♡ රාගයේ විලාපය ♡
18❦ දහ අටවන දිගහැරුම ❦

මතකනෙ සීන් එක. විටක් කාල මාට්ටු උනා. පස්සෙ පොත් පත් අරන් බෝඩිමට ආව. පහුවදා ඉඳන් කැම්පස් යන්න ඕනි නිසා. රෑ මැද්දෙ ගෑනියෙක් කෑගහනව ඇහුන නිසා උඩ ගිහින් ඇහැරුනා.
[ කලින් කොටසට ]
එතැන් සිට...
කෑගහපු සද්දෙ ටිකක් එහායින් ඇහුනත් මම සැනික ඇඳෙන් බැහැල නිශුලගෙ කාමරේ පැත්තට දිව්ව. මම යනකොටත් හිමාලි ඇන්ටි එයාලගෙ කාමරේ ළඟ ඉන්නව. නිශූයි පවනි කාමරේ දොර ගාවට ඇවිල්ල.
"යොහාන් කාමරෙන් ඉන්න. මෙයාලට අවුලක් නෑ" කියල හිමාලි ඇන්ටි නිශූලව කාමරේට දාල එලියට ගියා.
මම හිමාලි ඇන්ටි ගියාට පස්සෙ නිශුගෙ කමරේට ගිහින් බැලුව.
කෙල්ලො දෙන්න බය වෙලා වගේ මූණු සුදු වෙලා. මාත් පොඩ්ඩක් බය උනා හැබැයි. ඒ යක්ක සද්දෙ උඹලට ඇහුන නං උඹලත් බය වෙනව හුම්. අරුන් ඩබල නිසා සේප් එකේ හිටියෙ. හේ හේ.

"මැණික අවුලක් නෑනෙ මුකුත්" කියල මම නිශූගෙ කම්මුල අතගෑව.
"අවුලක් නෑ. දැන් යන්න. ඇන්ටි ආවොත් හරි නෑනෙ." කියල නිශූ කම්මුලෙන් අත අයින් කලා. පවනි හිටපු නිසා වෙන්නැති. පවනි නැත්තං මෙතන.... නෑ නෑ මුකුත් වෙන එකක් නෑ.
"හරී. මට මිස් කෝල් එකක් ගහන්න මොකක්ම හරි අවුලක් ගියොත්"
මම නිශූගෙ නලලට කිස් එකක් දීල කාමරේට ආව.
සඳුන නං ඇහැරිලා ඇඳ උඩ වාඩි වෙලා බලන් ඉන්නව. සමීරය නිදි තාම.
"මූ තාම නිදිද බං"
"ඕක ඔහොම තමා බං. සද්ද බද්ද වලට ඇහැරෙන්නෑ." සඳුන හිනා වෙවී කියනව.
ටිකකින් හිමාලි ඇන්ටිත් ඇවිල්ල කිව්ව "උදේට කියන්නං විස්තරේ දැන් නිදාගන්න" කියල.
දන්නවනෙ ඉතින්. රෑට රෑට වෙන දේවල් අපි දන්නෙත් උදේට තමා. නිදාගෙන ඇහැරෙනකොට් බඩු මිල ඉහල ගිහිල්ල කියල ඇමති දන්නෙත් නෑ. සිරි ලක්කාව.

පහුවදා උදේම ඇහැරුනේ අර කේලමත් අහගෙනම කැම්පස් යන්න හිතන්. උදේ කැම මේසෙදි හිමාලි ඇන්ටි සීන් එක කිව්ව.
"ඔයාල කවුරුත් කලුවර වෙලාවට එහෙ මෙහෙ ගමන් දාගන්න එපා. විශේෂයෙන්ම ගෑනු ලමයි."
"ඇයි මොකෝ සිද්දිය" සමීරය අහනව මැරිල ඉපදුන එකෙක් වගේ.
ඌ

