WHITE ROSE_🤍

WHITE ROSE_🤍

Ak ᭄☆🥀_✍️
හිතුවක්කාර සුදු රෝස මලක් නුඹ

පෙර කොටස

https://telegra.ph/WHITE-ROSE-06-11-5


7 - කොටස

හැමදේම නිහඩම අහගන ඉදපූ දිනුක එහෙම කියද්දී සමාධි අසරණ විදියට හිනා වුනේ ඒ ආදරය කවදාවත් සාර්තක වෙන දෙයක් නොවන නිසා. ඊට හේතු කාරණා කීපයක්ම තිබ්බත් කෙල්ලට ඒ හේතු කොල්ලට කියන්න පුළුවන් වුනේ නෑ. ඒත් මේ ආදරේ දුර දිග යාමට කලින්ම මෙතනම මරලා දාන එක හොදයි කියලයි සමාධිට හිතුනේ.


" දිනුක අයියේ ඒ දේ කවදාවත් සිද්ද වෙන දෙයක් නෙමේ අවී කවදාවත් කාටවත් ආදරේ කරන්නෙ නැති දෙයි මොකද එකි දැනටමත් කෙනෙක්ට ආදරේ කරනවා "

" මොකක්ද ඒක වෙන්න බෑ ඔයා බොරු නේද කියන්නේ නන්ගි "

" නෑ ඇත්ත ඒක අද ඊයෙක ඇති වුන ආදරයක් නෙමෙයි අවී පුංචි කාලේ ඉදලා බලාපොරොත්තු වුන කෙනෙක්. ඒ කාලෙදි නොතේරෙන්න ඒත් අවී ලොකු වෙන්න වෙන්න ඒ කෙනාගේ මූණ නොදැක වුනත් අවී මේ වෙනකොට එයාට ආදරේ කරන්න පටන් ඇරන් "

" ඒත් කවුද ඒ "

" ඒක තාමත් අවීටත් රහසක් ඒත් ඉක්මනින් එයාව හොයාගනී එයා "

" මය පොඩිම අවස්තාවක්වත් නැද්ද එතකොට නන්ගි"

" මම අයියට බොරු කියලා බලාපොරොත්තු ඇති කරන්න කැමති නෑ අයියේ ඒත් කියන්න තියෙන්නෙ පොඩිම අවස්තාවක්වත් නෑ කියලා. අවී මුලින්ම යාලුකම නිසා විතරක් එයාගේ පොඩිකාලේ යාලුවව හෙව්වත් මේ වෙනකොට කෙල්ල ආදරේ කරන්න පටන් අරන්. තමන් ආදරේ කරන කොල්ලා මොන වගේ කෙනෙක්ද කියලත් නොදැනම ආදරේ කරපු කෙල්ලට තවත් ආදරයක් ගැන හිතන්න බෑ නේද අයියේ "

" ම්ම් මට තේරුණා "

" අනික ඔයාට කවදාවත් අවීව තේරුම් ගන්න බෑ අයියේ ඒක දැනටමත් ඔප්පු වෙලා ඉවරනේ ඔයාලා කාටවත් අවීව තේරුම් ගන්න බෑ ඒ නිසා එයාගෙන් ඈත්වෙලා ඉන්න "

" සමාධි ආව වැඩේ හරිනේ ගෙදර යමන් මේල් එක්ක යවන්න තියනවා "

" ඔච්චර හදිස්සියෙ මොකක්ද බන් "

" ඊයේ දත කාගන මල් විකුණපූ එකේ විස්තර ටික තමා බන් විහා ඔළුව කනවා ඉක්මනින් එවන්න කියලා "

" හරි හරි යමන්කෝ අයියේ අපි යන්නම් එහෙනම් මම කීවා දේවල් ගැන හොදට හිතන්නකො හොදද "


සමාධි කොල්ලො දෙන්නත් එක්ක හිනාවෙලා නිවසින් එළියට බැස්සෙ අවී නැවත නිවසට ගොඩ නැවැදිම කෙල්ලට යමු කීව නිසා. කෙල්ලො දෙන්නම යනකන් බලාගන හිටපූ අදීශ් දිනුක දිහාට හැරුණේ කොල්ලා දුකින් කියලා දැනුන නිසා කොල්ලගේ හිත හදන්න. අදීශ වුනත් හිතුවේ නෑ කොල්ලා අවීට කැමති කීවත් මේ තරම් දුරට කොල්ලගේ හිත කෙල්ලට බැදිලා ඇති කියලා.


" දිනුක එකි උබට හරියන්නෙ නෑ බන් හිත හදාගනින් "

" මටත් දැන් ඒක හිතුනා බන් "


දිනුක නැගිටලා තමන්ගේ කාමරයට වැදෙද්දී අදීශත් කොල්ලව අනුගමනය කරමින් තමන්ගේ කාමරයට වැදුනා. කෙල්ලො දෙන්නා ඉක්මනින් නිවසට ඇතුල් වෙද්දිම ටීනා පඩිපෙළ බහිමින් පහළට එනවා දැක්ක නිසාම සමාධි අවී දිහත් බලලා ඇහැක් ඉගි කරා. අවී ලේසියෙන් අතෑරලා දැම්මත් සමාධිට පුළුවන් වුනේ නෑ තමන්ගේ යාලුවට ටීනා කියපු දේවල් අමතක කරලා දාන්න.

ටීනා අන්තිම පඩිය බහින්න අඩිය තියද්දිම සමාධි අවීට විහිළුවට වගේ පොඩි තල්ලුවක් දැම්මේ කෙල්ල ගිහින් ටිනාගේ ඇගේ වැදිලා ටීනා මුනින් අතට බිම වැටෙද්දී. ටීනාගේ නහය පොලොවේ වැදුන් නිසාම කෙල්ලට දැනුනේ එක් වරම විදුලියක් නහය දිගේ ගමන් කරනවා වගේ වේදනාවක්. එක් වරම ඇහුන සද්දය නිසාම නිමාලි මුළුතැන්ගෙයි සිට ඔළුව දාලා බලද්දී දැක්කේ ටිනා බිම වැටිලා ඉන්න විදියත් අවී සමාධි දෙන්නා බයවෙලා වගේ කෙල්ල දිහා බලන් ඉන්න විදියත් විතරය.


