වඩින තුරු සඳ-6

වඩින තුරු සඳ-6

Ravindu T. Chandrasekara

වඩින තුරු සඳ-6

පෙර කොටසට


https://telegra.ph/%E0%B7%80%E0%B6%A9%E0%B6%B1-%E0%B6%AD%E0%B6%BB-%E0%B7%83%E0%B6%B3-4-09-09


යන්න කලින් අන්තිම වතාවට යෂෝගගෙ මැසෙන්ජර් චැට් එක බලපු මම ෆෝන් එකත් ඕෆ් කරලා නිදාගත්තේ සෑහෙන දේවල් කල්පනා කර කර.

ඊළඟ දවසේ ඉස්කෝලේ නොගියපු මම සෙනසුරාදා ඉරිදා දෙකම ක්ලාස් ගිහින් ආවා. ක්ලාස් ගියත් වැඩක් තිබ්බේ නෑ මොකද ඒ දවස් දෙකෙත් යෂෝග මං එක්ක කතා කරේ නෑ. ඒ නිසා මං සෑහෙන්න අවුලෙන් හිටියේ.

සඳුදා උදේ පුරුදු පරිදි මම ඉස්කෝලේ ගියා. ගිහින් පන්තිය පස්සහා අපේ රාජධානියට වෙලා හිටියේ ඉස්කෝලේ පටන් ගන්නකන්.


" මේ සිකුරාදා මොකද උනේ?"


තත්සරණි ඇහුවේ ඉස්සරහ පෝළිමේ හිටපු දිනූෂාගෙන්.


" ළමයි එකොළොස්දෙනයිලු හිටියේ හලෝ. මේන් හෝල් එකේ රැස්වීමක් තියලා ඉවර කරලා.මැඩම් උදේ ආවට පස්සේ ආයේ ආවේ නෑලු පන්තියට."


"අලුත් කෙනෙක් ආවද?"


"නෑලු. මාත් හරියටම දන්නේ නෑ."


සිකුරාදා වෙච්ච දේ මොකක්ද කියලා දැනගන්න ඕනේ නිසා අපි ඇහුවේ. ඒත් අලුතෙන් එන කෙනෙක් ගැන හෝඩුවාවක් වත් නෑ.

"ඔය හෝන්තුව යනවා බලන්න කවුරුත් එන්නේ නෑ බන්. අනික අපිට වගේම අනික් අයටත් බනින්න ඇති. ඒකනේ එන්නෙ නැතුව ඉන්න ඇත්තෙ"

මේධනා කීවා.

"මේ තත්සරණි උඹට මොකද උනේ ගෙදර?"

" තාත්තා බැන්නේ පේපර් වල ලකුණු අඩුයි කියලා. අර ඩබල බැන්නේ නෑ මට. දන්නවනේ තාත්තාගෙන් ලකුණු දාගන්න ඕනේ නේ. හැබැයි ඒකට හරි යන්න මට ගෙදරින් හම්බුණා බැනුම්."

"ඒක නෙවෙයි තනූ. මොකද දැන් යෂෝගගෙ තත්ත්වෙ?"

ත්‍යාග්‍යා ඇහුවා.

"ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ."

"ඇයි එහෙම කියන්නෙ?"

"නෑ බන්. රණ්ඩු කරනවා කරනවා ඉවරයක් නෑ. හැම වෙලේම රණ්ඩුවක්. ඊටපස්සෙ දවස් ගණන් කතා නොකර ඉන්නවා. දැක්කනේ මේ දවස් දෙකේ ක්ලාස් වල හිටපු විදිහ."

"ඇයි ඉතින් යෂෝග ඔහොම කරන්නෙ?"

"ඉමේෂා අවුස්සනවා බන්. කොයි වෙලේ බැලුවත් දෙන්නා ඔන්ලයින්. මැසේජ් කරනවා වෙන්න ඇති. මොකද එකම වෙලාවට ඕෆ්ලයින් යනවා. එකම වෙලාවේ එකම එකේ ඔන්ලයින් ඉන්නවා. අනික ඒක නෙවෙයි මායි යෂෝගයි අතරේ වෙන්නේ මොනවාද ඒ හැමදේම ඉමේෂා දන්නවා."

"ඉමේෂා යෂෝග එක්ක සෙට් කියලා මට නම් හිතෙන්නේ."

තත්සරණි කීවා.

"මොන පිස්සුද බන්. ඉමේෂා එකෙක් එක්ක කියලද? මේ අද එකෙක් මේ හෙට එකෙක්. එක කොල්ලෙක් එක්ක ඉඳී මේන් කියලා"

මං කීවා.

ඇත්ත තමා ඉතින්. යෂෝග මගෙ පස්සෙන් එවලා ඊටපස්සෙ යෂෝග එක්ක සෙට් වෙන්න මොකක්ද තියෙන උවමනාව. එක්කො දෙන්නා කලින් ඉඳල සෙට්වෙලා ඉඳලා මගෙන් පළිගන්න ඕනෑවට මාත් එක්ක සෙට් වෙලා වගේ.

ඉස්කෝලෙ පටන් ගත්තට පස්සේ මුලින්ම අපට තිබ්බේ බයෝ ඩබල් පීරියඩ්. පුදුම කම්මැලිකමකින් හිටපු අපි කරේ නිදා ගත්ත එක. සර්ටත් වැඩි ගානක් තිබ්බේ නැති නිසාද කොහෙද අපිව ඇහැරව්වේ නෑ.


