වියරු ප්‍රේමය 🕊️🥀

වියරු ප්‍රේමය 🕊️🥀

පන්හිද🖌


(07) කොටස


~PANHIDA ADMIN PANEL~

...වඩාත් සංවේදී අය කියවිමෙන් වලකින්න...

ආත්මයක් ආත්මයක් පසා ඔහුවම හඹා ආ ඇගේ කතාව..........


පෙර කොටස






"ලිහාගන්න බැරි බැදිමකට ආරම්භයක් හරි අවසානයක් හරි හොයාගන්න ඕනි."




"උබේ ඔය වැල්වටාරම් මට තේරෙන්නෑ ඕයි . සුද්ධ සිංහලෙන් කියහන්"




 " සුද්ද සිංහල ට්‍රාන්ස්ලේට් කරල කියද්දි මුට මොනාහරි වෙලා තියෙයි මනුස්සයෝ..."




ඉමා එහෙම කියල රිතික්ශ අයියට කෑගහන්න ගද්දී මම අත් දෙකෙන්ම කන් දෙක

වහගත්තා...




 " අයියෙ ඇයි එයාට එහෙම වෙන්නේ.."




සේරටම වඩා හයියෙන් මම කෑගැහැව්වා.. කිසි දෙයක් තේරුම් ගන්න බැරුව කෑගැහැවා..




මන් දැනන් උන්නා එක දෙයක්. මේක සෙල්ලමක් නෑ.. මේක ජීවිත දෙකක් එක්කලා ගෙතුන මොකක් හරි අදුරු බලපෑමක්. දැනෙනව මහ ගොඩක් දේවල් කියාගන්න අමාරු.. හැබැයි වෙලාවකට හිතෙනව ඒ ඇස් අස්සට එබෙද්දී මාවයී ශේද්‍ය අයියවයි බැදලා දාලා වගේ හැඟීමක්... සේරම මැද මම අතරමං උන නිකන්ම නිකන් මනුස්සයෙක්.




" මට යන්න ඕනා..."




බෑග් එක ලහි ලහියෙ අතටගන්න ගමන් ඔලුව උස්සපු මම දැක්කෙ භය වෙලා වගෙ මන්දිහා බලන් ඉන්න රිතක්ශ අයියවයි ඉමාවයී....





 " උබ හදිස්සියෙ කොහෙ දුවන්නද මේ...? "




 " මට කරන්න වැඩ නැහැ කියල හිතුවද.. මගෙ අම්මා අරෙහෙ හිඟන ගෑනියෙක් ගානට අතපල්ලට වැටිලා වැඩ කරද්දී මට මෙතන ඉදන් පිස්සු නටන්න වෙලාවක් නෑ...."




වචන පිට උනෙ තදට.. ඔලුවෙ පැත්තක ලොකු බරක් තිබුනා. මේ කන කට්ට කවදහරි මගෙ අම්මා සැනසීමේ ඉන්නව දකින්නයි මට ඕන.




බෑග් එක අරන් මම ක්ලාස් එකෙන් එලියට ඇවිදන් ආවා.. මේ ක්ලාස් එකට ආපු දා ඉදන් මම ඈතක මගෙ හිත වෙන කොහෙවත්. හිත එකතැන තියාගෙන වැඩක් කරගන්න බැරිනම් මොකටද තව මේවා..




අම්ම මන් වෙනුවෙන් කන කට්ටට මම මෙහෙ ඉදන් කරන්නෙ ලොකු අසාධාරණයක්...




ගමේ බස් කට්ට එනකන් මට අව්ව තපින්න සිද්ද උනා.. මහ අව්ව ඔලුව උඩටම පතබෑවෙද්දී නලලට උඩින් තියන් ඉදපු අතත් පසාරු කරගෙන ඇස් නිලංකාර වෙන තරමට කාස්ඨක අව්ව...




 ඈතින් පේන බස් කට්ට දැක්කම දැනෙන සැනසීම වචනෙන් කියන්න බැරි තරම්..




