වියරු ප්‍රේමය 🕊️🥀
පන්හිද🖌(08) කොටස
~PANHIDA ADMIN PANEL~
ඇතීහ්..."
සද්දෙට කෑගහන ගමන් මම තාර නොඅල්ලපූ පරණ පාරට අතින් ගැහැව්වා..
අමුතු චායාවක් මන් ඉස්සරහ ඇදිලා දුමක් වගේ දෙයක් එක්කලා අතුරු දහන් වෙලා ගියා...
නමුත් මම දැක්කා ඒ ඇස් දෙක...දෙයියනේ ඒවා රතු පාටයී.. එක්කෝ අඩලා නැත්තම් මට හිතාගන්න බැහැ.....
......................................................................................
මට දැනුන හැගීම කියාගන්න වචන මට තිබුනේ නෑ එවෙලෙ, බස් එකෙ තිබ්බ රස්නෙ වගේ දහ ගුනයක් කට්ට අව්ව වැටුනු පොලොවෙ වාඩිවෙලා පපුවට අතක් තියාගෙන ඇස් දෙක පියාගෙන
මම උත්සාහ කරේ මගෙන් ඈතට යන සිහිය ආයෙ මගෙ ලගට ගන්න වෙද්දි ආයෙ ම පාරක් දරාගන්න බැරි විලාපයක් මගේ කන් වල දෝංකාර දීගෙන ඒ භයානක විනාඩි කීපය අවසන් වුනා
විනාඩියක් දෙකක් නෑ කොච්චර වෙලාවක්ද මම දන්නෑ..
.බලු බල්ලෙක් නොයන පාරෙ මාව මෙතනින් දාල ගියපු බස් එක ආයෙම අනිත් පැත්තට යද්දිත් මම මෙතන ම...මේ පොලොවෙ වාඩිවෙලා හිටියා.
ඒත් බස් එක මාව කරගෙන යද්දී ම මට මතක් වුනේ මගෙ අම්මව..
.ඒ මනුස්සයා දැන් බය වෙලා ඇති
,පනක් නොතිබ්බ ගත යන්තමට වාරු කරගෙන නැගිටිද්දී මම දැක්කෙ මම බැහැපු හෝල්ට් එකෙන්ම බස් එක එහාට වෙන්න නවත්තද්දී ඒකෙන් බැහැල යන අර රූපේ
දරාගන්න බැරි වේදනාවක් ඇස් වල රදවගෙන...
මන් දිහාවත් නොබලා ඈතට ඇදිල යන ඒ රූපේ...
ඇගේ තිබුනු හයිය ආයෙ ම පාරක් නැති වෙලා යනවා වගේ දැනෙද්දී මම පස්ස නොබලව දිව්වේ ගෙදර ට
" මොකදෑ කෙලී මේ හති දාගෙන එද්දි බල්ලෙක්වත් පැන්නුවද මයෙ පුතේ"
"අහ්"
වේගෙන් දුවගෙන ආපු මම මිදුල දිහා නොබලම ගෙට යන්න හදද්දී ඇහුන අම්මගෙ කටහඩටත් බයවුනා...
අම්මා ඒ බුලත් විට කාපු දත් පෙන්නල හිනාවෙද්දී වෙනදා දැනෙන සැනසීම වෙනුවට මට දැනුනෙ බයක්
" අහ් මේ න්නෑහ් අම්මේ අව්ව නිසා දුවල ආවෙ"
කටට ආපු බොරුව කියාගෙන කාමරේ ඇතුලට ඇවිත් කෙලින්ම මම හාන්සි වුනෙ ඇදේ...
ගතේ තිබ්බ මහන්සියට එහෙන්ම නින්ද යද්දී මට දැනුනේ කවුරු හරි මගෙ කකුලෙන් අදිනව වගේ ....
ඒක හීනයක්ද ඇත්තක්ද කියල වෙන් කරගන්න බැරුව මම දැගලුවත්..දෙයියනෙ ඒක හරි අමුතුයි ...
මම කොච්චර දැගලුවත් මගෙ අතපය හෙල්ලුනෙ නෑ ,,ඒව උඩ දරාගන්න බැරි බරක් එල්ලල වගේ දැනෙද්දී තවත් මම දැගලුවා
" පලිගනිං පලිගනිං යකෝ මාව පිච්චෙනවා"
ආයෙ ම වතාවක් ඇස් බෝල රතු පාට වුනු ඒ රූපෙ මගෙ ගාවට ඇවිත් කිව්වෙ ඒක
" නැගිටපං කෙල්ලෙ නැගිටපං "
අම්මා කතා කරද්දී මම ඇහැරුනේ ,මුලු ඇගෙන්ම දාඩිය බේරෙද්දි
" මොකද කෙල්ලේ වුනේ උබ බය වෙලා හොදටෝම"
" න්නෑ අම්මේ හීනයක්"
අම්මා එක්ක ලාවට හිනාවෙලා මූනට ආපු දාඩිය බිංදු පිහිදන ගමන් නැගිට්ටේ නාගෙන එන්න ළිදට යන්න හිතාගෙන
ඇයි දෙයියනෙ මම පන්ති යන්න එහෙම තෝරගත්තේ,
ඇයි මට ශේද්‍ය අයියව හම්බුනේ,එයාව දැක්ක විනාඩියේ ඉදලම මට කිසිම සැනසීමක් නෑ,හැමදාම මොකක් ම හරි දෙයක් මගේ හිත හොල්ලනවා
, ශේද්‍ය අයියගෙ ඇස් වල තියෙන අසාමාන්‍ය දීප්තිය මගේ ඇස් කඩාගෙන යනවා වගේ දැනෙන්නෙ එයාව දකින හැමවෙලේම
මම මොකද්ද කරන්න ඕන......
මගේ අම්මා මන් වෙනුවෙන් අව් කාශ්ටකේ නැහිල නැහිල හම්බකරද්දී...මම හීන වගේක අතරමං වෙලා පන්ති ගියත් ඔලුව වටේ යව යව ජීවත් වෙන්නේ...
.මේ කරන බොරුවට මට වැහි නැති හෙන ගහන්නේ...
"මම ආයෙ යන්නෑ",
ශේද්‍ය අයියගෙ වේදනාව පිරිච්ච දිලිසෙන ඇස් මැවිල පෙනෙද්දි මම මටම කියාගත්තේ හිත ටිකක් සැහැල්ලු කරගන්න ගමන්
සීතල වතුර ඇගට වැටෙද්දී මෙ තරම් වෙලා ඇගේ තිබුනු හැම මහන්සියක්ම හේදිලා ගියේ.....
අනේ මගේ හිතේ තියෙන විකාරත් හේදීලාම යනවනම් කියල මට හිතෙද්දී........
කමෙන්ට් එකක් දාන්න ඇඩ්මින් පැනල් එක ලියන මේ ස්ටෝරි එකට
මම සනෙම්