" ටිනා දුව මොකක්ද වුනේ "

"ආ නෑ අම්මා මේ ටීනා පඩිපෙළ බහිද්දී කකුල පැටලිලා වැටිලනේ සිහියෙන් නෙමේනේ ඉන්නේ ඉතින් "

" සමාධි අක්කා "

" ඇයි මොකද තමුසේ මගේ යාළුවට කිව්ව බලු කතාවට තමා මේ පාඩම හැබැයි ආයම මොනාහරි කියලා තිබ්බොත් ඔහොම නවතින්නේ නෑ ටීනා ඒක මතක තියාගන්නවා "


නිමාලිට නෑහෙන වීදියට ටිනට නැගිටින්න උදව් කරන බව පෙන්වමින් සමාධි කෙල්ලගේ කනට කරලා එහෙම කියද්දී ටීනා අවී දිහත් සමාධි දිහත් බැලුවේ ලොකු කේන්තිය හිතේ තියාගන. ඒත් ටීනගේ බැල්මට අවීව බය කරන්න පුළුවන් වුනේ නෑ මොකද කෙල්ල මීට වඩා ප්‍රශ්න වලට මුහුණ දීපූ හිත හයිය කෙල්ලෙක් නිසා. ටිනව නැගිට්ටවලා කෙල්ලගේ එහා මෙහා වුන ඇදුමත් පිළිවෙළක් කරපූ සමාධි කට කොනින් හිනාවෙලා පඩිපෙළ නගිද්දී අවිත් ඒ විදියටම හිනා වෙලා කෙල්ල පස්සෙන් වැටුනා. 


WHITE ROSE_🤍_WHITE ROSE_🤍_WHITE ROSE_🤍


" දේව් මොකො අද සෙට් එකටම එන්න කීවේ හැබැයි ඒකත් හොදයි නිවාඩු දවස හින්දා පට්ට කම්මැලිකමේ හිටියේ බන් මොකො වෙන්නෙ දැන් "

" මොකො කියන්නෙ කම්මැලි කම නැති වෙන්න වැඩක් තියනවා කරමුද හැබැයි එක දවසින් ඉවර කරන්න පුළුවන් වැඩක් නෙමේ "


වෙනුක දේව්ගේ කාමරයේ කොල්ලගේ ඇදෙහි ඉදගන තමන්ගේ ඉස්සරහා දුරකතනයෙන් යම් වැඩක නිරතවෙන දේව් දිහා බලලා එහෙම කියද්දි අශේන් විහස් ෂෙහාන් තුන්දෙනත් ඔවුන්ගේ අවදානේ දේව් දිහාට යොමු කරා. දේව් ලොකු හුස්මක් අරන් පිට කරලා කොල්ලගේ අතේ තිබුන දුරකතනය ඇද උඩට විසි කරලා හැමෝගෙම මූණූ දිහ බලලා කතාවට මුල පිරුවේ අශේනුත් අතරමගදී කතාවට සහභාගි කරගන්න බලාපොරොත්තුවෙන්.


" මේ දවස්වල අපි දෙන්නා හැන්ඩ්ල් කරන කේස් එක උබලා දන්නවනේ ඒකේ පොඩි වැඩක් හැබැයි මේකට අපිට ඕන කරන්නෙ විහස්ව "

" මාව "

" ඔව් උබව තම උබට ෆොටෝගැෆි වලට ටැන්ලන්ටඩ්නෙ ඒ නිසා උබට පොඩි වැඩක් තියනවා කරන්න කොල්ලො "

" ම්ම්ම් කියපන් බලන්න ඔය පොඩි වැඩේ "

" උබලා ඒ මර්ඩර් එක ගැන තිබ්බ නිව්ස් කියෙව්වා නේද මතකද අපි ඔය කේස් එක ගැන මීඩියා දැනුන්වත් කරන්නත් කලින් සහෘදයා කියන නිව්ස් පේපර් එකේ ඕක ගැන ආර්ටිකල් එකක් ලියලා තිබ්බා. ඒත් අපිට තාමත් හොයාගන්න බැරි වුනා ඒ ආර්ටිකල් එක් ලිව්ව කෙනා ගැන විස්තර. අපි කරන්න පුළුවන් හැමදේම කරා ඒත් කිසිම ප්‍රයෝජනයක් නෑ ඒ වෙලාවේ තමා අශේන් කීවේ අපෙන් එකෙක් ඕක ඇතුලට ගියොත් මොනාහරි දෙයක් දැනගන්න පුළුවන් වෙයි කියලා "

" ඒක නම් හොද ප්ලෑන් එකක් තමා ඒත් කොහොමද දැන් ඕක කරන්නේ "

" උබලගේ තාත්තට පුළුවන්නේ විහස්ව රෙකමන්ඩ් කරන්න ලේසියෙන්ම එතකොට මූට පුළුවන් ඇතුලට ගිහින් අපිට ඕන ඩීටේල්ස් ටික දෙන්න "


වෙනුකගේ පියා රටේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් නිසාම ඔහුගේ උදව්වෙන් විහස්ව සහෘදයා පත්තරයට සම්බන්ද කරන්න සෑදුව සැලසුම කොල්ලො හතර දෙනාගෙම සිත් ගැනුනා. ඒ ගැන සතුටු හිතෙන ආරංචියක් දීමේ රාජකාරිය වෙනුක එක පාරම භාර ගත්තේ ලොකු සතුටකින්. බොහොම අවස්තාවලදී දේව්ගේ සාර්තකත්වය පිටුපසින් ඉදියේ මේ යාලුවෝ හතරදෙනා නිසාම කොල්ලො හතදෙනාටම මේ වැඩ එතරම් දෙයක් වුනේ නෑ.