පොඩිහරි සැනසීමක් බලාපොරොත්තුවෙන් බස් එකට ගොඩ උනත් මොනාද පටවලා වගෙ ඒකෙ ඉන්න සෙනඟ ගොඩඅ නිසා තිබ්බ අන්තිම සැනසීමත් පෑලදොරින් එලිබැස්සා...




 බස් එකට ගොඩ වෙලා මුල්ලකට වෙලා උඩ පොල්ල අල්ලන් මම හිටියා...




කිසි දෙයක් තේරුම් නොයන එකිනෙක නොගැලපෙන අද දවසෙ සිද්දි සේරම මම මතක් කරා...




ඇයි ශේද්‍ය අයියා මටභූමි කියල කතා කරේ.එයා කියන විදිහට ඉබේටම එහෙම ජීවිතේට නොඅහපු නමක් කියවෙන්න උනත් පුලුවන්ද.. සේරම හරි ඇයි මෙච්චර ඒ නම ඇහෙද්දි මගෙ ඔලුව පිස්සු නටන්නේ...




මොන තරම් හොද මානසික මට්ටමක හිටියත් වෙලාවකට මට මාවම විකාර වෙලා පේනවා..




මම කොහෙවත් මගෙ කල්පනාව වෙන කොහෙවත්..තනිකරම විකාරයක් මේක. මගෙ ඔලුවෙ හොල්මන් කරන එක්තරා විකාරයක් මේක..




හැබැයි මොකක්ද ශේද්‍ය අයියා මගෙන් අහපු හීනෙ කතාව.. ප්‍රශ්න ගොඩක් එකපාර ඔලුවෙ සක්මන් කරන්න ගත්තා...





 " ආව්....."




ඉබේටම මගෙ ඇස් හැරවුනේ බිමට...




 පොඩි එකා හිටියෙ මගෙ කකුල උඩ නැගගෙන.. ඇදල ගත්තා කකුල හයියෙන් අහකට.. ඌව අල්ලලා පොලොවෙ ගහන්න තරම් ආවේගයක් හිතට ආවා...




හුස්මක් කටක් ගන්න බස් එකෙ ඉඩක් නෑ.. ඒ මදිවට දවල්ටවත් නොකා ඉදපු මට දැනුන බඩගින්නයී අව්වේ ඉදලම ඔලුව රත් වෙලා දැනෙන හිසරදෙයී.. ඇඟට දැනෙන තෙහෙට්ටුවයී ඒ මදිවට මූ පාගපු කකුලෙන් දැනෙන වේදනාවයී සේරම මිශ්‍ර වෙලා දැනුනේ මහ ම මහ එපා වීමක්...




 රවලා අහක බලාගත්තු මම අහම්බෙන් වගෙ දැක්කේ උදේ එමින්ගමන් පාස් කරන් ආපු පාර.. දෙයියනෙ උදේ උනේ මම ජීවිතේටවත් නොහිතපු විදිහෙ දෙයක්...මතක් වෙද්දිත් ඇඟ කිලිපොලා යන විදිහෙ දෙයක්...




......





වැඩි සෙනඟක් නොහිටපු බස් එකේ කොනේ ශීට් එකක් අල්ලන් ඉදගෙන වටේ ටම ඇස් යවනගමන් ඉදපු මගේ නලල ගිහින් ඉස්සරහ ශීට් එකේ වැදුනේ ඩ්‍රයිවර් අංකල් ගහපු තද බ්‍රේක් පාරට වෙද්දී ඉබේටම ඇස් ගියෙ අතෙ තිබුන ඔරලෝසුව දිහාට...





එකොලහට ඉන්නෝන ක්ලාස් එකේ වෙද්දී දැනටමත් මෙතනදිම වෙලාව එකොලහ වෙලා තිබුනා...




