වඩින තුරු සඳ - 11

වඩින තුරු සඳ - 11

Ravindu T. Chandrasekara

වඩින තුරු සඳ - 11

පෙර කොටසට


https://telegra.ph/%E0%B7%80%E0%B6%A9%E0%B6%B1-%E0%B6%AD%E0%B6%BB-%E0%B7%83%E0%B6%B3--10-09-16


ඔලුව වනපු සර් ස්ටාෆ් රූම් එක පැත්තට ගියා.

අනික් පැත්ත හැරුණ මම අපේ සෙට් එක ගාවට ආවා.


"උඹ කරනවා කියපු මහලොකු වැඩේ ඕකද?"


තත්සරණි ඇහුවේ හිනාවෙන ගමන්.


"ඇයි එහෙම අහන්නේ?"


"නෑ අපි හිතුවෙ කියපු විදිහට ගිහින් අණ්ඩක් දෙකක් ගලවලා රැස්වීම නවත්තයි කියලා"


"වැඩක් නෑ බන්. නවත්තන්න විදිහක් නෑ. ඒක සර් තියන එකක්. බයෝ සර් එන්නේ නෑලු. ඒත් ඉතින් අනේ මන්දා. කොහොමත් අහගන්න තමා තියෙන්නේ."


"උඹ හිතුවද අපි ඉන්න විදිහට ඔළුව අතගාලා ගුඩ් ගර්ල් කියයි කියලා උම්මා එකක් දීලා. අනේ නිකන් ඉඳපන් බන් රෙද්ද."


මේධනා කීවා.


"දැන් ඉතින් තියෙන එකම ගැලවුම ඉතින් පාඩම් කරලා විභාගෙ ලියන එක තමා"


එහෙම කියපු තත්සරණි ගේට්ටුව දිහාට යන්න් ගත්තා.

ඉස්කෝලේන් ගන්න හතරදෙනාගෙම ගෙවල් වලින් ඇවිත් හිටපු නිසා අපි ඉස්කෝලේ ගාවදි වෙන් වුණේ හෙට ආපහු හම්බෙන්න හිතාගෙන.

තාත්තා වාහනේ අයිනට කරලා නවත්තන් ඉද්දි මං වාහනේට නැග්ගා.


"දූ කොහොමද අද වැඩ?"


"හොඳයි."


"මොකද අවුලෙන්?"


"එහෙම අවුලක් නෑ."


එහෙම කියපු මම ෂීට් එක පොඩ්ඩක් ඇල කරලා ඇස් දෙක පියාගත්තා. දඩස් ගාලා දොර වහන සද්දෙට මං ඇහැරිලා වටපිට බලද්දි තමා දැක්කෙ අපි හිටියෙ අම්මාගෙ ඉස්කෝලේ ගාව කියලා.


"දුව මොකෝ නිදි?"


"නෑ අම්මා මහන්සියි."


එහෙම කියපු මම ආපහු නිදාගත්තෙ හෙට විභාගෙට ගිහින් මොනවාද ලියන්නෙ කියලා කල්පනා කර කර.


ගෙදර ඇවිත් නාලා කාලා ඉවර කරපු මම පොඩි නින්දක් දැම්මා. හවස 6ට විතර නැගිටපු මම පහළ තට්ටුවෙ කුස්සියට ගියේ අම්මාගෙයි තාත්තාගෙයි කටහඬ එහෙන් ඇහිච්ච නිසා.

"හලෝ....."


මං කුස්සියට එනවා දැකලා අම්මා හයියෙන් කීවා.

ලාවට හිනාවක් දාපු මම ගිහින් කෑම මේසේ තිබ්බ පුටුවක වාඩි වුණා.


"මොකද දුව අද ඉස්කෝලේ වුණේ?"


සුපුරුදු විදිහට අම්මා ඇහුවා.


"අම්මා අද අලුත් සර් කෙනෙක් ආවානෙ."


"අලුත් එක්කෙනෙක්?"


තාත්තා ඇහුවා.


"ඔව් මේ එච්චර වයසක් නෑ ඕනේ නම් අවුරුදු 27ක් ඇති වැඩිම උනොත්. ඕලෙවල් පන්ති වලට උගන්නන සර් කෙනෙක්."


"ඕලෙවල් උගන්නන සර් කෙනෙක්? ඕලෙවල්කාරයෙක් මොනවාද ඒලෙවල් ගැන දන්නේ?"


