වඩින තුරු සඳ-5

වඩින තුරු සඳ-5

Ravundu T. Chandrasekara

වඩින තුරු සඳ-5


පෙර කොටසට


https://telegra.ph/%E0%B7%80%E0%B6%A9%E0%B6%B1-%E0%B6%AD%E0%B6%BB-%E0%B7%83%E0%B6%B3-4-09-07


පස්සහ හැරිලා බලද්දී තාත්තා ඔලිව් තෙල් බෝතලෙත් ළඟ තියාගෙන මගේ ගවුම උස්සලා කකුලේ තෙල් ගානවා.


දඩබඩ ගාලා නැගිටපු මම ගවුම පහළට ඇදලා කකුල් දෙක වහගත්තා. 


"මොකද ලැජ්ජයිද?"


" නෑ නෑ මේ.."


"පිට මිනිහෙක් නෙවෙයි මං ඔයාගේ තාත්තා. කෝ එන්න."

" තාත්තේ ඔයා යන්න"


මං කීවේ කෙළින්ම එයා දිහා බලන ගමන්.


"ඒත් දුව පොඩ්ඩක් ඉන්..."


"තාත්තේ මගේ තරහා අවුස්සගන්නෙ නැතුව යනවද?"


පොඩ්ඩක් මං සැරෙන් කීවට පස්සේ තාත්තා මං දිහා බලන් ඉඳලා නැගිටලා ගියා. ඒත් එක්කම අම්මා කාමරේට ආවා.


"දුව තාම ඉස්කෝලේ ඇඳුම් පිටින් නේ. යන්න ඇඟ හෝදන් එන්න."


අම්මා කීවේ වේලලා නවපු රෙදි ටික මගේ කබඩ් එකට දාන ගමන්.


ඇඟමෑලි කඩපු මම අම්මා යනකන් ඉඳලා කාමරේ දොර වහලා ලොක් කරගත්තා. ඇඳන් හිටපු ඇඳුම් ඔක්කොම ගලවලා තුවායත් අරන් බාත් රූම් එකට ගියා.


කකුල් දෙකෙයි කළවා වලයි ලා රතුවට වයිරපලු. වතුර වැටෙද්දිත් හොඳටම දැවිල්ලයි. හෙමින් සබන් ගාලා හෝදාගත්ත මම කාමරෙන් එළියට ඇවිත් ඇඳුමක් දාගත්තා.


ඇඳුම් ටිකත් රෙදි කූඩෙට දාපු මම ෆෝන් එක අරගෙන ඇඳ උඩට පැන්නා. Whatsapp එකෙන් notifications ඇවිත් තිබ්බ නිසා මං whatsapp එකට ගිහින් තත්සරණිගෙ චැට් එක ඕපන් කරගත්තා.


"Mkd bn thathwe?🥲💔"


තත්සරණි දාලා තිබ්බ මැසේජ් එක රීඩ් කරපු මම රිප්ලයි එකක් දාන්න ලෑස්ති උනා.


"Athishya brptlai bn.😕"


මැසේජ් එක දාපු ගමන් seen කරපු එයා රිප්ලයි කරා.

"Thma bninw bn mt🥲"


"Mt nm bnne na 🥱"


"Ado sirawata? Pudumai.🥲"


"Hodtm gahuwa.😌💔"


"Ane plyn ynn boru nokiya😒"

"Men blpn borud kiyl😒💔"

"Aneeee🥺"


"🙂🙂"


"Yako ara nakichchiwai aruwai thiynn wtinne nane?"


"Unt bnl wdk na bn ape un dngnn one kiyn dewl hariyt hoyl blal ghnn bninna"


"Ek nm kiyl wdk na bn. Me mn ynnd aan aye bninw phone ob ob innw pdm krnne na kiyl."


"Hari bn prissmen"


එහෙම කියපු තත්සරණි ඕෆ්ලයින් ගියා. චැට් එකේ පහළටම ගියපු මම යෂෝගගේ චැට් එක ඕපන් කරා.


එයා ඔන්ලයින්. කෝකටත් කියලා මම ඉමේෂාගෙ ප්‍රොෆයිල් එක බැලුවා. ඒකත් ඔන්ලයින්. ෂුවර් දෙන්නම මැසේජ් කරනවා ඇති.


"Bba mk"


මම යෂෝගට මැසේජ් එකක් දැම්මා. විනාඩි දෙක තුනක් යනකන් මම චැට් එක දිහා බලන් හිටියත් එයා මැසේජ් එක බැලුවේ නෑ. එකපාරටම එයා ඕෆ්ලයින් ගියා. ඒත් එක්කම වගේ ඉමේෂාත් ඕෆ්ලයින් ගියා.

