වඩින තුරු සඳ -10

වඩින තුරු සඳ -10

Ravindu T. Chandrasekara

වඩින තුරු සඳ - 10

පෙර කොටසට


https://telegra.ph/%E0%B7%80%E0%B6%A9%E0%B6%B1-%E0%B6%AD%E0%B6%BB-%E0%B7%83%E0%B6%B3--9-09-15


තත්සරණි ඒක පන්තිය පුරා බෙදද්දි මටත් කොළයක් හම්බුණා. ඒක කියවන් යද්දි මං හිරි වැටිලා ගියා.

වෙන මොකකටවත් නෙවෙයි ආපහු මේ සිකුරාදා parents' meeting කියලා තිබ්බේ.දෙයියනේ දැන් මොකද කරන්නේ? ආපහු අම්මලා ගෙන්නලා මොනවා නොකියයිද?පේපර්ස් වලට කොහොම ලකුණු තියෙයිද? ආයෙත් ගුටි කන්න? මං කල්පනා කරා. කියන්න කවුරුත් නෑ. අනේ මන්දා. පුදුම ගුරුවරු තමා මේ අය නම්. එහෙම හිත හිත හිටපු මගේ කල්පනා ලෝකය බිඳිලා ගියේ සර් කෑ ගහපු සද්දෙට.


"හරි ළමයි මේ සිකුරාදා දෙමාපිය රැස්වීමක් තියෙනවා. මේක ඉතාම විශේෂ රැස්වීමක්. කාට කීයට කොච්වර වටින වැඩක් තිබුණත් මේ රැස්වීමට අනිවාර්යයෙන් එන්න කියන්න. ඒලෙවල් අනාගන්න ඕනේ නම් මේ රැස්වීමට ආවේ නෑ කියලා ප්‍රශ්නයක් වෙන්නේ නෑ. හරි දැන් එහෙනම් මේ බෝඩ් එකේ දාලා තියෙන කාලසටහන ලියාගන්න. "


සර් එහෙම කියද්දි මම පොතක් පෙරළාගෙන කටුවට කාලසටහන ලියාගත්තා. ලියාගෙන ඉවර වෙනවත් එක්කම තත්සරණි මගේ මූණට එබුනා.


"මොකද බන් එල්ලාගෙන?"


"නෑ බන්. දැන් ආයේ සිකුරාදා ගිහින් ගුටි කන්න එපැයි."


"එහෙම වෙන්නේ නෑ බන්. තාත්තා හැමදාම ගහන්නේ නෑනෙ?"


"උඹ දන්න තරම තමා බන්"


"අනේ මන්දා බන්. මටත් මුකුත් කියන්න තේරෙන්නේ නෑ."


"උඹට තියා මටවත් තේරෙන්නෙ නෑ මොකක්ද කරන්නේ කියලා."


කල්පනා කර කර හිටපු මට පොඩි අදහසක් ඔළුවට ආවා.


"හිටපන්කො අපි වැඩක් කරමු."


"මොකක්ද?"


"කරාම බලාගන්නකො"


එහෙම කියපු මම බෑග් එක අස් කරන්න ගත්තා.

බෙල් එක ගහපු ගමන් ළමයි බෑග් අස් කරන්න පටන් ගත්තා. අස් කරපු අය පුටුව මේසේ අස්සට දාලා හිටගත්තා. ඉස්සරහා වාඩි වෙලා හිටපු සර් නැගිටලා එයාගෙ පොත් ටිකත් අස් කරගත්තා.


"ළමයි සද්දෙ නවත්තන්න දැන්. කවුද අතුගාන්න ඉන්නේ?"


උදේ අත් උස්සපු සෙට් එක ආපහු අත උස්සව්වා.


"අද අතුගාන්න ඕනෙ වෙන්නෙ නෑ

හෙට හවස අතුගාමු."


සර් කීවෙ උදේ අතුගෑවට පස්සේ ආයෙ පන්තිය ජරා වෙලා නැති නිසා වෙන්න ඇති.

ජත්ත මානවක ගාථා කියලා ඉස්කෝලේ ඉවර වුණාට පස්සේ ළමයි හැමෝම පන්තියෙන් එළියට ගියා.

අපිත් එළියට ගිහින් මග රැකන් බලන් හිටියේ සර් එනකන්.


"ඇයි බන් සර් එනකන් ඉන්නේ මොකක්ද අවුල?"


අපේ උන් චුරු චුරු ගාද්දි මං කටපියන් බලන් හිටියේ සර් එන පැත්ත දිහා.


ඈතින් සර් එනවා දැක්ක මම සර්ට කතා කරන්න ඉස්සරහට ගියා.


"එක්ස්කියුස්මී සර්"


මාව පහු කරලා යනකන් ඉඳලා සර්ට මං කතා කරා.


"ආ ඕයි. මොකෝ මෙතන? අද ගෙදර යන්න එහෙම අදහසක් නැද්ද?"

සර් ඇහුවා මං දිහා බලන ගමන් නැවතිලා.


"නෑ සර් යන්න ඕනේ. මං ආවෙ සර්ගෙන් පොඩි උදව්වක් ඉල්ලන්න."


