වඩින තුරු සඳ-3

වඩින තුරු සඳ-3

Ravindu T. Chandrasekara

වඩින තුරු සඳ-3

පෙර කොටසට


https://telegra.ph/%E0%B7%80%E0%B6%A9%E0%B6%B1-%E0%B6%AD%E0%B6%BB-%E0%B7%83%E0%B6%B3-2-09-04


"මොකක්ද වදේ ඒ කරපු වැඩේ?"

හිනාවෙච්ච අම්මා මාව එහෙම්ම තියලා කාමරෙන් එළියට ගියා.

අම්මා ගෙනත් තියලා තිබ්බ තේ එක බීපු මම දත් මැදලා මූණ හෝදාගෙන ආවා. ඇඳුම් ඇඳගෙන පහළට බැහැපු මම අම්මා කවපු බත් ටික කාලා ලෑස්ති වුණේ තාත්තා එක්ක ඉස්කෝලෙට යන්න. ට්‍රැෆික් එකට අහු නොවී යන්තම් ඉස්කෝලෙට ආපු මම තාත්තාට අත වනලා කාර් එකෙන් බැහැලා පන්තියට ආවා.

අද නම් මහ කාළකණ්ණි මූසල දවසක් වගේ. මොකද මූණටම හම්බුණේ ඉමේෂා නිසා

එයාගේ කෲර කාන්තා බලකායෙ සෙබළියො දෙන්නෙක් එක්ක වට වෙලා හොඳ ඕපාදූපයක් කියවනවා වගේ. උන් තුන් දෙනා දිහා ඇස් කොනින් බලපු මම පන්තියේ මගේ ආසනය වෙච්ච පස්සහම පුටුවේ වාඩි උනා. මේ මේසෙට මාත් එක්ක වලියක් දාගන්න කවුරුත් එන්නෙ නෑ. මොකද මං එක්ක වලියට ආවොත් දොඹෙන් යන්න කන්න වෙන නිසා. අනික මගේ සිහින ලෝකෙ තනි වෙන්න මේ තැන තරම් හොඳ තැනක් තවත් නෑ.


මං කොච්චර වලිකාරියක් උනත් අපේ පන්තියේ ඉමේෂා ඇර වෙන කවුරුත් මාත් එක්ක ඇරියස් නෑ.මොකද පන්තියේ පොදු ප්‍රශ්නෙකදි ලීඩ් කරන්නෙ මම නිසා.


ඉස්කෝලේ පටන් ගත්තට පස්සෙ පන්සිල් අරන් ඉවර වෙලා පන්තියේ පස්සහට වෙලා මං මගේ සැට් එකත් එක්ක කයියක් දාගෙන හිටියා. මේධනා, තත්සරණි, ත්‍යාග්‍යා තමා මගේ ළඟම සෙට් එක. තත්සරණි තමා අපේ පන්ති නායිකාව. මොකද එයාගේ තාත්තා අපේ කලාපේ සහකාර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක නිසා එයාගෙන් ලකුණු දාගන්න දීප්ති මැඩම් එයාව පන්ති නායිකාව කරා. ඒත් අපරාදෙ කියන්න බෑ එයාගෙ තාත්තාට ගොට්ට අල්ලන අයව පේන්න බෑ. ඒ නිසාමද කොහෙද එයා දීප්ති මැඩම්ව තඹේකට ගණන් ගන්නෙ නෑ.

ටික වෙලාවකට පස්සෙ දීප්ති මැඩම් පන්තියට ආවා. හැමෝගෙම නම් අඬ ගහ ගහ ෆයිල් එකක් බෙදුවා. ඒ හැම ෆයිල් එකක් අස්සෙම තිබ්බෙ අන්තිම වාර විභාගෙ පේපර්ස් ටිකයි රිපෝට් එකයි. බයෝ වලට මට ලකුණු 12යි. භෞතික විද්‍යාවට ලකුණු 5යි රසායන විද්‍යාවට ලකුණු 3යි. එච්චර ලකුණු අඩු ඇයි කියලා පෙරළලා බලද්දි තමා මං දැක්කෙ ක්ලාස් එකේ හදපු විදිහට හදපු ගණන් වලට හරියට උත්තරය දාලා තිබ්බත් වැරදි දාලා කියලා.

