♡ රාගයේ විලාපය ♡
17❦ දහ හත් වන දිගහැරුම ❦

මතකයිනේ... නිශූගෙ කකුල අවුල් ගිහිල්ල අපිට ඉස්කෝලෙ ගට්ටු ගෙදර මිස් වුනා. අන්තිමට බෝඩිමකුත් සෙට් කරන් කැම්පස් ඉන්ටවීව් එකට ආව.
[ කලින් කොටසට ]
එතැන් සිට...
"පුතේ හොඳට මූණ දෙන්න එහෙනං" කියල අම්ම මගෙ ඔලුව ඉඹල ඔලුව අතගාල එහෙම තමා ඇතුලට යැව්වෙ.
ඉන්ටවීව් එකක් කිව්වම මම හිතන් හිටියෙ වෙනමම සීන් එකක්.
නිකං නම අහල විස්තර බලල ෆේස් කරන විදිහ බලල ගැම්මට ඇයි ඔයා මෙතනට ආවෙ වගේ අහල ඒකට නල්ල සුහම් වෙන්න උත්තරයක් දීල බෝඩ් එකේ උන්ව ඇඹරෙන්නම ඉන්ටවීව් එකක් දීල බොලිවුඩ් චරිතෙ වගේ එලියට එන්න හිතන් හිටියෙ.
ඒ උනාට මුන් මොකක්ද කරන්නෙ.
උපකුලපති කියල පොරක් ඇවිල්ල මගෙ උප්පැන්නෙයි අයි ඩී එකයි බලල රිසල්ට් බලල ෆෝම් එකක් පුරවල දාල එව්ව.
ඒක නිකං ටයි කෝට් දාන් ජෙනුයින් විදිහට ගියා වගේ කලිසම නැතුව.
දඩ ඉන්ටවීව් එකක් ගැන හීන මවන් ගිහිල්ල කෙහෙල් ලෙල්ලක් වගේ සයිස් එකක් තියල එව්ව අපිව. කැම්පස් රෙජිස්ට්‍රේශන් වැඩ අනං මනං ඉවර කරාට පස්සෙ පොඩ්ඩක් ඇවිද්ද පේරාදෙනිය පැත්තෙ.
ආයෙ ඉතින් මැක්සා පහරක් තමා. ඔය පහල ලින්ක් එකේ ඇති පේරාදෙණිය කැම්පස් වල පින්තූර ටිකක්. එතෙන්ට යන්න ඕනෙ නං , ඒ සුන්දරත්වය විඳින්න ඕනෙ නං දැන්ම වැඩ කරපං.
පේරාදෙණිය :-
https://telegra.ph/ලකව-සනදරතම-වශවවදයලය-පරදණය--UNIVERSITY-OF-PERADENIYA-SRILANKA-10-08
කැම්පස් එක වටේ කරක් ගහල ගහල අන්තිමට බෝඩිම බලන්න ආව. අපි එනකොටත් තව කීප දෙනෙක් ඇවිල්ල හිටිය. බෝඩිමේ කාමර දෙකක් තියනව. එකක් ඉස්සරහ තියෙනව අනික කොරිඩෝව දිගේ ආවම පිටිපස්සෙ තියෙනව.
කොටින්ම කිව්වොත් කාමර දෙකක් තියෙනව එකිනෙකට හෙන ඈතින්. එක කාමරේ ඇඳන් තුන ගානෙ ඔක්කොම හයක් තියේ.
මාත් එක්ක තව කොල්ලො දෙන්නෙක් හිටිය. නිශූයි තව කෙල්ලෙකුයි හිටිය. අපි පස් දෙනා තමා මේ කැම්පස් සීසන් එකේ මේකෙ බෝඩිම්කාරයො. පස් දෙනාම ඩෙන්ටල්. අනිත් කොල්ලො දෙන්නගෙ නම සඳුන් , සමීර. උන් දෙන්න ඉස්සර ඉඳන් යාලුවොලු.
නිශූ එක්ක සෙට් වෙලා ඉන්නෙ පවනි කියල කෙල්ලෙක්. ඔක්කොම එක වයසෙ නිසා අවුලක් ගියෙ නෑ. නැත්තං ඔය අක්ක අයිය කියන්න ගියාම එපා වෙනවනෙ.
පවනි කියන්නෙ එක විදිහක කෙල්ලෙක් පොඩ්ඩක්. වැඩිය කතාවක් බහක් නෑ හිනාවක් නෑ. නිකං ඒකි ලෝඩ් වගේ හිටියෙ.