උනේ මොකක්ද දන්නෑ බස් එක මහ පාර මැද නතර කරල තිබුනා.. එක එක්කෙනා කලබලෙන් වගෙ බස් එකෙන් බහිද්දී එතන නොඉද බස් එකෙන් බහින්නම කියලා කියන්න වගේ මගෙ කකුලත් ඉස්සුනේ දොර දිහාට...





සෙනඟ පාර මැද පිරිලා ඉන්නැද්දී කන අස්සෙ දෝංකාර දෙන විදිහෙ ඉකි බිඳින හඩක්..




මහ දවල් පාර මැද කොහොමටවත් බය වෙන්න කියල දෙයක් නොතිබ්බත් මුලු හිතම බයකින් පිරිල තිබ්බ වගේම දැනුනෙ පොඩි චකිතයක්...




අඩියෙන් අඩිය තියලා ඉස්සරහට මම ගියෙ හරි හෙමීට.. මොකද තියන අඩියක් ගානෙ මගෙ කකුල් වෙව්ලුවා..




සෙනඟ පීරන් සෙනඟ අස්සෙන් ඇතුලට ගිහින් නතර උන මම දැක්කෙ කොහොමටවත් බලාපොරොත්තු උන සිදුවීමක් නම් නෙවේ...





බිම වැටිලා හිටියේ පිරිමි කෙනෙක්. වැඩි වයසක් කියන්න බෑ ඒ පෙනුමෙන් නම්.. බිම වැටිල ඉදපු කොල්ලව තුරුල් කරන් එක අක්කා කෙනෙක් කෑ ගගහා අඩනවා..




ඒ වේදනාව නිකන් මට උනා වගේ මහ අමුතු විදිහට දැනෙන්න ගද්දී ජීවිතේට මේ වගේ දේකට උණු නොවෙන විදිහෙ හිතක් තිබ්බ මගෙ ඇස් වලිනුත් කඳුලු පිරෙන්න අරන් තිබුනා...


ඒ අයියගෙ ඔලුවෙන් හෝ ගාලා රතුම රතු පාට ලේ ගලන්න අරන් මුලු පාර පුරාගෙම වැක්කෙරිලා යනවා...




කකුලට දැනුන රස්නේ නිසා බිමට නැවුන ඔලුවත් එක්කලා ඇස් නතර උනේ මගෙ කකුල් ගාව වෙද්දී ඒ අයියගේ ඔලුවෙන් වැක්කෙරිලා එන ලේ මගෙ ගෙවුන බාටා දෙකත් එක්කලා වැහෙන්නම කකුලේ තැවරිලා තියනව දකිද්දී බල බල ඉදියෙ නෑ මම ඉක්මනට පස්සට පැන්නා..





යටිපතුලෙ ඉදන් හිස් මුදුන දක්වා කරන්ට් එකක්ගියා වගේ හැඟීමක් මට පළවෙනි වතාවට දැනෙන්න ගත්තා..





 " ළහිරූ... නැගිටින්න දෙයියනේහ්....."




අක්කා බෙරිහන් දෙද්දී කන් අස්සේ ඒ වචන එක්කලාම කන් අගුලු වැටෙන විදිහට මොනා හරි උනා වගේ දැනුනා...




" ලහිරූ......හ් "




ආයෙ ආයෙම ඒ කටහඬ ඇහෙන වාරයක් ගානේ මගෙ කන් වලට මොනාද වෙලා යනව වගේ තේරුනා...




හිටන් ඉන්න පණක් නැතිම තැන මාව කපපු කෙහෙල් කඳක් ගානට බිමට ඇදගෙන වැටුනා.. දන තියලා නොවැටී වාරු උනත් තද කරලා අත් දෙකෙන්ම කන් දෙක වහන් ඉදපු මගෙ තොලපටවල් පවා වෙව්නවා...





හේතුවක් දන්නෑ ඒ නම ඇහෙද්දී මට මහ හුරු පුරුදු ගතියක් දැනෙන්න අරගෙන තිබුනා..




