වියරු ප්‍රේමය 🕊️🥀
පන්හිද🖌(13) කොටස
~PANHIDA ADMIN PANEL~
"අයියේ දැන් මට යන්න ඕන මං පරක්කු මොකද කියලා අම්මා බයවෙලා ඇති "
"හරි නංගි පරිස්සමට ගෙදර යන්න "
මේ පේන හීන, නූල් බෝලයක් වගේ පැටලිලා තිබුණ අපේ ප්‍රශ්න ටිකෙන් ටික ලිහෙනවා වගේ දැනෙද්දී හිතට පොඩි සැනසීමක් දැනුන.
ඖෂාලි නොපෙනෙනකන් බලන් ඉදලා මායි ශාකීරුයි ආපහු වලව්වට ආවා වලව්වට ඇවිත් ටික වෙලාවකින් ආපහු උඩ තට්ටුවෙ ඉඳන් මනුස්සයෙක් කෑ ගහනවා ඇහුනා. මගේ ප්‍රශ්න වලට උත්තර ඒ මනුස්සයා ගාව ඇති කියලම හිත කියද්දි කුතුහලයකින් පඩිපෙළ දිගේ උඩට ගියා.
ඒ මං එදා හීනෙන් දැක්ක කාමරේ ඒක ඇතුලෙන් තමයි සද්දෙ එන්නේ. යන්තම් අඩවල් කරල තිබුණ දොර ඇරගෙන ඇතුලට ගියාම දැක්ක දෙයින් මගේ පපුව විනාඩි ගානකට නැවතුනා වගේ මට දැනුනේ.
ඒ වෙන කවුරුවත් නෙවෙයි ගිය ආත්මය මගෙයි භූමිගෙයි ජීවිත විනාශ කරපු ඒ නරුමය මගේ බාප්ප ගොඩක් ගොඩක් වයසට ගිහින් රෝද පුටුවක් උඩ හිටිය බාප්පව දැක්කම මට ආවේ පුදුම තරහවක්, තරහව යටපත් කරගෙන තව ටිකක් බාප්ප ළඟට ගියා ළඟට යන්න යන්න කාමරයෙන් ඇතුලට එද්දි මං දිහා බලන් හිටිය බාප්පගෙ මූණ ටික ටික වෙනස් වෙන්න ගත්තා .
වයස නිසා බොඳ වෙවී පෙනුන රූපේ එදා හිටිය ඒ ඇහැලම අදත් ඔහු ඉස්සරහ ඉන්නවා දැක්කම බයටත් දුකටත් පත් උනු බාප්පත් ශේද්‍යයට ලඟට කතා කරා. ඒත් ශේද්‍යය බාප්පා එක්ක තිබුණ තරහට ආපහු පඩිපෙළ බැහැලා පල්ලෙහාට එන්නේ ශාකිර්ට මේ විස්තරේ කියන්න
ඒ එක්කම ශේද්‍ය පස්සෙන් ආපු බාප්ප රෝද පුටුවත් එක්ක පෙරළිලා බිමට වැටුනා. ඒ ඇහුණ සද්දෙ නිසා හැරිලා බලද්දි බාප්ප බිම වැටිලා ඉන්නවා දැක්ක ශේද්‍යය තරහ පැත්තකින් තියලා ශාකිර්ටත් කතා කරගෙන බාප්පව උස්සලා රෝද පුටුවෙන් වාඩි කෙරෙව්වා
"ඇ..හැ...ළ .."
ලොකු හාමු අමාරුවෙන් වචන ගැට ගහලා කතා කරපු විදියට ලොකු කනස්සල්ලකින් ඉන්න බව ශේද්‍යයට තේරුනා. ඒ වගේම ලොකු දෙයක් කියන්න හදනවා කියලත් තේරුනා. ශේද්‍යය මොකුත් නොකියා ලොකු හාමුද දිහා බලන් හිටියා .
"ඇහැළ අනේ මට සමාවෙන්න පුතේ මං එදා දුවවයි පුතාවයි වෙන් කරාට මේ අවුරුදු ගානටම මං විදෙව්වා අනේ පුතේ මට දුවගෙනුත් සමාව ගන්න ඕනා භූමිත් ආපහු ඉපදිලා ඉන්නවද මට ඒ දරුවාගෙන් සමාව ගන්න ඕනේ. පුතාට දුව හම්බුනානම් මට එකපාරක් ඒ දරුවාගෙන් සමාව ගන්න ඕන "
"දැන් උන දේවල් වෙලා ඉවරයි මම භූමිව එක්ක එන්න බලන්නම් එයා කැමති වුනොත් විතරක් "
එහෙම කියලා ශේද්‍යය ශාකීර් එක්ක භූමිව හම්බවෙන්න භූමිගේ ගෙදර ගියා
"ඇයි බං උඹ අරූට මොකුත් නොකරේ උඹලගේ ජීවිත විනාශ කරලත් කොහොමද බං ඔහොම ඉවසන්නේ?".