සමීරයයි , සඳුනයි කියන්නෙ ලෝකෙ කාල වතුර බීපු කට්ටයො දෙන්නෙක්.
බෝඩිමේ ඇන්ටි පුදුම වෙන්නයි යන්නෙ ටික දවසකින්.

බෝඩිමේ ඉන්නෙ ඒ ඇන්ටි විතරයි. ඇන්ටි කිව්වට අවුරුදු 30ක් විතර ඇති. අම්මල ඉස්සරහ අක්ක අක්ක කියන්න බෑනෙ.
එදා ඉතින් බෝඩිම බලල කතා බහ කරන් අපේ සෙට් එක අඳුරගෙන නම්බර එහෙම හුවමාරු කරන් අපි වෑන් එකේම ගෙදර ආව.
හවස තාත්ත ඇවිල්ල අම්මව එක්කන් ගියා. දැන් ඉතින් ආපහු කට්ටක් තමා. සිස්සත්වෙ ලියන කාලෙ කිව්ව මෙතනින් පස්සෙ නිදහස් කියල. ඕලෙවල් කාලෙ කිව්ව මේකෙන් පස්සෙ නිදහස් කියල. ඒලෙවල් කාලෙ කිව්ව මේකෙන් පස්සෙ නිදහස් කියල. දැන් ආපහු මේ මගුලක්.
කවද්ද ඕයි නිදහස් වෙන්නෙ.

නිශූ මැනිකත් එක්ක චැටක් දාන් දාන් ඉඳල එහෙම්ම නින්ද ගියා. පහුවදා උදේම ලෑස්ති උනා ටවුන් යන්න. කැමපස් එකේ පොත් අනං මනං ගන්නත් තියේනෙ. ඉතින් බස් එකේ ලොටල ලොටල ගිහිල්ල ටවුමට බහින කොට නිශූගෙන් කෝල් එකක් ආව.
"හෙලෝ කියන්න මැනික"
"යොහාන් මම අද ටවුන් එකට යනව. පොත් ටික ගන්න. ඔයා උදේට කාල පරිස්සමින් ඉන්න..."
"මැට්ටි. අයියෝ කලින් කිව්ව නං මම පරක්කු වෙලා එනවනෙ. මාත් ටවුන් ආව පොත් ගන්න. "
"ආ..... අනේ අනේ මෝඩය. කියන්නෙවත් නැද්ද දැන් මට........see more" නිශූගෙ The voive sri lanka වැඩසටහනින් පස්සෙ ආපහු ෆෝන් එක කණට ලංකරගත්ත.
"හරී සොරී මැණික් කොටේ. එන්නකො පරිස්සමට. මම බස් ස්ටෑන්ඩ් එකෙන් ඉන්නම්"
"හා හා මෝඩය."
නිශූගෙ කෝල් එක ඉවර කරල මම විටක් ගන්න ගියා. නිශූ එනකං මොනා හරි කරන්නත් ඕනෙනෙ. නිශූ එන්න කලින් කාල කට හෝදන් එහෙම ඉන්න ඕනෙ. නැත්තන් කනේ පහර තමා.
විටත් අරන් සැපේ කාගෙන ඉන්නකොට හෙන ගහන්න වගේ බස් එකක් ඇවිල්ල නැවත්තුව බස් ස්ටෑන්ඩ් එකේ.
බස් එක අපේ පාරෙ යන එක නේ කියල දැක්කම මම.

