෙට. වෙන කවුරු හරි දකී කියල වෙන්නැති. මමත් එහෙම්ම ටිකක් වෙලා ඉඳල පිටිපස්සෙන් දිව්ව.


ගයේශි අක්කගෙ ගෙවල් ළඟට යනකොට කවුරුත් පේන්න හිටියෙ නෑ. ඒ නිසා ඉක්මනට පේමන්ට් එක දිගේ සද්ද බද්ද නැතුව ගිහින් ඇරල තිබ්බ ජනේලෙකින් ඔලුව දාල බැලුව.


මල හත්තිලව්වයි ! දැකපු දේ රිපෝට් වදින්නැතුව, කියන්න විදිහක් හදාගෙන හෙට එන්නං මං.


මතු සම්බන්ධයි


Report Page