වඩින තුරු සඳ-12

වඩින තුරු සඳ-12

Ravindu T. Chandrasekara

වවඩින තුරු සඳ-12

පෙර කොටසට


https://telegra.ph/%E0%B7%80%E0%B6%A9%E0%B6%B1-%E0%B6%AD%E0%B6%BB-%E0%B7%83%E0%B6%B3---11-09-17


නින්ද එනකන්ම මගේ කන පුරා රැව් දුන්නේ එච්චරයි.

"දුව නැගිටින්න."


පුරුදු විදිහටම අම්මා මාව හොල්ල හොල්ල කතා කරා. වෙනදා වගේ අදිමදි නොකරපු මම නැගිටලා ඇස් දෙක පොඩි කරගෙන අම්මා දිහා බැලුවා. කන්න වගේ මං දිහා අම්මා බලන් ඉන්නව දැකපු මම පුදුම උනා.


"මොකද අම්මා මේ?"

මං ඇහුවේ බලන් ඉන්න බැරිම තැන.

"මොකද මේ ඇස් ඉදිමිලා? රතු වෙලත් එක්ක?"


දෙයියනේ........ මං අඬපු එක හොඳටම පේනවද මූණේ?


"අයියෝ අම්මා ඒ පාඩම් කරපු නිසා ඊයේ. මං රෑ 10 වෙද්දි විතර නිදාගන්නවානේ. ඊයේ හිටියා 12 විතර වෙනකන්. ඒකයි මේ. හම්මේ තාම නිදිමතයි."


එහෙම කියපු මම බොරුවට ඈනුමක් යනවා වගේ පෙන්නුවා.


මං දිහා ටිකක් වෙලා බලන් ඉඳපු අම්මා තේ එක මේසෙ උඩින් තියලා කාමරෙන් එළියට යන්න ලෑස්ති වුණා.


"ඉක්මණට ලෑස්ති වෙන්න. අද තාත්තාට ටිකක් කලිමන් යන්න ඕනෙලු".

එහෙම කියල අම්මා ගියා.


අම්මාට නම් වැඩේ මාට්ටු වගේ. ඔව් ඉතින් කාටද පුළුවන් අම්මාගෙන් දෙයක් හංගන්න.


වැඩි වෙලාවක් නොගිහින් මං කාලා බීලා ලෑස්ති වෙලා පහළට ආවා. අපිත් එක්කම කාර් එකට නැගපු අම්මා ඉස්කෝලේ ගාවින් බැස්සා. මාව ඉස්කෝලෙට දාපු තාත්තා හෝන් එකක් ගහගෙනම ගියා.


වෙනදට වඩා පැය බාගයක් විතර කලින් ආව මම පන්තියට ගියා. පන්තියේ ළමයි හිටියේ 10ක් විතර. අපේ එවුන් කවුරුත් නැති නිසා මම හිටපු උන් එක්ක හිනාවෙලා ඇවිත් අපේ ඒරියා එකේ මගේ ෂීට් එකේ වාඩි උනා.

ටික වෙලාවකින් අපේ උන් එක එකා එන්න පටන් ගත්තා. ඉතිරි තුන්දෙනාම ආවට පස්සේ ඉතින් කච බචේ පටන් ගත්තා.


"අපේ තාත්තා අනිවාර්යයෙන් එනවා කීවා මීටින් එකට. සර්ට දෙකක් අමතලා යන්න."


මං කීවා.


"ඔව් බන් අපේ ගෙදරත් එහෙම තමා බනිනවා බනිනවා ඉවරයක් නෑ. හැමදාම ඇවිත් එකම හරුපෙ අහගෙන යනවා කියලා"


"එක අතකට ඔහොම අහගන්න එකත් හොඳයි.එතකොට වත් මට්ටු වෙන්නේ නැතෑ."


තත්සරණි කීවා.

ඔහොම සර්ට බැන බැන ඉද්දි එක පාරටම සර් ආවා.

