දඩබ්බර හදවාත් ❤

දඩබ්බර හදවාත් ❤

❤AK❤

35 - කොටස


කාලෙකට පස්සේ හම්බුන අභීගේ යාළුවා එක්ක අභී ආවේ අදීලා හිටපූ club එකටමයි. වොෂ් රූම් එකට යන්න ගියපූ අභී ගිහින් හැප්පුනේ club එකේ වැඩ කරන ගෑනු ලමයෙක්ගේ ඇගේ. ඒ වෙලේ අභී ආපු කේන්තියට ඒ කෙල්ලට බැනගන ගියත් හදවතේ දැනුනූ නොසන්සුන්කම තේරුම් ගන්න අභීට බැරි වුනා. හැබැයි අභී කීයටවත් හිතුවෙ නෑ ඒ හිටියේ අදී කියලා. ඒත් අදී ලගදී විතරක් දැනෙන හැගීම මේ කෙල්ල ලගදී දැනෙන නිසා අභීට ඇති වුනේ ලොකු කුතුහලයක්. ඒ හින්දම තමන්ගේ ඇගේ හැප්පිලත් කිසිම ගානක් නැතුව යන්න ගියපූ කෙල්ලව අතින් අල්ලලා නවත්ත ගත්තා.

" මේ කෙල්ල මෙහෙම ඉද්දී ඇයි මට අදීව මතක් වෙන්නේ. මේ අදීද නෑ නෑ ඒක වෙන්න බෑ මගේ අදී මේ වගේ ජරා තැන්වලට එන්නේ නෑ ඒක මට විශ්වාසයි. ඒත් මේ හුරුපුරුදු ගතියක් දැනෙන්නේ ඇයි මේකි මූණවත් පෙන්නන්නේ නෑනේ ෂික්"

අභී තාමත් අදීගේ අතින් අල්ලන් කල්පනා කර කර ඉන්නකොට බයෙන් ගැහි ගැහි හිටපූ අදී අභීගෙන් තමන්ගේ අත අතෑරගන්න කොච්චර උත්සහ කරත් කරන්න බැරි වුනා.


💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠


" මේ ඕයි තමුන්ම ඇවිත් මගේ ඇගේ හැප්පිලා කිසිම ගානක් නැතුව යන්න යන්නේ තමුන් මොන සිහියෙන්ද ඉන්නේ. ඔහොම ද මෙතන වැඩ කරන්නේ අහ්. මූණ පෙන්නන්නෙවත් නැත්තේ මගෙන් බේරෙන්න වෙන්ද ඒවා හරියන්නේ නෑ මේ අභීමන් එක්ක. තමුසේ කරපූ දේ නිසා බලනවා මගේ මුළු ඇදුමම ඉවරයි ෂික් මන් තමුනේ mannager කතා කරනවා. බලන් ඉන්නවා අද තමා තමුන් මෙතන වැඩ කරන අවසාන දවස"

අභී මගේ අත තවත් තද කරලා එහෙම කියද්දී නම් මගේ බය දෙගුණ තෙගුණ වෙලා ගියා. දැන් මෙයා mannager කතා කරොත් අපේ සේරම ප්ලෑන් වතුරේ. මොකද මන් මෙතන වැඩ කරන කෙනෙක් නෙමේ කියලා එයාලා දැනගත්තොත් එයාලා හැමදෙයක්ම හොයන්න ගනී. මන් ඕන දෙයක් වෙන්න කියලා ඔළුව උස්සලා බලන්න යද්දීම අභීට කවුද කතා කරපූ නිසා පිටිපස්ස හැරුනා. ඒකෙන ප්‍රයෝජන ගත්ත මන් මගේ අනිත් අතින් අභීගේ අත ගසාදාලා පුළුවන් තරම් වේගෙන් දිව්වා. ඒත් වැඩි දුර දුවන්න හම්බුනේ නෑ මන් දැක්කේ ඈතින් එන මනූ අයියවයි තේජ් අයියවයි.


එයාලා හිනාවෙවී ලොකු කතාවක ආපූ නිසා මාව දැක්කේ නෑ. ඒත් තව ටිකක් ඉස්සරහට ආවොත් මන් අතටම අහු වෙනවා. වටපිට බැලුවත් හැන්ගෙන්නවත් තැනක් තිබුනේ නෑ මොකද මන් හිටියේ කොරිඩෝ එකක. දෙපැත්තෙම තිබ්බේ රූම්ස් විතරයි ඒත් මේ වෙලාවට ඒවා ඇතුලේ වෙන දේවල් ගැන මට අමුතුවෙන් දැනගන්න දෙයක් තිබුනේ නෑ. යන්න තැනක් නැතුව හිටපූ මන් ඕන දෙයක් වෙන්න කියලා දොර බාගෙට ඇරලා තිබුන රූම් එකකට රින්ගගත්තා.

" අම්බෝ යාන්තම් ඇති කවුරුත් නෑ මේක ඇතුලේ. ෂික් මෙයාලටත් මේකටම එන්න ඕන වුනානේ ඉස්සෙල්ලා අභී ඊටපස්සේ තේජ් අයියලා. මාව දැක්කා එහෙනම් ඔක්කොම ඉවරයි "

පැය භාගයක් විතර දොරට මුවා වෙලා හිටියේ තේජ් අයියලා එතන රූම් එක ඉස්සරහ ඉදලා කාතා කර කර හිටිය නිසා. කටහඩවල් නෑහුනාම අයියලා ගිහින් ඇති කියලා හිතලා එළියට එන්න යද්දීම කවුදෝ පිරිමි කට්ටියක් රූම් එකට එනවා ඇහුනා. මන් එහා පැත්තේ තිබුන හිස් කබඩ් එකක් ඇතුලට රින්ගගන හිගගත්තා. මන් මේකේ ඇතුලේ ඉන්නවා දැක්කොත් මෙයාල හැමොටම කියයි කියන බයට විතරක් නෙමේ මේ වගේ වෙලාවල් වල්දී මෙතෙන්ට එන ගොඩක් දෙනෙක් ඉන්නේ මානසිකව හොද සිහියකින් නෙමේ ඉතින් කෙල්ලෙක් විදියට මන් බයවෙන එක සාධාරණයි.