"ඒ මොකක්ද ඒ?"


සර් කීවේ හෙමින් ගමන පටන් ගන්න ගමන්. මාත් සර් එක්කම වගේ ඉස්සරහට ඇවිදන් ගියා.


"සර් සිකුරාදා රැස්වීම කැන්සල් කරන්න පුලුවන් ද?"


"ඒ මොකද ඒ?"


"නෑ සර් පොඩි හේතුවක් නිසා."


"මොකෝ සුදාත්ති එක්ක ට්‍රිප් එකක් වත් දාගත්තද?"


සර් කට කොනින් හිනාවෙලා ඇහුවා.


අනේ උගෙයි මගෙයි ට්‍රිප්. තෝත් දැන් මට කියලා දත් ඇන්ද කඩාගන්න හදන්නෙ හරිද?


"අනේ විහිලු නෙවෙයි සර්. පුලුවන් වෙයිද එහෙම කරන්න."


"ඉතින් දරුවෝ මට හේතුව කියන්නකෝ. ඊටපස්සෙ මං බලන්නම් පුලුවන් ද බැරිද කියලා."


"නෑ සර් මේ මේ....."


" කියන්න ඉතින්"


"නෑ සර් ගෙදරින් ගහනවා සර් රැස්වීම් තිබ්බ හැම දවසටම"


ඒක අහපු ගමන් සර්ගේ මූණෙ තිබ්බ හිනාව එකපාරටම අතුරුදහන් වුණා.


"ඇයි ඒ ගහන්නේ?"


"පේපර් වලට ලකුණු මදි කියලායි තව සර්ලා මැඩම්ලා කියන දේවල් නිසායි"


"හ්ම්ම්ම්ම්... මෙහෙමයි ඕයි. ගුරුවරු කියන දේවල් කියන්නේ ඉතින් විනය ප්‍රශ්න අරවා මේවා නේ. දැන් මං අද ඔයාලාගෙ පන්තිය භාර ගත්තේ. එතකොට මට ඔයාගේ විනය ගැන ලොකුවට අවබෝධයක් නෑ. ඒ නිසා මේ ඉස්සරහට තියෙන දවස් ටිකේ ඔයා විනය ගැන ප්‍රශ්න දාගන්නේ නැතුව හිටියොත් මට කියන්න දෙයක් නෑනේ. ඒක ඔයාට වාසි. අනික් එක තමා දරුවෝ පේපර් වල ලකුණු හදාගන්න ඕනේ ඔයාමයි. ඒක මට වෙනස් කරන්න බෑ. මට ඕනේ නම් ඔයාලගෙ පේපර් ලාවට බලලා ලොකු ලකුණක් දෙන්න පුලුවන්. නැත්තං තිතටම බලලා අඩු ලකුණක් දෙන්න පුලුවන්. මේ මොන විදිහට ලකුණු දුන්නත් එහෙම ලකුණක් දෙන්න කලින් ඔයා ලකුණු අරන් ඉන්න එපැයි. ඒ නිසා ලකුණු ගන්න එක ඔයාගෙ ප්‍රශ්නයක්. ඒක හදාගන්න. අද ගිහින් කෙමිස්ට්‍රි පොඩ්ඩක් බැලුවත් ඇතිනේ නේද හෙට ලකුණු වැඩි කරගන්න?"

"ඔව් ඒක නම් හරි සර් ඒත් සර් බැන්නේ නැති වුණාට බයෝ සර් බනිනවානේ?"


"ඉතින්?"


"ඉතින් සර් බයෝ සර් බැන්නම මට කොහොමත් කන්න වෙනවා සර්."

"බයෝ සර් බනින්නේ ඇයි?"


"ඉතින් සර් දෙමාපිය හමුවට බයෝ සර් එහෙමත් එනවනේ"


"කවුද කීවේ බයෝ සර් එනවා කියලා?"


"ඉතින් සර් parents' meeting එකට බයෝ සර් නෑවිත් ඉන්නේ නෑනේ?"


"පිස්සුද? මේක මේ මං ගන්න meeting එකක්. නැතුව හැමෝම ගෙන්නගෙන නටන එකක් නෙවෙයි."


ඒක අහපු ගමන් මට නිකන් හතර මහා නිධානේ පහළ වුණා වගේ.

"අහ් එහෙනම් අවුලක් නෑ සර්."


"හරි නේ එහෙනම්."


"හරි සර්. තෑන්ක් යූ සර්."


"හරි හරි දැන් ගිහින් පාඩම් කරන්න හෙට එකට. අර තුන්දෙනා යාලුවෝ ද?"


"ඔව් සර්"


ඔලුව වනපු සර් ස්ටාෆ් රූම් එක පැත්තට ගියා......

----------------------------------------------------------

ඊළඟ කොටසින් හම්බවෙමු. හැමෝම comment කරන්න. බුදු සරණයි. තව පොඩි දෙයක්. මම කොල්ලෙක් හරිද? පටළගන්න එපා මම කෙල්ලෙක් නෙවෙයි.🥲

Report Page