WHITE ROSE_🤍

WHITE ROSE_🤍

Ak ᭄☆🥀_✍️
හිතුවක්කාර සුදු රෝස මලක් නුඹ

පෙර කොටස

https://telegra.ph/WHITE-ROSE-06-12-4


8 - කොටස


" හොදක් නරකක් ගැන නෙමේ සමාධි මම කීවේ සමාන්‍යයෙන් ඕනම කෙනෙක් හැසිරෙන විදිය ගැන. ගොඩක් කට්ටිය හිතන්නෙ කෙල්ලො කියන්නේ දුර්වල අය කියලා පිරිමිත් එක්ක කරට කර හැප්පෙන්න හයියක් කෙල්ලොන්ට නෑ කියලා. ඒත් උන් නොදන්න දේ තමා දැන් කාලේ තමන්ගේ දෙපයින් නැගිටලා තමන් වෙනුවෙන් සටන් කරන්න පුළුවන් කෙල්ලෝත් ඕන තරම් ඉන්නවා කියන එක. ඉස්සර වගේම තාමත් පිරිමි කොටසක් ඉන්නවා පුහු මතවල එල්ලිලා කෙල්ලො ඉන්න ඕනේ කුස්සියේ කියන්න එහෙම උන්ට හිත හයිය කෙල්ලෙක් දකිද්දී ඇහේ කටු අනිනව වගේ. හැම පිරිමියම එහෙමයි කියන්නේ නෑ මම ඒත් බහුතරය එහෙමයි "

" උබ කියන කතාව ඇත්ත අවියා මට සතුටුයි මගේ අම්මා තාත්තා අයියා එහෙම නොහිතන එක ගැන "

" උබ ගොඩක් වාසනාවන්තයි සමාධි උබව තේරුම් ගන්න උබට හයියක් වෙන පවුලක් උබට ලැබුනා ඒත් ගොඩක් කෙල්ලොන්ට ඒ වාසනාව ලැබෙන්නෙ නෑ "


කෙල්ලො දෙන්නා හවස සාදයට අවශ්‍ය කරන බඩු තෝරන ගමන් කතාවට වැටුනත් අවීගේ මුවින් පිට වුන අන්තිම වචන අතර සැගවුන කෙල්ලගේ වේදනාව සමාධිට තේරුම් ගන්න අපහසු වුනේ නෑ. ඒ නිසාම ඒ කතාව එතනින් නතර කරලා කෙල්ලො දෙන්නම අවශ්‍ය බඩුත් රැගෙන නැවත නිවසට එන්න පිටත් වුනා. බඩු ගොඩක් රැගෙන ගෙට ගොඩ වුන කෙල්ලො දෙන්නව දැක්කම එදින තම සහොදරයගේ විවාහ සංවසරට පැමිණි ටිනාගේ මව කෙල්ලෝ දෙන්නා දිහා බැලුවේ නොපත් බැල්මකින්.

ටිනාගේ මව කවදත් සමාධිට සුහදත්වයක් දක්වපූ කෙනෙක් වුනේ නෑ වගේම අවී ගැන සාමාධි තරමටවත් පැහැදීමක් වුනේ නැති තරම් නිසාම සමාධිගේ නැන්දා හැමවෙලාවෙම කෙල්ලො දෙන්නගේ වරදක් හොයාලා දොස් කියන්න උපරිම උත්සහා දැරුවා. කෙල්ලො දෙන්නා පැමිණෙන විටත් සමාධිගේ පියා මහසෙන් නිවසට පැමිණි සිටි නිසාම ටිනාගේ මව දයානි කෙල්ලො දෙන්නා ගැන එවලේ කිසිවක් නොපවසම මදක් පසු බැස්සා. මොකද මහසෙන් කවදාවත් නිවසට පැමිණි සමාධිගේ මිතුරියන් ඉස්සරහදී තමන්ගේ දුවට වචනයක් කියන එක නොඉවසන නිසා.


" තාත්තා ආවද ඔයා "

" කොහොමද අන්කල් "

" කොහොමද මගේ කෙල්ලො දෙන්නා දැන්ද එන්නේ අපේ අප්පේ බඩුත් අතින් කටින් උස්සන්. ඇයි දරුවෝ බයික් එකේ ගියේ කැබ් එකක්වත් දාගන යන්න එපැයි "

" කොහෙද අයියා මේ ලමයි හැදෙන්නෙ කොල්ලො වගේනේ එහෙම නැත්තන් අර ලොකු කොල්ලගේ බයිසිකලේ අරන් ගමටම පේන්න රවුම් ගහයිද. ඒකටත් එක්ක මගේ කෙල්ල බලන්න අඩු ගානේ ස්කූටරයක්වත් පදින්නේ නෑනේ "


දයානී කියපූ දේට කේන්ති ගන්නවටත් වඩා මහසෙන්ටත් කෙල්ලො දෙන්නටත් හිනාවක් ගියේ දයානිගේ තිබෙන බොලද අදහස් වලට. මහසෙන්වත් නිමාලිවත් කවදාවත් සමාධිවත් කෙල්ලගේ අයියා සෙනේෂ්ටවත් බලපෑම් කරන්න උත්සුක වුනේ නෑ. ඒ නිසාම දයානි බොහො වෙලාවට තම අයියටත් නෑනටත් දොස් පැවරුවත් සමාධිගේ දෙමව්පියෝ ඒ දේවල් දිහා බලන් ඉදියේ උපේක්ෂාවෙන්. ඉතින් තමන්ගේ දුවට සුළු යතුරු පැදියක්වත් පවදන්න බැරි බව ආඩම්බරයෙන් ප්‍රකාශ කරන තම නැගණිය ගැන මහසෙන්ට දැනුනේ ලොකු කලකිරීමක්. 