තද කරලා ඇස් දෙක පියාගත්තේ කෙල ටිකක් ගිලලා හිත සන්සුන් කරගන්න උනත් ඇස් පියාගත්තා කියලා කොයිද සැනසීමක්.. අඳුරු රූප පෙලක් පේන්න ගන්නේ හරියට චිත්‍රපටියක වගේ.. ඒවා පෙනී නොපෙනී යද්දි තදකරලා පියන් ඉදපු ඇස් මම ඉක්මනට ඇරියේ මෙතනින් දුවන්න හිතාගෙන උනත්..... ,





මැරිලා බිම වැටිල ඉදපු මනුස්සයා ඔලුව කෙලින් කරලා මන් දිහාම බලන් ඉන්නව දකිද්දී දන තියලා බිම ඉදපු මාව අඩි ගානක් පස්සට විසික් වෙලා ගිහින් පස්ස බිම ඇනිලා නතර උනා..




කකුල් දෙක ඇද ඇද මම පස්සට යන්න හැදුවත් මටදැනුනෙ මාව ගල් වෙලා වගේ හැඟීමක්..




 ඒ ඇස් වල කලු බෝලයක් නොතිබ්බා වෙද්දී කොච්චර කෑගැහැවත් මට දැනුනා ඒක මට ඇරෙන්න වෙන කාටවත් නෑහෙන බව...




වෙන මිනිස්සු කොච්චර මෙතන හිටියත් ඇයි මෙයාලා කවුරුත් මන් දිහාවත් නොබලන්නේ කියන එක මට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුනා...




 " මට නිදහසක් නෑ....!!!! මාව මරපු උන්ගෙන් පලිගනින්.. මාව පිච්චෙනව යකෝ....."




 " අනෙ.. එපා.. දෙයියනේ...මම ඔයාලට කිසිම වරදක් කරල නැහැ.. අනේ මාව අතාරින්න සර්.. පින් සිද්ද වෙයි අතාරින්න.. ලහිරු...!!!ලහිරූ.....!!!!"





ගෑනු කෙනෙක්ගෙ අදෝනාවක්.. තනිකරම අදෝනාවක්.. මගෙ ඔලුවම වහගත්තා.. ලහිරු කවුද එයා... මොනා උනත් මේවට එයා සම්බන්ධයී...මේවට ප්‍රශ්න හැම එකටම විසදුම ලහිරූ..




මේ මැරිල ඉන්න කෙනා.. දෙයියනේ මට පිස්සු වගේ...




ඔලුව අල්ලන් වැටිල ඉදපු මම ඊලග විනාඩියේ එතනින් නැගිට්ටා....




 පුලුවන් වෙර දාලා මම එතනින් නැගිටලා පිටිපස්ස හැරුනේ පස්ස නොබලා බස් එකට දුවන්න.. මොකද මෙතන ඉන්නවයි කියල කියන්නේ මට මොනාහරි වෙන්නවත් බැරි නෑ...





ඒත් හිත කිව්වෙම පිටිපස්ස හැරිලා බලපන් කියලා...




ඔව් මම පස්ස හැරිලා බැලුවා...




එතන සාමකාමියී.. දැන් මීටවිනාඩි ගානකට කලින් මම මුහුන දුන්න දේ මගෙ ඔලුවෙම මැවුන විකාරයක් කියලා තහවුරු කරන්න වගේ එතන සාමකාමියී..





හුස්ම ඇදඇද ඒ අක්කා අයියව තුරුල් කරන් අඩද්දිත් ඇයි වටවෙලා ඉන්න මිනිස්සු එයාව තාමත් ඉස්පිරිතාලෙකට නොගෙනිච්චෙ කියන ප්‍රශ්නෙ මගෙ හිතේ තදේටම ඇදුනා...




ඒත් එයා පණ ගියපු මනුස්සයෙක්.. අවසානෙදී ඇත්ත උනෙ ඒක. ඉතින් යන්න ඕන කාලෙදී කොච්චර ලස්සන උනත් ජීවිතෙ අතඇරලා දාලා යන්නම වෙනවා.. ඒක තමා සොභාව...





