ග්‍රීක පුරාවෘත්තයේ ආරම්භය
#GreekMythology
අපි බලමු මේ ග්‍රීක පුරාවෘත්තයේ ආරම්භයෙ ඉඳන් , හිටපු දෙවිවරු , ඔවුන්ගේ ළමයි , වෙනත් සත්වයන් වගේ අයගෙ අනුපිළිවෙල ගැන. ලිපිය අවසානෙට මම family tree එකක් දාල ඇති. ඕනෙ කෙනෙක් ඉන්නව නං ඒකත් බලන්න. තේරුම් ගන්න ලේසි වෙයි.
එහෙනං යමු ලිපියට. කියවීමේ සහ අවබෝධ කරගැනීමේ පහසුව හැකි උපරිමෙන් දෙන්න කටයුතු කරන්නම්.
★මැවීමේ කතාව - The Story of Creation
ග්‍රීක පුරාවෘත්තයන්ට අනුව , පෘථිවිය බිහි වෙන්න කලින් මේ විශ්වය ශක්ති ස්කන්ධයක් විදිහට තිබිල තියෙන්නෙ. කොච්චර ශක්ති ප්‍රමාණයක්ද කියනව නං ඒක මිනිස් මනසින් ග්‍රහණය කරගන්න තරම් අපහසු ශක්තියක්ලු. ඉතින් මේක මිනිස්සු බැලුවොත් පේන්නෙ නිකංම හිස් තැනක් විදිහටලු. ඉංග්‍රීසියෙන් කිව්වොත් "Void" කියල කියන්නෙ.
» ප්‍රාථමික , පළමු පරම්පරාවේ දෙවිවරු.
මෙන්න මේ void එකෙන් තමයි පළමු , ප්‍රාථමික දෙවිවරු හැදුනෙ. එයාල හැදුන විදිහක් නං නිශ්චිත වශයෙන් සඳහන් වෙන්නෑ. මේ විදිහට දෙවිවරු තුන් දෙනෙක් , මේ ශක්ති ස්කන්ධයෙන් හැදිල තියෙනව. මෙයාල තමා ලොකුම දෙවිවරු. මෙයාලට කියන්නෙ primodials කියල. ඒ කියන්නෙ ප්‍රාථමික. ඒ දෙවිවරු තුන්දෙනා තමයි,
- Gaia (ගායා)
- Tartarus (ටාටරස්)
- Eros(ඒරෝස්)
සමහර තැන් වල සඳහන් වෙනව දෙවිවරු පස් දෙනෙක් හැදුන කියලත්. ඒ උනාට අපි මේ තුන් දෙනාගෙන් ඉස්සරහට යමු. මේ එක එක දෙවිවරය ගැන පොඩියට විස්තර කරන් යමු.
1.Gaia - [Female] ගායා
ගායා තමයි ශක්ති ස්කන්ධයෙන් හැදුන පළවෙනි දෙවිවරයා. පෘථිවි මාතාව කියල කියන්නෙ ගායාට. ගායා තමයි පෘථිවිය හැදුවෙ. සමහර තැන් වල කියනව පෘථිවිය කියල කියන්නෙ ගායාට කියල. ඇයට සාමාන්‍ය භෞතික ශරීරයක් නෑ කියලත් කියනව.
2.Tarturus - [Male] ටාටරස්
ටාටරස් කියන්නෙ සරලවම පාතාලයට(underworld) අධිපති දෙවිවරයා. මෙයා ගායා විසින් හදපු පෘථිවියේ පතුලටම ගිහින් එයාගෙ රාජධානිය උන පාතාල ලෝකයේ ආධිපත්‍ය පැතිරුවා. මේ තැන තමයි ලෝකයේ භයානකම රාක්ශයින් , සතුන් සහ දෙවිවරු හිර කරන්න යොදාගෙන තියෙන්නෙ.
3.Eros ඒරොස්
ඒරෝස් කියන්නෙ ආදරයට අධිපති දෙවිවරයා. ලෝකයේ හැම දේකම පැවැත්ම තියෙන්නෙ ආදරය මතනෙ. ඉතින් මේ දෙවිවරයගෙ පැමිණීමත් සමග තමයි ලෝකයේ පැවැත්ම තහවුරු උනේ.
තවත් දෙවිවරු දෙන්නෙක් මේ Void එකෙන් හැදුන කියල කියනව.
- Erebus - අන්ධකාරයට(darDarkness) අධිපති
- Nyx - රාත්‍රියට අධිපති
මේ දෙවිවරු පස් දෙනා එකතු වෙලා තවත් දෙවිවරුන්ව හැදුව. එයාලත් පළමු පරම්පරාව කියලම තමයි සැලකෙන්නෙ.
Gaia(ගායා) විසින් (පුරුශයෙක් රහිතව),
- Pontus - සාගරය හා එහි සියලු ජීවින්ට අධිපති
- Uranus - අහස සහ දිව්‍ය ලෝකයට අධිපති
- Ourea - කඳු වලට අධිපති
Erabus සහ Nyx විසින්,
- Aether - ආලෝකයට අධිපති
- Hemera - දිවා කාලයට අධිපති
ඊට අමතරව Nyx විසින් තව දෙවිවරුන් කීප දෙනෙක්ට උපත ලබා දීල තියෙනව.