විවිධ අංශ වලින් දස්කම් දැක්විය හැකි නිසාම මේ කොල්ලො පස්දෙනාම මිතුරන්ටත් වඩා හොද කණ්ඩායමක් වුනා. පිටට පෙන ලෙසට දේව් අශේන් මගින් විසදෙන ගොඩක් අභිරහස් පසු පස ඉදියේ ඔවුන් දෙදෙනම විතරක් නොවේ එයට මේ කොල්ලො පස්දෙනාම එක සේ දායක වුනේ කිසිදූ ප්‍රශංසාවක් බලාපොරොත්තුවෙන් තොරවමයි.

ඒක ඔවුන්ට සතුටක් වගේම හොද විනෝදයක් වුනා ගොඩක් තරුණයන් විවිධ විනෝදාංශයන් සමග කල් ගෙවද්දී මේ කොල්ලෝ පස්දෙනා විනෝද වෙන්න කලේ ගොඩක් දෙනෙක්ට විසදන්න නොහැකි වුන අභිරහස් විසඳීම. ඊට විනෝදයටත් වඩා තවත් වැදගත් හේතුවක් තිබුණත් ඒ ගැන කිසිම කෙනෙක් කතා නොකරේ එයින් දැනටමත් හොදව තිබෙන තුවාලය නැවත පාරලා දාන්න අකමැති නිසාමයි. මොකද දේව්ගේ ජීවිතේ වුන ලොකුම අහිමිවීම ඒ දෙයට සම්බන්ද වීම නිසාම කොල්ලට දුක්ක් දෙන්නා කාටවත් ඕන වුනේ නෑ.


" එහෙනම් ඒ වැඩෙත් හරි නේද ඒත් කම්මැලි බන් දවස් තුනක්ම නිවාඩු එකේ යමුද කොහේ හරි රවුමක් දාන්න මොකො කියන්නේ ආ "

" මට නම් එන්න වෙන්නෙ නෑ වෙනුක පොඩි වැඩක් තියනවා උබලා ගිහින් වරෙල්ලා "


විහස් කලින් යොදා ගත්ත වැදගත් වැඩක් තිබුන නිසා එහෙම කියද්දී කොල්ලො හතරදෙනාගෙම මූණූ අදුරු වෙලා ගියා. නමුත් නිවසටම වී සිටින්න කම්මැලි වූ නිසාම කොල්ලො හතරදෙනාම තීරණය කරේ අශේන්ගේ පියා බැලීමට නුවරඑළිය කොල්ලගේ නිවසට යන්න.

දේව්ගේ මිත්තණියට දුර ගමන් යෑම අපහසුවක් ගෙන දෙන නිසාම ඇය ඒ ගමන ප්‍රතික්ෂේප කරා දාලා කොල්ලො හතරදෙනාට යන ලෙස පැවසුවා. විහස් නොමැතිව පාළුවක් දැනුනත් කොල්ලො හතරදෙනාම අශේන්ගේ නිවසට පිටත් වුනේ පුළුවන් තරම් උපරිමයෙන් විනෝද වීමට හිතාගන. මොකද මේ යාලුවෝ කට්ටියටම දීර්ඝ නිවාඩුවක් ලැබුනේ බොහොම කලාතුරකින් නිසාම ඒ ලැබුන නිදහසෙන් උපරිමයෙන් ප්‍රයෝජන ගන්න හැමෝටම අවශ්‍ය වුනා. 


" අම්බෝ බඩගිනි අශේන් ගෙදරට කීවා නේද අපි එනවා කියලා නැත්තන් බඩගින්නේ මැරෙයි මම "


වෙනුක බඩටත් අත තියාගන අසුනේ දිග ඇදෙද්දී ෂෙහාන් කොල්ලා දිහා බලලා කට කොනින් හිනා වුනා. මිතුරන් පසේනාම අතුරෙන් කෑම නැතුවම බැරි කෙනා වුනේ වෙනුක නිසාම මොන ගමනක් යන්න ගියත් කොල්ලට මුලින්ම මතක් වෙන්නෙ කෑම ගැන. හවස තුන විතර වෙද්දී කොල්ලො හතරදෙනාම අශේන්ගේ නිවසට ගොඩ වැදුනේ අධික කුස ගින්නකින්මයි. නිවසට ගොඩ වැදුන කොල්ලො හතරදෙනාවම පිලිගන අශේන්ගේ පියා මුලින්ම කරේ කොල්ලො හතරදෙනාට ඇති වෙනකන් කෑම කන්න දුන්න එක. 


" හතදෙනාම හොදටම බඩගින්නෙ ඉදලා තියෙන්නේ "

" අම්බෝ ඔව් ලොකු තාත්තා මාර බඩගින්නක හිටියේ අනේ "

" ඔව් ඔව් පේනවා කන්නලාකෝ මුලින්ම මම ඇසිලින්ට කීවා හතර දෙනෙක් ආවට අට දෙනෙක්ට හරියන්නවත් කෑම ටික ලෑස්ති කරන්න කියලා මම දන්නෑ නැද්ද කට්ටියගේ හැටි "

" අන්කල් ඉතින් අපි ගැන දන්නවනේ නද්ද වෙනුක "

" ඒකනේ අන්කල් අපේ තාත්තටත් වඩා මම අන්කල්ට ආදරේ මේ ඇත්තමයි "

" ඉදපන්කො කොල්ලො මම ජයේ කතා කරාම ඔය කිව්ව ටික ඔහොම්මම කියන්නම්කො "

" දෙයියනේ අන්කල් මාව හිගන්නෙක් වගේ පාරට දාන්නද කල්පනාව ඕවා තාත්තට කියලා "


වෙනුකගෙත් අශේන්ගෙත් ෂෙහාන්ගෙත් මිය ගිය දේව්ගෙත් තාත්තලා කොල්ලෝ හතරදෙනා වගේම ගජ මිතුරන් වුනා. වයසට ගියත් වෙනම වෙනම තමන්ටම කියලා පවුලක් ගොඩ නගාගත්තත් ඒ මිතුරුකම් වලට නම් කිසිම හානියක් සිද්ද වුනේ නෑ. අශේන්ගේ පියා පොලිස් සේවයෙන් විශ්‍රාම ගැනීමත් එක්කම දේව්ගෙ පියාගේ ව්‍යාපාර කොල්ල වෙනුවෙන් බලාගත්තේ කොල්ලට නිදහසේ තමන්ගේ රැකියාවේ කටයුතුවක නිරත වෙන්න ඉඩ හසල සලසා දෙමින්මයි. ඒ නිසාම දේව් අශේන් දෙන්නම කිසිම බාහිර බලපෑමකින් තොරවම තම රාජකාරියට මුල් තැන ලබා දුන්නා.