මන් හොරෙන් කබඩ් එකේ දොර ටිකක් ඇරලා බලද්දී මන් දැක්කේ බීලා වැඩිවෙලා ඉන්න අභීව අමාරුවෙන් අභීව රූම් එකට ගෙනත් දාපූ තේජ් අයියා අභීට පලු යන්න බනිනවා. මන් ඒ හැමදේම දිහා බලාගන හිටියේ මගේ යකත් ඇවිස්සිලා ඉද්දී.

'" මන් මේ මනුස්සයට කීවා වැඩිය බොන්න එපා කියලා. මට එන තරහට මෙතනින් එළියට ගිහින් දෙන්න හිතෙනවා දත් සෙට් එක බඩට යන්න. ඇයි යකෝ ඔච්චර කියලත් බීලනේ සිහි නැති වෙන්නම මන් බලාගම්කෝ අභී මේක ගැන හෙට"

මන් හිතින් අභීට දෙහි කපනකොට තේජ් අයියයි මනූ අයියයි කියපූ දෙයක් නිසා මගේ ඇග සීතල වෙලා ගියා.


මනූ - " අඩේ මනූ මූ මොනාද බන් අර කියෙව්වේ අදී ගැන මේකට දැන් හැමතැනම පේන්නේ අදීවද "

තේජ් - " නෑ නෑ බන් දැන් ටිකකට කලින් කෙල්ලෙක් මුගේ ඇගේ හැප්පිලා ඉතින් මේකා කියනවා ඒ කෙල්ල අදී වගේලූ"

මනූ -" මොකක් මූට ඔල්මාදෙද අදී කොහෙද බන් මෙහේ. මූණත් අදීගේ වගේලුද"

තේජ් - " මේකා මූණ දැකලා නෑ මූණ බලන්න යද්දී ක්‍රිශාන් මූට කතා කරලා ඉතින් කෙල්ල දුවලා"

මනූ - " දුවලා කියන්නේ ඒකි මොකටද මූව දැක්කම දුවන්නේ"

තේජ්-'' මූ යකා වැහිලා වගේ කැහලා ජොබ් එකෙන් අයින් කරනවා කියලා ඒකට කෙල්ල බයවෙන්න ඇති. අනික මූට කේන්ති ගියාම දන්නවනේ බලන්නත් බයයි අදීම ඉන්නවා මිසක් මූ එක්ක"

මනූ-" අප්පේ ඒක නම් මොකට කියනවද මූණවත් දකින්නේ නැතුව මූ කොහොමද ඉතින් ඒකි අදී වගේ කියන්නේ "

තේජ් - '' මූට අදී ලග ඉන්නකොට වගේ ඒ කෙල්ල ඇගේ හැප්පුනාම දැනුනලූ ඒකයි. උබ දන්නවනේ බන් කිසිම කෙල්ලෙක් ලගට ගත්ත නැති එකා අදීට පන ඇරලා කියලා. අපි අදීගේ කරට අත දැම්මත් රවන එකානේ කොයි වෙලෙත් අදී එක්ක ඉන්නේ ඌට ඉතින් අදී ලග ඉන්නකොට දැනෙනවා ඇති. ආදරේ කියන්නේ ඒකට බන් ඒක එක එක්කෙනා කරන විදිය විදින විදිය වෙනස්. හදවතින්ම අපි කෙනෙක්ට ආදරේ කරනව නම් ඒ කෙනා හුස්ම ගත්තත් අපිට ඒක තේරෙනවා. වැඩිය ඕන නෑ බන් අපේ අම්මලා තාත්තලම බලහන්කෝ අපි හොරෙන් ලගට ගියත් අදුර ගන්නවා නේද මේ ආදරෙත් එහෙම තමා"

මනූ - " ඔව් බන් ඒකත් ඇත්ත ඒත් බන් අදී මෙහෙම තැනකට එන්න විදියක් නෑනේ '"

තේජ් - " කොහෙත්ම නෑ අපි අදී ගැන දන්නවනේ කවදාවත් අදී මෙහෙම තැනකට එන්නේ නෑ. අනික එනවනම් මොකටද මෙතම වැඩ කරන කෙනෙක් වගේ එන්නේ"

මනූ - " අභීත් හිතන්නේ එතකොට ඒ හිටියේ අදී කියලා ද තේජ් "

මනූ අයියා එහෙම ඇහුවම මාත් බලන් හිටියේ තේජ් අයියා මොනවා කියයිද කියලා. බැරිවෙලාවත් අභී ඒ මන් කියලා හිතලද එහෙම වුනොත් මොනා වෙයිද.

තේජ් - නෑ නෑ මූට අවුල ඒකි ලග අදී ලග ඉන්නකොට වගේ හුරුපුරුදු වුන එක. ඒකයි මූ ඒ කෙල්ලව නවත්තන් තියෙන්නේ "

මනූ - " ඒක මිසක් බැරි වෙලාවත් අභී ඒ අදී කියලා හිතලා අර ගෙදර ගිහින් පිස්සු කෙලී. දන්නවනේ හැමදේටම වඩා අදීගේ දේවල් වලදී මූ හෙන සෙන්සිටිව් "

තේජ් - " ඒක තමා දැන් අපි මූව මෙතන දාලා යනවද මනූ. මට නම් බෑ මූව මෙතන තනියම දාලා යන්න. ගෙදර ගෙනියන්න බෑ දන්නවනේ ආච්චි කලබල වෙයි. අදීලගේ ගෙදර ගෙනියන්නත් බෑ බන් ඒක කෙල්ලො දෙන්නට හොද නෑ. අපේ ගෙවල් වලත් අම්මලා ඉන්නවා ඒක අභීටමයි අවුල් වෙන්නේ"

මනූ - " තේජ් උබ පලයන් මන් එහා පැත්තේ රූම් එක අරන් අද මෙහේ නවතින්නම්. අපේ ගෙවල් වලට කියහන් අපි අද උබලගේ ගෙදර නවතිනවා කියලා. උදේට මේ අපතයා නැගිට්ටම එන්නම් මන් මූව එක්කන්ම "

තේජ් - " ඒක හොඳයි මාත් ඉන්නවා ඒත් උබ දන්නවනේ හසී ගැන මේක දැනගත්තොත් ඉවරයි අපිත් එක්ක"

මනූ - " අම්බෝ ඔක්කොම ඉවරයි ඕකි දැනගත්තොත් උබ පලයන් තව ටිකකින් නැත්තම් අමතයි කොහෙද බලන්න"

හයියෙන් හිනාවෙලා දෙන්නම එළියට ගියේ මගේ බය ටිකක් හරි අඩුවෙලා යද්දී. දොරත් වහලා දෙන්නම ඈතට යන අඩි සද්දේ ඇහුනට පස්සේ මන් හිමින් කබඩ් එකෙන් එළියට ඇවිත් බැලුවේ අභී දිහා. ඉවසන්න බෑ ගද ෂික් වමනෙටත් එන්න වගේ.