"ගිය ආත්මෙ උන දේවල් ආපහු වෙනස් කරන්න බෑනේ බන්. අනික ඒවාට හරියන්න අවුරුදු ගාණක් බාප්ප විඳවලා තියෙනවා. මට ඕන මේ ප්‍රශ්නෙ මෙතනින් ඉවරයක් කරන්න තවත් දුරට ඇදන් ගිහින් මේ ආත්මෙත් විනාශ කරගන්න ඕන නැහැ . මෙ ආත්මෙවත් අපි දෙන්නට සතුටින් ඉන්න පුළුවන් වෙන්න ඕන...... "
කතාවෙන් කතාව ගේ ගාවටම ඇවිත් ගෙදර කවුරුවත් පේන්න හිටියේ නැති නිසා මිදුලේ ඉඳන්ම ඖෂාලිට කතා කරා . කතා කරල ටික වෙලාවකින් දොර ඇරන් ඖෂාලි එළියට ආවා
"ඖෂාලි..... ඖෂාලි....."
"ශේද්‍යය අයියේ .... මේ වෙලාවේ ?"
"ඔව් නංගි මට ඔයාට කියන්න දෙයක් තියෙනවා .අපිට පේන හීන වලට උත්තර අරන් මං ආවේ"
" අයියේ මට තේරුනේ නෑ "
"ඔව් ඖෂාලි ඔයා හීනෙන් දැක්ක කිව්ව අනතුර ඒ ලහිරු කියන්නේ මගේ ගිය ආත්මෙ බාප්පා අර වලව්වේ ලොකු හාමු"
"මොකක් ....?"
"ඔව් ඖෂාලි "
ශේද්‍යය ඖෂාලිට උණ හැම විස්තරයක්ම කිව්වා. ඊට පස්සේ ඖෂාලි එක්ක හාමුව හම්බවෙන්න වලව්වට යන්න පිටත් උනා .ශේද්‍යවයි ඖෂාලිවයි ඇහැලයි භූමියි වගේම එකට ඉන්නවා දැක්ක ලොකු හාමුට කියන්න පුළුවන් උනේ මට සමාවෙන්න කියලා විතරයි ඔහු ඖෂාලි ශේද්‍යයයි ඉදිරියේම අවසන් හුස්ම හෙළුවා
ශේද්‍යයයි ශාකීර්රුයි බාප්පගෙ අවසන් කටයුතු කරලම ආපහු ගෙදර යන්න හිතාගෙන අවසන් කටයුතු සිදු කරා. ලොකු හාමු නැතිවෙලා කියලා ගම පුරාම ආරංචි පැතිරුණ නිසා ලොකු හාමුගේ අවසන් කටයුතුවලට ලොකු හාමු ආශ්‍රය කරපු ලොකු ලොකු මිනිස්සු වගේම ගමේ ගොඩක් අයත් සහභාගි වුණා.
මේ අතරේ ලොකු හාමුව ඇසුරු කරපු හැටක් විතර වයසැති මුදලාලි ලොකු හාමුගේ කාමරයට ඇතුල් වුණේ ඔහුත් සමඟම එකට හිටපු තම හොඳම මිතුරාගේ වියෝව දරාගන්න බැරිව .ඔහු කාමරයට ඇතුල් වෙලා ලොකු හාමුගේ ඇඳෙන් වාඩිවෙලා ඉස්සර ඔවුන් එකට ගත කරපු සුන්දර මතක මතක් කර කර ඉද්දි අහම්බෙන් වගේ මේසේ යට වැටිලා තිබ්බ දිනපොතක් වගේ එකක් දැකපු මුදලාලි ඒක අරගෙන කියවන්න ගත්තා.
ඒකෙ තිබුණේ රන්හුය කන්දේ නිධානෙ ගැන නිධානෙ ගන්න නම් තුන් කුලුදුල් කන්යාවියක් අවශ්‍ය බවත් ඒ සඳහා විශාල බිලි පූජාවක් අවශ්‍ය බවත් ඒ පොතේ ලියලා තිබුනා. ඒත් එක්කම මුදලාලිගේ හිතට ආවේ මේ ගමටම ඉන්න එකම තුන්කුළුදුල් කන්යාවිය වුණ ඖෂාලිව.........
Comment එකක් දාන් යන්න.
Red rose 🌹