°|සහීනා |°

°|සහීනා |°

Senadhi ♥️

🖇 2 කොටසට 👇

https://telegra.ph/%E0%B7%83%E0%B7%84%E0%B6%B1-11-02

🖇 චරිත පැහැදිලි කිරීමට 👇

https://telegra.ph/%E0%B7%83%E0%B7%84%E0%B6%B1-11-03


***නුඹේ හුස්මත් තවරගෙන මන් සොයා යන්නම් ජීවිතේ***


🖇 3 කොටස




"කවුද මේ වෙලාවේ"


අශී හිත හිත දොර අරින්න ගියේ. එතකොට ම වගේ සහීත් වොශ් දාන් එළියට ආවා. දෙන්නම හිතුවේ ඇනෙක්සි එකේ ඇන්ටි කියලා. එයානේ මේ වගේ රෑ වුණ වෙලාවට එන්නේ. ඒ නිසා බය නැතුව ගිහින් දොර ඇරියා. ඒත් එතැන හිටියේ ඇන්ටි නෙවෙයි. මේ වෙලාවේ එයි කියලා හිතුවේ වත් නැති කෙනෙක්...


ඔව්...ටෙනූ තමයි...


මතකයි නේ රදී එක්ක එද්දී සහීලා බලන්න යන්න ඕන කිව්වා.


"ටෙනූ ඔයා මේ වෙලාවේ"


අශී පුදුම වුණේ ටෙනූ මේ වෙලාවේ ආපු එක ගැන නෙවෙයි. තවත් කොල්ලෙක් එක්ක ආපු නිසා...


"ඔව්..ඇයි??....උඹලා දෙන්නා ආව ද බලන්න මේ තකහනියෙම ආවේ"


"ආ....යන් ඒහෙනම් ඇතුළට"


"බෑ....බෑ...බන් අපි ඉක්මනට යන්න ඕන"


සහීට ඒ දෙන්නාගේ කතාවේ නෙවෙයි හිටියේ...එයා බලන් හිටියේ ටෙනූ එක්ක හිටිය අනිත් කොල්ලා නිසා...ම්ම් රදිශ් දිහා...එයා දැක්ක ම මොකක්දෝ හුරුපුරුදු බවක් සහීට දැනුණා...ඒත් මතක් වුණේ නෑ....


"සහී"


ඒ ගැන හිත හිත හිටිය සහී , ටෙනූ කතා කරපු පාර ගැස්සිලා වගේ ටෙනූ දිහා බැලුවා.


"මොකද...සහියෝ නිකම් බය වෙලා වගේ"


"අහ්...නෑ...නිකම්"


"ටෙනූ...මේ මෙයාද අර හම්බවෙනවා කිව්ව යාළුවා"


අශී කතාව වෙනස් කළේ සහී බය වෙලා වගේ ඉන්න නිසා.


"ආ...ඔව් මෙයා තමයි මේ..රදි..."


"නෑ...කමක් නෑ...ටෙනූ අපි යන්...පරිස්සමෙන් ඉන්න....හෙට කැම්පස් එකේදි හම්බවෙලා කතා කරමු කෝ"


"හ්ම්...ඔයාලත් පරිස්සමෙන්"




--------------------------------------------------------------------




"හායි....මිස් ෂයිනි"


"අහ්...රයිට්...අයිම් ෂයිනි...එතකොට ඔයා"


"අයිම් විශාන්...විශාන් කල්පන"


"විශාන්...අනේ සොරි ඩාර්ලින් මට අඳුර ගන්න බැරි වුණා"



සහන්ලා ටානි ගැන කියවද්දී එයා දිහා බලන් හිටියේ විශාන් තමයි.