" මේ යකා මෙච්චර සිහිනැති වෙන්නම බීලද ගද ඉවසන්න බෑ. බලාගන්නම්කෝ අභී මන් හෙට ඔය ඔක්කොටම වාඩුව ගන්නම්. තාම මේ අදීගේ හැටි දන්නෑ ඉතින් ඔයා"

අභී දිහා ටිකක් බලන් ඉදලා යන්න කියලා පිටිපස්ස හැරෙද්දීම අභී මට කතා කරනවා ඇහුන නිසා මගේ කකුල් දෙකත් පන නැතිවෙලා ගියා.

" අදී අදී"

මන් හිමින් හිමින් පිටිපස්ස හැරෙද්දී ඇස් දෙකත් පියාගන හීනෙන් කියවන අභීව දැක්කම තමයි බය නැති වුනේ.

" මේ මනුස්සයා බීලත් මාව බය කරනවනේ මන් හිතුවෙ ඇහැරලා මාව දැක්කා කියලා "

ටිකෙන් ටික අභී ලගට ලන් වෙලා මූණට වැටිලා තිබුන කොණ්ඩේ අයින් කරලා ඒ මූණ දිහා බලන් හිටියේ කියාගන්න බැරි ආදරේකින්.

" හිටගන්නවත් බැරි වෙන්න බීලා ඉන්න ඔයා හීනෙනුත් මගේ නම කියවන්න තරම් ඔය හිතේ මන් ගැන කොච්චර ආදරයක් ඇතිද අභී. කෙල්ලෙක්ට තව මොනවද ඕනේ හැමකෙල්ලෙක්ම ප්‍රාර්ථනා කරන්නේ මේ වගේ ආදරයක් නේද. මන් ගොඩක් වාසනාවන්තයි අභී ඔයාගේ ආදරේ අයිතිකාරි වෙන්න තරම් ඒත මට බයයි අභී හැමදාම ඒ වසනාව තියෙයිද. අද නම් බේරුනා ඒත් හැමදාම එහෙම පුළුවන් වෙයිද. ඔයා ඇත්ත දැනගත්ත දවසට මට මේ විදියටම ආදරේ කරයිද අභී"

දුක යනකන් හිතේ තිබුන ඔක්කොම අභීට කියලා අභීගේ නලලත් ඉඹලා ඉක්මනින් එතනින් ආවේ ඕනම වෙලාවක මනූ අයියා එන්න පුළුවන් හින්දා. cctv room එකට ගිහින් පෙන් එකත් අරන් එද්දිත් සිකුරිටි බිම වැටිලා හිටියේ සිහිය නැතුව. ආපහු අපි change කරපූ රූම් එකට ගිහින් මන් ඇදන් ආපූ ඇදුම ඇදගන club එකෙන් එළියට ආවේ සෙනේෂ් අයියට කෝල් එකක් ගන්න ගමන්.

" හෙලො අයියේ මන් එතනින් පැනගත්තා. ඔයා අපේ තැනට ගියාද"

.................................

" හරි එහෙනම් මිනිහව ඔහොම තියන්න මන් හෙට එන්නම් දැන් ගොඩක් රෑ වෙලානේ"

........................................

" හරි හරි අනේ පරිස්සම් වෙන්නම් ඔයත් පරිස්සමෙන් හොදද"

කෝල් එකත් කට් කරලා පාරේ ඉස්සරහට එනකොට මගේ ඉස්සරහින් ඇවිත් නැවැත්තුවේ අපි ආපූ වෑන් එකමයි. සෙනේෂ් අයියා මාව ගෙදරට දාන්න කියලා ඩ්‍රවර් එක්ක වෑන් එක එවලා. මන් ගෙදර එනකොටත් සදීලා ඇවිත් හිටියේ නෑ ඒක මට වාසියක් වුනා. නැත්තන් club එකේදී සිද්ද වුන දේත් එක්ක අභීට පොඩි සැකයක් හරි ඇතිවෙන්න තිබ්බා මන් ගැන.


මන් ඇවිත් වොෂ් එකක් දාලා රූම් එකට එනකොට සදීලත් ආවා. සනූ අයියා කාර් එකෙන් බහින්නේ නැතුවම මටත් අතවනලා යන්න ගියා. සනූ අයියා ගියා විතරයි සදී මාවත් ඇදන් රූම් එකට ගිහින් පෙන්නුවේ ඒකිගේ අත. මන් ඒකිගේ අත දිහා හොදට බලද්දී දැක්කේ ලස්සන මුද්දක් තියනවා ඒකිගේ ඇගිල්ලේ.

" සදී ඒ කියන්නේ සනූ අයියා උබට ප්‍රපෝස් කරාද "


ලැජ්ජාවේන් බිම බලන් ඔළුව වනන සදී දිහා මන් බලන් හිටියේ හිතේ ඇතිවුන අවංක සතුටකින්. මගේ හැමදේටම උදව් කරලා දුකේදී ලගින් හිටපූ මගේ යාළුවා ගැන මන් ගොඩක් සතුටු වුනා.


" අනේ කෙල්ලේ මට හරිම සතුටුයි බන් ලස්සනයි මේ රින්ග් එක සනූ අයියා පුදුම කෙනෙක්නේ. අපිටවත් කීවේ නෑ ඔහොම එකක් මන් අල්ලගන්නම්කෝ හෙට"

" අනේ බන් මට ලැජ්ජයි අප්පා"

" ආ ආ මේකි යකෝ නිකන් ඉදහන් ලව් කරලා කරලා ප්‍රපෝස් කරාම ලැජ්ජයිලූ"

" ඒ මේ කොහොමද බන් සනූ අයියා උබට ප්‍රපෝස් කරේ "

" අම්බෝ මතක් වෙද්දිත් පුදුමයි බන්"

" අනේ අගේ නොකර කියහන්කෝ බන්"


...............................................................

