♡ රාගයේ විලාපය ♡

♡ රාගයේ විලාපය ♡

DrgNo

හත්වන දිගහැරුම

කලින් සීන් ටික මතකයිනෙ. සඳලිව බදා ගත්ත. නිශාධි ඒක දැකල අවුල් ගැහුව. නිශාධී මමයි තොල් පෙති පමණක් අපෙ ප්‍රථම හාදුවෙන් තෙමුවා. ඊට පස්සෙ චතුමිණී අක්ක එක්ක හොඳ වැල කතාවක් ගියා....

[ කලින් කොටසට ]


කලින් කොටස ගැන පොඩි ලිපියක් මේකෙ අන්තිමට😂👇.



එතැන් සිට....


සිද්ධ උනු දේවලුයි අර තොල් පෙති තෙමුව හාදුවයි නිසා නිශාධී මමයි සෑහෙන ලං උනා ටික කාලෙකින්ම. ඉස්සර නිකං ටකරමකට ගහනව වගේ යොහාන් , නිශාධි කිය කිය හිටපු එක ටිකෙන් ටික ස්මූත්(smooth) වෙලා අන්තිමට මැණික , රත්තරන් , සත්තලං , චූටි පැටියා , etc. වගේ ඔය ආදරවන්තයන්ගේ ඩික්ශනරියෙ තියෙන්නෙ වචන සෙට් එකක්. අන්න ඒ ගානට ආව. හැබැයි මැසේජ් කරනකොට විතරයි. face to face කතා කලේ තාම පොඩි පොඩි උපහැරන දාල. මූණට මූණ කතා කරනකොට පැටියො අනං මනං කියන්න මටත් ගට් එකක් නෑ ඔයි. නිශූත් දැන් අර ඉස්සර හිටපු සයිලන්ට් චරිතෙන් පොඩ්ඩක් මිදිල කටහැකර චරිතෙකට එන ගමන් හිටියෙ.


ඉතින් ලව් එක අපෙ නැගලම යන කොට දෛවයෙ සරදමදෝ.......


උඹලට මතකද බං මම ඉන්නෙ නැන්දලගෙ ගෙදර කියල. මට මවක් සහ පියෙක් ඉන්නව කියලත් මතකද. මේ ලව් සීන් මැද්දෙ දැන් බං ඒක මතක් උනෙත්. එහෙ අයටත් මාව අමතකද මංද. 😅. මාස තුනකින් විතර කෝල් එකක් ගත්තෙත් නෑ. විභාගෙ කරල ප්‍රථිඵල ඇවිල්ලත් දැන් මාස දෙකක් ගිහින්. නිශූ මැනික එක්ක යාලු වෙලත් මාස එකහමාරක් විතර.


ඉතින් මගේ ගෙදරත් එක්ක බිඳවැටුණු සබඳතා යලි ගොඩනැගීම වෙනුවෙන් ගත්තා කෝල් එකක්. කියන්න අමතක උනා රුපියල් 200ක් ෆෝන් එකට දාගෙන කෝල් එක ගත්තෙ. බිකෝස් මගෙ ඩයලොග්. එහෙ මොබිටෙල්. කැපෙනව පේන්නෑ. ඒ තරන් ස්පීඩ්.


ඔය සිද්දාලේප අසමෝදගම් ඇඩ් එක මතකයි නේ. අන්න ඒ වගේ. මගෙ ඩයලොග් සිම් එකෙන් තාත්තගෙ මොබිටෙල් සිම් එකට විනාඩි 5ක කෝල් එකක් ගත්ත. ෆෝන් එකේ තිබ්බ සල්ලි ටික කොහෙන් ගියාද දන්නෑ..😂.


කෝල් එක ආන්සර් කලේ තාත්තා..


"හෙලෝ කවුද මේ"


තාත්ත ඇහුව කට හෝදල. තූ.....ඔය කලේ බං වැඩක්. යකෝ පුතාගෙ නම්බරේ මතක නෑ කියහංකො.