ටෙලිග්‍රෑම් ඕපන් කරත් එයාලා ඒකේ ඕෆ්ලයින් නිසා මම මැසෙන්ජර් එකට ගියා. ඒකේ ඒ දෙන්නම ඔන්ලයින්. මටනේ මේ දෙන්නා බොරු කරන්නේ. කලකිරිච්ච හිතින් ෆෝන් එක පැත්තකට දාපු මම කොට්ටේ බදාගත්තා. 


"දුව එන්න කන්න යමු"


අම්මාගේ කටහඬෙන් මගේ කල්පනාව විසිරිලා ගියා. කන්න යන්න වත් මට උවමනාවක් තිබ්බේ නෑ. මොකද තාත්තා එක්ක තිබ්බ දුකයි තරහයි යෂෝගගේ වැඩ නිසා හිතට දැනිච්ච වේදනාවයි මගේ කෑම ගැන තිබ්බ ආසාව බිංදුවටම බස්සපු නිසා.

එහෙම කියපු මං අනික් පැත්ත හැරුණා. තනිකම පාළුව හිතේ පිරිලා තිබ්බා. කවුරුත් නෑ මට. හැමෝටම පේන්නෙ මගේ වැරැද්ද. ඒත් ඉතින් මොනවා කරන්නද? මගේ වෙලාව තමා. වැඩ කරන්න තේරෙන්නෙ නෑ.අහගන්න කෙනෙක් නෑ. විභාග වලට ගියාම ලකුණු අඩුයි. හරි ඒවටත් වැරදි දාලා. යාලුවො ඇරෙන්න කවුරුත් මාත් එක්ක නෑ. ගෙදර උනත් මට නංගියෙක් මල්ලියෙක් අයියෙක් අක්කෙක් නෑ. මොන දුකක්ද මේ ජීවිතේ.


"දුව. මොනවාද කල්පනා කරන්නේ?"


අම්මා කතා කරපු එකෙන් මගේ කල්පනාව බිඳිලා ගියා.


"මුකුත් නෑ"


" කෝ එන්න කවන්න"

අම්මා බත් බෙදන් ඇවිත්.


"අනේ අම්මේ කිව්වම තේරුම් ගන්නකෝ. බෑ මට කන්න"


"මුරණ්ඩු නොවී එනවා ළමයා. කටවල් පහක් කන්නකෝ. ඒ ඇති"


ටිකක් වෙලා අදි මදි කර කර හිටපු මම අන්තිමට කන්න ගත්තා.


"ඉස්කෝලේ මොනවාද ඉතින් වෙන්නේ දුව?"


"මොනවා වෙන්නද අම්මා. අපේ මැඩම් පෙන්ෂන් යනවා මේ සතියෙන්. බයෝ සර් නම් ඉන්නවා. කවුරු අපේ පන්ති භාර වෙයිද දන්නෙ නෑ. ඉන්න හැමෝටම පන්තියක් තියෙනවා."


"එහෙනම් ප්‍රින්සිපල් කලාපෙට කියලා මැඩම්ව තියාගනී තව ටික දවසක්. මොකද විභාගෙට තව ටික දවසයිනේ"

"එහෙම තියාගන්න පුළුවන්ද?"


මං ඇහුවේ බලාපොරොත්තු බිංදුවටම බහිද්දි. 


"පුළුවන්. මැඩම් කීවද යනවා කියලා?"


"ඔව් කීවා"


"එහෙනම් යයි. අනික් ගුරුවරු දායි උගන්නන්න. පන්තිභාර කෙනෙක් දාන්නේ නැතිවෙයි."


"හ්ම්ම්. ඒක නෙවෙයි අම්මා දන්නවද සයුරි මැඩම්ව"

"ඔව් අර මේකප් තට්ටුව උලන් එන එක්කෙනා නේ? එයාගෙ අම්මා උගන්නනෙ අපේ ඉස්කෝලේ."


"අන්න හරි. එයා අපේ ඉස්කෝලේ සර් කෙනෙක්ගෙන් යාලුවෙන්න අහලා ස්ටාෆ් එක ඉස්සරහම"


"බොරු කියන්නෙපා. කවුද ඔයාට කීවේ?"


"මුළු ඉස්කෝලෙම කතා වෙනවා. එදා බයෝ ලැබ් එකේදී මැඩම්ලා කතා වුණා අපිට ලාවට ඇහුණා."


"ඒ ළමයට කසාදයක් ලෑස්ති කරලාලු තියෙන්නේ. එහෙම තියෙද්දි ඔය වගේ වැඩ කරයිද?"