- Nemesis - පළිගැනීමට අධිපති
- Hypnos - නින්දට අධිපති
- Thanatos - මරණයට අධිපති
- Geras - වයස්ගත වීමට අධිපති
සහ තවත් දෙවිවරු හතරකට ආසන්න සංඛ්‍යාවකට. (හරි හැටි සඳහනක් නෑ අනිත් කීප දෙනා ගැන)
Tarturus විසින් Typhone කියල හඳුන්වන විශාල සර්පයෙක් වැනි රාක්ශයෙක්ට උපත ලබා දීල තියෙනව.
» දෙවන පරම්පරාවේ දෙවිවරු.
පළමු පරම්පරාවේ දෙවිවරු විසින් තමයි මේ දෙවැනි පරම්පරාව නිපදවල තියෙන්නෙ. මෙතනදි සඳහන් වෙනව Gaia සහ Uranus(අහසට අධිපති) විසින් ආකාර තුනක සත්වයින් හැදුව කියල.
- පළමු පරම්පරාවේ ටයිටන්ල 12ක්
- Hecatonchires(හෙකටොන්කරිස්) - අත්පා හිස් විශාල ප්‍රමාණයක් ඇති රාක්ශයන් තිදෙනෙක්.
- Cyclopes(සයික්ලොප්ස්) - තනි ඇසේ රාක්ශයන් තිදෙනෙක්.
ඉතින් මෙයාලගෙ තාත්ත වෙච්ච යුරේනස්(Uranus) මේ රාක්ශයන්ට කැමති වෙලා නෑ. යුරේනස් එයාලට බය උනා කියලත් කියනව. ඉතින් එයා ටයිටන්ලව හැර අනිත් රාක්ශයන් හය දෙනාව ආපහු ගායා(Gaia) ගෙ ඇඟ ඇතුලටම තල්ලු කරල හිර කරල දාල.
ගායා මේකට විරුද්ධ වෙලා. එයා , එයාගෙ අනිත් ළමයි දොළොස් දෙනා වෙච්ච ටයිටන්ලගෙන් ඉල්ලල , එයාලගෙ තාත්තව පරද්දල දාන්න කියල.
ඉතින් එක ටයිටන් කෙනෙක් මේ අභියෝගය භාර ගත්ත. එයා නමින් Cronus(ක්‍රෝනොස්). මෙයා එයාගෙ තාත්ත(යුරේනස්) නිදාගන්නකං ඉඳල යුරේනස් ට පහර දීල මුහුදට අතඇරල තියෙනව.
යුරේනස්ගෙ ලේ වලින් තවත් සත්වයින් කීප දෙනෙක් ඉපදුනා කියල සඳහන් වෙනව.
- Furies - සුරංගනාවියො වගේ සත්ව කොට්ඨාසයක්
- Giants - යෝධයො
- Meliae
- Aphrodite - ආදරයට සහ ලස්සනට අධිපති දෙවඟන
යුරේනස් ගෙ පරාජයෙන් පස්සෙ ක්‍රෝනෝස් තමයි ලෝකයට අධිපති උනේ. ක්‍රෝනෝස් සහ එයාගෙ සෙසු ටයිටන් සහෝදරයො ලෝකයේ පාලකයන් බවට පත් උනා.
ටයිටන්වරු ලෝකය පාලනය කරන් ඉන්නකොට ක්‍රෝනෝස් , රේයා(Rhea) කියන එයාගෙ සහෝදර ටයිටන්වරියක් එක්ක විවාහ වෙනව. ඊට පස්සෙ මේ දෙන්නත් අලුතෙන් ළමයි හදනව.
හැබැයි ක්‍රෝනෝස් බය උනා, එයා එයාගෙ තාත්ත වෙච්ච යුරේනස්ට කරපු දේ වගේම වැඩක් එයාගෙ ළමයිනුත් එයාට කරයි කියල. ඒ නිසා එයා රේයා එක්ක හදපු හැම ළමයවම ගිල දැම්මා.
ළමයි පස් දෙනෙක් මේ විදිහට ගිල දැම්මට පස්සෙ හයවෙනි ළමයව රැකගන්න රේයා උපක්‍රමයක් යෙදුව. ගල් කැබැල්ලක් දරුවෙක් සේ තියාගෙන ඉඳල ඒ ගල් කැබැල්ල ක්‍රෝනෝස් ට දුන්න ගිල දමන්න.
මෙන්න මේ බේරපු ළමය තමයි සියුස් කියල අපි හඳුන්වන්නෙ.
සියුස් ලොකු වෙලා එයාගෙ ගිල දැම්ම සහෝදරයන්ව බේරගෙන , ටයිටන්ල එක්ක අවුරුදු 10කට ආසන්න කාලයක් යුද්ධ කරල තියෙනව. මේ යුද්ධෙට අපි කියනව "Titanomachy" කියල. ඒ ගැන විස්තර ඉදිරියේදි බලාපොරොත්තු වෙන්න.
ඉතින් කොහොමහරි මේ යුද්ධෙන් සියුස් ප්රමුඛ එයාගෙ සහෝදර සහෝදරියො ටික ජයගන්නව.
එතැන ඉඳන් සියුස් සහ එයාගෙ සහෝදරයො ටික "ඔලිම්පියන්ස්" දෙවිවරු කියල හැඳින්වෙනව. එතන ඉඳන් මේ ඔලිම්පියන්ස් ල තමයි ලෝකය පාලනය කලේ.
මෙන්න මේක තමයි ග්‍රීක පුරාවෘත්තයේ ආරම්භය. සියුස් ගෙ කාලෙ ඉඳන් වෙච්ච ඒව නං ඔයාල අහල ඇති මීට කලින්. ඊට කලින් ටික අහල නැතුව ඇතිනෙ.
Wikipedia හි සඳහන් ග්‍රීක දෙවි පවුල.