"මම තාත්තෙ. යොහාන් කියල කෙනෙක්ව මතකත...."


hattikke යකෝ. meme බලලම දැන් තාත්තට කියවෙන්නෙත් ඒ භාශාවෙන්.😅


"ආ පුතා මොකෝ වෙන්නෙ. කෝල් එකක් ගන්නත් බැරි උනානෙ. නිලානි ඉන්නවද."


නැන්දව අහන්න කලින් මම ගැන අහන්නැත්තෙ ඇයි😑.


😅ගණන් ගන්න එපා. අපේ පවුල ඔහොම තමා. රටට හෙන ගැහුවත් don't care. ඒ නිසා මුකුත් විශේෂ දෙයක් උනා කියල කිසි පිබිදීමක් නෑ. පුතා නෙවේ ව්ලැඩ්මියර් පුටින් කතා කලත් "ආ කියන්න" කියල කියයි😅👊.


ටිකක් වෙලා තාත්ත එක්ක ටෝක දාල ඉන්නකොට අම්මත් ආව.


" ආ පුතේ.. සෑහෙන කාලෙකින් කටහඬ ඇහුවෙත්......" කියල පටන් ගත්තු පාර ඉවර උනේ කැම්පස් යනවද කියල අහල.


අම්මත් එක්කත් ටිකක් කතා කරනකොට අම්ම එක පාරටම ඇහුව

"ඉතින් දැන් කෙලි පොඩ්ඩක් එහෙම ඉන්නවද" කියල


(ඔව් උඹ හරි. මෙහෙම අම්මල ලංකාවෙ නෑ. කතාවට ලිව්වෙ😂)


මමත් එක පාරටම සත්‍ය වමාරන්න බැරි නිසා

"amo amo menna goc" කියල කිව්ව.


"මොකක්ද බං ඒ කුණුහරපෙ" අම්ම අහනව මඥ්ඥං වෙලා වගේ.


"ඉන්නව ඉන්නව. ඔයාල කැමති වෙන එකක් නෑ ඉතින්."


"කවුද කියන්නකො ඉතින් මුලින් කැමතිද නැද්ද බලන්න."


ලැජ්ජාවෙන් ඇබැරුනා මිත්‍රවරුනි.


"අර මේ..... කාන්ති ඇන්ටිගෙ දුව.. නැන්දලගෙ ගෙවල් ලඟ"


තත්පර පහක් විතර සයිලන්ට් උනා.....


එක පාරම අම්ම හිනා වෙන්න ගත්ත.


"මේ කාන්තිගෙ දුව.. ඒ කෙල්ල උඹත් එක්ක යාලු උනා.... අනේ නිකං හිටිං"


"ඇත්ත ඉතින් කිව්වෙ." ඇයි බං මලපනිනවනෙ.


ඔහොම ඔහොම වෙලා අන්තිමට අම්ම පිළිගත්ත මායි නිශූ යි සෙට් කියල.


"කාන්ති නැන්දල දන්නවද පුතා ඉතින්"


"තාම නෑ අම්මෙ. පස්සෙ හිමින් සැරේ කියනව. අනික යාලු වෙලා තාම මාස දෙකක්වත් නෑනෙ. කැම්පස් වලට එන්න කිව්ව කාලෙට වගේ කියනව"


"හරි හරි පුතේ. ඔයාට හොඳයි නං ඒ ඇති"


අම්මලගෙන් අවුලක් නෑ කියල මම කලින්ම දන්නව. ඒ නිසා බය නැතුව කියල දැම්ම. බඳින්න හරි නැතුව හරි එක පැත්තක් අපේ මේ සම්බන්ධයට පක්ෂයි බං. අනිත් පැත්ත සේප් කරන එක තමා ඊළඟ මිශන් ඉම්පොසිබල් ගේම් එක වෙන්නෙ.


සුභ පතල අනං මනං කරල කෝල් එක කට් කලා.