සුළු මොහොතකට පෙර


සනූ සදී එක්ක ගියේ අභීට අයිති වුන හොටෙල් එකකට ඒ නිසා අද සනූ සදීට ප්‍රපෝස් කරන්න යනවා කියලා දැනන් හිටියේ අභී විතරයි. දෙන්නම ඇතුලට ගිහින් කොනේම තිබ්බ ටේබල් එකේ වාඩි වුනාම සනූ සදී දිහා බලන් හිටියේ අද දැක්කා වගේ.

" මොකද අනේ ඔහොම බලන්නේ නිකන් පලවෙනි වතාවටත් දැක්කා වගේ"

" ඉතින් මන් බලන්නේ මගේ කෙල්ල දිහානේ "

" හරි හරි ඒත් ඔහොම බලන්න ඕන නෑනේ අප්පා"

" මගේ කෙල්ලගේ ලැජ්ජාව මම අදනේ දන්නේ මෙකිට මෙහෙම එකකුත් තියනවා කියලා "

" අනේ අයියේ ඇත්තමයි මේක හොටෙල් එකක් නිසා බේරුනා කියලා හිතාගන්න"

" හරි හරි මැණික මොනාද කන්නේ ඔයාම තෝරන්නකෝ"

කෑමත් කාලා ඉවර වෙලා සනූ සදීව එක්කන් ගියේ බීච් සයිඩ් එකට.අත් අල්ලන් ටික දුරක් ගියපූ සනූ සදීවත් ඇදලා අරන් වැල්ලෙම ඉදගත්තේ මුහුද දිහා බලාගනමයි.

" සදී මේ වගේ වෙලාවට මෙහෙම බීච් එකේ ඉන්නකොට දැනෙන්නේ මාර සනීපයක් නේද"

" ඔව් අයියේ මට හැමදාම වුනත් මෙහෙම ඉන්න ආසයි. හැබැයි ඔයත් එක්ක නැත්තන් මේ සතුටින් වැඩක් නෑ"

" ඔයා කැමතිද ඉක්මනින් ඒ දවස උදාවෙනව නම් "

" මොකක්ද "

" ඔව් අපි දෙන්නා නීතියෙනුත් එකට ඉන්න දවස ඉක්මනට එනවා නම් ඔයා කැමති ද"

සදී ලගින් නැගිට්ට සනූ තම සාක්කුවේ මෙච්චර වෙලා දාන් හිටිය පොඩි box එක්ක ඇරන් ඒක ඇරලා සදීට දික් කරේ ලොකු බලාපොරොත්තුවක් ඇතුව. ඒ box එකේ තිබුනේ ලස්සන හුරුබුහුටි මුද්දක්. අදී ගෙදරින් එන්න කලින් සනූගේ හිතේ තියන දේ කීවට සදී කීයටවත් හිතුවෙ නෑ මේ වෙලාවේ සනූ මේක අහයි කියලා.

" සදී ඔයා ඔහොම බලන්නේ මාව මැරි කරන්න බැයිද "

'" අනේ අයියේ මන් කැමති ගොඩක් කැමති ඒත් ඔයාගේ ෆැමිලි එක"

" එයාල හදන්නේ මාව අර සල්ලිකාර නැට්ටිච්චියක්ට මැරි කරවන්න සදී. මන් කැමති නෑ ඒකිට හැමදාම club ගිහින් බීගනලූ ගෙදර එන්නේ එකී. මන් කොහොමද සදී ඒ වගේ කෙල්ලෙක් එක්ක ජීවත් වෙන්නේ මට ඕන ඔයාව විතරයි මන් ආදරේ ඔයාට විතරයි. මන් සෙල්ලක්කාර චරිතයක් තියනවා කියලා ඔයා හිතනවා ඇති ඒත් මන් මගේ කෙල්ලට පනටත් වඩා ආදරෙයි ඒ වෙනුවෙන් ඕන දෙයක් කරනවා මන්. මාත් ඒක ඉන්න මට ඒ ඇති අනිත් හැමදේම මන් බලාගන්නම් කොහොමත් මන් ඉක්මනින් එයාලට ඒකිගේ ඇත්ත මූණ පෙන්නනවා. ඒත් එයාලා ඊට කලින් ඉස්සර වුනොත් මට බයයි ඔයාට කරදරයක් වෙයි කියලා ඒකයි මන් මේ තීරණය ගත්තේ. ඔයා මාත් එක්ක ඉන්නවා නේද මට කියන්න "

" මටත් ඔයා නැතුව බෑ අයියේ ඕන දේකට මාත් ඉන්නවා ඔයා එක්කම ගොඩක් ආදරෙයි සනූ අයියේ. මට මේ ලෝකේ කවුරුත් නෑ ඉතින් මට ඕන ඔයාගේ පවුලත් එක්කම ජීවත් වෙන්න. අනික එයාලා ඔයා ගැන ගොඩක් බලාපොරොත්තු තියාගන ඉන්නවා ඇත්තේ අයියේ. මට සාප කරයි දෙයියනේ එයාලා අපිට වෙන ක්‍රමයක් නැද්ද මේකට. එයාලාට අපි තේරුම් කරලා දුන්නොත් අහන්නේ නැති වෙයිද"

සදී සනූ දිහා බලලා අසරණ විදියට එහෙම අහද්දී සනූගේ හිතත් දුකකින් පිරිලා ගියේ මේ වගේ ආදරේ කරන කෙනෙක්ට නේද තමන්ගේ තාත්තා අකමැති වුනේ කියලා. සල්ලි වෙනුවෙන් තමන්ගේ ආදරේ උදුරගන්න හදන අයට මෙහෙම ආදරේ කරන කෙල්ලෙක් තමන්ගේ පවුලට ලේලි විදියට බාරගන්න අකමැති වුන නිසා සනූගේ හිතේ තමන්ගේ තාත්තා ගැන තිබ්බෙ ලොකු කලකිරීමක්.