ඒක දැකපු අපි සෑහෙන්න පුදුම වුණා. මොකද මීට කලින් කවදාවත් දීප්ති මැඩම් කලින් ඇවිත් නෑ. එයා එන්නේ එක්කෝ බෙල් එක ගැහුවම, නැත්තං ඉස්කෝලේ පටන් ගත්තම.


පන්තිය ඉස්සරහ හිටගත්ත සර් මුළු පන්තිය පුරාම උකුසු බැල්මක් දැම්මා.


"අතුගාන අය නැගිටින්න ඉක්මණට."


එතකොට තමා මතක් උනේ අද මටත් අතුගාන්න තියෙනවා කියලා. අපි හතරදෙනයි තව හතරදෙනෙක් නැගිට්ටා.


"අද ලොකුවට අපිරිසිදු වෙලා නෑ. ඒත් කමක් නෑ. අතුගාලා ගන්නකෝ."

සර් එහෙම කීවට පස්සේ අපි අතුගාන්න පටන් ගත්තා. අපි අතුගාන දිහා හොඳට බලන් හිටපු සර් අතුගාලා කුණු දාලා අත් හෝදන් අපි ආවට පස්සේ අපිට කතා කරා


"ළමයි හැමෝම දැන් ලෑස්ති වෙන්න මේන් හෝල් එකට යන්න."

පුරුදු විදිහටම පෝලිම් ගැහිලා අපි මේන් හෝල් එකට ගියා. ඊයේ තිබ්බ විදිහට වඩා සෑහෙන්න වෙනස් විදිහට අද වාඩි වෙන්න හදලා තිබ්බේ. ඒ ඔක්කොටම වඩා වෙනස තමා ඉමේෂාව වෙනම වාඩි කරවලා තිබ්බේ. අනික් හැම ළමයම පෝළිමට ගානට තියද්දි ඉමේෂා විතරක් වෙනම වාඩි කරවලා තිබ්බේ වටේම කවුරුත් සෙට් නොවෙන්න. හැබැයි කරුමෙට ඉමේෂාට ළඟම එක්කෙනා මම. හැබැයි ඉතින් ඒත් අවුලක් නෑ. මොකද මං ආයේ ඕකිට කියලා දෙන්න යැ.


හැමෝම වාඩි වෙලා ඉද්දි බෙල් එක ගැහුවා. අපි හැමෝම නැගිටලා හිටගත්තෙ පන්සිල් ගන්න ඕනේ නිසා.


"I wish you all a very good morning. Today is 17th of May 2022. To start the day's proceedings today the school flag will be hoisted by Mrs. Chamini Jayathunga, Deputy Principal of our school. Lets sing our school anthem respectfully."


උදේ පාන්දර ලවුස්පීකර් එකෙන් ඇහිච්ච මීඩියා එකේ ඝණ්ඨාර සද්දෙන් පස්සේ අපි ලෑස්ති වුණේ පාසල් ගීතය කියන්න.


පුරුදු විදිහටම පෘතුගීසි කාලේ රෙකෝඩ් කරපු පාසල් ගීතය ප්ලේ වුණා. අපේ සර් එහෙමත් ඇඟ කෙළින් තියාගෙන ඇස් සෘජුව තියාගෙන ගැම්මට පාසල් ගීතය කීවා. අපේ ළඟවත් ඉස්කෝලේ ගැන නැති ආදරයක් නෙ සර්ට අපේ ඉස්කෝලේ ගැන තිබ්බේ.


"Now let's observe our respective religions to get the blessings for a successful day."


පාසල් ගීතය කියලා ඉවර වෙලා අපි පන්සිල් ගත්තා. සර් එහෙමත් පන්සිල් අරන් ඉවර වෙලා හෝල් එක දිගේ ඇවිදන් එන්න ගත්තා. හෙමීට ඇවිදන් ආපු එයා මාවත් පහු කරලා ගියා.


"සර්.. සර්.."


ඉමේෂා කතා කරපු සද්දෙට සර් ආපහු හැරිලා ඇවිත් ඉමේෂා ගාව නැවතුනා.


"සර් මේ මං හිතන්නේ මොකක් හරි වැරදීමක් වෙලා තියෙනවා."