ඇයි ඌ දන්නෑනෙ වෙච්ච මෙලෝ මගුලක්. කබරය වගේ නිදාගත්තනෙ.
"ඊය අල්ලපු ගෙදෙට්ට එහා ගෙදර අක්ක දැකල මිනිහෙක් වත්ත මැදින් දුවනව. කට්ට කලු මිනිහෙක්ලු. රෑ නං හැමෝම කිව්වෙ හීනෙන් බය වෙන්නැති කියල. අද උදේ බලනකොට තාප්පෙ තැන තැන තෙල් වගේ තියෙනව."
"අඩ්ඩෙහ් ග්‍රීස් යකෙක්ද?"
හිමාලි ඇන්ටිට හිනා ගියා ඒක ඇහුවම.
"ග්‍රීස් යකෙක් නං වෙන්න බෑ. ලිහිසි තෙල් යකෙක් වගේ නිකං. විහිලු නෙවෙයි. ඔයාලත් පරිස්සමින්. 6න් පස්සෙ එහෙ මෙහෙ යන්න බෑ. කැම්පස් ඉවර වෙලා කෙලින්ම ගෙදර එන්න."
"ඕකේ මැඩම්" සඳුන ගොට්ටක් අල්ලනව.
සඳුනයි සමීරයි කියන්නෙ ක්ශේත්‍ර දෙකක ලෝක අණ්ඩයො දෙන්නෙක්. සඳුන වැඩියෙන්ම දක්ශ කතාවෙන් බහෙන් ගොටු අල්ලල මිනිස්සු රවට්ටන්න. නරකකට නෙවේ. ඒ උනාට ඌ එක්ක කතා කලොත් නිකං වසඟ වෙන සීන් එකක් තියෙන්නෙ.
සමීර කියන්නෙ මැන්ටලා වගේ හිටියට මොල ගෙනාපු නැවක්. ඌ කවදාවත් කාත් එක්කවත් වලි දාගන්නෑ. එකට එක කියන්නෙ ඒ මුකුත් නෑ. ඌ හෙන සීතල ඩයල් එකක්. මිනිහ ඒ වගේ ප්‍රශ්න වලින් ශේපට මාරු වෙලා ඇවිල්ල ඊළඟට ප්ලෑනක් ගහල අරූට කෙලවෙලා නස්තාර වෙන්නම.
ඉස්කෝලෙ කාලෙ කොල්ලො දෙතුන් දෙනෙක්ව ඉස්කෝලෙන් අස් කරන ගානට වැඩ සෙට් කරල මූ. ඒ කියන්නෙ මූ නිකං ට්‍රික්ස්ටර් කෙනෙක් වගේ. ගේම දෙන්නෙ දිය යටින්. හැබැයි ඉන්නෙ පඹය වගේ.
උදේට කාල බීල පස් දෙනාම පයින්ම ඇද්දුව කැම්පස් එකට. අපේ ලෙක්චර්ස් තියෙන හෝල් එකත් අහගෙන එතෙන්ට යනකොට ගොඩක් උන් ඇවිල්ල හිටිය. අපේ බැජ් එක නං පොඩි පහරක් තිබ්බ. අර එකතැන් උනු බුහුබා ආකාර ජීවිත දෙක තුනක් ඇරුනම අනිත් හැමෝම වගේ සේප් එකේ කතා බහ කරන් ඉන්න ඇක්ටිව් සෙට් එකක්.
ඔහොම ඉතින් කැම්පස් එකෙන් මුලින්ම අපිට දුන්නෙ ඉංග්‍රීසි පාඨමාලාවක්. ඕන්නං හොයල බලන්න. ගොඩක් වෙලාවට english කෝස් එකක් දෙන්නෙ කැම්පස් බොහොම පොඩි ගානක.
ශේපට් එකේ කතා බහ කරන් අපි වැඩ ටිකත් කරන් ගියා. නිශූ එක්ක වැඩිය එහෙ මෙහෙ යන්න උනේ නෑ අර මල යකෙක් ග්රීස්ද තෙල්ද මොනාද නාගෙන ගමේ ගෑනු දිහා බල බල යනව කියල ආරංචි උන නිසා. අනික දැන් වැඩ කරගන්න එපැයි. ඒ නිසා හැමතිස්සෙම නිශූ එක්ක හිනා වෙලා කතා කලාට අඩු ගානෙ ඇඟෙන් අල්ලන්නවත් ගියේ නෑ.
කතාවක් තියේ බං දාහක් ළගින් හිටියත් හිතට වදින්නෙ එකාවයි කියල. සඳුනයි සමීරයි තමා මුල් දවස් වල ළඟින්ම හිටියෙ. ඒ උනාට කැම්පස් එකෙන් මගෙ බොක්කෙ ෆිට් එක උනේ කසුන් කියල ඩයල් එකක්. මූ තමා කැම්පස් එකේ මාත් එක්ක හිටියෙ.
කසුන ඇවිල්ල මගෙ ජාතියෙම තමා. උගෙ කැල්ලත් මේකෙ. කසුනගෙයි මගෙයි අදහස් හෙනට ගැලපුනා. ඒ නිසාම මම ඌව බොක්කක් හැටියට සලකන් හිටිය. එකම අවුල උගෙ කෑල්ල. ඒකි නිකං වටේ යම්දෝ නොයම්දෝ ලයින් එකේ ඉඳන් තමා මූ එක්ක යාලු වෙලා ඉන්නෙ. මම ඉතින් මුකුත් කියන්න ගියේ නෑ.
ඉතින් ඕම ආතල් එකේ වැඩත් කරන් යනකොට මල්සරාට වැරදිලා වෙන එකෙක්ට ටාගට් කරපු ඊතලයක් මට වැදිල. ඒකෙ අනිත් කොන වැදුනු කෙනාත් නිකං හිත ආකර්ශණය කරගන්න සුලු කෙනෙක්.
වෙනද වගේම නිශූ එක්ක උදේ කැම්පස් ඇවිල්ල එයාව යාලුවො ළඟට ඇරලවල මම කසුනව හොයන්න ගියා. ඒත් ඌ ඊට කලින් මාව හොයන් මං ළඟට දුවන් ආව.
"යොහානය මේ පොඩි කේස් එකක්"
"ඒ මොකක්ද බං?"
"මේ අන්න ෆැකල්ටියෙ කෙල්ලෙක් උඹ ඒකි එක්ක යාලුයි කිය කිය හතර වටේ කේලමක් යවනව"
මොනවා? කෙල්ලෙක් මාත් එක්ක යාලුයි කිය කිය හතර වටේ යනව. ම්ම්ම්ම්ම් acayi wagay