" නන්ගි කෙල්ලෙක් වුනාම වාහනයක් පදින්න ඉගෙන ගන්න ඕනේ බලන්න ඔයාටත් ඉන්නෙ මේ කෙල්ල විතරයි ගෙදර පිරිමියෙක් නෑ ඔයාටම අසනීපයක් වුනා අඩු ගානේ බෙහෙත් ටිකක් ගේන්න යන්න මේ කෙල්ලට පුළුවන් ද. ඒකට මගෙ කෙල්ල මහ රෑ දොලහට මට අසනීපයක් වුනත් අර කාර් එකේ දාගන මාව හොස්පිටල් එකට අරගන යයි. මට කෙල්ලයි කොල්ලයි දෙන්නම ඉදියා කියලා කවදාවත් මම එක්කෙන්ක්ට වෙනසක් කරේ නෑ ඒත් ඔයාට ඉන්නෙත් කෙල්ලෙක් ඒ කෙල්ලවත් හදලා තියෙන්නෙ හදිස්සියකට ප්‍රයෝජනයක් නැති විදියට. ඔය කෙල්ල දවසක තනියම ජිවිත් වෙන්න ඕනෙ ඒත් ඔහොම ඔය ලමයට ජීවත් වෙන එක නම් ගොඩක් අමාරු වෙයි. කෙල්ලෙක් වුනත් කොල්ලෙක් වුනත් තනියම තමන්ගේ ශක්තියෙන් හිටගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් මගේ කෙල්ල ගැන මට ලැජ්ජාවක් නෙමේ ආඩම්බරයක් තියෙන්නේ මොකද මම දන්නවා මම නැති දාක මේ කෙල්ල අතරමන් වෙන්නෙ නෑ කියලා "


මහසෙන්ගේ වචන දයානිට කන්දොස්තිරියාවක් වගේ දැනුනත් සමාධිටත් අවීටත් මහසෙන්ගේ වචන ලොකු ආඩම්බරයක් වුනා. තමන්ගේ දුවට හදවතින්ම සහය දක්වන පියෙක් ලැබෙන එක ලොකු වාසනාවක්. දුවෙක්ද පුතෙක්ද කියන වෙනස නොබලම දෙන්නටම හැම පැත්තකින්ම ඉදිරියට තල්ලුව දෙන්න හැම කෙනෙක්ට බෑ. ඒ අතින් මහසෙන් ගොඩක් දක්ෂ ආදරණීය පියෙක් වුනා. කෙල්ලො දෙන්නත් තවත් මුකුත් නොකියම බඩු ටිකත් අරගන මුළුතැන්ගෙට වැදුනේ නිමාලිට උදව් කරන්න හිතාගන. දයානි කෙතරම් කෑගැහුවත් තාමත් හරියට කෑමක්වත් හදාගන්න බැරි බව කාටත් රහස් වුනේ නැ ඒ නිසාමයි මහසෙන් දයානි දිහා බලලා සමච්චල් විදියට බලලා හිනා වුනේ.


" ළමයි හදන්නම් වාලේ හැදුවට වැඩක් නෑ නන්ගි හැම පැත්තකින්ම ඒ දරුවෝ ඉදිරියට යවන්න ඕනේ. ඒ අතින් මගේ කෙල්ල ගැන මට ආඩම්බරයි ඉගෙනීම වගේම ගෙදට දොර වැඩ වගේ වැඩ අතිනුත් එයා ඉස්සරහින් ඒත් බලන්න ටීනා දිහා ඒ කෙල්ල තාම හරියට තේ එකක්වත් හදාගන්න පුළුවන් ද. අනුන්ගේ වැරදි හොයන එක වරදක් නෑ ඒ තමන් ළඟ කිසිම වරදක් නැත්තන් ඒත් තමන් ළඟ වැරදි තියාගන අනික් අයගේ වැරදි හොයන එක මහ කැත පුරුද්දක්. අපේ අම්මයි තාත්තයි ඔයාට ගහලා බැනලා නොහදපු එකේ වරද තමා අර උඩ ඉන්න කෙනාගෙන් පෙන්නේ. ඔයා ඒ ලමයවත් නිකන්ම නාස්ති කරලා තියෙන්නෙ නිකන්ම නිකම් පුයරු බබෙක් කරලා "


මහසෙන් බලමින් ඉදිය පත්තරෙත් පුටුව උඩට විසි කරලා මුළුතැන්ගෙට ගියේ නිමාලිටත් කෙල්ලො දෙන්නටත් උපකාරයක් අවශ්‍ය නම් එය කර දෙන අදහසින්. නිවසේ වැඩට ඉන්න සුමනා අම්මත් නිමාලිත් කෙල්ලො දෙන්නත් මහසෙනුත් එකතු වෙලා රාත්‍රී සාදයට අවශ්‍ය කරන හැමදෙයක්ම සූදානම් කලේ ගොඩක් සතුටින්. නිමාලිට මහසෙන්ට වගේම සුමනටත් අවී කියන්නේ ඒ පවුලෙම කෙනෙක් වගේ දැනුන නිසාම ඒ සතුට අවංකවම අවීගේ හිතටත් දැනුනා.


WHITE ROSE_🤍_WHITE ROSE_🤍_WHITE ROSE_🤍


" අශේන් උබ හිතන්නේ ඒ අර කෙල්ලම කියලද "

" අනේ මන්දා බන් හැබැයි මේ ඒ කෙල්ලම වුනොත් දේව් මම උබේ අදහසට එකග වෙනවා "

" මොන "

" අර ඒ කෙල්ල ගැන උබට සැකයි කියලා කීවෙ ඇත්තටම එහෙනම් එකි පෙන්නවට වඩා වෙනස් කෙල්ලෙක් "

" මාත් හිතුවේ ඒක තමා බන් යමන්කො බලන්න "


කොල්ලො දෙන්නම කතාවෙන් කතාවෙන් සූදානම් වෙලා පහල බහිද්දී ෂෙහාන් වෙනුක වගේම අශේන්ගේ පියා සමනුත් සූදානම් වෙලා බලන් හිටියේ කොල්ලො දෙන්නා පහලට එනකන්. කොල්ලෝ දෙන්නා පහලට ආව නිසාම කට්ටියම වාහනයට නැගලා අදීශගෙ කුලි නිවසේ මිදුලේ වාහනය නතර කරා. කොල්ලො හතරදෙනාම යාලුවෝ දෙන්නත් එක්කම එන්නන් කීව නිසාම සමන් තනිවම ඊට එහා පිහිටි මහසෙන්ගේ නිවසය පිය මැන්නේ මහන්සෙනුත් සමනුත් ගජ යාළුවෝ වුන නිසා. 