මේධනාගෙ පේපර් එක උදුරලා ගත්තු මම ඒක බලද්දි තමා මං දැක්කෙ ඒ විදිහටම හදලා එයාට ලකුණු දීලා තියෙනවා කියලා.

"යන්න යන්න ගිහින් අහන්න මැඩම්ගෙන්. ආ මගේ පේපර් එකත් අරන් යන්නකෝ" මේධනා මගේ අතෙන් ඇද ඇද කීවා.


"අනේ නිකන් හිටපන් බන්. මොකටද ලකුණු හිඟා කන්නෙ. මේ නාකී හෝන්තුව නෙවෙයි නේ ඒලෙවල් පේපර් එක බලන්නෙ. එතකොට අඩුම එක ලකුණක් හරි වැඩි වෙයිනෙ"

මං හෙමීට කීවා.

" ළමයි දැන් මම main hall එකට යනවා. ඔයාලා හැමෝම දහයාමාර වෙද්දි ඇතුළෙ වාඩි වෙලා ඉන්න ඕනේ. ඒකට අමතරව තව දෙයක්. මේ මාසේ මේ සතියෙන් පස්සෙ මම retire වෙනවා. මගේ අවුරුදු 37ක ගුරු ජීවිතයට මං මේ බ්‍රහස්පතින්දා සමු දෙනවා"

ඒක කියපු ගමන් පන්තිය පුරාම හීන් කසුකුසුවක් ගියා. මේධනා මගෙ අත අල්ලන් කොනිත්තව්වේ ඇහැක් ගහලා. ජීවිතේ පළවෙනි වතාවට මට දීප්ති මැඩම් ගැන ආදරයක් ඇති උනා.


"ස්.. ස්... සද්දෙ නවත්තන්න. මං දන්නවා ඔයාලට දුකයි කියලා. ඒත් දරුවනේ අපි කියලා මොනවා කරන්නද? වයසට යනකොට ඔහොම තමා...." ආදි වශයෙන් දිග වැල් වටාරමක් කියවපු මැඩම් ආයුබෝවන් කියලා පන්තියෙන් එළියට ගියා.

හැමදාම මැඩම්ට ගොට්ට අල්ල අල්ල හිටපු සෙට් එකේ මූණවල් මැළවිලා යද්දි පන්තියේ බහුතරයම කෑ ගහ ගහ සතුට සමරන්න ගත්තේ අවුරුදු දෙකකට ලං වෙන්න කාලයක් අපිව වහගෙන හිටපු ඒ අඳුරු බලවේගය නැති වෙලා යන නිසා. සෙට් එකම එකතු වෙලා පැත්තකට වුණේ සතුට බෙදාගන්න.


"ඇති යන්තම් ඔන්න ඒකෙන් නිදහස්"


ත්‍යාග්‍යා කීවේ ජනේලෙන් එළියට ඔලුව දාන ගමන්.


"වැඩක්ද බන් අවුරුදු දෙකක් තිස්සෙ දුක් විඳලා දැන් ගිහින්? මේ ඒක නෙවෙයි අලුතින් දැන් අපේ පන්ති භාර වෙන්නෙ කාටද දන්නෙ නෑනේ?"


"මයුර සර් වෙන්න ඇති නේද ?" තත්සරණි කීවේ මැලවිච්ච කටහඬකින්.


ඒක අහපු ගමන් මං හිරිවැටිලා ගියා. දෙයියනේ මේ යක්ෂයා....


" නෑ බන් මං හිතන්නෙ නෑ. මයුර සර් පොඩි උන්ගෙ පන්ති භාර සර්නේ. අපිට අලුත් කෙනෙක් එවයි." මේධනා කීවා.


මෙච්චර වෙලා සද්දයක් නැති ත්‍යාග්‍යා දිහා මං බැලුවා. ඇස් දෙක පුංචි කරන් ඒකි ජනේලෙන් එළිය බලන් හිටියා.

"ත්‍යාග්‍යා... මොනවාද බලන්නෙ?" මං අත කොනිත්තන ගමන් ඇහුවා.