මල කෙලියයි. නිශූට ආරංචි උනොත්.
"අඩෝ අඩෝ. කවුද බං"
"කවුද මංද කෙල්ලෙක් බං මං දන්නෙත් නෑ. සුදු කොට පට්ට එකක්ලු. මටත් කිව්වෙ අපේ එකෙක් දැන්"
සුදුයි කියල ඇහුනම

කොට පට්ට කෙල්ලෙක් කියල ඇහුනම

නිශාධි ගැන මතක් උනාම

හේ හේ.
"මාර කෙලියක්නෙ ඕයි ඉතින්. මම එහෙම සීන් එකක් දන්නෙත් නෑනෙ."
"ඒක තමා යකෝ කියන්නෙ. මොකක් හරි කරපං ඉක්මනට. නැත්තං බඩු බනිස්"
ඉඳල හිටල මගේ දෛවය පොඩි පොඩි ආතල් ගත්තට මෙහෙම ආතල් එකක් ගත්තෙ නං පළවෙනි පාරට.
කසුනත් එක්ක කැම්පස් එක පුරාම එක එකාගෙන් අහල අහල ඒකිව හොයල හොයල අන්තිමට ඒකිව හම්බුනා මේන් බිල්ඩින් එකේ දොර ළඟ. කසුන කිව්වත් වගේ පට්ටම සුදු කොට ලස්සන කෙල්ලෙක්.
මං කතා කරන්නත් කලින් කසුනට මල පැනල අරකිට බැනගෙන බැනගෙන ගියා.
"ඈ යකෝ වේ@යෙ. තොට ලැජ්ජ නැද්ද ගෑනියෙ කෙල්ලෙක් ඉන්න කොල්ලො එක්ක වල්කමේ යන්න. තෝ මොනා කරලද මේකට ආවෙ. විභාග කොමසාරිස්ට ඇඟ බද්දට දීලද"
අරකි බය වෙලා වගේ ටිකක් වෙලා බලන් ඉඳල ඇස් දෙකේ කඳුලුත් පුරවන් වචනයක්වත් කතා නොකර අනිත් පැත්ත හැරිල දුවන්න ගත්ත.
"ඔය ඉතින් උඹත් ඇමිනෙනවනෙ බං" මම කසුනට බැන්න.