"මොකක්? කසාදයක්? කාවද?"


"කවුද කියන්න දන්නේ නෑ. ඒත් සෑහෙන්න සල්ලි තියෙන එක්කෙනෙක්ලු. පොඩි කාලෙම කතා කරවලා තිබ්බ එකක්ලු"


"පව් අප්පා බඳින මනුස්සයා. සේසතම හිඳිලා යයි එයාගේ මේකප් තට්ටුව මේන්ටේන් කරන්න ගිහින්."


ඒකට අම්මාටත් හිනා ගියා. 


"ඒ ළමයා නම් දැක්ක ගමන් මට තේරුණා එච්චර හොඳ චරිතයක් නෙවෙයි කියලා"


"අම්මා අහන්නකෝ. අද මං ත්‍යාග්‍යාගේ පේපර් එක ගත්තා. ඒකේ ගණන් දෙක තුනක් තිබ්බා එයා හදපු විදිහට හරි දීලා තිබ්බා. මාත් ඒ විදිහට ම තමා හදලා තිබ්බේ. ඒත් මට වැරදි දාලා තිබ්බා."


" පේපර් ගැන කියනකොට තමා මටත් මතක් උනේ. දුව ඔයා තාත්තාට එහෙම කතා කරන එක වැරදියි දුව. තාත්තා ගහන්නේ තරහට නෙවෙයි නේ. දුකටනේ."


" අම්මා ඔයත් දැන් යන්න. නැත්තං ඔයා මගෙනුත් හොඳ දෙකක් අහගන්නවා. යන්න දැන්."


" හරි හරි මේ වතුර එක බොන්නකෝ"

අම්මා වතුර වීදුරුවක් මට දුන්නා.


ඒකෙන් භාගයක් බීපු මම වීදුරුව ආපහු අම්මා අතට දුන්නා. ඒකත් ගත්තු අම්මා කාමරෙන් එළියට ගියා. අම්මා ගියාට පස්සේ දොර වහගත්තු මම ෆෝන් එක අතට ගත්තා.


වට්සැප් එකට ගියපු මම ඒකේ අපේ සෙට් එකේ ගෲප් එකට ගියා.


"Het enne kud?" මේධනා අහලා තිබ්බා.


"Mn nm enne na."


මං මැසේජ් එකක් දැම්මා.


"Mth enne na. Heta awoth mn sure deepthige bella glwnw. E thrm thrhai mt"


ත්‍යාග්‍යා මැසේජ් එකක් දැම්මා.


"Ubl enne nattn mn ennet na bn."


තත්සරණි කීවා.


"Me ahnwko ad mn ape ammt kiwa deepthi mdm retire wenw kyl. Amma kwa principalt one nm kalapet kyl thiygnn pluwn kiyl. Eya idid dnne nane digtm?"


"Ane me achchita hal grnn yko. Ehem bne krnn. Mon reddkd?" මේධනා කීවා.


"Poddk hitpn"

තත්සරණි කීවා.


"Ai mkd sudaththi online awd 😂?"


ත්‍යාග්‍යා කීවා.


"Mn ubt kiwa kiyl hitagnin. Redd. Ahinsaka thanikd mtmai pawul jodu krnne.🤨😒💔"


"Ah ai physics eke mahesh ube kwd?"

මේධනා ඇහුවා.


"Ane bn u mge pssen enw kyl mn mnw krnnd bn. Redd 😔💔"


"Ah hri hri dn ub mkd nikn inn kwe kypnko"

මං කීවා.


"Me ape tattagen ahuwa mn ape iskolen ehm request ekk awd kyl. Ehm ekk thma awe nallu. Eya hriytm dnne na kwa. Hbai awa nm eya nodan inn wdhk na kwa"


"E kynne gdk durt en ekk nane bn"


"Ow bn thanu eya thiyagnne natiwei gdk durt."


"Ammo athiynthm"


ඒක ඇහුවට පස්සේ තමා ඇඟට ලේ ටිකක් ඉනුවේ.


එක එක ඕපාදූප කියව කියව හිටපු අපි පැයකට විතර පස්සේ ඕෆ්ලයින් ගියා. යන්න කලින් අන්තිම වතාවට යෂෝගගෙ මැසෙන්ජර් චැට් එක බලපු මම ෆෝන් එකත් ඕෆ් කරලා නිදාගත්තේ සෑහෙන දේවල් කල්පනා කර කර.......
----------------------------------------------------------

ළමයි comment කරන්න. ඊළඟ කොටසින් හම්බ වෙමු. හැමෝම පරිස්සමෙන් ඉන්න. බුදුසරණයි.

--විදූ


Report Page