" ආ සමන් එන්න එන්න මම ඒත් බැලුවා මොකො පරක්කු කියලා යමු ඉදගන්න අර කෙළවරේ මේසෙට "

" ඉදගන්න කලින් අපේ ජෝඩුවට විෂ් කරන්න එපැයි කෝ මහසෙන් නන්ගි "

" ඔන්න මගේ හිතේ ඔය කට්ටිය එක්ක කතා කර කර ඉදියා කොහෙද ඉතින් එයාටත් කයිය ගහන්න සෙට් වුනාම මාව මතකත් නෑනේ. අනික අද කෙල්ලො දෙන්නම ඇවිත් නිසා කොහොමත් මාව මතක නෑ "

" කෙල්ලො දෙන්නා කීවෙ මහසෙන්ට ඉන්නේ කොල්ලයි කෙල්ලයිනේ "

" ආ ඔව් ඔව් අපේ දුවගේ යාලුවත් ඇවිත් ඉන්නේ මටයි නිමාලිටයි ඉතින් වෙනසක් නෑ කෙල්ලො දෙන්නම අපේ දරුවෝ වගේ. දෙන්නත් නෙමේ හතර දෙනෙක් ඉන්නවා ඉතුරු දෙන්නා ඇවිත් නෑ යමුකෝ සමන් ගෙට "


මහසෙන් අශේන්ගේ පියාවත් එක්කගන නිවසට ගොඩ වෙද්දී නිමාලී පැමිණි අමුත්තන් සමග කතා බහ කරමින් හිටියේ ලොකු සතුටකින්. ඒ සතුට තවත් වැඩි වෙලා ගියේ මහසෙන් එක්ක ආව සමන්ගේ රුව දැක්ක නිසා. ඉදගන ඉදිය පුටුවෙනුත් නැගිටලා ඉදිරියට ආපූ නිමාලි සමන්ව ආදරෙන් පිලිගනිද්දී සමන් නිමාලිටත් මහසෙන්ටත් සුභ පතලා රැගෙන පැමිණි ත්‍යාගයත් ලබා දුන්නා. 


" කෝ අයියේ පුතාලා "

" ආ අර එහා පැත්තෙ ගෙදර ඉන්නේ පුතාලගේ යාලුවෙක්නේ ඒ දරුවෝ දෙන්නත් එක්ක එන්නම් කියලා නැවතුණා මම ආව ඉතින් මගේ යාළුවනේ මේ ඉන්නේ "

" සමන්ගේ පුතා ගෙදර ආවද "

" ඔව් මහසෙන් නිවාඩුවට ආවා කොල්ලා විතරක් නෙමෙ යාළුවෝ දෙන්නයි අපෙ ලොකු අයියගේ පුතයි එක්කමයි ඇවිත් ඉන්නේ "

" මට උදේ හම්බුනා අයියේ කොල්ලො හතරදෙනවම "

" ඔව් මට කීවා නන්ගි කොල්ලා මහසෙන්ටත් පුළුවන්නේ දැන් ආවම බලාගන්න කොල්ලව "

" යමුද සමන් එළියට මෙයාලට ඔය කොප්ප ටික හෝදගන්න දීලා. නිමාලී කෝ කෙල්ලො දෙන්නා ආවේ නැද්ද තාම "

" නෑ මහසෙන් කෙල්ලො දෙන්නා මේ වෙනකන් කුස්සියේ ඉදලා දැන් ගියේ ඇදුම් මාරු කරගන එන්න "


නිමාලි එහෙම කියද්දී මහසෙන් හිනාවෙලා සමන් එක්කම එළියට යද්දී දිනුක අදීශ එක්කම කොල්ලො හතරදෙනත් ගේට්ටුවෙන් ඇතුල් වුනා. 


" ආ ඔය එන්නෙ කට්ටියම පුතා මේහේ එන්නකො "


සමන් අශේන්ට කතා කරද්දී කොල්ලො හයදෙනාම සමන් ලගට ලන් වුනෙ හිනාවක් මූණේ පුරවගන. සමන් කොල්ලො හතරදෙනාම මහන්සෙන්ට අදුන්වලා දීලා අනික් අයට ලගට යද්දී කොල්ලො හයදෙනත් ගෙවත්තේ සූදානම් කර තිබුණ මේසයකින් අසුන් ගත්තා. උපන් ගමන් වුනත් අශේන් දේව් දෙන්නම මෙහි හිටියේ බොහොම කෙටි කලක් නිසාම කොල්ලො දෙන්නා මෙහි සිටි බොහෝ දෙනෙක්ව ආශ්‍ර්‍ය කරලා තිබුනේ නෑ. ඒ නිසාමයි අදීශ දිනුක එක්කම කොල්ලො හතරදෙනත් ඔවුන්ගේම කතාවකට පැටලුනේ. මේ අතරේ දේව් අශේන් කොල්ලො දෙන්නගේම ඇස් නම් නිවස තුලටම ඇදුනේ උදෑසන දැකගන්න නොහැකි වුන කෙල්ලො දෙන්නා දැකගන්න. 


" දේව් අශේන් අර එන්නේ බන් මම කියපු සමාධි නන්ගි නිමාලි ඇන්ටිගෙයි මහසෙන් අන්කල්ගෙයි දුව "


දිනුක බීම වීදුරු කීපයක් රැගෙන ඔවුන් දෙසට එන සමාධිව පෙන්නලා එහෙම කියද්දී කොල්ලො දෙන්නාම එකවරම ඒ දිහා බැලුවා. කොල්ලො දෙන්නගේ ඇස් අදගහන්න බැරි තරම් පුදුම කරමින් ඒ ආවේ කලින් දවසේ මුහුදු වෙරළෙදී අවීත් එක්ක හිදි තරුණිය නිසාම ඔවුන්ගේ සැකය තවත් වැඩි වුනේ අනික් තරුණිය නියත වශයෙන්ම අවිනි බව දැනුන නිසා.