"ඉතින් යකෝ උඹටනෙ කෙලවෙන්නෙ ඒකි නිසා"
"හා හා හිටහං මම ගිහින් කතා කරන්නං"
මම කසුනවත් දාල අරකි පස්සෙන් ගියා. ඒකි නිකං කිඩ් ෆ්ලෑස් වගේ යාමක් ගිහිල්ල හොයාගන්නත් බැරි වෙන්නම.
පස්සෙ එක එකාගෙන් අහගෙන මෙයා ගියපු පැත්තට ගියාම බිල්ඩිම පිටිපස්සෙ ගහක් යට බංකුවකට වෙලා අඬ අඬ ඉන්නව දැක්ක.
කසුනටත් ඕන්නැති රෙද්දක් නෑනෙ ඉතින්.
මම ගාට ගාට වටපිට බල බල එතනට ගිහිල්ල බංකුවෙන් වාඩි උනා.
"සොරි අරූ කියපුවට"
කෙල්ල මං දිහා බලල ආපහු මූණ පාත් කරන් ඇඬුව.
මෙයා කතා කරන්නෙත් නෑ ඉතින් . දැන් මක්කෙයි කොරන්නෙ. අල්ලන්නත් බෑ. මෙතන මගුල් නටනව දැක්කොත් ඒම වෙන එකෙක් අනාථයි.
"excuse me"
"ඇයි" ඒකි හිමීට මගෙන් ඇහුව.
"අරූ කියපුවට සමාවෙන්න මට"
"ඔයා සමාව ඉල්ලන්න ඕන්නෑ. මගෙයි වැරැද්ද."
Tips 4 boys:-
කෙල්ලෙක් දුකින් නං. උඹට දුක අහන අයියා වෙන්නෙ ඕනෙ නං. එක උපදෙසක් දෙන්නං. ඉවසපං හොඳට. ලෙල්ල හුටන් වෙන්නම ඉවසපං. ඒකි අතේ වැරැද්දක් නෑ කියන මතේම ඉන්නව කියල පෙන්නපං. වැරදි ඔක්කොම වෙන වෙන උන්ගෙ කියල කියපං.
"මේ අහන්නකො ඉතින්. ඌ මට කිව්ව ඔයා හැමතැනම කිය කිය යනව කියල ඔයා මාත් එක්ක යාලුයි කියල. ඒකයි මම අහන්න ආවෙ. මුකුත් අහන්න කලින් අරූගෙ කට ඉස්සර උනා. ඒකට සමාවෙන්න මට."
කෙල්ල කඳුලු වැටෙන මූණ මගෙ දිහාවට හරවල,
"මම කොහෙවත් කිව්වෙ නෑ දෙයියනේ ඔයා එක්ක යාලුයි කියල"
කන්පියුස් උන්ගා බුන්ගා.
"එහෙනං අරූ මොකක්ද කිව්වෙ?"
"ඒක අහගන්න ඔය කතාව කිය කිය යන කෙනාගෙන්"
හප්පට සිරි. වෙන මොකෙක් හරි කිය කිය යනව මේකියි මමයි යාලුයි කියල. ඒකයි මේ සීන් එක. කවුද යකෝ ඒ අලුගුත්තේරු වැඩේ කරන පරය.
"කවුද එහෙම කියන්නෙ?"
"මං නැවතිලා ඉන්න ගෙදර අක්ක. එයා 2nd shy ඩෙන්ටල් තේරුන කෙනෙක්. අපේ නෑදැයො. මෙහෙම ආපු දවසෙම ඔයාව දැකල මම ඇහුව අක්කගෙන් ඔයා ගැන"
"ඉතින්"
"ඉතින් එදා ඉඳන් එයා මට විහිලු කලා. ඔයා ගැන කිය කිය. දැන් ඒ විහිලුව ඕනෙවට වඩා දුරදිග ගිහින් කියල පේනවනෙ."