කටේ විටක් තියෙනව නේ කියල මතක් උනාම මම.

බස් එකෙන් නිශූ බැහැල මං ගාවට එනව දකින අසරණ මම.

ප්රෙන්ස්. වෙලාවක් නෑ විටේ විසි කරන්න. කතා කරන්නැතුවම ඉන්න වෙනව දැන් නං.
" නිකමටවත් කියන්න එපා මැට්ට ටවුන් එනව කියල" නිශූ මගෙ ළඟට ආපු ගමන් ඇහුව.
හත්වලාමයි. දැන් මොකෝ කරන්නෙ. මම පැඟිරි හිනාවක් දාල නිශූ දිහා බැලුව.
"මොකෝ බුම්මැට්ටො"
මම ආපහු කින්ඩි හිනාවක් දාල අහක බලාගත්ත.
"යොහාන් මොකො මේ කතා කරන්නකො" නිශූ බය වෙලා වගේ මූණට එබිල අහනව.
ආපහු කින්ඩි හිනා දැම්මොත් නොන්ඩි වෙලා යන්න වෙන්නෙ. ඒ හින්ද ඔලුව වනල මුකුත් නෑ කියල සේප් කරන්න හැදුවෙ.
නිශූට ඉවෙන් වගේ තේරුන නිසාද කොහෙද ඇස් දෙක එහෙම පොඩි කරල බැලුව මං දිහා.
"යොහාන්.... කටේ මොකක්ද තියෙන්නෙ?"
හේ හේ. කෙල වෙනව ප්රෙන්ස්. දැන් නං. මම mk?
"අරිනව කට. යොහාන්... එක පාරක් කිව්වම අරිනව කට"
නිශූ මට තර්ජනය කරනව යහලුවෙ.
මම සේපට කට ඇරිය. දත් ටික පොල් සම්බෝල වෙන්නම රතු වෙච්ච නිසා නිශූට සැනික අවබෝධ උනා සීන් එක.
"දානව ඔය ජරාව දොට්ට. දැන්ම දානව. ආ නෑ. මෙතන එපා. මෙහෙ එනව යන්න"
කියල නිශූ මගෙ අතින් ඇඳන් යන්න ගත්ත බස් ස්ටෑන්ඩ් එක කෙලවරට.
බස් ස්ටෑන්ඩ් එකේ මිනිස්සු මං දිහා බලන් ඉන්නව 'අඩෝ මට හදවතින්ම කණගාටුයි' ලුක් එකකින්. උන්ටත් තේරෙනව ඇති මට මේ කෙලවෙන්න යන්නෙ කියල.
"ආ දැන් දානව දොට්ට. ඔය හුණු පුවක් ඔක්කොම විසි කරනව දැන්"
මම කෙල ගහල දාල ඉතුරු වෙලා තිබ්බ විටෙත් විසි කලා.
නිශූ අඩියට දෙකට මං ළඟට ඇවිල්ල ඇල්ලුව කියහංකො කණෙන්.
"ඈ.. මොනාද මේ. ආ.. තමුසෙට පොඩ්ඩක් වත් මේ ජරාවල් කන්නෙ බොන්නෙ නැතුව ඉන්නම බැරිද. ආ... කතා කරනව"
"අනේ.... මේ... නිශූ... හී......"