" ආ අර පිටිපස්සෙන් එන්නෙ අනික් එක්කෙනා අවිනි නන්ගි සමාධි නන්ගිගේ යාලුවා "


කොල්ලො දෙන්නගෙම හිත්වල තිබුණ කුඩාම සැකයත් පහ කරමින් අවිනිත් තවත් බීම බන්දේසියක් රැගෙන නිවසෙන් එළියට ආවත් තමන් දිහාම බලන් ඉන්න කොල්ලො හයදෙනා දැක්කම කෙල්ලගේ මුහුණ වෙනස් වුනා. ඉක්මන් ගමනින් අඩිය තියමින් සමාධි ලගට ලන් වුන කෙල්ල සමාධිගේ කනට කරලා කොල්ලො හයදෙනා ගැන කියද්දී සමාධිත් ඒ දිහා බලන් ඉදියේ ලොකු පුදුමෙකින්.

මොකද කෙල්ල දන්න තරමින් තමන්ගේ දෙමව්පියෝ දේව් ඇතුළු කොල්ලො හතරදෙනාව අදුරන්නෙ නැති බව විශ්වාසයි. ඒත් කෙල්ලට පොඩි සැකයක් ඇති වුනේ කුඩා කල පටන් අධ්‍යාපනය නිසාම කෙල්ල නිවසේ රැදුනේ කුඩා කාලයක් නිසා සමහර විටක තමන් නොදන්නවා වුනත් කොල්ලො හතරදෙනාව තමන්ගේ දෙමව්පියෝ හදුනනවා ඇති බවයි. 


"' අවී අර පොලිස්කාරයෝ දෙන්නත් ඉන්නවා නේද බන් මේ උබට ෂුවර්ද මුන් උබේ පස්සෙන් නෙමෙයි එන්නෙ කියලා "

" පිස්සු ද බන් එහෙනම් මම නොදැන ඉන්නවද ඒත් මුන් දෙන්නා කොහොමද උබලගේ ගෙදරට ආවේ අනික් එක අර එහා ගෙදර උන් දෙන්නව අදුරන්නෙ කොහොමද "

" සමහර විට යාලුවොද දන්නෑ නේ බන් අර අදීශ කියන එකා කොලඹ පැත්තේ එකෙක්නේ "

" හරි යාලුවෝ වුනා කියලා උබලගේ අම්මලාගේ ඇනිවසරි එකට එන්න තරම් අම්මලා එක්ක කොහොමද ෆිට් වෙන්නෙ "

 " ඒකට උත්තරේ ඉතින් මම දන්නෑ කෙල්ලේ අම්මගෙන්ම තමා අහන්න වෙන්න ආ අර තාත්තා ඉන්නේ මුලින්ම එතනට යමන් බීම ටික දෙන්න. මම ෂේප් එකේ අහන්න මුන්ව කොහොමද අදුරන්නේ කියලා "

" ආ යමන්කෝ අර රවන් ඉන්න එකා නෙමේ අනික් එකා ඉන්නේ උගේ මූන නම් බන් පල් හොරෙක්ගේ වගේ මූ වැරදිලාද දන්නෑ පොලිසියට ගියේ "


අවී අශේන්ව පෙන්වමින් සමාධිට එහෙම කියද්දී සමාධි පුළුවන් උපරිමයෙන් කෙල්ලට රවන්න ගත්තා.


" තොට පිස්සු ද යකෝ අවී උබ යකෙක්ටවත් බය නැති බව ඇත්ත ඒත් උබ ඔය ගානක් නැතුව හැප්පෙන්න යන්නෙ පොලිසිය එක්ක කියලා මතක තියාගනින්. යක්කුන්ට වඩා භයානකයි පොලිසිය ඒකත් තමන්ගේ රාජකාරියට අවංකව කැප වුන පොලිස් ඔෆිසර් කෙනෙක් හැමදේකටම වඩා භයානකයි උබට ඒක අමුතුවෙන් කියන්න ඕන නෑනේ "


සමාධි බර කරලා ඒ වචන ටික කෙල්ලට පැහැදිලි කරලා කියද්දී අවීගේ මූණේ ඇදුනේ සුපුරුදු සමච්චල් හිනව විතරයි. ඒ හිනාවෙන් පස්සෙ කියන කිසිම දෙයක් කෙල්ල නාහන බව දන්න නිසාම අවීටත් රවපූ කෙල්ල මහසෙන් ලගට ගියේ හිනාවක් මූණට ආරූඪ කරගන. කෙල්ල මහසෙන් ලගට ගිහින් බීම බන්දේසිය අල්ලද්දී මහසෙන් සමන්ට කෙල්ලව හදුන්වලා දුන්නා. 


" ආ දුව වැඩ කරන්නේත් කොළඹද අපේ පුතත් වැඩ කරන්නෙ දුව ඉන්න පැත්තේ ස්‍ටේෂන් එකේ මගෙ අයියගේ පුතා තමා එහෙ OIC දුව දන්නවත් ඇති"

" අන්කල්ගේ පුතා අර අතන ඉන්න එක්කෙනාගෙන් බ්ලැක් ෂර්ට් එක ඇදන් ඉන්න කෙනාද එතකොට අර අයියගේ පුතා කීවේ අර බ්ලූ ෂර්ට් එක ඇදන් ඉන්න කෙනාද "


කෙල්ල ඈතින් හිනාවෙවී කතා කරමින් ඉන්න කොල්ලො දෙන්නව පෙන්නලා එහෙම අහද්දී සමන් හිනාවෙවීම හිස වැනුවේ කෙල්ලගේ කතාව අනුමත කරන අටියෙන්. සමන්ගේ ප්‍රතිචාරයත් එක්ක කෙල්ල අමාරුවෙන් මූණට හිනාවක් අරගන තාමත් ඈත ඉදන් තමන් දිහාම බලන් ඉන්න අවී ලගට ලන් වුනේ කෙල්ල දැනගත්ත දේ අවීටත් කියන්න හිතාගන. 