" දේව් කොහොමද වැඩ ටික "

" ප්‍රශ්නයක් නෑ ලොකු තාත්තා කරගන යනවා මේ දවස්වල අපි කට්ටියම පොඩි වැඩකට බැහැලා ඉන්නේ "

" නිලනොලත් පොලිස් කණ්ඩායමනේ ඉතින් මේ කෝ විහස් පුතා මොකද ආවෙ නැත්තේ"

" අන්කල් දන්නවනේ ඉතින් ඌට රට වටේ රාජකාරිනේ අදත් මොකක්ද වැඩක් තියනවා කීවේ " 


බත් කටක් කටේ ඔබාගනම වෙනුක අශේන්ගේ පියාට පිලිතුරු දෙද්දී සමන් කෑම මේසෙයයෙන් නැගිට්ටේ අත බැදි ඔරලසුවට ඇස් ගෙන යන ගමන්.


" ම්ම් කට්ටියම කාලා රෙස්ට් කරන්න එහෙනම් මට වැඩ වගයකට එළියට යන්න තියනවා ටිකක් රෑ වෙයි මම එද්දි ඇසිලින්ට කියන්නකො කන්න ඕන දේවල් එයා හදලා දෙයි "

" හරි තාත්තා ලොකු මහන්සියක් නෑ හතර දෙනා මාරුවෙන් මාරුවටනේ ඩ්‍රයිව් කරේ ඒ නිසා "


සමන් හිනාවෙලා නිවසෙන් පිට වෙද්දී කොල්ලො හතරදෙනත් බඩවල් පිරෙන්න කෑම කාලා පිටත් වුනේ මදක් ඇවිදින්න යන්න. අශේන් එක්ක නුවරඑළියේ කොල්ලගේ නිවසට එන හැම දවසකම කොල්ලො ටික හිත පිරෙන්න පාරවල් ගානේ පයින්ම ඇවිදන් ගියේ කොන්ක්‍රීට් වනාතර වලින් වට වුන පරිසරයකට වඩා ගස් කොලන් වලින් මීදුමින් පිරිලා ගිය සුන්දරත්වය ඒ පිරිමි හිත්වලට සතුටක් ගෙන ආව නිසාමයි. ඕනම කෙනෙක්ගේ හිත් නිවන පරිසර සුන්දරත්වය විදින්න කොල්ලො පස්දෙනාම ගොඩක් ලෝභයි ඒ නිසාමයි පුළුවන් හැම වෙලාවකම අශේන්ගේ පියාව බලන්න කොල්ලො ටික මෙහෙ එන්නේ. 


" මෙහේ පට්ට ලස්සනයි නේද බන්ලා "

" ඒක නම් ඇත්ත ෂෙහාන් ඔන්න බලපන්කො මම මෙහෙන්ම ලස්සන කෙල්ලෙක් හොයාග්න පදිංචියට එනවා "


වෙනුක ඇහැක් ඉගි කරන ගමන් එහෙම කියද්දී කොල්ලො හතරදෙනාම හිනාවෙන්න ගත්තේ ලොකු සැහැල්ලුවක් ඒ හිත්වලට දැනෙද්දී. නුවරඑළියේ පැමිණෙන හැම දිනයකම ඔය වචන ටික අනිවාර්යයෙන්ම වෙනුකගේ මුවින් පිටවෙන බව හැමෝම දන්නවා වුනත් ඒ හැම වෙලාවකම කට්ටියම එක්ව හිනාවෙන්නත් අමතක කරේ නෑ. කොල්ලො හතදෙනාම විනෝදෙන් කියවන ගමන් පාර දිගේ ඇවිදගන යද්දී දැක්කේ හුරු පුරුදූ මූණක්.

හතරදෙනාගෙම  පාසල් කාලේ මිතුරෙක් වුන අදීශ කොල්ලගේ කුලි නිවසේ ගෙවත්තේ තිබුන අඹ ගස යට සිමෙන්ති බංකුවට වෙලා පොතක් කියවමින් ඉන්න විදිය හිනාවෙවී පාරේ ගමන් කරමින් හිටපු කොල්ලො හතරදෙනාම හොදටම දැක්කා. පුදුමයක් වගේම ලොකු සතුටක් හිතට දැනෙද්දී අශේන් පාරේ තිබුන ගලක් අතට අරගන කොල්ලව ඉල්ලක කරලා ගල දමලා ගැහුවෙ විසික්වෙලා ගිය ගල හරියටම කොල්ලගේ ඔළුවේ වදිද්දී.


" අඩෝ අශේනය සුපිරි ඉල්ලක්කේ ආ උබට ෂූට් කරන්න වගේම ගල් ගහන්නත් පුළුවන් නේද "

" මූට කොහොමත් පොඩිකාලේ ඉදලම ගල් ගහලා හොදට පුරුදුයිනේ "

" දේව් මම උබට කිව්ව කියලා හිතාගනින් බුරුවා "


අශේන් දේව් දෙන්නා එකිනෙකා අතර වචන හරබ පටන් ගනිද්දී අශේන් විසි කරපු ගල නිසාම අදීශගේ අවදානේ කොල්ලො හතරදෙනාට ලැබුනා. අවුරුදු ගානකට පසුව දැක්ක මිතුරන් හතදෙනා දිහා මුලින්ම පුදුමෙන් බලාගන ඉදපූ කොල්ලා ගේට්ටුවත් ඇරගෙන පාරට ආවේ කොල්ලො හතරදෙනාටම හිනාවකින් සංග්‍රහ කරන ගමන්.