හුස්මක් අතඇරපු මම ආයෙත් බස් එක ඇතුලට ආවෙ නොසන්සුන් වෙච්ච හිතත් එක්කලා...





.............





 අතීතේ ගිලිලා ඉදපු මගෙ හිත ආයෙත් ආවෙ බස් එක ඇතුලෙ හිටන් ඉන්න ඖෂාලි ලඟට...





බහින්න ඕන හෝල්ට් එක ළං වෙනව දැනුනෙවත් නෑ... කලින් මගෙ කකුල පාගපු පොඩි එකා තාමත් මන් ලගින්ම හිටගෙන මූන උස්සලා ඌට වඩා උස මන් දිහා බලන් ඉන්නවා...





කේන්තිය යම්තාක් දුරට සමනය වෙලා තිබුන නිසා මම ලාවට එයා එක්කලා හිනා උනේ සමාවෙන්න කියන්න වගේ...





බස් එකෙන් බහින්න දොර ගාවට යද්දි එයා මට හිනා වෙලා අත වැනුවා.....




බස් එකෙන් බැහැගත්තු ගමන් මට දැනුනේ මාව කරකවලා අතඇරියා වගේ හැඟීමක්...





 කොච්ච්චර අපහසුවක් දැනුනත් මම ඉස්සරහට ඇවිදන් යන්න හැදුවේ මේ පාලු ගුරු පාරේ මන් ඇරෙන්න වෙන බල්ලෙක්වත් නොහිටපු නිසා..




ඉපදෙන ඉපදෙන සංසාරයක් පුරාවට...



ඉපදෙන ඉපදෙන භවයක් පුරාවට...



ඉපදෙන ඉපදෙන සසරක් පුරාවට...


ඉපදෙන ඉපදෙන මොහොතක් පුරාවට....

සසර වසන තුරු....


මේ මාගේ හදවතේ ගැඹුරෙන් ම මා අයදින අදෝනාවයි...


ප්‍රේම කරමි..


මා උපදින සසරක් පුරාවට ම ඔබේ ස්වාමියා වෙමි..




  මට දැනුනෙ කවුරු හරි මගෙ කන අස්සට රිංගලා රහසින් ඒ ටික කිව්ව වගේ...



ඇඟම කිලිපොලා ගියා වගේ හැඟීමක් දැනෙද්දී මම කන් දෙක අත් වලට තද කරන් බිම වාඩිඋන...



ඒක දරාගන්න අමාරු උනා.. මොනාද මේ වෙන්නේ..



කිසි දෙයක් හිතාගන්න බැරුව අඩ අඩා මම වටපිට බැලුවෙ උදව්වටවත් කවුරු හරි ඉන්නවද කියලා...



නැගිටගන්න බෑ බයටම කකුල් වෙව්නවා...                            

                      


ප්‍රේම කරමී...!!







" ඇතීහ්..."





සද්දෙට කෑගහන ගමන් මම තාර නොඅල්ලපූ පරණ පාරට අතින් ගැහැව්වා..




අමුතු චායාවක් මන් ඉස්සරහ ඇදිලා දුමක් වගේ දෙයක් එක්කලා අතුරු දහන් වෙලා ගියා...නමුත් මම දැක්කා ඒ ඇස් දෙක...දෙයියනේ ඒවා රතු පාටයී.. එක්කෝ අඩලා නැත්තම් මට හිතාගන්න බැහැ.....




තාමත් මම පාර මැද බිම වැටීගෙන බලන් ඉන්නවා.. ඒත් ඒ චායාව එන්න එන්න ඈතට යනවා..



🌿 🌿 🌿 🌿 🌿 🌿 🌿


ඉතින් ඔයාලට පුලුවන් අපේ ඇඩ්මින් පැනල් එකෙන් ගේන මේ කතාවට ලස්සන කමෙන්ට් ටිකක් දාන් යන්න...



මම

ɦǟֆɦɨ 🌿


Report Page