තාත්තා ඇහුවේ ඇහි බැමි උඩට කරන්


"ඒක නම් මං දන්නෙ නෑ. කෙමිස්ට්‍රි ෆිසික්ස් දෙකම උගන්නනවා. අහන්නකෝ ඒක නෙවෙයි හොඳම වැඩේ. අද අපිට පේපර් එකක් තිබ්බානේ. ෆිසික්ස් රචනා එකක්. වාර විභාගේ තියලා සතියක් ගියේ නෑ ආයෙ පේපර් ලියවනවා.මහ පිස්සු ගුරෙක්."


"හැබැයි විභාගේ ළං වෙලා පේපර් ලියවන එක නම් හොඳ වැඩක්. විභාගෙට හුරුවක් එනවනේ."


අම්මා කීවා.


"සර් කීවා හැබැයි මෙහෙම පේපර් ලියවන්නේ හේතුවක් ඇතුව ඒක දැන්ම කියන්න බෑ කියලා. අම්මා අහන්නකෝ ඒක නෙවෙයි අර ඉමේෂා දන්නවද? අර මාත් එක්ක වලියට එන්නේ ඉස්සර ඉඳන්ම?"


"ආ.ඔව් ඔව් ඉතින්."


"එයා සර්ගේ නෑදෑයෝ. අද සර්ට අයියා කියලා කතා කරා."


" නෑ...........එහෙනම් දැන් ඉමේෂා තවත් උඩින් යයි. හරි ඊටපස්හරි "


"මේන් සර් බැන්නා බැනිල්ලක් ආයේ. නෑදෑකම් සර්ට අදාල නෑ. පේපර් එක වෙලාවෙත් කොපි කරලා අහුවෙලා අහගත්තා සර්ගෙන්."


"දැන් හෙටත් පේපර් එකක් තියෙනවා ද?"


තාත්තා ඇහුවා.


"ඔව් හෙට කෙමිස්ට්‍රි දෙවෙනි කොටස. මේ ඒක නෙවෙයි මේ සිකුරාදා ආපහු දෙමාපිය රැස්වීමක් තියෙනවා. සර් ලියුමක් දුන්නා."


"ඒක යකාගේ වැඩක් නේ. ගුරුවරු කියලා එහෙම හිතෙන හිතෙන වෙලාවට රැස්වීම් ගන්න පුලුවන් ද? අනික් මිනිස්සු රස්සා කරන්නේ නැද්ද?"


"නෑ නෑ තාත්තා ඒකට එන්න අනිවාර්යය නෑ."


මං කීවේ බේරෙන්න විදිහක් කල්පනා කරන ගමන්.


"නෑ නෑ එහෙම කියලා හරි යන්නේ නෑනේ. මුන්ට කියලා දෙන්න ඕනේ. කවුරු නැතත් මං තනියෙන් හරි ගිහින් ඕකාට කියලා දෙනවා කරන්න ඕනේ මොනවාද කියලා."


තාත්තා දත්මිටි කන ගමන් කීවා.


මේ යන විදිහට ඊළඟට කතාව නවත්තන්නෙ මගේ පේපර් වලින් කියලා දන්න නිසා ෂේප් එකේ මං එතනින් මාරු වෙලා කාමරේට ආවා.

කෙමිස්ට්‍රි ටිකක් බලලා රෑට කාලා පොඩ්ඩක් ඇඳට ගියපු මම ටික්ටොක් එකේ වයිරල් වෙච්ච කපල් වීඩියෝ එකක් බැලුවා.

ඒක බලපු ගමන් මට මතක් වුණේ යෂෝග ව. තවත් කපල් වීඩියෝ ටිකක් බැලුව මට සෑහෙන අවුල් ගියා. එයා එක්කත් මෙහෙම ආදරෙන් ඉන්න තිබ්බා නම්.

හිතේ අවුලෙන් පාලුවෙන් හිටපු මම එයාගේ ෆෝන් එකට කෝල් එකක් ගත්තා. රින්ග්ස් ගියාට ෆෝන් එක ආන්ස්වර් කරේ නෑ. ආයෙ ආයෙ ආයෙ මං කෝල් ගත්තා. ඒත් එකක්වත් ආන්ස්වර් කරේ නෑ. 13 වෙනි කෝල් එක ගන්නකොට රින්ග්ස් ගිහින් එකපාරටම line busy කියලා වැටුණා. එයා කෝල් කට් කරනවා. ඇස් වල කඳුලු පුරවාගෙන මම එක දිගට කෝල් ගත්තා. ඒත් එන්න එන්නම ලයින් එක බිසී. ඒ කියන්නේ එයා කෝල් එක කට් කරනවා.


