වඩින තුරු සඳ -9

වඩින තුරු සඳ -9

Ravindu T. Chandrasekara

වඩින තුරු සඳ-9

පෙර කොටසට


https://telegra.ph/%E0%B7%80%E0%B6%A9%E0%B6%B1-%E0%B6%AD%E0%B6%BB-%E0%B7%83%E0%B6%B3-8-09-12


"කාලය අවසන්.."


එහෙම කියපු සර් පේපර් එකින් එක එකතු කරන්න ගත්තා. කඩියා වගේ දුවන් දුවන් ආපු සර් බාගයක්.එකතු කරද්දි සයුරි මැඩම් ඉතිරි පේපර්ස් ටික එකතු කරා.


"කවුරුත් යන්න එපා. වාඩි වෙලා ඉන්න තැනම පොඩ්ඩක් ඉන්න"


එහෙම කියපු සර් හෝල් එකේ ඉස්සරහට ම ගියා. මේසේ උඩින් පේපර්ස් ටික තියලා රබර් බෑන්ඩ් එකක් ඒ සෙට් එක වටේ දැම්මා.


" හරි ළමයි සද්දෙ නවත්තන්න."

හැමෝම සයිලන්ට් උනේ එකපාරටම සර් කෑ ගහපු නිසා.


"හරි දැන් හැමෝම පේපර් එක ලියලා ඉවරයි නේ. මේ පේපර් එක කලින් කීවා වගේ එක්සෑම් ලෙවල් එකටම හදපු පේපර් එකක්. වටේ ඇවිදිද්දි තේරුන දෙයක් තමයි කවුරුත් හොඳටම පේපර් එකේ performance දාලා නෑ. මධ්‍යස්ථ මට්ටමේ තමා හැමෝම ඉන්නේ. සුළුතරයක් ඉන්නවා දුර්වල මට්ටමේ. ඒවා හදාගන්න ඕනේ. අනික් දේ තමා දැන් අද ෆිසික්ස් පේපර් එකක්නේ තිබ්බේ. හෙට කෙමිස්ට්‍රි එකක් තියෙනවා. ඒකත් හැමෝම අනිවාර්යයෙන් ලියන්න ඕනේ. ඒ නිසා හැමෝම හෙටත් එන්න ඕනේ. කෙමිස්ට්‍රි ටිකක් බලාගෙන එහෙම එන්න ඕනේ නම්. හෙට උදේම අපි පේපර් එක ලියමු. මොකද ඔයාලාට බයෝ පීරියඩ් දෙක තියෙන්නේ දවල් නිසා.

තව දෙයක් තමා එක්කෙනෙක් කොපි කරලා අහු උනා. හතරක් පහක් පේපර් එක වෙලාවේ මනෝ ලෝක වල හිටියේ. සමහරු කලබල වෙලා දාඩිය දාලා වෙව්ලනවා. තම තමන් දන්නවා ඇතිනේ තමන්ට මොකද උනේ කියලා. ඒ ටිකත් හෙමීට හදාගෙන අපි ඊළඟ පේපර් එක ලියමු. දැන් හැමෝම පන්තියට යමු.

එහෙම කීවට පස්සේ ළමයි ඔක්කොම නැගිට්ටා. එක එක්කෙනා පන්තියට යද්දි මං ගියේ තත්සරණි ගාවට.


"මේ සර් මොකද කීවෙ?"


තත්සරණි ඇහුවා.


"මුකුත් නෑ බන්. පේපර් එක අරන් මුල ඉඳන් අග වෙනකන් බැලුවා. ඊටපස්සෙ ලියන්න කිව්වා. අඩේ මාව වෙව්ලන්න ගත්තා බන් සර් ආවට පස්සේ. දන්න දේවල් ටිකත් අමතක උනා."


"සිරාවටම බන්.