" අඩේ දේව් අශේන් ෂෙහාන් වෙනුක උබලා හතදෙනා මෙහේ "

" නැත්තන් කොහේ යන්නද යකෝ හරි නම් අපි අහන්න ඕනේ උබ මොකද මෙහේ කියලා මේ මගේ උපන් ගම යකෝ "

" අශේන් උබ ඔය සිරාමද කියන්නෙ මම දන්නෑ බන් උබ නුවරඑළියේ කියන්න දන්නවා වුනත් කවුද හිතන්නේ මෙහේ කියලා "

" මගේ විතරක් නෙමේ දේව්ගෙත් උපන් ගම මෙහේ තමා අදීශයා දැන් කියපන් උබ මොකො මෙහේ කියලා "

" මම මෙහේ බෝඩ් වෙලා ඉන්නේ බන් මෙහේ ටී ෆැක්ට්‍රී එකක මැනේජර් පෝස්ට් එකක් ලැබුනා මට "

" අඩේ මරුනේ කාලෙකින්නෙ කොල්ලො හම්බුනේ උබ මේ ගෙදරද ඉන්නෙ එතකොට"

" ඔව් බන් තව යාළුවෙකුත් ඉන්නවා අපි දෙන්නා රෙන්ට් එක බෙදාගන ගෙවනවා දැන් උබලා මොකො කරන්නේ "

" පාරේ හිට්ටලා ඕවා අහන්න එපා යකෝ බෝඩිම වුනාට කමක් නෑ වත්ත ඇතුලටවත් ගනින් "

" අඩේ වරෙල්ල වරෙල්ලා උබලා දැක්ක සතුටට ඒකත් අමතක වුනා "


වෙනුක වට පිට බලන ගමන් එහෙම කියද්දී අදීශ ඔළුවට අත ගහගන කොල්ලො හතරදෙනාව ඇතුලට එක්කගන ගියා. නිවස ඇතුලට යමූ කිව්වත් කොල්ලො හතරදෙනාටම එළිය හොදයි කිව්ව නිසාම ගෙවත්තේ තිබුණ සිමෙන්ති පුටුවල ඉදගන ආගිය තොරතුරු කතා කරන්න ගත්තේ ලොකු සතුටකින් වගේම උද්යෝගයකින්.


" දැන් උබලා හතරදෙනා මොකද කරන්නේ එතකොට "

" මායි දේව් ඩිපාර්ට්මන්ට් එකට ජොයින් වුනා බන් එතකොට ෂෙහාන් නම් දැන් ලෝයර් කෙනෙක් වෙනුකයා තාත්‍තගේ බිස්නස් බලාගන ඉන්නවා "

" අහන්නත් සතුටුයි බන් ඒක නෙමෙ මොනාද බොන්නේ තේ එකක්ද නැත්තන් බීම එක්ක වගේ "

" මුකුත් එපා බන් අපි හතරදෙනාම බඩ පැලෙන්න කාලා මේ එළියට බැස්සේ පොඩ්ඩක් ඇවිදින්න "


දේව් බඩත් අතගාලා එහෙම කියද්දී අනික් අයත් හිස වනලා ඒකට එකඟතාවය පල කරා. ඒ අතරේ අදීශ නිවස ඇතුලේ නොසිටි නිසාම දිනුක කොල්ලව හොයාගන එළියට එද්දී දැක්කේ තවත් කොල්ලො හතර දෙනෙක් එක්ක හරි හරියට කතා කර කර ඉන්න කොල්ලව. ආයම හැරිලා යන්න ගිහිනුත් කොල්ලව හොයපූ කාරණය මතක් වෙලා අදීශ ලගට එද්දී කොල්ලත් හිනාවෙලා දිනුකව අනික් අයට අදුන්වලා දුන්නා. අදම හමු වුනත් කොල්ලො හතරදෙනාම දිනුක එක්ක කාලෙක ඉදන් අදුරන කෙනෙක් වගේ කතා බහ කරද්දී දිනුකටත් ලොකු වෙනසක් දැනුනේ නෑ.


" අදීශ මම මේ උබව හෙව්වේ පොඩි හෙල්ප් එක්ක ඉල්ල ගන්න හැබැයි මට නම් නෙමේ"

" එහෙනම් කාටද "

" සමාධි නන්ගිට "

" ඒ පාට මොන මගුලක්ද කියපන්කෝ හැබැයි පුතෝ අරකි මේ පාර උබට නිකන් වතුර එකකින් නෙමේ ගහන්නේ මිරිස් කුඩු දිය කරපු වතුර එකකින් ගහන්නේ "

" හරි හරි ඒක මම බලාගන්නම්කො උදව්ව කරන්න පුළුවන් ද බැයිද කියපන්කෝ "

" හරි හරි ඔක්කොටම කලින් කියපන්කො මොකක්ද වෙන්න ඕනේ "

" උබේ බයික් එක ඉල්ලුවා ටිකකට ටවුන් ගිහින් එන්න මගේ බයික් එක ගැරෙජ් එකේනේ මගේ එක මුලින්ම ඉල්ලුවේ ඊටපස්සේ මගේ එක කැඩිලා කීවට පස්සේ තමා උබෙන් අහලා බලන්න කීවේ "

" දිනුකයා උබට පිස්සු ද යකෝ අර බයික් එක කොහොමද කෙල්ලෙක් එලවන්නේ ඔකුන් දෙන්නා නගිද්දිම ඔය බයික් එකට යට වෙයි. හරි කමක් නෑ නැගගත්තම කියමුකෝ අඩුම මෙතනින් ගේට් එක ලගට යන්න කලින් ඔකුන් දෙන්නා පෙරලෙනවා ෂුවර් "