" මේ වෙලාවේ එයාට ඔය දේවල් තේරෙන්නේ නෑ සදී ඒත් ඉක්මනින් තේරුම් ගනී. ඒත් ඊට කලින් මොනා වෙයිද කියන්න බෑ මට බයයි ඔයා ගැන ඒ හින්දා අපි ඉක්මනින් මැරි කරමූ. ඊට පස්සේ එයාලට මුකුත් කරන්න බෑ අම්මාත් මේකට කැමති නෑ සදී එයාට මන් ඔයා ගැන කීවා. එයා ඔයාට ගොඩක් කැමති මොකද එයාත් හොදටම දැක්කා අභීගේ තාත්තට වුන දේවල් ඉතින් එයත් බයයි මටත් එහෙම වෙයි කියලා. ඒත් තාත්තා තේරුම් ගන්නේ නෑ සදී එයා මට ගොඩක් ආදරෙයි ඒත් මගේ ආදරේ එයාට තේරුම් ගන්න බැරි වුනා"


" මොන දේ වුනත් මන් ඔයා එක්ක ඉන්නවා එන විදියකට මූණ දෙමූ. අපි උපරිමයෙන් උත්සහ කරමූ තාත්තට තේරුම් කරන්න හොදද. මට ඔයාව විතරක් නෙමේ ඔයාගේ මුළු පවුලම ඕනේ"

" බලන්නකෝ එයා මගේ කෙල්ල ගැන තේරුම් ගත්තම මටත් වඩා ඔයාට ආදරේ කරයි. එයා හිත හොද මනුස්සයෙක් ඒත් මේ දේවල් වලදී කවුරුත් කියන දෙයක් අහන්නේ නෑ සදී"

" අපි එයාට තේරුම් කරමූකෝ බයවෙන්න එපා හොදද"

හිනාවෙවී බලාපොරොත්තු සහගතව එහෙම කියන සදී දිහා සනූ බලන් හිටියේ ආදරෙන්. තමන්ගේ ජීවිතේට ගැලපෙනම කෙනා සදී කියලා සනූට මේ සිද්දියේන් හොදටම තේරුම් ගිහින් තිබුනේ. සදීගේ අතින් අල්ලලා ගෙනාපූ මුද්ද ඇගිල්ලට දාලා අත ඉම්ඹේ දෙන්නගෙම ඇස් එකට පැටලිලා තවත් එක ආරම්භයක් සනිටුහන් කරද්දී.

" ඉස්සරහට මොනාවෙයිද කියලා මන්වත් දන්නෑ සදී ඒත් මන් ඔයත් එක්කම ඉන්නවා. මට ඕන ඔයා මගේ ලගින් හැමදාම මේ විදියට ආදරෙන් ඉන්න එක විතරයි "

" මන් හැමදාම ඔයා ලගින් ඉන්නවා අයියේ "

අනාගතේ ගැන බොහේ දේ කතා කරමින් හිටපූ සනූයි සදී ගොඩක් රෑ වෙලා තමා එහෙන් පිටත් වෙලා ආවේ. කාර් එකේ එනකනුත් සදීගෙ අත අතාරින්නේ නැතුව ඩ්‍රයිව් කරපූ සනූ සදීව ගෙදර ලගින් දාලා ගියේ ලෝභ කමකින්. ආදරේ හැටි එහෙමයි කෙනෙක්ට ආදරේ කියන්නේ පරිත්‍යාගයක් වුනාට තවත් කෙනෙක්ට ඒක උමතුවක් ආත්මාර්තකාමි හැගීමක්. ඒත් ඒ හැමතැනම තිබූනේ ආදරේ විතරයි.


...............................................................

වර්තමානයට

💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠


" ඒ කියන්නේ සනූ අයියා ඉක්මනින් ඔයාව මැරි කරනවා. අනේ මට මාර සතුටුයි බන් උබ මගේ සහෝදරි ඉතින් උබට හරියනවා කියන්නේ ඊට වඩා මට මොනාද ඕනේ "

" අදී ඒත් සනූ අයියගේ තාත්තා"

" සදී මේ බලහන් මන් උබ කරපූ දේ හරි කියනව නෙමේ ඒත් බන් සනූ අයියා ඔය කියන කෙල්ලව මැරි කරොත් ඒකෙන් එයාගේ ජීවිතේම අපායක් වෙනවා නේද"

මුකුත් නොකියා ඔළුව වනන සදීගේ අත තදින් අල්ලන් මන් ලගට ගද්දී මන් දැක්කේ මෙච්චර වෙලා හිනාවෙවී හිටපූ කෙල්ලගේ ඇස්වල කදුළු දිලිසෙනවා.

" ඉතින් එහෙම වුනොත් සනූ අයියගේ තාත්තාට සතුටින් ඉන්න හම්බෙයිද බන්. මොනා වුනත් ඒ එයාගේ පුතා එයා හින්දා පුතාගේ ජීවිතේ විනාශ වුනා කියන හැගීම හැමදාම එයාව පන පිටින් මරයි. අභීගේ ආච්චි කීවා මතකද අභීගේ සීයා තාත්තට කරපූ දේ නිසා ඒ දුකට අසනීප වෙලාම නැති වුනා කියලා"

" ඔව් අදී මන් එහෙම හිතපූ නිසා තමයි මේකට කැමති වුනේ. අපි දෙන්නා සතුටින් සැනසීමෙන් ජීවත් වෙනකොට සනූ අයියගේ තාත්තා තේරුම් ගනී. අනික අයියා කීවනී අර කෙල්ල ගැන ඔක්කොම කියනවා කියලා සාක්ෂි එක්කම. එතකන් වෙන ඕන දේකට මූණ දෙන්න මන් ලෑස්ති "


" ඔහොමනේ ඉන්න ඕන මගේ කෙල්ල"

" අදී මේක හින්දා මට අහන්නත් බැරි වුනා කොහොමද අද වැඩේ. මිනිහව අල්ලගත්තාද"


සදී එහෙම අහද්දී මන් අද වෙච්ච ඔක්කොම අකුරක් නෑරම ඒකිට කීවා. බයවෙලා සම්පූර්ණ කතාව අහන් හිටපූ සදී ලොකු හුස්මක් අරන් පහල දැම්මේ ලොකු බරකින් නිදහස් වුනා වගේ.