"මං ගාවට ඇවිත් බලන් හිටියා ලියන එක. මං බය වෙලා හිටියේ ලියාගන්න බැරිවෙයි කියලා. තාපය ගාන හදලා උත්තරය ආවට පස්සේ බන් උත්තරය වැරදියි. හදන්න තියෙන එකම ක්‍රමයෙන් හැදුවේ. පියවර මුකුත් වැරදිත් නෑ. මං කල්පනා කර කර ඉද්දි තමා සර් කීවේ කලබල වෙන්නෙ නැතුව ආදේශ කිරීම් බලන්න කියලා. කියපු විදිහටම හරි බන් විශිෂ්ට ගුප්ත තාපය ආදේශ කරද්දි ඒකක පරිවර්තනය නොකර ආදේශ කරලා තියෙන්නේ. "


මේධනා කීවා.


"ඒ සර් නම් පට්ට හොඳයි වගේ බන්" ත්‍යාග්‍යා කිව්වා.


"ඔව් එහෙම පේන හොඳ දෙපැත්තෙන් යයි ආයේ parents' meeting එකක් ගත්ත දවසට. ඒ මදිවට හෙට කෙමිස්ට්‍රි පේපර් එක. මරුනේ ත්‍යාග්‍යා ඔයාගේ පට්ට සර්. එක දිගට විභාග තියනවා"

මං කීවා

"ඔව් බන් මේක නම් මහ වදයක් තමා."

තත්සරණි කීවා.

"මේ ඒක නෙවෙයි. මොකක්ද බන් අර සර් කීවේ හෙට බයෝ හවස කියලා. ඉන්ටවල් එකට කලින් නේ තියෙන්නේ?"

මේධනා කීවා.

"නෑ බන් සර් කීවේ ටයිම් ටේබල් වෙනස් වෙනවා කියලා. අලුත් එකේ ඒ විදිහට ඇත්තෙ එහෙනම්."

තත්සරණි කීවා.

එක එක ඒවා කිය කිය පන්තියට ආපු අපි ගිහින් වාඩි උනා. වාඩි වුණා විතරයි ඉමේෂා මං ගාවට ආවා.


"තනුදි මොකක්ද තමුසේ ඒ කරපු බලු වැඩේ? "


හිතන්නවත් වෙලාවක් නොතියා ඉමේෂා මගේ ඇඟට කඩා පැන්නා.


" මං මොනවාද කරේ?"

මාත් නැගිටලා ඇහුවේ මේකිගෙ කට අද සම්බල් කරනවා කියලා හිතාගෙන.


"උඹ මං දිහා බලන් හිටපු නිසා තමා සර්ට මාව මාට්ටු උනේ කොපි කරා කියලා. නැත්තං සර්ට මාට්ටු වෙන්නෙ නෑ."


"ආ........ ඇත්තද? ඉතින් තෝ මොකටද කොපි කරේ. අර සර් කියපු විදිහට පොට ගිහින් වගේ කැරකුණේ නැත්තං මං තෝ දිහා බලන්නෙත් නෑනේ"

"ඉතින් යකෝ මං කැරකුණත් නැතත් තෝ මොකටද මං දිහා බලන්නේ. තොට එච්චර අමාරුවද?"


"උඹ දිහා බලන්න තරම් අමාරුවක් එන්න තෝ මගේ කවුද?"


එහෙම කියපු ගමන් මුළු පන්තිය ම සයිලන්ට් උනා.


වටපිට බලද්දි තමා මං දැක්කේ සර් පන්තිය ඉස්සරහා අත් බැඳගෙන බලන් ඉන්නවා.

"ඉවරද දෙන්නාගේ රණ්ඩුව. නැත්තං තව විනාඩි හතරක් පහක් ඕනේද?


මං එහෙම්ම බිම බලාගත්තා.


"මොකක්ද ඕයි උනේ?"


සර් ඇහුවේ මං ගාවට එන ගමන්.