අදීශ පැද්දේ යතුරු පැදි තරග වලට සහභාගි වෙන තරුණයක් පදින කවසකි යතුරු පැදියක් නිසාම කොල්ලට දිනුකගේ ඉල්ලීම පෙනුනේ ලොකු විහිළුවක් විදියට. කොල්ලා හිතුවේ කෙල්ලො දෙන්නා තමන්ගේ යතුරු පැදිය නොදැක ඉල්ලුවත් දිනුක මේ විදියට කරන ඉල්ලීම ලොව තියන ලොකුම විහිළුව විදියටයි. අදීශගේ කළු පැහැ කවසකි වරගයේ යතුරු පැදිය කොල්ලා තමන්ගේ පන වගේ පරිස්සම් කරේ වචනයෙන්ම කිවහොත් අදීශ කියන්නේ බයික් පිස්සෙක් නිසා. ඒ නිසාම කොල්ලට ඕන වුනේ නෑ උඩගු කිසිම දෙයක් නොදන්නවා කියලා හිතෙන කෙල්ලො දෙන්නෙක්ට තමන්ගේ යතුරු පැදිය දීලා හානියක් කරගන්න. 


" අදීශ උබ ඔය ඒ කෙල්ලො ගැන දන්නේ නැති නිසා ඔහොම කියන්නේ "

" අනේ මම දැනගත්ත තරම හොදටම ඇති දිනුක අර බයික් එක ඔකුන් දෙන්නාට දෙන්න ඇත්තටම උබේ ඔළුවේ මැටිද "

" හෝව් හෝව් උබලා දෙන්න ඔය කියවන බයික් එකයි කෙල්ලොයි මොකක්ද තේරෙන්න කියපල්ලකෝ "


කොල්ලො දෙන්නගේ කතාවේ අගක් මුලක් නොතේරුණ නිසාම අශේන් කතාව අතරමැදින් එහෙම අහද්දී අදීශ අවී ගැනත් සමාධි ගැනත් අද දවල් කෑම කන වෙලාවෙදී කෙල්ල හැසිරුණ විදියත් හැමදෙයක්ම කොල්ලො හතරදෙනාට පැහැදිලි කරා. ඒත් අදීශගේ කතාව සම්පූර්ණයෙන්ම අහගන ඉදපූ දේව්ට අහේතුකවම මතක් වුනේ මල් වෙලද සැලේදී අවීගේ හැසිරීම. කොල්ලට නොදන්නවා වුනත් ඒ කෙල්ලො දෙන්නම එක්කෙන්ක් බව කොල්ලට දැනුනේ අදීශ කියන කෙල්ලගෙත් අවීගෙත් ගොඩ සමානකන් තියන බව.


" ඒ වගේ උද්දච්ච ඔළුව උදුම්මගත්ත කෙල්ලෙක්ට අර බයික් එක අරන් යන්න පුළුවන් ද කියලා උබලාම කියපල්ලකෝ. ඒ කෙල්ලටත් වඩා දහගුණයකටත් වැඩිය බරයි අර බයික් එක. ඕකිට ස්ටෑන්ඩ් එක නැතුව බයික් එක අල්ලගන ඉන්න පුළුවන් ද කියලත් මට සැකයි. මූ කියනවා උන්ට දෙන්නලු බයික් එක ටවුමට ගිහින් එන්න පිස්සු කියවන්න එපා බන් "

" අදීශය උබ හිතුවේ මම හීනෙන් කියවනවා කියලා ද උබ දැකලා නෑ නේද සමාධිගේ රට ඉන්න අයියා පැද්ද බයික් එක. එකත් උබේ බයික් එක වර්ගෙම තමා ඒකේ යතුර හොයාගන්න නෑ කියලා සමාධි නන්ගි මගෙන් බයික් එක ඉල්ලුවේ. අනික උන් දෙන්නා හිතුවේ උබේ බයික් එක මගේ කියලා ඒකයි ඒක ඉල්ලුවේ. ඔය කෙල්ලෝ දෙන්නා ගෙදර ආවම අනිවාර්යයෙන්ම සමාධි නන්ගිගේ අයියගේ බයික් එක අරගන ගම වටේ රවුම් ගහනවා ඒක මේ මුළු ගමම දන්නවා බන් "


දිනුක හිනාවෙවී කියන දේවල් අදීශ වගේම අනික් කොල්ලො හතරදෙනත් අහන් ඉදියේ ලෝකේ ලොකුම පුදුමය තමන් ඇස් ඉස්සරහා තියනවා වගේ හැගීමකින්. ගෑණූ ලමයි ස්කූටර් වගේ වැඩි සංකීර්ණ නොමැති යතුරු පැදි පදිනවා දැකලා තිබුණත් යතුරු පැදි තරග සදහා භාවිතා කරන කවසකී වර්ගයේ යතුරු පැදි පදවනවා කොල්ලො පස්දෙනාම දැකලා තිබුනේ නෑ. කාන්තා යතුරු පැදි තරගයකදී වුනත් තරුණියන්ට ලබා දුන්නේ බරින් අඩු යතුරු පැදි විතරයි ඒ තියෙද්දිත් කවසකි වර්ගයේ යතුරු පැදියක් තරුණියක් පදිනවා හිතින් මාවගන්න තරම්වත් හැගීමක් කොල්ලො පස්දෙනාටම තිබුණේ නෑ.


" හෙලෝ නන්ගි කියන්න "

" අයියේ බයික් එකේ යතුර හම්බුනා දැන් අවුලක් නෑ තැන්ක් යූ හොදද "


තවත් වචනයක් කියන්න හදද්දිම දනුකගෙ දුරකතනය නාද වුන නිසාම කොල්ලා ඇමතුම ගත්තේ ඒ ඇමතුම සමාධිගෙන් ලැබුන නිසා. යතුර හොයාගත්ත බව දැනගත්ත නිසාම කොල්ලා ඇමතුම විසන්දි කරලා අදීශ දිහා බලලා හිනාවුනේ අදීශ තාමත් පුදුමෙන් කොල්ලා දිහාම බලන් ඉද්දී.