තුන්වෙනි පීරියඩ් එක අපිට තිබ්බේ ඉංග්‍රීසි. අද මැඩම් ඇවිත් නැති නිසා ඒකෙත් මං නිදාගත්තා. අපේ සෙට් එක නම් ඇහැරිලා කච කච ගගා හිටියා.


ටිකක් වෙලා ඉද්දි මුළු පන්තියම එකපාරටම සයිලන්ට් උනා. ඇයි කියලා ඔළුව උස්සලා බලද්දි අපේ උන් හේතුවක් නැතිව තමා නිශ්ශබ්ද වෙලා තියෙන්නේ. විනාඩි 10කට විතර පස්සේ ආයෙත් හැමෝම සයිලන්ට් උනා. ඒ වෙන හේතුවකට නෙවෙයි. එහා පන්තියට මැත්ස් උගන්න උගන්න හිටපු සීලරත්න සර් ආපු නිසා.


"මොනවාද දැන් තියෙන්නේ?"


"ඉන්ග්ලිෂ් සර්"


"මැඩම් කෝ?"


"අද ඇවිත් නෑ සර්."


"සද්ද නොකර ඉන්නවා එහා පන්තියට උගන්නන්න ඕනේනෙ? කෝ පන්ති නායිකාව? පන්තිය ඉස්සරහට ඇවිත් බලනවා පන්තිය හොඳට."


එහෙම කියපු සර් ගියා පන්තියෙන් එළියට. මං ගාව හිටපු තත්සරණි නැගිටලා ඉස්සරහට ගියා.


වාඩිවෙලා ආපහු ඔළුව තියාගත්ත මම නිදාගත්තා. ඒත් එක්කම වගේ ආපහු පන්තියේ සද්දේ වැඩි වුණා. තත්සරණි කෑගැහුවත් සද්දේ අඩු වෙන පාටක් තිබ්බේ නෑ.


තව විනාඩි දහයක් යන්නත් කලින් මුළු පන්තියම සයිලන්ට් වුණා. මේ පාරත් සීලනාත් සර් වෙන්න ඇති. එහෙම හිතපු මම තවදුරටත් ඔළුව උස්සලා බලන්න වද නොවී නිදාගෙනම හිටියා.


කවුදෝ මට තට්ටුවක් දැම්මා. එච්චර ඒක ගානකට ගත්තේ නැති මම නිකන් හිටියා. දෙවෙනි පාරටත් මට තට්ටුවක් දැම්මා.


"ඇයි ඕයි?"


මං ඇහුවේ හැරිලා වත් බලන්නේ නැතුව.


ආපහු මට තට්ටුවක් දැම්මා.


"මොන කරුමයක්ද ඕයි?"


මං ආපහු කීවා.


තව පාරක් තට්ටුවක් වැටුන නිසා මගේ ඉවසීමේ සීමාව බිංදුවටම බැස්සා.


"මොන මගුලක්ද ඕයි තට්ටු දාන්නේ? කතා කරන්න බැරිද තො......"


දඩ බඩ ගාලා පුටුවත් පෙරළන් නැගිටලා කෑ ගහපු මගේ කට වැහුණේ මං ගාව හිටන් හිටපු කෙනාගේ මූණ දැකලා.......

----------------------------------------------------------

අද නම් පොඩි කොටසක් හොඳේ. සමාවෙන්න ඒකට. හිත එක තැන තියාගෙන ලියන්න අමාරුයි. පුංචි දෙයක් කියන්නම්. කොහෙන් හරි මොකක් හරි බොරු දේකට reject වුනොත් අවුල් ගන්න එපා. මොකද ඒ reject කරපු අයට ඉක්මණට ඔයා ගාවට ආපහු එන්න වෙනවා ඔයාගෙන් උදව් ඉල්ලාගෙන. ඔබ වෙනුවට වෙනත් ආදේශක නොමැති තරමට ශක්තිමත් වෙන්න කියලා කියනවා නේ. එහෙම දෙයක් කිව්වෙ ඉතින් අද මට එහෙම දෙයක් වුණ නිසා. 😌😁😉. හරි එහෙනම්. Comment නම් වැටෙන්නෙ පන්හිඳ එකේ විතරයි. අනික් ඒවායෙ නම් නෑ නෙ. අනේ පුලුවන් නම් හැමෝම comment කරන්න. මොකද ඒවා කියවලා මං සෑහෙන්න සතුටක් ලබන නිසා. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි.

💣 වඩින තුරු සඳ කතාව පළ වන චැනල්

1.පන්හිඳ- https://t.me/panhida

2.මන්දාකිණි- https://t.me/mandakinichannel

3. __𝕊𝕋𝕆ℝ𝕐 𝔹𝕐__RTC🍃💐- https://t.me/story_RT

4. සියපත- https://t.me/siyapathachannel

5. Dreamy💓- https://t.me/dreamyyyyns

මේ චැනල් පහේ ඇර වෙනත් එකක කතාව පළ වෙනවා නම් අනිවාර්යයෙන් මට කියන්න. කතාව ගැන විස්තර හෝ මොනවා හරි දැනගන්න තියෙනවා නම් @ravinduchandrasekara user name එක හරහා මැසේජ් එකක් දාන්න.

-විදූ

Report Page