ඔහොම ඉතින් ලල් එකේ ජීවිතේ ඔහේ නාස්ති වෙවී ගෙවිල යනකොට ඔන්න පන්සලේ දාන ශාලාව හදන එක විවෘත කරන්න උත්සවයක් තිබ්බ. උත්සවයක් කියන්නෙ පොඩියට තොරණ් කෑල්ලක් ගහල ඒක බලන්න එන උන්ගෙන් ආධාර එකතු කරනව(ඒක හැමතැනටම පොදුයි දැන්😅) . ඔය අස්සෙ කවි මඩුවක් හදන් වයසක ඩබලක් කවි කියනව. හෙනම සිරියාවයි ඉතින්.(ඊශ්‍රායලය වගේ උනා ටිකකින්)


ශ්‍රද්ධාවක් භක්තියක් ගෑවිලාවත් නැති මම වෙනද වගේම ගෙදරට වෙලා කකා බිබී සැපසේ ඉන්න හැදුවෙ. බට් මගේ කෙලි පොඩ්ඩ මට සුහදව අවවාද කලා ආවෙ නැත්තං මරනව කියල.😊. ඉතින් ඒ සුහද බව නිසාම මමයි කුමාරයයි සෙට් වෙලා ගියා.


මගදි කුමාරයව කපල මම නිශූ එක්ක පන්සලට ආව. කෙල්ලො යාලු උනාම අපි නං කොල්ලො කපනව.😎. කෙල්ලෙක් එක්ක කරන්න හිතන් ඉන්න ඒව කොල්ලො එක්ක කරන්න පුලුවන්ද බං🤪.


නිශූ එක්ක අතිනත අල්ලා ගෙන පන්සලේ එහෙ මෙහෙ ඇවිද ඇවිද හිටිය කතා කර කර. නිශූට මං එදා ගෙදර සීන් එකෙන් පස්සෙ බදාගන්න , වල් කතා කියන්න අනං මනං මුකුත් කලේ නෑ. මොකද ඕව කියල නිශූව නැති කරගන්න අවධානමක් ගන්න බෑනෙ. ඉතින් කවදහරි නිශූම අහනකං මම කට වහන් ඉන්න තීරණේ කලා. ඔය අස්සෙ කුමාර බුවා අඬගැහුව මට.


"අඩෝ යොයියා ඉක්මනට වරෙන්"


"ඕ කියහං." නිශූට එයාගෙ යාලුවො එක්ක ඉන්න කියල මමත් ඌ ළඟට ගියා.


"මේ කවි මඬුවෙ හිටපු වයසක ඩබලට ගාන දෙන්නැතුව ඉඳල උන් දෙන්න දමල ගහල ගියා"


යකෝ පන්සලක වැඩක් කලත් මුන් සල්ලි වලටද ප්‍රමුඛත්වය දෙන්නෙ.මට මොකෝ.


"ඉතින් මොකෝ සීන් එක"


"සීන් එකක් නෑ බං. උපාලි මාම කිව්ව කවි කියන්න පුලුවන් දෙන්නෙක් දාල කරපං, කීයක් හරි දෙන්නං කියල."


උපාලි කියන මෑන් තමයි පන්සලේ හැම වැඩකදිම ලොක්ක වෙලා කස්ටියව හසුරවන්නෙ. පට්ටම වැඩ්ඩෙක්.


"මට කතා කලේ මොකෝ බං ඉතින්" මම බයෙන් සැකෙන් ඇහුවෙ කුමාරය මේ එන්න හදන තැන හිතාගන්න බැරුව.


"අඩෝ යොයියා උඹට පුලුවන්නෙ සේප් එකේ කවියක් දෙකක් ගැටගහන් කියන්න. මේ ඔන්න ඔහේ වැඩේට සෙට් වෙමු. ගානකුත් හම්බෙනවනෙ."


"පිස්සුද බං උඹට. වෙන එකෙක් අල්ලගනින්"


"අනේ ඕයි. යකෝ දෙදාහක් විතර ගත්තෑකි පැයක් කිව්වත්. මම වෙනුවෙන් කරපං මේක."


"කිව්වනෙ බෑ කියල ඉතින්. මම ඉක්මනට කැපෙන්න ආවෙ. ඕව කර කර ඉන්න බෑ." මමත් මල පැනල කියල ඇරිය.


"ආ උඹට බැරිද එහෙනං"


"බෑ තමයි යකෝ"


"තොගෙ ලයින් බලහන්කො. හිටපන් උඹට පුලුවන් කරවන්නං" කියල මූ ගියා.


විනාඩියක් ගියේ නෑ මූ නිශූවත් එක්කන් එනව.