"Ane manika oka answer krnnko plz"


Text message එකක් දාන ගමන් මම එක දිගට කෝල් ගත්තා. ඒත්.... එකපාරටම call forwarded කියලා notification එකක් පෙනෙද්දි මට ඇඬිල්ල වැඩි උනා. මොකද එයා ෆෝන් එක ඕෆ් කරලා. ආයෙ ආයෙ ආයෙ ආයෙ කෝල් ගත්තත් ෆෝන් එක ඕෆ්. මොබිටෙල් එකෙන් කෝල් අරන් අරන් ෆෝන් එක ඕෆ් කියලා කියද්දිත් මම ඩයලොග් නම්බර් එකෙනුත් කෝල් ගත්තේ එයා කොයි වෙලේ හරි ආන්ස්වර් කරයි කියලා හිතලා. ඒත් නෑ. වට්සැප් ඇවිත් බලන්කොට තමා දැක්කේ එයා මාව බ්ලොක් කරලා කියලා. ටෙලිග්‍රෑම් වලිනුත් බ්ලොක් කරලා. හැ අතින්ම මාව බ්ලොක් කරලා.


ෆෝන් එක පැත්තකට දාපු මම කොට්ටෙ බදාගෙන අඬන්න පටන් ගත්තා. ඇස් වලින් කඳුලු ඔහේ ගලාගෙන එද්දි, නහය දිගේ හොටු පෙර පෙර එද්දි ඒවා පිහදාගන්නේ වත් නැතිව මම ඇඬුවේ වේදනාව දරාගන්න බැරුව.

ඇයි මේ විදිහට මට පිට කෙනෙක්ට වගේ සළකන්නේ? කොච්චර ආසාද මම දුකක් වේදනාවක් ආවම ඒ තුරුලට වෙලා ඉන්න. හිත ඇති කියන තරම් අඬලා අඬලා හිනාවෙලා එයා ගාව ඉන්න. ඒත් පිට කෙනෙක් වගේ මාව බ්ලොක් කරලා දාලා ෆෝන් ආන්ස්වර් නොකර කෝල් කට් කර කර. එයාට කෙළවපු එයාට වැරැද්දක් කරපු මිනිස්සුවත් ඔය විදිහට බ්ලොක් කරලා දාලා නැතුව ඇති. එයා දන්නවා නම් මං එයාට කොච්චර ආදරේ කරනවද කියලා. කොහොමද මම හිතේ තියෙන ආදරේ කියන්නේ එයාට? ඒක වචන වලට පෙරළන්න පුළුවන් නම්.. ඇයි එයා කරන වැඩ වලින් විතරක් ආදරේ මනින්නේ? හිතේ තියෙන හැඟීම්, සිතිවිලි, පරිස්සම් කරන විදිහ, කරදරයක් වෙයි කියලා බයේ ඉන්න එක පොඩ්ඩ එහෙ මෙහෙ උන ගමන් කඳුලු පෙරාගෙන අඬ අඬ හොයන එක.


සෑහෙන්න වෙලාවක් අඬ අඬ හිටපු මම අන්තිමට නැගිට්ටේ මෙහෙම අඬ අඬ ඉන්න එකේ තේරුමක් නෑ කියලා දැනුනට පස්සේ. ඔළුව අස්සේ නිකන් කළු ගලක් හිර කරලා වගේ. පපුව අස්සේ ගුලියක් හිර වෙලා වගේ දැනෙන්නේ. නැගිටලා බාත් රූම් එකට ගියපු මම ලයිට් එක දාලා කණ්ණාඩිය ඉස්සරහට ගියා. කොණ්ඩෙ අවුල් වෙලා පිස්සියකගේ වගේ. කඳුලු ගලපු පාරවල් වේලිලා ඒවායෙ කොණ්ඩෙ ඇලවිලා. ඇස් රතු වෙලා ඉදිමිලා. කොණ්ඩේ හරියට හදාගත්ත මම මූණ හෝදාගත්තා. ලයිට් ඕෆ් කරලා කාමරේට ආපු මම බ්ලූටුත් එයාර්බඩ් දෙක කනේ ගහන් ලාච්චුවෙන් නිදිපෙත්තක් අරන් බීවා. ෆෝන් එකේ download වලට ගිහින් සින්දු ලිස්ට් එක අරන් ඔහේ එහෙට මෙහෙට පෙරල පෙරල සින්දුවක් හෙව්වා.