කෑව වැඩේ. අනවශ්‍ය තැනකට අනවශ්‍ය හිනාවක් දැම්ම.🤦♂
"හී ගාන්නද දැන් තියෙන්නෙ. තමුසෙ පිට කෙනෙක් නං කටේ පිළිකා හදාගනින් කියල නිකං ඉන්න තිබ්බ. එහෙම බෑනෙ. මට එකට ජීවත් වෙන්න ඉන්න මිනිහනෙ. කණ පැලෙන්න ගහනව යොහාන් මීට පස්සෙ මෙ ජරාව කට හරියෙ තිබ්බොත්. දැනගන්නව ඒක."
මම බනිනකං බිම බලාගෙන උන්නා. හේ හේ. මම මක් කොරන්නද ඉතින් වෙන.
"ආ මේකෙන් කට හෝදගන්න" නිශූ මට වතුර එක දික් කලා.
"කට එහෙම තියන්නෑ බෝතලේට."
මම කටට වතුර ටිකක් හලාගෙන කට හෝදගත්ත. දැන් ඊළඟ බැනුම් අහන ටර්න් එකට සූදානම් වෙන්නත් ඕනිනෙ.
"දැන් යමු පොත් ගන්න" නිශූ එහෙම කියල මගෙ අතින් අල්ලගත්ත.
පට්ට වදන් ටිකක් බලාපොරොත්තුවෙන් හිටපු මම මෙක ඇහුවට පස්සෙ