" ෂ්ෂ්ෂ්.... කෑගහන්න එපා" ජනේලෙන් ඔළුව ගන්නෙ නැතුවම කීවා.


මේකි මොනවාද මේ බලන්නෙ? දැනගන්නත් එක්කම මම ජනේලෙන් එළියට එබුනේ ත්‍යාග්‍යාගෙ ඔලුව උඩින්.


ඒත් ත්‍යාග්‍යා බලපු පැත්තෙ මුකුත් විශේෂ දෙයක් තිබ්බෙ නෑ.


"මොනවාද හලෝ බැලුවේ?" තත්සරණි කීවෙ පුදුම වෙලා.


" මුකුත් නෑ බන් සයුරි මැඩම් හිටියා ඒකයි"


සයුරි කියන්නෙ අපේ ඉස්කෝලේ පොඩි පන්ති වලට උගන්නනන මැඩම් කෙනෙක්. ලස්සනට ඇහැට කනට පේන්න හිටියට අලි ඔලුවෙන් ඉන්නෙ. හැමදාම මේකප් තට්ටුව උලාගෙන ඇවිත් තමා ඉස්කෝලේ වැඩ පටන් ගන්නෙ. ස්ටාෆ් රූම් එකේ ඉන්නෙ කොයි වෙලේද ඒ වෙලේ මේකප් සාගරේ කිමිදිලා ඉන්නෙ. මේ ළඟදි ආරංචි වෙච්ච විදිහට ඉස්කෝලෙට අලුතෙන් ඕලෙවල් වලට උගන්නන්න ආපු සර් කෙනෙක්ට බැල්ම දාගෙන ඉන්නවලු. එක දවසක් ඉස්කෝලේ ටීචර්ස්ලා තොගයක් ඉස්සරහ ඒ සර්ගෙන් යාලුවෙන්න අහලා තිබ්බලු. ඇත්ත නැත්ත දන්නෙ නෑ ඕක අපේ කෙල්ලො අතර තියෙන කසුකුසුවක්.

ඒ සර් නම් එච්චර කෙල්ලො ගැන හිතන්නේ නෑ කියලා තමා කියන්නේ. ඒත් අනේ බහුතරයක් චීත්තයක් දැක්ක ගමන් ඇඹරෙන එකනේ. ඉතින් මැඩමුත් ඔහොම කරන්නේ ඉතින් ඒ සර්ගෙනුත් කික් එකක් හම්බෙන නිසා වෙන්න ඇති කියලා තමා මගේ නම් හිත කීවේ.

Main hall එකේ තියෙන parents' meeting එකට ගියපු අපි පස්සහම වාඩි වෙලා හිටියෙ ප්‍රින්සිපල් මැඩමුයි තව අයයි එක එක කතා කියලා ඉවර වෙනකන්. ඊටපස්සේ හැමෝම තම තමන්ගේ අම්මලා ගාවට ගියේ පෞද්ගලිකව ගිහින් විෂය භාර ගුරුවරු හම්බවෙලා කතා කරන්න ඕනේ නිසා. ඒක අනිවාර්යයෙන් කරන්න ඕනේ දෙයක්. නැත්තං ඊළඟට ආපහු ඉස්කෝලේ එන්න ඕනේ අනිවාර්යයෙන් දෙමව්පියෝ එක්ක.


"කවුද දූ ඔයාලට උගන්නන මැඩම්ලා සර්ලා?"


"වෙනස් වෙලා නෑ තාත්තා. අර ඩබලම තමා"


මං පෙන්නුවේ මයුර සර්වයි දීප්ති මැඩම්වයි පෙන්නලා.


මුලින්ම අපි ගියේ මයුර සර් ගාවට. පෝලිමේ ඉඳලා ඉඳලා අපි අන්තිමට සර් ගාවට ආවා.


"ආ එන්න එන්න වාඩිවෙන්න"......

----------------------------------------------------------

හරි එහෙනම් ඔන්න තුන්වෙනි කොටසත් දැම්මා. කලින් කොටස දිග මදි කියලා චෝදනාවක් ආවා. මේක ඇතිද බලන්න. මේක මං ටයිප් කරන්නේ 2023/09/04. ඒ කියන්නේ ඒලෙවල් රිසාල්ට් ආපු දවසේ. ඉතින් හිනාවෙන්නෙ අඬන්න දෙකටම පොදු දවසක්. හිනාවෙන අයට අමුතුවෙන් මුකුත් කියන්න නෑනේ? සුභ පතනවා ඔයාලාගේ අනාගතයට. මං මේ කතා කරන්නේ ඔයාලාගේ අඬන අයට.

ජීවිතේ හැමදාම හැමෝටම දිනන්න බෑ. ඒක අපි පිළිගන්න ඕනේ. ඒත් මේ අඬන අය නම් මං හිතන්නේ ගොඩක් දුරට තමන්ගේ අත්වැරැද්දෙන් අඬන අය වෙන්න ඇති. ඉතින් දැන් ඉඳලා පටන් ගන්න ආපහු. කලින් වෙච්ච වැරදි ඔක්කොම හදාගන්න මේ කාලේ හොඳටම ඇති. මාස දෙකක්? අපොයි ඔව් වැඩිත් එක්ක. ඔයාලා මෙන්න මේ දේ පොදුවේ කරන්න. Past papers කරන්න පටන් ගන්න. මොකද ඉර බටහිරින් පායලා ගංගාවල් උඩුගං බලා ගියත් past papers නැතුව ගොඩ යන්න බෑ. Past papers කරලම විතරක් 3C වලට යන්න පුලුවන්. අත්දැකීමෙන් කියන්නේ. First shy ද 2nd ද 3rd ද අදාළ නෑ හැමෝම මේක කරන්න. පේපර්ස් කරන අතර මැද්දෙ තියරි කෙළවෙච්ච තැන් ඔයාට අඳුනා ගන්න පුලුවන්. ඒවා හොයාගෙන හදාගන්න. විභාගෙ අතාරින්න එපා. මොකද විභාගේ අතාරින්න ඕනේ හොඳම වෙලාව තමා අන්තිමට තියෙන විෂයත් කරලා පේපර් එක බාර දුන්න වෙලාව. ඒ නිසා ගේම අතාරින්න එපා. වැඩි යමක් දැනගන්න ඕනේ නම් comment box එකේ දාන්න මං reply කරන්නම්.

අනික් දේ තමා "සල්ලි ඇති දාට නැති නෑයෝ" කෝල් කර කර කියයි වැඩක් නෑ දෙවෙනි තුන්වෙනි පාර කරලා වයස යනවා විතරයි කියලා. ඒත් ඔයාගේ වයස ගියත් ඔයාට කන්න බොන්න අඳින්න දෙන්නේ උන් නෙවෙයි නේ? ඒ නිසා උන් කියන දේවල් ඔළුවට ගන්න එපා. මොකද 99%ක් නෑයො කැමති නෑ ඔයා උන්ට වඩා තැනකට යනවට. ඒ නිසා වයස කියන දෙය බාධාවක් කරගන්න එපා ඔයාගෙ හීනයට අරමුණට ඉලක්කයට. මොකද ඔයා කවදහරි මැරෙන්න තරම් පසු තැවෙනවා ඒක නොකරපු එක ගැන.

ඔයාලා දැන් මේ විභාගයට අදාල නොවන මේ හැමදේම අයින් කරන්න. වැඩිය එපා මේ කතාව උනත් ඔයාගේ විභාගෙට උදව්වක් වවෙන්නෙ නෑනේ. මේක අයින් කරලා මාස දෙකකින් මේ කතාව කියවන්න.

කියන්න නම් දේවල් එමටයි. ඒත් හෑලි ලියන්න කම්මැලියි. ඊළඟ කොටසින් හම්බ වෙමු. කෙළ උන උන් පලයව් වැඩ කරපන් ගිහින්. අනික් උන් ඊළඟ කොටස් කියවපන්. කියවන උන් කමෙන්ට් දාපල්ලා හරිද? 😒💔(මෙච්චර දේවල් ඔයාට කියපු මම පළවෙනි පාර SSF. මේ පාර Physical හීනය හැබෑ වුණා. ඒ නිසා කාගෙන කරපල්ලා.)

එහෙනම් බුදුසරණයි පරිස්සමෙන් ඉන්න.

--විදූ

Report Page