වියරු ප්‍රේමය 🕊️🥀

වියරු ප්‍රේමය 🕊️🥀

පන්හිද🖌



(12) කොටස


ආත්මයක් ආත්මයක් පාසා ඔහුවම හඹා ආ ඇගේ කතාව...


පෙර කොටස


ගේ දොරකඩටම ගිහිම් දෙපාරක්ම කතා කලත් කවුරුත් එලියට ආවෙ නැති නිසා ආයිත් හැරුනෙ යන්න බලගෙන උනත් ශාකීරුයි මායි දෙන්නම බය වෙලා පස්සට පැන්න පාර දෙන්නම බිම.


එතන හිටියෙ ඖශාලි....එයත් හොදටම බය වෙලා බලන් ඉන්නවා තාම හිටපු විදියටම .... මන් හිතන්නෙ අපි දෙන්නව දැකලද කොහෙද .....


කොච්චර දැකලා තිබ්බත් කෙල්ල ඉන්නෙ කොහෙද කියලා අපි දැනන් හිටියෙ නෑ.


කෙල්ල තාම බය වෙලා බලන් ඉන්න නිසා අපි දෙන්නත් ඉක්මනටම නැගිටලා කෙල්ල ඉස්සරහින් හිට ගත්තත් තාම එහෙමමයි කෙල්ල... මන් ඒ හින්දා කෙල්ලගෙ මූන ඉස්සරහින් අත වැනුවම තමා කෙල්ල මේ ලෝකෙට ආවෙ



ඖශාලි pov :


මන් බය වෙලා ගෙදර ගිහින් එහෙමම වැටුනෙ ඇදට.... මට එහෙමම නින්ද ගිහින් ඇහැරෙද්දි හවස් වෙලා.... අම්මත් තාම ඇවිත් නැති නිසා මන් ඉක්මන් කරලා ගියේ නාගෙන එන්න පල්ලෙහා තිබුන ලිදට..


නාගෙන එනකොට කවුද පිරිමි දෙන්නෙක් අපේ ගෙදර දොර ඉස්සරහ.. අම්මත් නැතුව තනියම බය නිසා හෙමින් හෙමින් ඒ හරියට කිට්ටු කලේ කවුද කියලා බලන්න...මන් එතනටම යද්දී එයාලා මේ පැත්ත හැරුන පාර මට හිතාගන්න බැරි උනා...


මන් හීනයක්වත් දකිනවද කියලා කෝකටත් ආයි බලන් හිටියෙ ....වෙන කවුරුත් නෙවෙයි ඇවිත් හිටියෙ ශේද්‍ය අයියයි ශාකිරු අයියයි .... එයාලා අපේ ගෙදර කවදාවත් ඇවිත් නැති නිසා මන් බලන් හිටියත් එයාලා නැගිටලා මගෙ මූන ඉස්සරහින් අත එහාට මෙහාට කරද්දී තමා මන් හොද සිහියට ආවෙ..


එයාලා එක්කත් කතා කරලා අම්මා එනකම් තේ එකක් හදලා දුන්නා දෙන්නටම.. තේ බිබී ඉද්දි අම්මා එනවා ඈතින්... ගෙදර කවුරුහරි ඇවිත් ඉන්නවා කියලා දැකලද කොහෙද අම්මා අඩිය ඉක්මන් කරලා වේගෙන් වේගෙන් ආව..



අම්මලා ආවම මන් අම්මලට අදුන්වලා දුන්නෙ මන් යන පන්තියේ පේපර් බලන දෙන්නෙක් කියලා ....අම්මට මහන්සි පාටයි කියලා පෙනුන නිසාම මන් ගෙට ගියේ අම්මට තේ එකක් හදන් එන්න අම්මා එයාලා එක්ක කතා කරද්දී ....



මන් තේ එකත් හදන් එද්දි අයියලා යන්න ලෑස්ති වෙනවා...මට එයා එක්ක කතා කරන්නත් ඕනි මන් දැනගත්ත දේවල් එයාට කියන්න ... ඒත් අම්මා ඉන්න නිසා ඒවා ගැන කතා කරන්න විදියක් නැහැ .


මන් බලන් ඉද්දි එහෙනම් අපි ගිහින් එන්නම් කියලා එයාලා යන්න ලෑස්ති වෙද්දි අම්මා කතා කරේ වලව්ව්ට ගිහින් එමු කියලා ....


මට හිතාගන්න බැරුව ඉද්දි අම්මා කිව්වේ මේ අයියලට නවතින්න තැනක් නෑ කියලා එහෙ නවතින්නවත් කතා කරලා දීලා එන්නම් කියලා .. දැන් රෑ වෙලා නිසා තනියම යන්න බැරි කමට මට කතා කලේ


එයාලව වලව්වට ඇරලවලා අපි ආයෙත් ආවේ ගෙදරට.. දවල් සිද්ද උනු දේවලුත් කල්පනා කර කර එහෙමම ඉද්දි මට නින්ද ගිහින්....


උදේ ඇහැරුන ගමන් මූන සෝදලා ඇදුමක් දාගත්තේ ශේද්‍ය අයියත් එක්ක කතා කරන්න ඕනි නිසා .....

හිතේ තියන හැමදේම කියනවා කියලා හිතාගෙන අම්මත් ගියාම මාත් පිටත් උනේ වලව්වට යන්න




ශේද්‍ය pov :


ඖෂාලිගෙ අම්මා එක්ක කතා කරාම එයා කිව්වේ මේ ලග වලව්වක් තියෙනවා ඒකෙ ඉන්නෙ වැඩට ඉන්න කෙනයි ලොකු හාමුයි විතරයි කියලා ....