මොනවත් කියන්නේ නැතුව මම බිම බලාගෙන හිටියා.


"ඉමේෂා මොකක්ද උනේ?"


මගෙන් උත්තරයක් නැති තැන සර් ඉමේෂාගෙන් ඇහුවා.


"නෑ අයියේ මුකුත් නෑ"


"අයියා? කවුද අයියා?"


"නෑ සර් මේ..."


"තමුන් මගේ සෑහෙන දුරින් නෑදෑයෙක් වෙන බව ඇත්ත. ඒත් මං දැන් තමුසෙගෙ ගුරුවරයා. මීටපස්සේ ඔය නෑදෑකම් කියාගෙන ආවොත්.... තමුසේ දන්නවා නේ මගේ හැටි."


ඇගිල්ල දික් කරලා සර් කීවා.


දෙයියනේ ඒ කියන්නේ සර් ඉමේෂාගෙ නෑදෑයොද? ඒ කියන්නේ දැන් ඉමේෂා රඟන්න පටන් ගනී ඉස්කෝලේ ඇතුලේ. හරියට ඒකිගේ ඉස්කෝලේ වගේ.


"හරි ළමයි දැන් මේ පැත්තට අවධානේ දෙන්න. කවුරුත් මට මුකුත් නොකීවට මං අහගෙන හිටියේ හැමදේම. මේ ඉස්සරහ පෝළිමේ ළමයි දකින්න ඇතිනේ. හරි දැන් ඒවායින් වැඩක් නෑ. කෝ මේ පන්ති නායිකාව. එන්න"


තත්සරණි නැගිටලා ගියා.


"ඔයා තත්සරණි නේද? හරි මේක පන්තියේ හැමෝටම බෙදන්න."


එහෙම කියල සර් A5 සයිස් කොළ මිටියක් තත්සරණි අතට දුන්නා. තත්සරණි ඒක පන්තිය පුරා බෙදද්දි මටත් කොළයක් හම්බුණා. ඒක කියවන් යද්දි මං හිරි වැටිලා ගියා.....................

----------------------------------------------------------

හරි ළමයි දවස් දෙකක් කතාව දුන්නේ නෑ. සමාවෙන්න ඒකට. මොකද මං 12 කතාව දෙනකොට කීවානේ ගමනක් යනවා කියලා. මං ගියේ සීගිරියේ තල්කොටේ කියන ගමට. සමහරවිට මේක කියවන අයත් ඇති ඒ ගමේ. ඉතින් එදා ප්‍රොජෙක්ට් එක ඉවර වෙද්දි රෑ 9 පහුවෙලා. ඊට පහුවදා පාන්දරම ආපහු නුවර ආවා මොකද අපේ කැම්පස් එකෙන් ක්‍රිකට් ටූනමන්ට් එකක් organize කරලා තිබ්බා. මං තමා ඒකේ කැප්ටන්. ඉතින් ප්‍රොජෙක්ට් එකත් කැන්සල් කරලා ඒකට ආවා. අපරාදෙ කියන්න බෑ අපේ උන් ටිකත් එක්ක එකතු වෙලා 2nd runners-up උනා. ඒ කීවේ අපි semi final තේරිලා ඉද්දි වෙලාව මදි කියලා points table එකේ උඩම හිටපු ටීම් දෙක final ගැහුවා. අපි ගහපු මැච් තුනෙන් දෙකක් දිනුම් නිසා අපි 2nd runners-up. ඉතින් මේ වැඩ නිසා තමා කතාව දෙන්න බැරි වුණේ. සමාවෙන්න ඒකට. බෝන්ස් එපියක් එක්ක හම්බෙමු එහෙනම්. හැමෝම පරිස්සමෙන් ඉන්න.

ආ තව පොඩ්ඩෙන් අමතක වෙනවා.

මේ ඉන්නේ අපේ ටීම් එක. Team Dare Devils. ♥️🔥

Report Page