" අවියෝ උබ දන්නවද අර පොලිස්කාරයෝ දෙන්නා අර අතන තාත්තා එක්ක කතා කර කර ඉන්න අන්කල්ගේ පුතයි අයියගේ පුතයිලූ. අර OIC සදෙව් තමා ඒ අන්කල්ගේ අයියගේ පුතා එතකොට අර අනික් දෙන්නා එයාලගේ යාළුවොලූ "


අවී සමාධි පෙන්නපූ දිහාට ඇස් ගෙන යද්දී මහසෙන් එක්ක කතා කරමින් ඉන්න කෙනා දකිද්දී කෙල්ලගේ ඇස් මදක් ගැස්සිලා ගියා. ඒත් ඒ බව සමාධිට නොපෙන්න මූණට හිනාවක් ගත්ත කෙල්ල වැඩි උනන්දුවක් නොපෙන්නවම බීම බන්දේසියත් අරන් කොල්ලො හයදෙනා ලගට ලන් වුනේ හිත ඇතුලෙන් ලොකු පෙරලියක් ඇති කරද්දී. බලාපොරොත්තු නොවුන මොහොතක බලාපොරොත්තු නොවුන හැසිරීමක් කියන එක විතරයි කෙල්ලගේ හිතට දැනුනේ.

කෙල්ල කිසිම ගානක් නැතුවම බීම බන්දේසිය කොල්ලො හයදෙනාටම අල්ලලා කොල්ලො හයදෙනාගෙන් එක්කෙනෙක්වත් නොහදුනන විදියට එතනින් එන්න ගියත් අශේන් කෙල්ලගේ අතින් අල්ලගන නතර කරගත්තා. අශේන්ගේ ස්පර්ෂයත් එක්කම කෙල්ල ඔරවලා කොල්ලා දිහා බලද්දී කොල්ලා එකපාරටම කෙල්ලගේ අත ඇතෑරලා කෙල පිඩක් ගිලගත්තේ කෙල්ලගේ මූණ බලන්න බැරි තරම් බය හිතෙන පෙනුමක් අරන් තිබුණ නිසා.


" මල් කෙල්ල ඔහොම ඉන්නකො ටිකක් ඔයා නිකන් හැසිරෙන්නෙ අපිව දන්නේ නෑ වගේනේ "

" ඇත්ත කීවොත් මම ඔයාලව දන්නේ නෑ තමා "

" මොකක් "

" ඔව් ඇයි කවුද ඔයාලා "

" මේ නන්ගි අදුරන හින්දා කතා කරාම ඔහොම ලොකු කම් පෙන්න එන්න එපා පුදුම කෙල්ලොනේ යකො මුන් "

" ඉතින් අයියේ මොකටද එහෙනම් ලොකු කම් බලන්න කතා කරන්නේ දන්නේ නෑ වගේ ඉන්නකෝ මල විකාර"


අවී කට කොනින් හිනාවෙලා එහෙම කියලා එතනින් පිට වෙලා සමාධි ලගට යද්දී අශේන් කෙල්ලගේ දිහාට අත මිට මොලවලා පාරක් ගහන්න වගේ ඉගි කරද්දීම කෙල්ල ආයම් වතාවක් හැරිල බැලුවා. ඒත් අශේන් කරපූ දේ දැක්කම කෙල්ල කේන්ති නොගෙන සුපුරුදු හිනාවෙන් කොල්ලට සංග්‍රහ කරලා සමාධි එක්ක නිවස ඇතුලට වැදුනා.

අවීගේ ඉරියව් හැසිරීම් දිහා අවදානෙන් බලන් ඉදපූ දේව් අශේන් දිහා බලලා කෙල්ල හිනාවුනා වගේම කට කොනින් හිනාවෙද්දී අශේන්ට දැනුනේ පොලොව පලාගන හැන්ගෙන්න තරම් ලැජ්ජාවක්. ඒත් ඒ ගැන ගනනකට නොගත්තා වගේ මූණ හදාගන කොල්ලා පුටුවෙන් අසුන් ගෙන මේසය මත තිබුණ බීම එක තොලගාන්න ගත්තේ අනික් කොල්ලො පස්දෙනාම අමාරුවෙන් හන්ගගන ඉදිය හිනාව පුපුරලා යද්දී. 


" මම බොරුද කියන්නේ මේකට ලැජ්ජාවක් නෑ කියලා ඔය කෙල්ල හම්බෙන හැමදාම මූ ඇදගන නාගන්නේ. බොරුවට මුකුත් වුනේ නෑ වගේ රගපාන්න එපා අශේනයා අපිට හිනාව පාලනය කරගන්න බෑ උබ ඔහොම හැසිරෙද්දී "

" අම්බෝ දේව් මට බෑ යකෝ මේ කෙල්ල නම් මොකෙක්ද බන් මම නම් ජිවිතේට මෙහෙම කෙල්ලෙක් දැකලා. කෙල්ල ලස්සන බව ඇත්ත ඒ වුනාට එකි රවද්දී මූණ මහ නපුරු පාටයි බලන්නත් බයයි යකෝ ඒ වෙලාවට "

" සිරා වෙනුක මෙකි නම් මාර කෙල්ලෙක් ආය ඉතින් ඔකිට මල් කෙල්ල නෙමේ කියන්න ඕනේ යක්ෂ කෙල්ල කියලා ඔක්කොම පටලගන්න එකෙ ඕකත් පටලගනනේ මේ බුරුවා අනේ මන්දා බන් මූ ඩිපාර්ට්මන්ට් එකට සිලෙක්ට් වුනේ අල්ලස් දීලද දේව් "

" ඔක්කොම පැත්ත දාලා ඕක ගැන ඉන්වෙස්ටිගේෂන් එකක් කරන්න කියලා තමා මාත් බැලුවේ බන්. සිවිල් පිට නම් තව කමක් නෑ මූ යුනිෆෝම් එක පිටිනුත් ඇදගන නානවනේ ෂිට් ඩිපාර්ට්මන්ට් එකටම විලි ලැජ්ජයි මේකා හින්දා "