"ඇයි මොකක්ද වැරදීම?"


"නෑ සර් මේ මගේ මේසේ පෝලිමේ තියෙන්න ඕනේ අර අතන නියපොතු හපන ගර්ල්, චනුලි ගාව. ඒත් මං හිතන්නේ ඕඩර් එක හදද්දි මේ ඩෙස් එක දාන්න අමතක වෙලා වගේ."


ඉමේෂා කියවගෙන කියවගෙන ගියා.


"කවුද කීවේ ඩෙස් එක මිස් වෙලා කියලා?"


" නෑ සර් සාමාන්‍යයෙන් මෙහෙම ඒ ලෙවල් වලදි දාන්නේ නෑනේ?"


"දැන් මේ ඒලෙවල් ද අද තියෙන්නේ?


" නෑ සර් ඒත් මේ..."


"ඔයාලටත් ඉතින් ඩෙස් එක මාරු උනාම තමා ඒලෙවල් මතක් වෙන්නෙ. දැන් පේපර් එක ඒලෙවල් මට්ටම කියලා කලින් කියලා තියෙද්දිත් අද පාඩම් කරගෙන ආවද? නෑනෙ? අනේ නිකන් ඉඳපන් බන්."


සර් එහෙම කියද්දි වටේ හිටපු අපි ටික ලාවට හිනා වුණා.


ඉමේෂා ඉන්න තැනින් පොඩ්ඩක් ඉස්සරහට ගියපු සර් ආපහු හැරිලා ආවා.


"දැන් මේ ඔයා ඊයේ පේපර් එක හරි අවංකව ලීවානේ. ඉතින් මේ ඒ අවංකභාවය වෙනුවෙන් මං ගානෙ දුන්න පුංචි තෑග්ගක්. දැන් මෙතන ළමයි කීයක් ඉන්නවද? බලන්න ඒ හැමෝගෙන්ම ඔයාට විතරයි නේ ඒ වරප්‍රසාදය ලැබුනේ. ඉතින් ඒක භුක්ති විඳින්න. අපරාදෙනේ නැත්තං."


එහෙම කියපු සර් ඉස්සරහට ගියා.

හොඳ වැඩේ. ඔය අහගත්තේ. දැන් ඉතින් ලියපන් තනියෙන්.

පන්සිල් අරන් ඉවර වෙලා හරියටම 8 වෙද්දි පේපර් එක බෙදුවා. ඒ 11.10 වෙද්දි පේපර් එක ගන්නවා කියලා කියන ගමන්. අදත් සයුරි මැඩම් ඇවිත් හිටියා. අපිට පේපර් බෙදුවේ සයුරි මැඩම්. මෙතන මොකක් හරි හුටස් පටස් එකක් තියෙනවා. නැතුව මේ පිස්සු හටන මේක අස්සේ රිංගන්නෙ මොකද? අනේ ආයේ මොනවා උනත් මට මොකද? එහෙම හිතලා මම පේපර් එක ලියන්න ගත්තා.


පේපර් එක නම් සෑහෙන්න අමාරුයි. ඊයේ පාඩම් නොකර ඇඳට වෙලා කඳුලු බිබී හිටපු එකේ රඟේ දැන් ආ තේරෙන්නෙ. මොනව කරන්නද ඉතින්? දන්න ටිකට ලියලා ෂේප් වෙනවා මිසක්.


පැය එකහමාරක් විතර ගියාට පස්සේ ඉමේෂා ආපහු විදේශාධාර ඉල්ලන්න ගත්තා. ෂික් මේකිට ලැජ්ජා නැද්ද මන්දා. මං ළඟම ඉඳලත් මට කතා නොකරේ අලි ඔලුව නිසා වෙන්න ඇති. අනික ඒකි දන්නවා මං කියලා දෙන්නෙත් නෑ කියලා.


වටේ ඉන්න උන්ගෙන් උදව් ඉල්ලුවට්ග් ඒවා හරියට ලැබුණේ නැති නිසාද කොහෙද ඉමේෂා පොඩ්ඩක් සූස් බූස් ගාලා වතුර බොන්න ගත්තා.