" යතුර හම්බෙලා බන් දැන් අවුලක් නෑ ඒක නෙමේ කට්ටියටම බොන්න මොනාහරි හදන් එන්නද "

" මාත් ඇහුවා බන් එපා උබත් වරෙන් අපි මේ ආගිය තොරතුරු කතා කර කර හිටියේ "


කොල්ලො හයදෙනාම තවත් ටික වෙලාවක් පාසල් කාලයේ විස්තරත් වර්තමානයේ විස්තරත් කතා කර කර ඉද්දී ඇහුනේ එහා ගෙදර ගරාජයෙන් යතුරු පැදියක් පනගන්වන සද්දයක්. කොල්ලො හයදෙනාටම අපහසු වුනේ නෑ එම යතුරු පැදියේ සද්දයෙන් යතුරු පැදියේ වර්ගය අදුන ගන්න. කිසිම සැකයක් නැතුව කොල්ලො හයදෙනාම තීරණේ කරේ ඒ කවසකි වර්ගයේ යතුරු පැදියක් පනගන්වන විට නැගෙන සද්දයක් බවයි. ඒත් එක්කම කොල්ලො පස්දෙනාම දිනුක දිහ බලද්දී කොල්ල හිනාවෙවී හිටියේ මීට පෙර ඒ බව අනික් අය දැනුවත් කරත් කොල්ලෝ එය නොපිලිගත්ත නිසා. 


" දිනුක උබ කීවෙව් සිරාවටමද "

" ඔව් බන් ඉතින් ආය මොකටද බොරු කියන්නේ ෂුවර් එකටම ඔය අවී නන්ගි වෙන්න ඇති එයාට තමා බයික් එක හොදටම පුළුවන් සමාධි නන්ගි මේ හරියේ බයික් එක අරන් ගියත් ටවුන් වගෙ යද්දී බයික් එක ගන්නේ අවී නන්ගි "

" දිනුක මොකක්ද උබ නම කීවේ අවී "

" ඔව් දේව් අවී කියන්නෙ කෙටියෙන් ඇත්තම නම අවිනි සමාධි නන්ගිගේ යාලුවෙක් ඒ කොළඹ ඉන්නේ "

" වට් අශේන් මට ඔය කියපු විස්තරත් එක්ක ඔය කියන්නෙ අරකි ගැන කියලාමයි හිතෙන්නෙ "

" කවුද අර උබටයි මටයි පල් හොරු කීව එකී වගේද "

" ඔව් ඒකි තමා "


දේව් කල්පනාවකට බරවෙලා එහෙම කියද්දී අශේන්ටත් දිනුක විස්තර කරපූ මේ කෙල්ලව දකිනකන් ඉවසිල්ලක් වුනේ නෑ. කොල්ලට හිතුනේ දැන්ම ගේට්ටුවත් ඇරගන ගිහින් කෙල්ලගේ මූණ බලන්න තිබුණා නම් කියලා. දේව්ගේ හිතේ නොසන්සුන් කමත් ඊට වෙනසක් වුනේ නෑ කොල්ලගේ හිතෙත් තිබුනේ ලොකු කුතුහලයක්.

ඒත් ඒ හැම දේකටම පිලිතුරුත් අරගන එහා නිවසින් යතුරු පැදිය පාරට එන හඩ ඇහුන නිසාම කොල්ලො හයදෙනාම බලන් ඉදියේ යතුරු පැදිය ඔවුන් සිටින නිවසේ ගේට්ටුව ඉදිරියෙන් යනකන්. ඒත් කෙල්ලො දෙන්නම මූණ සම්පුර්ණයෙන්ම වැසෙන පරිදි හිස් වැසුම් දමාගන සිටි නිසාම කෙල්ලො දෙන්නගෙන් එක්කෙනෙකුගෙවත් මුහුණූ මදක්වත් දැකගන්න පුළුවන් වුනේ නෑ.

එකම වර්ගයේ කළු පාටින් යුතු ඇදුම් කට්ට්ල වලින් සමන්විත උණු කෙල්ලෝ දෙන්නා තරුණියක් වග සෙවීමට හැකි වුනේ පිට දිගේ කඩා හැලෙන කොණ්ඩයත් ශරීර හැඩත් නිසාම විතරයි මොකද බලන් ඉන්න කොල්ලෝ හයදෙනාවම පුදුම කරමින් කෙල්ලො දෙන්නා යතුරු පැදියේ නැග ඉදිරියට ඇදුනේ පුරුදු කාරයන් වගේ නිසා.


" මේ කෙල්ලෝ මොන වගේ උන්ද බන් මට නම් හිතාගන්න බෑ අර උබට වතුර ගැහුව එකී අවීද මොකීද එකි නම් ආය යක්ෂණියක්ම තමා "


අදීශ අවීගේ නපුරු මූණ මතක් කරගන්න ගමන් එහෙම කියද්දී දේව් අශේන් දෙන්නම වෙනත් කල්පනාවකට වැටුනා. කොල්ලො දෙන්නම නොඉවසිල්ලෙන් ඉදියේ මීට මොහොතකට කලින් යතුරු පැදියේ නැගලා ගිය ගෑණූ ළමයි දෙදෙනගේ මුහුණ බලා ගැනීමට. ඒත් නැවත ඔවුන් පැමිණෙනකන්ම ඒ ගැන දැන ගැනීමට නොහැකි වීම නම් කොල්ලෝ හතරදෙනාගෙම හිත්වලට විශාල බරක් වුනා. මේ අතරේ සමාධිගේ මව නිමාලි අදීශගේ කුලි නිවසේ ගේට්ටුවෙන් මතු වුනේ සිනාවකින් මුව සරසගනමයි. නිමාලි කොල්ලො දෙන්නව හොයාගන ආවේ අද රෑ කුඩාවට විශේෂ සාදයක් සූදානම් කල නිසා ඒ ගැන කලින්ම දන්වන්න.