" මේ මේ උබලා තුන්දෙනාම කට වහගනියව් ඇයි යකෝ මම ඉතින් අනික් කෙල්ලො එක්ක කතා කරන විදියට මෙකි එක්කත් කතා කරේ. මම වගේ හැන්ඩ්සම් කොල්ලෙක් ඔය වීදියට විහිළු කරලා කතා කරද්දී කෙල්ලො පෝලිම් ගැහිලා මගේ පස්සෙන් එන්නෙ. ඒකට මේකී යකෝ සතේකට ගනන් ගන්නේ නෑනේ හැබැයි මචන්ලා මේකි දැක්ක මුල්ම දවසෙ මට මොකක්ද දන්නවද හිතුනේ "


මුල් ටික මූණත් ඇඹුල් කරගන කීවත් අශේන් ඇසක් ඉගි කරලා අන්තිම වචන ටික කියද්දී කොල්ලගේ මූණේ ඇදුනේ සෙල්ලක්කාර හිනාවක්. අනික් අයත් වැදගත් දෙයක් අහන්න වගේ කුතුහලෙන් බලන් ඉද්දී එකපාරටම කොල්ලා කියපු දේ නිසාම දේව් මේසය යටින් කොල්ලගේ කකුලට හොද පාරක් දුන්නේ අශේන්ගේ බීම එක කොල්ලගේ ඇගේම ඉහිරිලා යද්දී.


" ඒ යක්ෂණී හරි යන්නේ මේ යක්ෂයටමයි කියලා "


දේව්ගේ පා පහරින් දැනුන වේදනාවත් එක්කම අශේන් බීම ඉහිරිලා ගිය කමිසය අතින් ගසමින් නැගිට්ටේ කොල්ලට නෑසෙන විදියට මොන මොනාදෝ මුමුණමින් වුනත් කොල්ලා දැනගත්තා අශේන් කාටත් නෑසෙන විදියට දොස් කියන්නේ තමන්ට වග.


 " කෑවා බුරුවා බලපන් මගේ ෂර්ට් එක ගොන් වස්සා තොට නම් හොදක් වෙන්නෙ නෑ මගේ සහෝදරයා වුනත් මගේ එකම ප්‍රාර්තනාව උබට අර කෙල්ල වගේ කෙල්ලෙක් හම්බෙන්න කියලා. කොහොමත් යකෙක්ට ගැලපෙන්නෙ සුරංගනාවියෝ නෙමේනේ අර වගේ යක්ෂණියක්නේ "


අශේන් මුමුණමිම් ඉදපූ හඩ වැඩි කරලා දේව්ට දොස් කියද්දී කොල්ලෝ පස්දෙනාම හිනාවෙන්න ගත්තේ අශේන් මූණත් රතු කරන් තවත් මොන මොනාදෝ කියමින් දේව්ට බනිද්දී. කුඩා කල පටන්ම තිබුණ සහෝදරත්වයත් එක්කම කොල්ලෝ දෙන්නා අතර මේ වගේ පුංචි පුංචි රණ්ඩූ ඇති වුනත් ඒ කිසිම දෙයක් කොල්ලෝ දෙන්නගේ හදවත්වලට කහටක් එක් කලේ නම් නෑ. දේව් අශේන් පමණක් නොවේ කොල්ලගේ අනික් මිතුරන් තුන්දෙනා අතරත් කුමන රණ්ඩු සිදු වුනත් දොස් කියාගත්තත් විනාඩි කීපයකින් ඒ හැමදේම අමතක කරමින් පෙරටත් වඩා හොද මිත්‍රත්වයක් ඇති කරගත්තා.


WHITE ROSE_🤍_WHITE ROSE_🤍_WHITE ROSE_🤍


" සමන් අර අපෙව දුවත් එක්ක ඉන්න කෙනා කවුද කියලා ඔයා දන්නවද "

" කවුද මහසෙන් "

" අර ඉන්නේ සමන් කළු පාට ගවුමක් ඇදලා අන්න ඒ සුරංගනාවි කවුද කියලා උබට හිතාගන්න බැයිද. පොඩ්ඩක් හොදට බලපන්කො මූණ දිහා සමන්ට දැකලා පුරුදු ගතියක් නැද්ද හොදට දන්න කෙනෙක් ඒ"

" මේ කළුවර නිසා මට කෙල්ලගේ මූණ පේන්නේ නෑ මහසෙන් කවුද කියපන්කො මම දන්න කෙනෙක් කීවේ"

" ඒ වෙන කවුරුත් නෙමේ සමන් සාරදාගේ එකම දුව "

" මොකක්ද සාරදාගේ දුව ඒත් කොහොමද එහෙම වෙන්නේ මහසෙන් මේ ඇත්තමද කියන්නේ ඒ සාරදාගේ දුවද "

" ඔව් සාරදාගෙ පුංචි සුරංගනාවි අවිනි"

" දෙවියනේ මහසෙන් කෙල්ලට පොඩ්ඩක් එන්න කියපන්කො මට ආසයි බන් කෙල්ලගේ මූණ ටිකක් බලන්න "

" ම්ම් හැබැයි උබ කෙල්ලව අදුරනවා කියලවත් කෙල්ලගෙ අම්මා ගැනවත් කෙල්ල එක්ක කතා කරන්න එපා හොදද "

" ඒත් ඇයි බන් "

" උබ මේ කෙල්ලව දැක්කෙ පුංචිකාලේනේ සමන් ඒ කාලෙ මේ කෙල්ල පුංචි සුරංගනාවියක්මයි. අහිංසක සුදු රෝස මලක් අවී කියන්නේ ඒත් මේ අවුරුදු ගානට ඒ ගොඩක් දේවල් වෙනස් වුනා බන්. අපි දන්න අපෙ සුදු රෝස මල තව දුරටත් නෑ ඒ කෙල්ල ඇතුලේ හිටපූ අහිංසක කෙල්ලව මරලා දැම්මා දැන් ඉන්නේ කිසිම කෙනෙක්ට ලේසියෙන් අනුකම්පා නොකරන හිත ගලක් කරගත්ත කෙල්ලෙක්. කවුරු හරි කෙල්ලට එක පාරක් ගැහුවොත් අනික් අතට දහයක් ගහන්න පුළුවන් යක්ෂ කෙල්ලෙක් විතරයි දැන් ඉන්නේ. කෙල්ලව අපේ දුවගේ යාලුවෙක් විදියට මුලින්ම මට අදුන්වලා දෙද්දී මම ගොඩක් පූදුම වුනා පස්සේ මම කෙල්ල ගැන හෙව්වා එතකොට තමා දැනගත්තේ මගේ සැකෙව් හරි කියලා ඒ ඉන්නෙ සාරදාගේ දුව. මම කවදාවත් අවීව දැකලා නොතිබුනත් දෙවියෝ මගේ දුවගේ මාර්ගෙන් අවීව අපිට මුණගැස්සුවා සමන්"