"තනුදි......"


ඒ පාර නම් ඉමේෂා මගෙ ඉස්සරහ බලු වුණා. ලැජ්ජා නැතුව තවත් මට කතා කරනවා. හිටපන් හොඳ වැඩක් කරන්න. එහෙම හිතපු මම ඇහුණෙ නැ වගේ පේපර් එක තවත් හොඳට ලියන්න ගත්තා.....

----------------------------------------------------------

හරි ඉතින් ඔන්න කතාව දැම්මා. මේ කතාව මං 20 ටයිප් කරලා දැම්මා 21 වෙනිදා උදේ වෙද්දි. මන්දාකිණි චැනල් එකේ ඇර අනික් හැම චැනල් එකකම වගේ කතාව වැටිලා තිබ්බා. මන්දාකිණි එකේ අදාළ ඇඩ්මින් ඔන්ලයින් නෑ උදේ ඉඳන්. ඉතින් ළමයි අද දාපු කතාව මන්දාකිණි එකේ හෙට වැටෙන්නේ. ගොඩක් අය අහනවා කතාව දාන්නේ නැත්නම් කියන්න කියලා. උදේ නවය වෙද්දි කතාව වැටිලා නැත්තං එදාට කතාව ගොඩක් දුරට වැටෙන්නේ නෑ. මොකද fix time එක ඒ වෙලාව නිසා. හරි දැන් ඒක පැත්තකින් තියමුකෝ. කතාව මෙහෙම සැරෙන් සැරේ වැටෙන්න හේතුව තමා මම සෑහෙන්න busy. ඒක දන්නේ අපේ ගෙදර අයයි මගේ යාලුවා අකලංකයි විතරයි. මොකද මම යන ගමන් බිමන් ගෙදර අය දන්නවා. මාත් එක්ක එකම තැන වැඩ කරන නිසා යාලුවා දන්නවා. කොටින්ම එතනින් එහා කවුරුත් දන්නේ නෑ. දැනගත්තත් එයාලා ඒක තේරුම් ගන්නේ නෑ. මේක කියවන ඔයාලාට වුණත් මේක අතිශයෝක්තියක් වගේ ඇති. ඒක නිසා අන්තිමට මම කතාව දාපු දවසේ ඉඳලා වෙච්ච දේවල් මං කියන්නම්.

අන්තිමට මම කතාව දැම්මේ 18 සඳුදා.

18- උදේම ගියා වැඩ වගයකට. උදේ 9 ඉඳන් එක දිගට වැඩ. නිදාගත්තෙ 19 අඟහරුවාදා පාන්දර 12.40ට විතර.

19- පාන්දර 4ට නැගිටලා ඇබර්ඩීන් දිය ඇල්ලට ගියා ප්‍රොජෙක්ට් එකකට. ගෙදර එද්දි වෙලාව රෑ 9ට කිට්ටුයි. දවසම බාගෙට නාලා හිටියේ. කළවැල්දෙණිය, දෙහිගස්තැන්න ටිකේ තමා වැඩ තිබ්බේ.

20- උදේ 9ට විතර සීගිරිය තල්කොටේ ගියා.ගෙදර එද්දි රෑ 10ට ළඟයි. තල්කොටේ ගමේ තල්කොටේ ඉහළගම වැව, පහළගම වැව, හල්මිල්ල වැව, ඇඳගල ටිකේ තමා වැඩ තිබ්බේ.

21- අද දවස්ම ලෙක්චර්ස්. හවස 4ට ඉවට වුණේ.

ඉතින් ඔයාලාට පේනවා ඇතිනේ කන කට්ට. බෝනස් තියා දෛනික කොටස වත් දෙන්න වෙලාවක් නෑ. ඒත් බය ව්‍ර්න්න එපා මේක අඅතරමග නවත්තන්නේ නෑ. සමාවෙන්න පරක්කු වුණාට. එහෙනම් ඊළඟ කොටසින් හම්බවෙමු පරිස්සමෙන් ඉන්න. බුදුසරණයි

Report Page