" පුතාලා ගෙදර ඉදිය එක හොදයි මම මේ ආවේ පොඩි ආරාධනාවක් කරන්න"

" ඒ මොකක්ද ඇන්ටි "

" අද අපේ වෙඩින් ඇනිවසරි එක නිසා පොඩියට කෑමක් ලෑස්ති කරනවා. වැඩිය කවුරුත් එන්නෙ නෑ මේ අහල පහල කට්ටිය විතරයි ඉතින් පුතාලා දෙන්නටත් ආරාධනා කරන්න ආවේ "

" අහ් හරි ආන්ටි අපි එන්නම් අපිට තෑග්ගක් ගන්නත් බැරි වුනානේ කලින් අපි දන්නෙ නෑනේ ඒක ගැන "

" මොන තෑගිද පුතා අපිත් මේ නිකන් පොඩියට කෑම ටිකක් දීලා කේක් කපනව එච්චරයි මේ පුතාගේ යාළුවොද එයාලත් රෑ කෑමට ඉන්නවද"

" ආ ආන්ටි මෙයාලා මේ ළඟ ගෙදරක ඉන්නේ අද තමා නිවාඩුවට ඇවිත් තියෙන්නේ. දැන් තමා මමත් දාන්නේ අදීශ්ගේ ස්කූල් කාලේ යාළුවොලූනේ "

" මේ පුතා අර සමන් මහත්තයගේ පුතාද "

" ඔව් ආන්ටි ඒ මගේ තාත්තා ආන්ටි තාත්තව දන්නවද "

" මොකද පුතා නොදන්නේ මේ අපේ ගමෙනේ මම පුතාව නම් ෆොටෝ වලින් විතරයි දැකලා තිබුනේ ඒකයි අදුර ගන්න අමාරු වුනේ. පුතාලත් අනිවාර්යයෙන්ම රෑ කෑමට එන්න ඕනේ එහෙනම් මම සමන් මහත්තයටත් ආරාධනා කරා ඔන්න දැන් පුතාලටත් කීවනේ "


දිනුක දිහත් බලලා පළමූ වතාවට දැක්ක කොල්ලො හතරදෙනාම දිහ උනන්දුවෙන් බලපූ නිමාලිට එතනින් එක මුහුණක් හුරු බව දැනුනා. අශේන්ගේ පියා ගමේ බොහෝ දෙනා අතරම ප්‍රසිද්ධ චරිතයක් නිසාම කොල්ලා නොදන්න බොහො දෙනෙක් කොල්ලව දැනන් හිටියා. නිමාලිත් අශේන්ව ඡායාරූප වලින් දැක තිබුණ නිසාම විනාඩි කීපයක් කොල්ලා දිහා බලන් ඉද්දී කොල්ලව අදුරගන හිනාවකින් සංග්‍රහ කරන ගමන් එහෙම කියද්දී කොල්ලත් සුහදව නිමාලි එක්ක කතා බහ කරා. 


" කවුද බන් ඒ "

" සමාධි නන්ගිගේ අම්ම බන් එ අපි කෑම ගන්නේ එහෙන්නේ ඒ නිසා අපිත් එක්ක ඇන්ටි ගොඩක් ෆිට් "


දිනුකගේ පිලිතුරත් එක්ක දේව්ගේ වගේම අශේන්ගෙත් හිත් සතුටින් පිරිලා ගියේ ඉක්මනින්ම කොල්ලො දෙන්නාගේ හිතේ තියන ප්‍රශ්න වලට පිලිතුරු ලබාගන්න පුළුවන් බව දැනුන නිසාමයි. අහම්බෙන් වුනත් අද රෑට කොල්ලො දෙන්නට දැනගන්න අවස්තාව උදා වුනා මල් කඩේදී හමුවුන කෙල්ලත් දිනුක අවී යනුවෙන් හදුන්වන කෙනත් එක්කෙනෙක්ද එහෙමත් නැත්තන් වෙනස් දෙන්නෙක්ද වග. 


WHITE ROSE_🤍_WHITE ROSE_🤍_WHITE ROSE_🤍


" අවියෝ වෙලාවට නේද බන් යතුර හම්බුනේ මට නම් ෂුවර් එකක් තිබ්බේ නෑ අර අදීශ කියන කෙනා උගේ බයික් එක දෙයි කියලා "

" ඌ දෙන්නෑ බන් අපි බයික් එක ඉල්ලුවා කියලා දැනගත්ත ගමන් ලෝකේ තියන ලොකූම ජෝක් එක වගේ හිනා වෙන්න ඇති"

" උබ කොහොමද එහෙම කියන්නේ උබ හිතෙන තරම් හැම කොල්ලම නරක නෑ බන් "

" හොදක් නරකක් ගැන නෙමේ සමාධි මම කීවේ සමාන්‍යයෙන් ඕනම කෙනෙක් හැසිරෙන විදිය ගැන. ගොඩක් කට්ටිය හිතන්නෙ......."


WHITE ROSE_🤍_WHITE ROSE_🤍_WHITE ROSE_🤍

ඔන්න ලමයි කතාව හී ඔයාලා බලනවා ඇති නේද මොකදෑ මේ බෝනස් කියලා. වැඩිය හිතන්න එපා ලමායි ලබන මාසේ ඉදලා වැඩ ගොඩයි ඒ නිසා පුළුවන් තරම් ඉක්මනින් කතාව දෙන්න බලන්නේ. ඒකයි අනික් මම නෝට් පෑඩ් එකේ කතාව කොටස් කීපයක් ඉක්මනින් ලියනවා. අදහසක් කියන් යමු හොදේ කතාව ගැන මේ කට්ටියගේ ඊළග හමුවීම කොහොම වෙයිද. ටිනා නම් තවත් මාෂි කෙනෙක් වෙයි වගේ නේද්..🕊️


To be continue 🤝

⃝➤⃟🥀🄰🄺➤⃟🥀_✍️





Report Page