නිශුයි මමයි පොත් සාප්පුවට ගිහින් රාක්ක වල පොත් අනං මනං හොය හොය ගත්ත. ඒ ගන්න ගමන් නිශූ මාත් එක්ක එක වචනයක් කතා කලේ නෑ. මල පැනල ඇත්තෙ හොඳටම. හේ හේ. දන්නැද්ද. ඩාම් වෙනව ඩූං වෙනව.
පොතුත් අරන් ඔක්කොම කරන් බස් එකේ නැග්ග. සෙනග අඩු නිසා අපි පිටිපස්සෙම ප්‍රේම ආසන දෙකට සෙට් උනා. (ඔය බස් වල ලව් කරන පොට් එක)
ලව් කරන පොට් එකට සෙට් උනාට ඇත්තටම උනේ ලව් හිලව් කිරීමක්.
නිශූ මට ගගහ කොනිත්ත කොනිත්ත කියනව ආපහු විටක්වත් කටේ තිබ්බොත් මට වෙන දේවල් ගැන. මමත් ඕක සාවධානව අහගෙන හිමීන් සැරේ ගෙවල් ගාවින් බැහල ගෙදර ආව.
නිශූ ආපහු ශේප් එකේ කතා කලේ එදා රෑ වෙලා. එතකංම ඇරියස් පැන්නුවනෙ මගෙන්.
ඉතින් ඔහොම ඔහොම ආතල් එකේ ඉඳල අපි කැම්පස් පටන් ගන්න කලින් දවසෙ බෝඩිමට යන්න සෙට් උනා. නිශූලගෙ අම්මයි මගේ නැන්දයි විතරයි ආවෙ.
අපි ගිහිල්ල කතා බහ කරල එහෙම නැන්ද මට පරිස්සමින් ඉන්න කියල කිව්ව.
කාන්ති ඇන්ටිත් නිශූට කතා කරල මගෙ ළඟට ආව.
"යොහාන් මට පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද?"
"අහ් කියන්න ඇන්ටි"
"මම මේක යොහාන්ගෙන් අහනවට වඩා මේක ඉල්ලීමක් කියල හිතන්නකො. මම නිශාධිව මෙහෙ බය නැතුව නවත්තල යන්නෙ නිශාධිගෙ අප්පච්චි ඔයා ගැන විශ්වාස කරන නිසා"
අප්පටසිරි. නිකං සංවාදයක් නෙවේ. තුන් වන ප්‍රසංවාදයක් වගේ.
"යොහාන්ගෙන් මම එකම එක ඉල්ලීමක් කරනව"
"අහන්න ඇන්ටි"
"නිශාධිව පරිස්සමට බලාගන්න. මම යොහාන් ගැන ගොඩක් බලාපොරොත්තු තියන් ඉන්නෙ. ඒක කඩ කරන්නැති වෙයි කියල මම හිතනව"
"නිශාධිට මුකුත් වෙන්නෑ ඇන්ටි. මම දිව්රන්නම් ඕනෙ නං."
අනං මනං ටෝක්ස් ගොඩකට පස්සෙ නැන්දයි නිශූගෙ අම්මයි ගියා. සඳුනයි සමීරයි පවනියි නිශූයි මමයි බෝඩිම් ඇන්ටියි තමා දැන් ඉන්නෙ පික්චර් එකේ.
අපිට හවසට තේ බීල එහෙම බෝඩිමේ ඇන්ටි කැම මේසෙට කතා කලා නීති රීති ගැන දන්වන්න.
ඇන්ටිගෙ නම හිමාලි. මහත්තය රටලු. ඉතින් වැඩකුත් නැති නිසා මෙහෙම බිස්නස් එකකට බැස්සලු. බෝඩිම් ගාස්තු සිරාවටම අඩුයි. සාධාරණ මුදලකට කලත් හොඳ ලාභයක් ගන්නව.
ලාභ ලබන්න අසාධාරණ විදිහටම උපයන්න ඕන්නෑ කියල දන්නවනෙ.
ඉතින් සෙට් එකවම ගෙන්නල ඇන්ටි පටන් ගත්ත දේශනය.
"දැන් ආපහු ඔයාල කැම්පස් අවුට් වෙනකං මම හිතනව ඔයාලට ඉන්න වෙන්නෙ මෙහෙනෙ. ඒ නිසා පිළිවෙලකට මේක කරන්න ඕනෙ. සාමාන්‍යයෙන් අනිත් බෝඩිම් වල කෙල්ලො කොල්ලො දෙගොල්ලොම ගන්නෑ. මම ගත්තෙ මට ඒක පාලනේ කරගන්න පුලුවන් නිසා."
මේකිත් එක්කනං නටන්න වෙන්නෑ කියන එක අපි කලින්ම කතා වෙලා හිටියෙ. බලමුකො.
"අංක එක. කෙල්ලො මේ කොරිඩෝවෙන් එහාට යන්න බෑ. අවශ්‍ය පහසුකම් ඔක්කොම මේකෙ තියෙනව. හදිස්සියක් උනොත් මම ඉන්නව මේ කාමරේ. ඒ වගේම කොල්ලො මෙහෙට එන්නත් බෑ. ඔයාලට වෙනම පැත්තෙන් දොරක් හදල දීල තියෙනව. මේක එක ගෙදර උනත් ඉන්න වෙන්නෙ ගෙවල් දෙකක් වගේ. කෑම කන වෙලාවට විතරක් දෙගොල්ලොන්වම කෑම මේසෙට ගෙන්නනව. කතා බහ කරනවනං එතන මමත් ඉන්න වෙලාවට ඕනි දෙයක් පුලුවන්......see more"
උඹල දන්නවනෙ බං. අපේ එන කැත පුරුද්දක් තියේනෙ වැදගත් දේවල් කියනකොට ඒක අහන්නැතුව වෙන වෙන බහුබූත මතක් කරන් ඉන්න එක.
ඉතින් ඇන්ටි කියන ඒව නං ඇහුන්නෑ. අපි මනෝ පාරක් ගහන් සැපේ ඉඳල එයාගෙ කතාව ඉවර කරාට පස්සෙ කාමර වලට ආව.
පහුවදා 8ට කැම්පස් එකට එන්න කියල තිබ්බ නිසා කතා බහ කරල ඉක්මනට නිදාගත්ත....
"ඌ ඇවිල්ලා... මාව බේරගන්නෝ....."
පාන්දර 3ට විතර ඇති. එක පාරටම පාර දිහායින් ගෑනියෙක් බෙරිහන් දීල කෑගහන සද්දයක් ඇහිල අපිව උඩ ගිහින් ඇහැරුනා.
මතු සම්බන්ධයි...