මල හත්තිලව්වයි ප්‍රෙන්ස්.


නිශූ ව මං ළඟට දාල කුමාරය ගියා ඇත්ද උඹට වගේ ලයින් එකක් දීල. ශුවර් එකටම මූ නිශූට කියල මාව ගෙන්නගන්න හදන්නෙ.


"ලොකු මහත්තය. පන්සලේ වැඩක්නෙ නේද. කරමු කරමු"


"අනේ නිශූ. මේ මට නං බෑ."


"මැරෙන්න කියන්නෙ නෑ. කවියක් කියන්න තියෙන්නෙ. අනික පන්සලේ වැඩක්. හරි නං සල්ලි නැතුව කරල දෙන්න ඕනෙ."


ඔය කිව්වෙ මගුලක්. සල්ලි දුන්නත් එපා කියපු මම සල්ලි නැතුව හා කියයිද බං.


"ඉතින් නිශූ මටත් බෑ කියල කියන්නෙ. වෙන කවුරුහරි කරගනී අනේ. ඔයත් ඉන්නකො පාඩුවෙ"


"යොහාන්....... පන්සලේ වැඩකටත් බෑ කියනව කියන්නෙ මාවත් භාරගන්න බෑ කියයිනෙ දවසක............."


කච කච කච කච බ්ලා බ්ලා බ්ලා. විනාඩි පහකින් විතර ඉවර උනා කියවන එක.


උඹලට කියන්න බං කෙල්ලෙක් ඉන්න කොල්ලෙක් නිකං කොටියගෙ නැට්ට අල්ලගත්ත එකෙක් වගේ. කෙල්ල කියන දේ කලේ නැත්තං බඩු බනිස්. නිකං බනිස් නෙවේ ගල් බනිස්.


නිශූගෙ අඬහැරියාව අහන් ඉන්න බැරිම තැන මමත් හා කිව්ව ඉතින්.


"කුමාර මෙයා හා කීව" නිශූත් හෙන හුරතල් ලයින් එකේ කුමාරයට කිව්ව.

බලහන්කො කුමාරය එක්ක මෙයාට තියෙන කෝලම්. මගුල.


"යොයිය වරෙන්. කපිල මාමට කියන්න ඕනෙ"


ඒ පරය මාවත් එක්කන් ගියා ඒ මහ ලොකු කපිල කියන එකාව හම්බෙන්න. ගිහිල්ල විස්තරේ කියල මාවත් අඳුන්නල දුන්න.


උපාලි කියන එකත් කිසි ආතක් පාතක් නැතුව පිස්ස වගේ මුකුත් හොයන්නෙ බලන්නැතුව මට ඔහේ මයික් එක දීල කවි මඩුවට යන්න කිව්ව.


පිස්සෙක් ඇවිල්ල මයික් එක ඉල්ලුවත් ඔච්චරයි. මිනිස්සු හසුරවන්න පුලුවන් උනාට මුට මිනිස්සු ගැන තේරුමක් නෑ.


බැඳගත්තු බෙරේ ගහපන්කො කියල හිතන් මාත් කුමාරය එක්ක කවි මඬුවට ගියා. බැඳගත්තු බෙරයක් නෙවේ බලෙන් බන්දවපු බෙරයක්නෙ.


නිශූත් ඉන්නව හොඳට හිනා වෙවී බල බල. ආතල් ඇති ඉතින්.


කුමාරයත් ගත්ත රබාන. අරන් හොඳට හරි බරි ගැහිල ඉඳගත්ත. අර ඉන්නෙ බං ඩ්‍රම් ගහන සෙට් එකක් ඩ්‍රම් එක ගහන්න ගියාම ඩ්‍රම් පලන්නෙ. මූත් ගහන්න හදන්නෙ රබාන ඒ වගේ මම හිතන්නෙ. අන්තිමට කවි මඩුව වාද බයිල මඩුවක් වෙයිද දන්නෑ.


මම මයික් එක ගාවින් ඉඳගෙන එහෙම පොඩ්ඩක් බැලුව කවි මඩුව දිහා. ගොක් කොල වලින් වහලක් හදල හෙන ලස්සනට වැඩේ කරල තියෙනව හදපු එකා මොකා උනත්.