කෙලිනවනෙ තාප්පෙටම. මේකි මේ නිකං අහපු දේකට දැන් කැම්පස් එකෙන්ම චාටර් කන්න යන්නෙ.
"මට සමාවෙන්න එහෙම දෙයක් උන එක ගැන. මම කියන්නං හැමෝටම මේක විහිලුවක් කියල. ඔයා මට කැමති නෑ, මේක මේ බොරුවට යන කතාවක් කියල"
කෙල්ල මුකුත් නොකියම ඉඳල එක පාටම,
"මම ඔයාට කැමතී දෙයියනේ"
~ මේ බැද්ද පුරා සෙව්වා ඔබ වාගෙ ළඳක් නැතිවා....
මේ හෘදෙ නුඹට සඟව ළඳේ නුඹට ආලෙ පිදුවා.... ~
කේස් එකක් වෙන්නයි යන්නෙ.
"මට සමාවෙන්න. මම කෙනෙක් එක්ක යාලු වෙලා ඉන්නව දැනටමත්."
"මම දන්නව. මම ඔයාට දෙන්න ලියුමකුත් ලිව්ව. ඒත් පස්සෙ දැනගත්තම මම ඒක හංගල තිබ්බ."
"හම්ම්"
වැඩේ අහවරයිනෙ එහෙනං.
"දැන් අක්ක තාම එක එක ඒව කියනවද?"
ඒක ඇහුව විතරයි ආපහු මේකි අඬන්න ගත්ත.
"මට ඒ ගෙදර ඉඳල එපා වෙලා තියෙන්නෙ." කියල මේකි එක පාටම මගෙ අතින් අල්ලගත්ත.
"මට ආදරේ දෙන්න එපා. මම නරක කෙල්ලෙක් නෙවෙයි. ඒ උනාට මාවත් බලාගන්නවද. මට කවදාවත් කොල්ලෙක් ගැන හිතුන්නෑ මුකුත්ම. ඒත් ඔයාව දැකපු දවසෙම මට හිතුනෙ ඔයා මං වෙනුවෙන් මවපු කෙනෙක් කියල"
මට හිතාගන්න බෑ දැන් මොකක්ද කියන්නෙ කියල. බිකෝස් මෙහෙම සිටුවේශන් එකකට සෙට් උන පළවෙනි පාරනෙ මේ. ඉතින් මම කටට වචන ටිකක් හලන් අමාරුවෙ ටෝක දැම්ම.
"මේ... මෙහෙමයි. දැන් මේ."
මොනා කියන්නද යකුනේ. කියාගන්න දේකුත් නෑ.
ජීවිතේ භයානකම තීරණේ ගන්න වෙනව ප්රෙන්ස්. ඔව්. නිශාධිව එක්කන් එන්න වෙනව මෙතෙන්ට. සැනික කෝල් එකක් ගහල පොට් එකට එන්න කිව්ව.
විනාඩි 5කින් විතර නිශූ ආව එයාගෙ යාලුවෙක් එක්ක.
අරකි අඬ ඉන්නව දැක්කම නිශූ මං දිහා බලල රැව්ව.
"මේ ඇයි යොහාන්"
"නිශූ. කියන්න දෙයක් තියෙනව පොඩි"
මතු සම්බන්ධයි...
comment කරන අයට ස්තුතී කියලවත් දාන්නැති උනාම සමහරු හිතයි මම අඩු ගානෙ ස්තූතී කියලවත් දාන්නැති ලයින් දෙන එකෙක් කියල. අනේ එහෙම නෑ බං. මට හෙන කම්මැලී. ඒකයි හේතුව. ඒ නිසා comment නැතත් කමක් නෑ. අන්තිම කොටසට comment එකක් දැම්ම නං ඇති. කතාව කියවල රසවිඳින්න. අඩුපාඩුවක් දැක්කොත් කියන්න.
ජය වේවා!