වලව්වක් ගැන කිව්ව නිසා පොඩි සැකයක් ආව නිසාම මන් ඇහුවෙ ලොකු හාමු විතරයි ද ඉන්නේ කියලා .... නැන්දා කියපු විදියට එයා ගොඩක් වයසක කෙනෙක් ... එයා කියපු විස්තර එක්ක මට සැක හිතුනෙ මේ අපි හොයන වලව්ව වෙන්න ඕනි කියලා 


නවතින්න තැනක් නැති නිසා නැන්දයි ඖශාලියිත් අපි එක්කම ආවෙ වලව්වට අපිට එහෙ නවතින්න හදල දෙන්නම් කියල....


ලොකු හාමු කියන කෙනාව නම් තාම දැක්කෙ නෑ අපි .... ගෙදර වැඩට හිටිය නැන්දා කිව්වේ ලොකු හාමු කවදාවත් පල්ලෙහට එන්නෙ නෑ එයා උඩ තට්ටුවේ විතරයි ඉන්නෙ කියලා ... අපිට පල්ලෙහා කාමරයක් ලෑස්ති කරලා දුන්නා....ගමන් මහන්සියටද කොහෙද එහෙමම නින්ද ගියා අපි දෙන්නට...


උදේ නැගිටලා මූන කට සෝදන් ඇදුමක් දාගත්තේ ඖෂාලිව හම්බෙන්න යන්න....


ශාකිර්ටත් කතා කරගෙන යන්න හදද්දි මන් දැක්කෙ වැඩට ඉන්න නැන්දත් එක්ක කතා කර කර ඉන්න ඖශාලිව... එයත් මාව දැකලා එලියට එන්න කියලා ඉගි කරලා ගියේ නැන්දටත් යන්නම් කියලා....


අපිත් ඒ එක්කම එළියට යන්න හදද්දිම වගේ එකපාරටම උඩ තට්ටුවෙන් මනුස්සයෙක් කෑ ගහන සද්දයක් ඇහුනත් ඖශාලි එන්න කියපු නිසා අපිත් එයා පස්සෙන් ගියා..



ඖශාලි pov : 


ශේද්‍ය අයියටත් එන්න කියලා කතා කරගෙනම මං එහෙම ම ගියේ පල්ලෙහා තිබ්බ දොළ පාර ගාවට....එතනට ගිහින් ශේද්‍ය අයියලා එනකම් කල්පනා කලේ මොනවද මේ වෙන්නෙ ඇයි මන් මේවට ගෑවුනේ කියලා....



ශේද්‍ය අයියලා ඇවිත් කතා කරාම මාත් නැගිටලා එයාලා ගාවට ගියේ මේ ප්‍රශ්න විසදගන්න ඕනි නිසා ... අපි තුන් දෙනාම දොල පාර ගාවින් ඉදගත්තේ කතා කරන්න ... ඉස්සෙල්ලම කතා කරන්න ගත්තේ ශේද්‍ය අයියා...


" නංගී මෙහේ ඉන්නවා කියලා මන් දැනගෙන හිටියෙ නෑ නෙ ...



ම්ම්ම්..



නංගී මාත් එක්ක තරහින්ද



නෑ නෑ අයියේ .. අයියා එදා දකිනවා කිව්වේ හීනයක්... මන් මේ ඒක ගැන කල්පනා කලේ...



 ම්ම්ම් මාත් ඒ ගැන නන්ගි එක්ක කතා කරන්න හිතන් හිටියෙ ...



මටත් ඒ විදියට හීන පේනවා... ඒත් මට දැන් තේරෙන එකම දේ මේ හැමදේම එකකට එකක් සම්බන්ධයි කියලා විතරයි .... ඒ වගේම මේ හැමදේටම අපි දෙන්නා වගේම අයියලා නැවතිලා ඉන්න වලව්වයි ඒකේ ඉන්න ලොකු හාමුත් සම්බන්ධයි...."



මන් එදා ගෙදර එද්දී වෙලා තිබුන ඇක්සිඩන්ට් එකේ ඉදන් ඊයේ දවල් වෙනකම් උනු හැමදේම එයාලට කිව්වේ එයාලා මොකුත්ම නොකියා ඒ ගැන උවමනාවෙන් අහන් ඉද්දි



ශේද්‍ය pov :


අපි එහෙමම ගියේ ඖෂාලි එන්න කියපු නිසා.... එයා ගිහින් තිබුනේ දොල පාර ගාවට... එතන හරිම නිස්කලංකයි... අපි යද්දී කෙල්ල ලොකු කල්පනාවක....


මන් ගිහින් එතනින් හිටගත්තම තමා කෙල්ල මේ ලෝකෙට ආවේ.. එහෙමම අපි තුන්දෙනා ගිහින් ඉදගත්තේ දොල පාර අයිනෙන්....


කතා කරන්න ඕනි මොනාද කියලා තේරුම් ගන්න බැරි උනත් මන් ඉස්සෙල්ලම කතා කරන්න ගත්තේ එයා ඉන්නෙ මෙහෙ කියලා මන් දන්නේ නෑ කියලා .... එයා ම්ම්ම් කියලා කෙටි උත්‍තරයක් දෙද්දි මන් සැකෙන් වගේ ඇහුවෙ තාම මාත් එක්ක තරහින් ද කියලා එදා උනු සිද්දියට


කෙල්ල නෑ කියලා ලොකු දෙයක් කියන්න හදනවා කියලා තේරුන නිසාම මන් සද්ද නැතුව එයා කියන හැමදේම අහන් හිටියෙ ... මේවා මන් එදා දැකපු දේවල් එක්ක සම්බන්ධයි නේද කියලා මතක් වෙද්දී .....





Comment එකක් දාන් යන්න.

මම Aurora








Report Page