විශාන් , ටානි , සහන් , තුන්දෙනා ම ඉගෙන ගත්තේ එකම school එකේ. ඒ වගේ ම ටානි ගේ boyfriend එයත් ඒ school එකේ ම තමයි. (දැනටමත් ඔයාලා දන්නවා නේ ඒ කවුද කියලා Abewikrama Cunstruction එකේ owner ඒ කියන්නේ රදිශ්)


ටානි රදිශ්ට කැමතියි කියලා විශාන් දන්නවා ඒ කාලේ ඉඳන් ම. ඒත් රදිශ් පොඩ්ඩක්වත් කැමති නෑ ටානි වගේ සංකර කෙල්ලෙක්ට...ඒක හැබැයි විශාන් දැනගෙන් හිටියා.


විශාන් ඉස්සර ඉඳන් ම රදිශ් එක්ක තරහෙන් හිටියේ...ඒ හැමදේකදිම එයාට වඩා රදිශ් ඉස්සරහින් හිටියා....



ඒත් දැන් මේ ආයෙත් වෛරයක් ඇයි කියලා නේද??


එය පසුවට....



නෑ කියන්නම්කෝ....මේකයි හේතුව ,


අර මතකද කලින් කෝල් එකකින් කෙනෙක් කිව්වා කවුරු හරි ආයේ ආපු කෙනෙක් ගැන.....ඒ කිව්වේ රදිශ් ගැන....


ඒකයි ආයෙත් විශාන් තරහෙන් ඉන්නේ....මොකද ආයෙත් එයාගේ තැන ගනියි කියන බය තිබුණා....


අනිත් දේ තමයි.....එය පසුවට....



"ඉතින් හුඟ කාලෙකින් නේද"


"ඔව් නේ ශාන්"


"ඉතින්....කොහොමද...මැරි කරාද"


"මන්...පිස්සුද ශාන්...මැරි කරන්න....මැරි කරනවා නම් ඒ කවුද කියලා ඔයා දන්නෝ නේ"


"එහෙමද...රදිශ් නම් එන්ගේජ් වෙලා"


"මොකක්"




--------------------------------------------------------------------




"සර් , මන් හිතන්නේ දැන් ම ඌ company එක භාර ගන්න එකක් නෑ....දැනට ඒවා අබේවික්‍රම කාරයගේ නංගිගේ අතේ...ඒ කියන්නේ පොරගේ නැන්දයි මාමයි ළඟ"


සමහර විට ඌ ආවේ.....studies වලට වෙන්න පුළුවන්"


"ඔව්...එහෙම වෙන්න පුළුවන්.....ඒත් අපිට එක පාරටම ෂුවර් කරන්න බෑ.....පොඩ්ඩක් ඇලට් එකේ ඉන්න ඕන...


"කෝකටත් හොයලා බලපන් කරන්නේ මොනවද....යන්නේ කොහෙද....ඒ වගේ ඒවා...."


"හරි සර්"


"මන් අරුන්ටත් කියලා තියෙන්නේ පොඩි සර්ච් පාරක් දාන්න කියලා"



දයාල් මේ හොයන්නේ කවුරු ගැනද කියලා දන්නව නේ....එයා හොයන්නේත් රදිශ් ගැන තමයි


හේතුව....එය පසුවට




"සුද්දා"


"සර්"


"අමාත්‍යංශේ පැත්තේ පොඩ්ඩක් ගිහින් වරෙන්...එහෙත් වැඩ ගොඩ ගැහිලා....ආ... මන් තව බඩු වගයක් යවන්න ඕඩර් දුන්නා ඒක ගැන බලපන්"


"හරි සර්"


සුද්දා කාමරෙන් ගිය පසු සුරුට්ටුවක් දල්වා ගත් දයාල් යළිත් බර කල්පනාවට වැටුණා.




----------------------------------------------------




"මොකෝ බන්....මන් ඒ කියන්න් හදපු එක නැවත්තුවේ"


"ආ ඉතිම්....හෙට අඳුනගන්න පුළුවන් නේ.."


"ඒ කියන්නේ උඹ හෙට ඉඳන් කැම්පස් එනවද?"