" අදී අද ඔහොම බේරුනා ආය ඔහොම බේරෙන්න බැරිවෙයි පරිස්සමෙන් බන්. අභී අයියා මේක දැන ගත්තම කොහොම හැසිරෙයිද කියලා මට හිතාගන්න බෑ "

" මන් හිතුවෙ අද මෙ හැමදේකම අවසානේ කියලා සදී. ගොඩක් බයවුනා මන් හිතාගන්න බැරුව හිටියේ මොනා කරන්නද කියලා. අභීට මෙහෙම බොරු කරන්න මට හිත දෙන්නේ නෑ බන්"

" අපි මේ හැමදේම අභී අයියට කීවොත් මොනවා වෙයිද බන්"

" අභීට මන් ආදරේ කරන එක ඇත්ත බන් ඒත් මටවත් තාමත් බැරි වුනා අභීව හරියටම තේරුම් ගන්න. ඉතින් මේක අභිට කීවම එයා කොහොම තේරුම් ගනීද කියන්න බෑනේ සදී. ඒකෙන් අපි කරපූ හැමදේම නැතිවෙලා යයි මෙච්චර රිස්ක් එකක් අරන් කරපූ දේවල් එහෙම ලේසියෙන් නැති කරගන්න බෑ බන්. අනික මේක තනි ගේමක් නෙමේනේ මට මේක කරන්න හේතුව විහා වුනාට තවත් ගොඩක් හේතු තියනවා කියලා උබ දන්නවනෙ. අනික අපි කරන අනිත් වැඩේ අභී දැනගත්තොත් මේ හැමදේටම වඩා ලොකු ප්‍රශ්නයක් ඇති වෙයි"


" ඔව් බන් ඒක ඇත්ත අපිට බෑ රිස්ක් එකක් ගන්න"

" ඕන දේකට මූණ දෙන්න ලෑස්ති වෙලානේ මන් මේක පටන් ගත්තේ. අන්තිම මොහොතේ හරි මන් උන් ඔක්කොටම දඩුවම් දෙනවා ඒක මන් මටම වුන පොරොන්දුවක් "

" හරි යමන් නිදාගමූ අද අපි දෙන්නටම මහන්සි දවසක්නේ"

" ඔව් ඔව් ඉතින් ඒත් ඔහොම කීවට එක්කෙනෙක්ට නින්ද යයිද දන්නෙත් නෑ "


සදී මටත් එකක් ගහලා යනකොට හයියෙන් එහෙම කියලා දොර වහගත්තේ ආපහූ මොකක් හරි එකක් මගේ පැත්තට එන්න බැරි කමක් නැති නිසා. ඕකි ඒ තරම් ෂුවර් නෑ අනික ඉතින් දැන් ලව් සික් එකේනේ ඉන්නේ.


💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠



උහුලන්න බැරි ඔළුවේ කැක්කුමක් එක්ක අභී උදේ නැගිටිනකොට දැක්කේ තමන්ගේ ඉස්සරහ හිටන් ඉන්න අදීව.


" අනේ ඉතින් උදේ පාන්දරම වුනත් මට පේන්නේ මගේ කෙල්ලවනේ"


ඔළුවත් කහ කහ කියවන අභී දිහා අදී බලන් හිටියේ මරන් කන්න තරම් තරහෙන් වුනත් පිටිපස්සෙ හිටපූ සනූ මනූ තේජ් හසී වගේම සදියි සවීයි නම් හිටියේ අමාරුවෙන් හිනාව නවත්තගන. තාමත් සිහියක් නැතුව කියවන අභීට මනූ ඇස් වලින් ඉන්නේ කොහෙද කියලා පෙන්නන්න හැදුවත් කිසිම දෙයක් තේරුම් ගන්න බැරුව අභී නවත්තන්නේ නැතුවම කියෙව්වේ ඊයේ බීපුවගේ වෙරි මතේට.


" මොකෝ බන් උබට ඇස් ලෙඩද අනික මට මොන එහෙකටද උබව මැවිලා පේන්නේ මගේ කෙල්ල විතරක් ඇති උබ පලයන්‍ යන්න. ෂික් අඩු ගානේ මේ වගේ හීනෙකදීවත් අපිට නිදහසේ ඉන්න දෙන්නේ නෑනේ උබලා බලහන්කෝ ඔක්කොම ඉන්නවා. පලයව් යන්න මගේ කෙල්ල විතරක් ඇති මට අදී එන්නකෝ අනේ ලගට"


නවත්තගන්න බැරි තැන සනූගේ හිනාව එළියට පැන්නේ අනිත් කට්ටියත් බඩවල් අල්ලන් හිනා වෙද්දී. ඒත් අදී විතරක් රවගන හිටියේ තාමත් අසිහියෙන් කියවන අභී දිහාම බලාගන. එවලේ එතන සවන්ට් කෙනෙක් අරන් ආපූ වතුර ජොග්ගුව අතට ගත්ත අදී හිටපූ තැන ඉදලම වතුර එක අභීගේ මූණට විසික් කරා. අසිහියෙන් කියව කියව හිටිය අභී සීතල වතුර පාරේ සැරට හොද සිහියට ඇවිත් බැලුවේ තමන් කොහෙද ඉන්නේ කියලා.


අභී -" අදී ඔයා මොකද අනේ අපේ ගෙදර කරන්නේ තනියම ද ආවේ"

අදී- " අනේ ඇත්තට මේ මනුස්සයට වතුර එක ගහලත් පිස්සු කියවනවනේ තාම"

මනූ - " කොහෙද යකෝ මේක උබේ ගෙදර වුනේ මේ උබ ඊයේ බීල බීලා කනමදයා වගේ වැටිලා හිටපු club එක"

අභී - " අඩේ ඊයේ ටිකක් වැඩි වුනානේ මන් ඉවරයි අද නම් "

ඔළුවත් බිමට හරවන් හිමින් කියවන අභී දිහා ටික වෙලාවක් බලන් හිටපූ අදී ලග තිබ්බ කොට්ටේ අරන් අභීට ගහගන ගහගන ගියා.

අදී - " මෝඩයා හරකා මන් කීවා නේද ඔහොම බොන්න එපා කියලා ආ. ඔය ඒක අහපූ විදියද අභී මට එන තරහට ඔයාව අල්ලලා මැරුව හැකී අප්පා"

අභී - " අනෙ සුදු ගහන්න එපා බන් කොට්ටේ වුනත් රිදෙනවා අනික ඉන්න බෑ මගේ ඔළුව පැලෙන්න වගේ"

හසී - " අහ් ඇත්තද උබට ඔහොම වෙලා මදී බූරුවා. ඔහොමත් බොනවද අභී කිසිම ලිමිට් එකක් නැතුව "

අභී - " මන් බීවේ නෑ හසී අර කිශාන් තමා බලෙන් පෙව්වෙව්වේ මන් එපා කියද්දී"

සවී - " ඔව් ඔව් එයා ඉතින් කට ඇරලා බලෙන් දාන්න ඇති පව් ඉතින් මෙයා"

නෝන්ඩියට එහෙම කියපූ සවී දිහා අභී බලන් හිටියේ ඇයි බන් එහෙම කරන්නේ කියලා අසරණ බැල්ලමකින්. මේ ඔක්කොම දිහා බලන් හිටපූ සනූටයි තේජ්ටයි සදීටයි නම් හොදටම හිනා.