මම කවි මඩුවෙ ව්‍යුහය බලන අතරෙ කුමාරය මඩුවෙ අස්සක තිබ්බ පරණ කොකා කෝල බෝතලයක් හොයන් මං ළඟට ආව.


"අඩෝ යොයිය මේ. බලහන් සුවඳ" ඌ බෝතලේ පියන ඇරල මගෙ මූණට ලං කලා.


මමත් මූඩිය ලගට නහය තියල සුවද බැලුව.


ටෞකන්ඩ දාල. යකෝ ඒ අමෘතය සුවඳක්.


"යකෝ අරක්කු" මට කියවුනේ කුමාරයගෙ පැණි හිනාව දැකල.


"ඔව් ඔව්. අර ඩබල ගෙනාපුව වෙන්නැති. උන්ට ඒක අමතක වෙලා ගිහිල්ල. මොකෝ කියන්නෙ. කවි කියන්න නං තෙල් ටිකක් ගහන් ඉන්න වෙනව."


"නිශූ බලන් ඉන්නවනෙ බං. අනික අවුලක් නැද්ද බං"


"නිශාධි දන්නෑ ප@යො මේකෙ ඇතුලෙ තියෙන්නෙ මොනාද කියල. වතුර බොනව වගේ බීපං. නැත්තං මම මේක බීල දාන්නං"


උට තනියම ගහන්න දෙන්න පුලුවන් ද යකෝ එහෙම.


"ආ දියන් දියන්." මමත් ඕනෙවට එපාවට වගේ කිව්වට හෙන ආසාවෙන් ගත්තෙ.


විනාඩි 3කින් විතර ඒ ඉතුරු වෙලා තිබ්බ ටික බඩට දාගත්ත. ලාවට නිකං වැදිගෙන එනව වගේ දැන්.


ඔය අස්සෙ පොඩි එකෙකුත් ඇවිල්ල රුපියල් දහයක් දික් කලා. දැන් කියපංකො මුගෙ රුපියල් දහයට කවියක්.


මීළඟ කොටසින්.......


කවි මඩුවෙ කවි කෑලි ටිකකින් හම්බෙමු එහෙනං ආපහු. බෝරින් වෙයිද දන්නෑ. බං.


බෞද්ධ දර්ශනයට අගෞරවයක් කිරීමේ අරමුණක් නොමැත. වත්මන් සමාජය තුල ඔබත් මමත් අත්දුටු දේවල් මෙහි අන්තර්ගතය. හුදෙක් රසාස්වාදය සඳහා පමණි. කිසිඳු ලෙසකින් පුන්‍ය භූමිය තුල මත්පැන් පානය කිරීම , පුණ්‍ය කර්මයන් සිදු කිරීමේදී මත්පැන් පානය කර අවිනීත ලෙස හැසිරීම අනුමත නොකරමි. කෙටියෙන්ම කිව්වොත් සීරියස් ගන්න එපා.


කලින් කොටස ගැන පොඩි දේවල් ටිකක්.


මුලින්ම සමාව ඉල්ලනව ඒ කතාව නිසා අපහසුතාවයකට පත් උනා නං. මම හෙන විනයගරුක එකෙක් තමයි. ඒත් මගෙ හැඟීම් වලට පාලනයක් නෑ.😂. ආතල් නං ආතල් එකේ උපරිමේට යනව. මල පැන්නොත් තැන අදාලත් නෑ බනිනව ඕනෙ එකෙක්ට. මාව දන්න අය දන්නව ඇති ඒ ගැන.😅. ඉතින් ඒ වගේම තමයි කලින් කතාවෙත් උනේ.


ඒ කතාව ලිව්වෙ බං හෙන මෝලෙන් හිටපු වෙලාවක. ඉතින් සමහර තැන් තේරුන්නෑ කියල දුක් වෙන්න එපා. සතුටු වෙයන්. සමහර නංගිල අක්කල කියල තිබ්බ තේරෙන්නෑ කියල. ඉතින් ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඒව තේරුන්නෑ කියන්නෙ උඹලගෙ හිත් පිරිසිදුයි. මගