වඩින තුරු සඳ-2

වඩින තුරු සඳ-2

Ravindu T. Chandrasekara

වඩින තුරු සඳ - 2

පෙර කොටසට

https://telegra.ph/%E0%B7%80%E0%B6%A9%E0%B6%B1-%E0%B6%AD%E0%B6%BB-%E0%B7%83%E0%B6%B3-1-09-03


මගේ සුව නින්ද නම් කඳවුරට එසේ දරුණු ගණයේ ත්‍රස්තවාදි ප්‍රහාරයක් එල්ල වූ වගයි.

"අතිගරු වෛද්‍ය ගම්ලත් මැතිතුමනි. මං ඔබ තුමාට කරපු වැරැද්ද මොකක්ද කියන්න."


රවාගෙන ඇස් ඇරලා බලපු මම කීවා.


හයියෙන් හිනාවෙච්ච තාත්තා පුටුව ඇදලා අරන් වාඩි වුණා.


"ඇයි එහෙම අහන්නෙ?"


"නෑ ඉතින් ඉඳලා ඉඳලා සුව නින්දක් දාන්න යද්දි ඇවිත් මතක් කරානෙ ජරාවක් "


"හරි හරි සොරි. ඕන් මං එහෙම එකක් ඇහුවෙ නෑ හොඳේ."


"වැඩක් නෑ දැන්. මගේ හිත රිදිලා ඉවරයි. මං දුකින්."


"හරි දැන් මගේ දෝණිගෙ දුක නිවන්න මං මොනවාද කරන්න ඕනේ?" තාත්තා ඇහුවෙ නැගිටලා මගෙ ඔලුව අතගාන ගමන්.


"අරන් දෙනවද?"


"ඉස්සෙල්ලා කියන්නකො බලන්න"


"ම්ම්ම් ලීටරේ එලිෆන්ට් හවුස් චොකලට් අයිස් එකක්. ඔක්කොම මට. ලීටරේ ඒවා දෙකක් ගෙනාවනම් තුන්දෙනාටම කන්න පුලුවන්."


"හප්පේ පෙනේද තියෙන කපටිකම. ලීටරේ ඒවා දෙකක් ගෙනාවත් වැඩක් නෑ ඔයා එකක් තනියෙන් කාලා අනෙක් එකෙත් බාගෙකට වඩා හිස් කරනවනේ"


කාමරේට එන ගමන් අම්මත් කීවා.


" එහෙම තමා. අරන් දෙනවද?"


ෂීට් එකෙන් මූනෙන් බාගයක් වහගෙන ඇස් විතරක් එළියේ තියාගෙන මම ඇහුවා.


"හරි හරි ගේන්නම්කෝ. ගුඩ් නයිට්"


" ගුඩ් නයිට් කපල් එකට. ඔයාගෙ වයිපරේට මං ලියුම දුන්නා ඩොක්ටර් ජගත්. මැඩම්ගෙන්ම අහන්න."


මං හයියෙන් හිනාවෙන ගමන් කීවා.


මුණු මුණු ගාලා මොනවදෝ කියපූ දෙන්නා පහළට බැහැලා ගියා.


කොච්චර අවුලෙන් හිටියත් ඒ දෙන්නා එක්ක විහිලු කරාම ඒ අවුල නිකන්ම නැති වෙලා යනවා. ඒත් අද නම් එහෙම නූන් parents' meeting එක නිසා.

Parents' meeting මට අවුලක් නෙවෙයි. මෙච්චර කාලෙකට මට parents' meeting එපා වුණේ ඒ ලෙවල් වලට ආවට පස්සෙ. වෙන මුකුත් නිසා නෙවෙයි අපිට උගන්නපු ගුරුවරු නිසා. ටියුෂන් එක්ක තිබ්බ තරහ පිට කරගත්තෙ අපි හරහා. අපිට ටියුෂන් යන්න දෙන්නෙන් නෑ ඉස්කෝලෙට ආවම උගන්නන්නෙත් නෑ කියන විදිහට. අපේ ඉස්කෝලේ විතරක්ද මන්දා මෙහෙම තියෙන්නේ?


අපිට භෞතික විද්‍යාවයි රසායන විද්‍යාවයි දෙකම ඉගැන්නුවේ දීප්ති කියලා මැඩම් කෙනෙක්. ජීව විද්‍යාව ඉගැන්නුවේ මයුර කියලා සර් කෙනෙක්. දෙන්නම එපාම කරපු චරිත. ඒ දෙන්නගෙන් වැඩිපුරම එපා උනේ දීප්ති මැඩම්. එයාගෙ ක්ලාස් එන ළමයි තමා හොඳම ළමයි. අනික් හැමෝම උවමනාවක් නැති හැදියාවක් නැති ළමයි.ඒ අතරින් මං තමා නැහැදිච්චම ළමයා. මොකද මට අප්පිරියා වෙච්ච මිනිස්සුන්ට මං උන්ව අප්පිරියයි කියලා කියන්න දෙපාරක් හිතුවෙ නැති නිසා. මට හිතුනොත් මං වැඩ කරනවා. හිතුනොත් තැන නොතැන අදාළ නෑ නිදාගන්නවා. හිතුනොත් උගන්නද්දි නැගිටලා යනවා. ඉතින් මං මැඩම්ට අනුව නැහැදිච්චම ළමයා වීමෙ පුදුමයක් නෑ.

මයුර සර් පම්පෝරිකාරයා. ටියුෂන් වලට බැන බැන ටියුෂන් කරනවා. ළඟදි සෑහෙන ගානකට හොන්ඩා civic එකක් අරන් කියවන්නෙම ඒක ගැන. ඉස්කෝලේ ගුරුවරු අතර තියෙන වටිනාම වාහනේ තියෙන්නෙ එයාට නිසා ඉන්නෙ ඉහළ ආකාසෙ සක්වළ ගලිනුත් එහා කියලා අපේ ළමයි කියනවා.

දැන් හෙට parents' meeting එකට ගියත් මේ දෙන්නාගෙන් නැති බැණුම් අහන්න වෙනවා කියලා ඉරහඳ වගේ විශ්වාසයි. අනික අම්මයි තාත්තයි දෙන්නම එන නිසා ඒගොල්ලො අතිනුත් දාලා වැරදි කියනවා. තාත්තා කොහොමත් කැමති නෑ කවුරුත් මට අපහාස කරනවට. ඒ නිසා එයාලා කියන වැරදිවලට දුකට තාත්තා මට ගහනවා ගෙදර ඇවිත්. පහුගිය අවුරුදු දෙකේම මාස දෙකකට සැරයක් මම අනිවාර්යයෙන් එහෙම ගුටි කෑවා. ඉතින් දැන් එයාගෙන් වේවැල් පාරවල් කන එක සාමාන්‍ය දෙයක් මට. මුලින් මං ඒවායින් බේරෙන්න එහෙ මෙහෙ දිව්වත් දැන් නම් මම ඉන්න තැනම ඉන්නෙ එයාට ඇතිවෙනකන් තඩිබාන්න ඉඩ දීලා. මුල් කාලෙ මට එයා එක්ක මැරෙන්න තරම් තරහක් ආවත් පහුවදා සමාව අරන් මාව බදාගෙන අඬනකොට මට තේරුම් ගියා වැරැද්ද එයාගෙ නෙවෙයි කියලා.

ඔහොම විකාර කල්පනා කර කර හිටපු මට නොදැනීම නින්ද ගියා.


"Lately, I've been, I've been losing sleep

Dreaming about the things that we could be

But baby, I've been, I've been praying hard

Said, "No more counting dollars, we'll be counting stars"

Yeah, we'll be counting stars


I see this life, like a swinging vine

Swing my heart across the line

And in my face is flashing signs

Seek it out and ye shall find"


උදේ පාන්දරම මේ ලෝකෙ මං අහන්න ආසම සිංදුව බෙරිහන් දීගෙන කියාගෙන ෆෝන් රාජයා නලියන්න පටන් ගත්තා.


කළුවරේම අතපත ගාලා ෆෝන් එක හොයාගත්තු මම වෙලාව බැලුවා. හප්පෙ තාම 5.30යි. එලාම් එක ඕෆ් කරපු මම අනික් පැත්ත හැරිලා නිදාගත්තෙ ෂීට් එකෙන් ඔලුවෙ ඉඳන් පොරවාගෙන.

"දුව අද ඉස්කෝලෙ යන්න එහෙම අදහසක් නැද්ද ආ? බලන්න වෙලාව කීයද කියලා. නැගිටින්න නැගිටින්න .


විනාඩි පහක් යන්නත් කලින් අපේ මව්තුමීගෙ ගෙජ්ජි ගිගිරි කටහඬ කන ගාව ඇහෙනකොට මම ගැස්සිලා ඇහැරුනා.


අතින් ඇදලා මාව ඇඳෙන් බස්සපු අම්මා බාත්රූම් එකට මාව ඇදන් ගිහින් කකුල් දෙක තෙමෙන්නම වතුර ඉස්සා.


නිදිමත දෙපැත්තෙන් ගියපු මම කෑගැහුවේ සීතල දරාගන්න බැරිකමට.


"මොකක්ද වදේ ඒ කරපු වැඩේ?.....

----------------------------------------------------------

හරි ඉතින් ඔන්න දෙවෙනි කොටසත් දැම්මා. Comments නම් මදි ඇත්තටම. හරි ඊළඟ කොටසෙන් හම්බවෙමු. හැමෝම පරිස්සමෙන් ඉන්න බුදුසරණයි.

--විදූ

Report Page