අභී - " ඇයි යකුනේ හිනා වෙන්නේ තව ටිකකින් මුන් ටික මාව මරයි බේරගනිල්ලකෝ "

තේජ් - " අපි කීවද උබට බොන්න කියලා නෑනේ තනියම බීවා නම් තනියම බැනුම් අහපන්"

අභී - " හරි ඉතින් තොපි මොන එහෙකටද මුන්ට මේක කීවේ. යකෝ පරන තරහක් තිබ්බා නම් මට ගහන්න තිබ්බා උබට මෙහෙම මාට්ටූ කරන්නේ නැතුව "

තේජ් - " පිස්සු ද බන් මන් එහෙම කරනවද මේකයි සීන් එක. මන් උදේ උබට කොහොමද බලන්න මනූට කෝල් එකක් ගත්තා හසී බාත්රූම් එකේ ඉන්න අතරේ. ඊයේ සීන් එක ගැන කතා කර කර ඉන්නොට මෙකී පිටිපස්සෙ හිටන් ඉන්නවා කියහන්කෝ. මොනා කරන්නද උබලම දන්නවනේ දැන් එකක් නෙමේ දෙකක් මුන් මාව කන්න හැදුවා ඔක්කොම කියනකන් ඉතින් කියන්න වුනා බන්. මුන් ඩබලා ඒ ටිකට අදීටත් කෝල් කරලා කියහන්කෝ මන් මොනා කරන්නද ඒකට"


අභී - " ඒ ඇයි බන් එහෙම කරේ හසී"

අදී - " මේ අභී හසී අක්කට මුකුත් කියන්න එපා කරන්න ඕන ඔක්කොම කරලා දැන් එනවා මෙතන. මන් දැනගත්තම මොකද වෙන්නේ කරපූ හපන්කම් මන් බලාගන්නම්කෝ"

සනූ - " කොහොම හිටිය එකෙක්ද ඉතින් මේ අනේ මන්දා "

නෝන්ඩියට අභී දිහා බලාගන එහෙම කියපූ සනූ දිහා අභී බැලුවේ දවා අලු කරන බැල්ලමකින්.


තේජ් - " හරි හරි යමල්ලකෝ ගෙදර මෙතන ඉදලා බෑනේ ඔය ප්‍රශ්න විසදන්න"

💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠


කාර් එකට නැගලා අභී මාව ලගට ගන්න හැදුවත් මන් රවලා එහාට වුනේ හිතේ තිබ්බ තරහටමයි. මූණත් ඇඹුල් කරන් මන් දිහා බලන් හිටපූ අභීව දැක්කම හිනා යන්න ආවත් අමාරුවෙන් හිනාව තද කරන් එළිය බලා ගත්තා මන්. ඒත් වැඩි වෙලා එහෙම ඉන්න හම්බුනේ නෑ සුපුරුදු පරිදී අභීගේ ගති ආවා එළියට. බලෙන්ම මාව ඇදලා අරන් තුරුළු කරගත්තේ ගෙදර එනකන්ම මට හෙල්ලෙන්නේවත් නොදී. අපේ කෝලම් දිහා බලාගන ඉස්සරහ ෂීට් වල හිටපූ හසී අක්කයි තේජ් අයියයි හොදට හිනා වුනා.

ගෙදරට ඇවිත් මන් මුලින්ම කරේ අභීව වොෂ් රූම් එකට තල්ලූ කරපු එක එතකොටවත් ඔය වෙරි හිදෙයිනේ කියලා. අනිත් කට්ටිය සනූ අයියා සදීට ප්‍රපෝස් කරපූ එකයි එයාලගේ වෙඩින් එකයි ගැන කතා කරද්දී මන් කුස්සියට ගිහින් දෙහි බීම එකක් හදන් ආපහු ගියේ අභී එනකනුත් ගොඩක් අමාරුවෙන් හිටපු නිසා. මන් දෙහි එකත් අරන් රූම් එකට යනකොට අභී උඩට ෂර්ට් එකක් නැතුව කණ්නාඩිය ඉස්සරහට වෙලා කොණ්ඩේ පිහ පිහ ඉන්නවා දැක්කම මට නිකන් කරන්ට් එකක් වැදුනා වගේ වුනා. තාමත් වතුර බේරෙන ඒ දේහදාරි සිරුර නිසා අභීගේ කසවසම් බව තවත් වැඩි වෙලා තිබ්බේ. එදා මලගෙදරදී බීම හලපූ ඇදුම මන් හෝදලා ඇරන් තියපූ නිසා අභීට හොදට ගියා.

මන් ආපූ සද්දෙට පිටි පස හැරිලා බලපූ අභී ඇද උඩ තිබ්බ ෂර්ට් එක අරන් ඇදගන බොත්තම දාන්නෙත් නැතුව අමුතු හිනාවක් දාන් මන් ලගට එනකොට නම් මගේ අත් දෙකත් වෙව්ලන්න ගත්තා. මගේ ලගට එනකොටම අභීගේ මූණ ඉස්සරහට මන් දෙහී වීදුරුව ඇල්ලුවා කට කොනින් හිනවෙලා දෙහි එකත් අරන් ඇදෙන් වාඩි වුන අභී එක හූස්මට ඒක බීලා දැම්මේ මන් කට ඇරන් බලන් ඉද්දී.


" අදී ඉන්න බෑ ඔළුව රිදෙනවා මොනාහරි කරන්නකෝ"


පොඩි එකෙක් වගේ කියවන අභී දැක්කම මට ඇති වුනේ ඇත්තටම දුකක්. නපුරු කමේ හොදම එක වුන අභී මෙහෙම හැසිරෙන්නේ ඇත්තටම අමාරු හින්දා කියලා ඒ කියපූ විදියටම මට තේරුනා. මන් ලග තිබුන ඕඩිකොලොන් බෝතලේ අරන් අභීගේ ඔළුවට දාලා හොදට මසාජ් කරා. පොඩි එකෙක් වගේ මාව බදාගන ඉන්න අභී දැක්කම මෙච්චර වෙලා තිබ්බ තරහ ඔක්කොම නැතිවෙලාම ගියා.