"හිත් පුරා පෙම් පිරූ සෙනෙහස

ගමට යන තුරු එක් කරන්

කොච්චරක් වුව බලා ඉන්නම්

කමක් නෑ මට

මක් කරන්නද රත්තරං


සත් මසක් නික්මුණා මෙතුවක්

ඇඟිලී ගැන්නද කොයි තරම්

එක් කරන්නට ඔබේ සිතුවිලි

දවස දුර ඇයි

පමා වෙන්නට මේ තරම්


හිත් පුරා පෙම් පිරූ සෙනෙහස

ගමට යන තුරු එක් කරන්

කොච්චරක් වුව බලා ඉන්නම්

කමක් නෑ මට

මක් කරන්නද රත්තරං...


වත්කමින් නුඹෙ හීන ඉතිරි

වඩින තුරු නැකතක් අරන්

නෙත් විලේ පිපි කඳුළු සඟවා

නුඹේ පෙරමඟ බලා

ඉන්නද රත්තරං


හිත් පුරා පෙම් පිරූ සෙනෙහස

ගමට යන තුරු එක් කරන්

කොච්චරක් වුව බලා ඉන්නම්

කමක් නෑ මට මක් කරන්නද රත්තරං"


නින්ද එනකන්ම මගේ කන පුරා රැව් දුන්නේ එච්චරයි.......

----------------------------------------------------------

ළමයි කතාව දාන එක පොඩ්ඩක් අක්‍රමවත් වෙලා තියෙන්නේ. ඒකට සමාවෙන්න වැඩ සෑහෙන්න වැඩි වෙලා ඉන්නේ. කමෙන්ට් කරන්න හැමෝම පුලුවන් නම්. ඊළඟ කොටසින් හම්බවෙමු. හැමෝම පරිස්සමෙන් ඉන්න බුදුසරණයි.

ඔබ මා හමුවුන මේ ඉර හඳ යට

කොතැනක සිටියත් මා මළ දවසට

මගෙ ළඟ තනියට ඉනු මැනවී

මගෙ ළඟ තනියට ඉනු මැනවී

ඔබ මා හමුවුන මේ ඉර හඳ යට

කොතැනක සිටියත් මා මළ දවසට

මගෙ ළඟ තනියට ඉනු මැනවී

මගෙ ළඟ තනියට ඉනු මැනවී


ඔබ සිත මා සිත හමු වූ දා සිට

මා ළය පීදී පරවූ පෙම් මල

ඔබ සිත මා සිත හමු වූ දා සිට

මා ළය පීදී පරවූ පෙම් මල

සිතින් තුරුළු කර මා මළ දවසට

මගෙ ළඟ තනියට ඉනු මැනවී

මගෙ ළඟ තනියට ඉනු මැනවී


ඔබ මා හමුවුන මේ ඉර හඳ යට

කොතැනක සිටියත් මා මළ දවසට

මගෙ ළඟ තනියට ඉනු මැනවී

මගෙ ළඟ තනියට ඉනු මැනවී


කඳුල සුසුම නොහෙලා නොදොඩා අපි

මිරිඟු සයුර වෙත පියමන් කල සැටි

කඳුල සුසුම නොහෙලා නොදොඩා අපි

මිරිඟු සයුර වෙත පියමන් කල සැටි

සිතින් දරාගෙන මා මළ දවසට

මගෙ ළඟ තනියට ඉනු මැනවී

මගෙ ළඟ තනියට ඉනු මැනවී


ඔබ මා හමුවුන මේ ඉර හඳ යට

කොතැනක සිටියත් මා මළ දවසට

මගෙ ළඟ තනියට ඉනු මැනවී

මගෙ ළඟ තනියට ඉනු මැනවී....


ලස්සනයි නේද ඒක. නිකන් දැම්මෙ. එහෙනම් ගිහින් එන්නම්.

--විදූ

Report Page