" මෙච්චර දේවල් කොහොම ද බන් වුනේ "

" මම දන්නෑ බන් ඒ හැමදේම රහසක් කෙල්ල ඒ දේවල් හිතේ හිර කරගන හදවත ගලක් කරන් ඉන්නේ "

" මම මුකුත් කියන්නෙ නෑ කෙල්ලට එන්න කියපන්කෝ "

" හරි ඉදපන්. අවී දුව බීම එක්ක ගෙන්නකො මාර තිබහක් තියෙන්නෙ පුතේ "


මහසෙන් කෙල්ලට කතා කරලා බීම වීදුරුවක් ඉල්ලද්දී කෙල්ලත් හිනාවෙවීම මහසෙන් ලගට ඇවිත් බීම බන්දෙසිය මහසෙන්ට පිලිගැන්වුවා. මේ අතරේ සමන් කෙල්ලගේ මූණ දිහා බලන් ඉදියේ කදුළු පිරුණ ඇස් වලින්.සමන්ට හිතුනේ මේ තමන් ඉස්සරහා ඉන්නේ මීට අවුරුදු විස්සකට විතර කලින් තමන් ඉස්සරහා හිටපූ සාරදාම වග. කෙල්ලගේ හිනාව ඇස්දෙක මේ හැමදේම සමන්ට මතක් කරේ සාරදාව නිසාම සමන්ට කෙල්ලගෙන් ඇස් අහකට ගන්න නොහිතුම තරම්. අවුරුදු ගානකට පස්සේ එ රූපේ ඇස් ඉස්සරහා ඇදෙද්දී කොහොම හැසිරෙන්නද කියලවත් සමන්ට හිතාගන්න බැරුව ගියා.


" අන්කල්ට "

" එපා දුව "


කෙල්ල මහසෙන්ට බීම විදුරුවක් දීලා සමන් දිහාට හැරිලා එහෙම අහද්දී කෙල්ලගේ හඩින් පියවි සිහියට පැමිණි සමන් හිස වනලා අමාරුවෙන් මූණට හිනාවක් නගාගන එහෙම කියද්දී කෙල්ලත් හිනාවෙලා යන්න ගියා. මහසෙන් අවී යන දිහාම බලාගන ඉදිය සමන්ගේ අතකට තට්ටුවක් දාලා සමන්ගේ අවදානේ තමන් පැත්තට හරවගත්තේ ඒ හිතේ තියෙන චකිතය මහසෙන්ට හොදින්ම වැටහුන නිසා.


" කෙල්ල ගොඩක් වෙනස් වෙලා නේද මහසෙන් පුංචි කාලෙ මේ කෙල්ලගේ ඇස්වල තිබුණ සතුට දැන් නෑ. ඒ ඇස් පාළුවට ගිහින් වගේ ඒත් කවදාවත් සාරදා හිටියා නම් කෙල්ල මේ විදියට වෙනස් නොවෙන්න තිබ්බා "

" දෛවය අපි කාටවත් වෙනස් කරන්න බෑනේ සමන් ඒත් මම විශ්වාස කරනවා ඒ ඇස්වල නැති වුන දිප්තිය ආයම ඇති කරන්න පුළුවන් කෙනෙක් කෙල්ල වෙනුවෙන් සාරදා එවයි කියලා "

" මාත් හිතනවා "


මේ කතාව තවත් දිගට ඇදි යාමෙන් දෙදෙනාටම දුකක් පමණක් උරුම වන බව දැනුන නිසාම සමන් වගේම මහසෙනුත් ඒ කතාව එතනින්ම අවසන් කරලා දැම්මා. නමුත් ඒ දෙදෙනාම අවී පිළිබඳ සත්‍ය රහසක් විදියටම පවත්වාගන්න එකිනෙකාට පොරොන්දු වෙමින්මයි ඒ කතාවට නැවතිමේ තිත සනිටුහන් කරේ. කේක් කැපීමට වෙලාව උදාවුන නිසාම හැමෝම නිවසේ මැද සාලයට රැස් වෙද්දී දේව් ඇතුළු කොල්ලො හය දෙනාගේ එහා පැත්තෙන්ම සමාධි අවී කෙල්ලො දෙන්නටත් හිටගන්න සිද්ද වුනා. දිනුක ලගින්ම හිටගන්න දැනුන ආසාව නිසාම ටිනාත් සමාධිගේ එහා පසින් හිටගද්දී අවී කෙල්ල දිහා බැලුවේ සුපුරුදු හිනාවෙන්මයි. 


" ඔන්න ගියා පැණි හලන්න "

" කියලා වැඩක් නෑ බන් අනේ මන්දා මෙකිව අපේ නැන්දා හදලා තියෙන්නෙ එයාගේ තියරියටමයි. මට නම් වෙලාවකට මේ ඩබලා එක ආදලා කුඹුරක් හාන්න හිතෙනවා ෂිට් අපේ නැන්දාත් අනේ මන්දා "

" ඕවා ගැන කතා කරලා වැඩක් නෑ බන් "


අවී ඉස්සරහා බලාගනිමින් එහෙම කියද්දී දේව්ගේ ඇස් නම් තිබුණේ කෙල්ල මත්තෙමයි. කළු පාට අත් රහිත දනහිස ලගට ඇති ගවුමකින් සැරසිලා කොණ්ඩය පැත්තට පිරලා නිදහසේ පිට දිගේ වැටෙන්න සලස්වලා දාලා ඉදපූ කෙල්ලගෙන් අමුතු ලස්සනක් පෙනුනත් කෙල්ලගේ නපුරු පෙනුම නම් බිදක්වත් අඩුවෙලා තිබුනේ නෑ. සුපුරුදු පරිදි කට කොනින් හිනාවෙලා තියුණූ කළුපාට ඇස් වලින් කෙල්ල හැරිලා බැලුවත් බොහො දෙනාගේ හිත් ගැස්සිලා යන තරමේ පෙනුමක් කෙල්ලට තිබුණා. සමාධිත් අවීගේ ගවුමටම සමාන රතු ගවුමකින් සැරසිලා සිටි නිසාම කෙල්ලත් පෙනුනේ රතු රෝස මලක් වගේ.