" අදී තරහද මාත් එක්ක"

" තරහ තිබ්බා ඒත් දැන් නෑ "

" ඉස්සෙල්ලා කාර් එකේ එද්දී ඔයා මාව අයින් කරාම මට ගොඩක් දුක හිතුනා අදී. ඔයා එහෙම මාව ප්‍රතික්ෂේප කරද්දී මට පුදුම කේන්තියක් ගියේ මන් දන්නවා මන් වැරැද්දක් කරා ඒත් එහෙම කරන්න එපා ඒක මගේ හිතට ලොකු දුකක්"

"ම්ම්ම් ආය කරන්නේ නෑ ඔයා කොහොම හිටියත් මන් ආය ඈත් වෙන්නේ නෑ හරිද"

" හොද කෙල්ල මන් ඉතින් ආදරෙයිනේ "

" අභී මට පොරොන්දුවක් වෙනවද"

" මොකක්ද ඕන දෙයක් මගේ කෙල්ල වෙනුවෙන් "

" ආය ඔහොම බොන්න එපා අභී මන් කැමති නෑ ඔයා එහෙම ඉන්නවා බලන්න. ටිකක් බීවට කමක් නෑ යාළුවෝ එක්ක ඒත් ලිමිට් එකකට "

'' හරි මන් ආය එහෙම බොන්නේ නෑ හරිද"

" හරී දැන් ඔෆිස් යන්නත් බෑනේ පරක්කු වෙලා ඔයාගේ වැඩ හින්දා. ඔයාට නම් මොකෝ බොස්නේ මන් තමා පව්"

" මොන පව්ද ඔයා ඉතින් බොස්ගේ වයිෆ්නේ"

" අනේ මේ පිස්සු කියවන්නේ නැතුව දැන් ගෙදර යන්න ආච්චි බලන් ඇති"

" එක්ස්කියුස් මී මන් එන්නද " මන් අභීගේ පපුවට හේත්තු වෙලා ඉද්දී සවී රූම් එකට ආවේ හිනාවෙවී.

අභී - " අනේ මෙහේ වරෙන් අවසර ගන්නේ නැතුව අපි මෙතන කතා කරා විතරයි "

සවී - " කියන්න බෑනේ ඉතින්. ඒක නෙමේ අද කට්ටියම ඉන්න එකේ යමුද කොහෙ හරි ඇවිදින්න මාත් ඉතින් කාලෙකින්නේ ආවේ"

අභී - " අන්න මරු අයිඩියා එක යමු යමූ ඔක්කොම "

මෙච්චර වෙලා ඔළුව රිදෙනවා කියලා වැලලෙන්න හදපූ මනුස්සයා එහෙම කියලා මෙන්න යකෝ පහලට ගියා. මාත් ඉතින් තනියම හිනාවෙවී පහලට ගියා.අපි ඔක්කොම එළියට ගිහින් ගොඩක් විනෝද වුනා අභී මායි ගොඩක් දේවල් ගැන කතා කරා. හවස් වෙද්දී අපිවත් ගෙදරින් දාලා අභීලත් ගෙදර ගියා.


💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠


" මනූ අහපන්කෝ "

" මොකක්ද "

තේජ් හසීයි සවීයි එක්ක එයාලගේ කාර් එකේ ගෙදර යද්දී සනූ ගියේ එයාගේ කාර් එකේ. අභී මනූයි ගියේ අභීගේ කාර් එකේ ඒ නිසා අභීගේ හිතේ තිබුන දේ නිදහසේ මනූ කියන්න පුළුවන්කම අභීට තිබුනා.


" අර ඊයේ මන් කීව කෙල්ල ගැන මට හොයන්න ඕන"

" මොකක්ද උබට මොකටද ඒකී ගැන"

" මන් බීලා හිටපු නිසා නෙමේ බන් සිරාම මට දැනුනේ අදී වගේ ඒ කෙල්ලව"

" හරි හොයාගන උබ මොකද කරන්නේ"

" මොන කරන්නද ඒත් මට ඒකි ගැන විස්තර දැනගන්න ඕනේ උබට බැයිනම් මන් තනියම හොයා ගන්නම්"

" දැන් මන් බෑ කීවද හරකෝ"

" හරි කොහොමද අපි ඒකි ගැන විස්තර හොයන්නේ මූණවත් බලාගන්න බැරි වුනානේ"

" අභි ඒ කෙල්ල එතන වැඩ කරනවා කියලා නේද උබ කීවේ ඉතින් අපි ගිහින් බලමූ ආය club එකට. එතන මැනේජර් මන් අදුරනවා කතා කරලා බලමූ"


අභී මනූයි ආපහු කාර් එක හරවන් ගියේ ඊයේ ගියපූ club එකටමයි.



💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠


අභීලා ගියාට පස්සේ සදීටත් පරිස්සමෙන් ඉන්න කියලා මන් ගියේ අර මනුස්සයා හිර කරන් හිටපූ තැනට. මන් යනකොටත් මිනිහට සිහිය ඇවිත් තිබ්බෙ නෑ ඉතින් මන් සීතල වතුර බාස්කට් එකක් අරන් ඇගට හැලුවේ මිනිහා ගැස්සිලා ඇහැරෙද්දී.


" ආ මිස්ට දනූක කොහොමද ඉතින් "



💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠



අදී අහු වුනා කියලා හිතපූ අයගේ හිත් කඩන්න ඕන නෑනේ ඔන්න ඉතින් අහුවෙන්න යන්නේ අදීගේ හොර ඔක්කොම. අභීට අදීගේ ඇත්ත දැනගන්න හම්බෙයි ද එතකොට අභී මොන වගේ තීරණයක් ගනීද

අදීගේ අභීගේ ආදර කතාව කොහොම වෙයිද සදීටයි සනූටයි මැරි කරන්න පුළුවන් වෙයිද සනූගේ තාත්තා එයලව තේරුම් ගනීද

ඔන්න ඉතින් බලන් ඉමූ මොනාවෙයිද කියලා ඉස්සරහට


To be continue 🤝


꧁❀❤AK❤️❀꧂

Report Page