"ඔව් බන්....මන් ඩිග්‍රි එකේ බාගයයි නේ complete කළේ...ඉතුරු ටික මෙහෙන් කරගන්නවා"


"හා"


"මේ....බන්...මන් උඹෙන් දෙයක් අහන්නම්"


"හ්ම්.....මොකක්ද කියපන්"


"අශියි , සහියි ඇත්තටම අක්කයි නංගියිද"


ටෙනූට කෙළත් ගිලුනා. ඇත්තටම ඒ දෙන්නා සහෝදරියෝ නෙවෙයි. ඒත් ඒ ඇත්ත දන්නේ අශී ඇරෙන්න ටෙනූ විතරමයි. සහීගේ කතාව රදිශ් ට කියන්න ඕන වුණත් ඒකේන් සහීට ප්‍රශ්නයක් වෙයි කියලා ටෙනූ බය වුණා.


"අහ්....ඔව් බන්....ඇයි එහෙම ඇහුවේ"


"නෑ.....සාමන්‍යයෙන් සහෝදරියෝ නම් හැඩරුවෙන් හරි සමානයි නේ...හැබැයි ඒ දෙන්නා එහෙම නෑ නේ...හැබැයි උඹයි සහියි නම් එක වගේ බන්...හැඩරුව උඹලා දෙන්නගේ ඇස් එක වගේ නේ"


"......ටසිරි...යකෝ උඹ ඒ ඩිංගට සමාන අසමාන කම් බැලුවද.....ම්ම් ඔව් බන් කොහොමත් මටයි සහීටයි කියලා තියෙනවා අපි අයියයි නංගියි වගේ කියලා....අනික අපේ B'Day පවා එකම දවසේ.....

හහ්.....උඹ නික්ම් CID එකේ වගේ නේ..."


රදිශ් මුකුත් නොකිය ම කට කොනින් හිනා වුණා.....


ඔව් රදිශ් CID පුහුණුවක් ලබපු කෙනෙක්. US වල ඉන්න කාලේදි එහේ රහස් පොලිසියේ අවු.4ක් හිටියා. ඉතින් එහෙම කෙනෙක්ට තව කෙනෙක් ගැන හොයාගන්න එක මහ දෙයක් නෙවෙයි.



ලංකාවට නොඑන්නම හිටිය රදිශ් ආයෙත් ආවේ තමන්ගේ දෙමව්පියන් ගේ මරණ වලට සාධාරණයක් කරන්න. ඒකයි CID එකට බැඳුනෙත්. නමුත් රදිශ් CID Officer කෙනෙක් කියලා දන්නේ රදිශ් ම විතරයි.


අනිත් එක සහී දැකපු වෙලේ ඉඳන් රදිශ් ගේ හිතට මොකක්දෝ අමුත්තක් දැනුණා. කොහෙදී හරි දැකලා පුරුදුයි වගේ හැඟීමක්. ඒත් කොච්චර මතක් කළත් මතක් වුණේ නම් නෑ....ඒ වගේ ම අශියි සහියි අක්කයි නංගියි කියන එක නම් රදිශ් පිළිගත්තේ නෑ.


ඒ ඇයි....එය පසුවට



"රදියෝ...."


"ම්ම්ම්ම්.....මොකෝ"


"මවුත් එක ලොක් මොකෝ"


"නික්ම්...බන් ඉක්මනට යන්කෝ"


"හාම්....මේ යනෝ"




********************************************




කතාව ඊයේ දෙන්න හිටියේ....ඒත් type කරගන්න වෙලාව මදි වුණා...ඒකට නම් sorry 😕



ආයේ එහෙම නොවෙන්න දෙන්නම්



අදත් මොනාහරි කියන් යන්....



හැමදාම කතාව කියවලා comment කරන නොකරන හැමෝටම තෑන්ක්ස් 💖



පරිස්සමෙන් ඉන්න හැමෝම ❤️




මන් ,

Senadhi❤

Report Page