" සමාධි අවී දුවත් එක්ක එන්න "


මහසෙන් නිමාලිගේ කර වටා අතදාගන කේක් කැපීමට සූදානම් වෙමින් එහෙම කියද්දී කෙල්ලත් අවීගේ අතින් ඇදගන තමන්ගේ තාත්තා ලගට ගියේ ලොකු සතුටකින්. මහසෙන් සමාධිව තමන්ගේ පසින් හිටවා ගද්දී නිමාලි අවීව තමන්ගේ අනික් පසින් හිටවා ගත්තා. බැලූ බැල්මට නොදන්නා කවුරු වුනත් හිතන්නේ අවිත් මේ පවුලෙම කෙනෙක් බව ඒ නිසාමයි දයානිගෙත් ටිනාගෙත් මූණූ කේන්තියෙන් රත් පැහෑ වෙලා ගිහින් තිබුනේ.

අවීට විරුද්ධව කතා කරන්න අවශ්‍ය වුනත් අමුත්තන් ගොඩක් පැමිණි නිසාම දයානි තමන්ගේ කට පාලනය කරගත්තේ මහසෙන්ට කේන්ති ගියොත් තමන්ට හොදක් නොවන වග දන්න නිසාමයි. කේක් එක කපා එකිනෙකාට කවාගන හැමොම නැවතත් විනෝද වෙන්න ගත්තේ කුඩා සාදයක් වුනත් එදිනෙදා හමුවන තම තමන්ගේ අස්ල්වැසියන් අතර ලොකු මිත්‍රකමක් තිබුන නිසාමයි.


" එ දේව් අතනට යමන්කෝ "

" කොහෙද බන් "

" අර කෙල්ලො දෙන්නා ඉන්නේ එතනට "

" මොකක් උබට පිස්සු හැදිලද ආයම ලැජ්ජා වෙන්නද ඕනේ "

" නෑ නෑ යමන්කො ඒ වෙනුක ෂෙහාන් අදීෂ දිනුක යමන් සෙට් එකම දිනුක උබ මුලින්ම කතාවට අල්ලගනින් අපි එක්ක ඇරියස් වුනාට උබ එක්ක නෑනේ"

" මාත් එක්ක සමාධි නන්ගි විතරයි බන් කතා කරන්නෙ අවී නන්ගි මූණවත් බලන්නෙ නෑ "

" කමක් නෑ එහෙනම් සමාධි එක්ක හරි කතා කරපන්කො යමන්කො "


අශේන් දිනුකව බලෙන්ම තල්ලු කරගන කෙල්ලො දෙන්නා ලගට යද්දී අනික් කොල්ලො හතරදෙනත් ඒ පිටිපස්සෙන් ඇදුනේ ආයම වතාවක් අශේන් අවීගෙන් ලැජ්ජාවට පත්වෙන විදිය හිතින් මාවගනිමින්. 


" සමාධි නන්ගි කවද්ද ඔයාලා යන්නේ "

" අදනේ ආවේ අයියේ හෙටත් ඉදලා අනිද්ද දිහාට යනවා "

" අහ් ඔව් වැඩත් එක්කනේ දෙන්නටම "

" ඔව් එහෙ වැඩ පාඩු කරගන්නත් බෑනෙ මට නම් ඕන එකක් අවීට එහෙම නෑනේ "


කොල්ලො හයදෙනා ලගට එන බව දැක්කත් කෙල්ල නිශ්ශබ්දවම තමන්ගේ දුරකථනයට අවධානය දෙමින් සිද්ද වෙන කතාවට ඇහුම්කම් දෙන්න වුනා. ඒත් කෙල්ල හිස ඔසවලාවත් නොබැලුවේ අශේන්ගේ ඔහේ කියවන වාචාල කටින් පිටවෙන වචන ගැන කෙල්ලට හොද අවබෝධයක් තිබුණ නිසාමයි.


" අපෝ නන්ගි ඔයා නම් ඩොක්ට කෙනෙක්නේ මේ මල් කඩයක් කරන කෙනාට මොන වැඩද අනේ. ඕන නම් ඔය හම්බෙන කීයක් හරි නැතුව යයි ඒත් නෑ තව කෙනෙක් ඉන්නෙ කඩේ බලාගන්න "


WHITE ROSE_🤍_WHITE ROSE_🤍_WHITE ROSE_🤍


සුදු හාර්ට් එකයි කමෙන්ට් එකයි අමතක කරන්න එපා ඔයාලගෙ ප්‍රශ්න වලට උත්තර ලැබෙයි ඒත් හිමීට. අවීට ලැබුම ඉන්විටේෂන් එක ගැනයි කෙල්ලට බලපෑම් කරන්න පුළුවන් දෙන්නා ගැනයි අවී රුපේවත් නොදැක හොයන කෙනා ගැනයි තව කොටස් 5ක් ඇතුලත එලි කරනවා. ඒත් එක්කම දේව්ගේත් පුංචි රහසක් එලි කරන්නම් හැබැයි මේ ආදර කතාව නම් වෙනස්ම වීදියකට ලියවෙයි කියලා හිතමූ මොක්ද. අවීගේ හිත බිදුනොත් කෙල්ල කඩන් වැටෙනවට වඩා මීටත් දඩා නපුරු කෙනෙක් වෙයි කියලා හිතෙන්නෙ නැද්ද ඔයාලට...🕊️


To be continue 🤝


⃝➤⃟🥀🄰🄺➤⃟🥀_✍️



Report Page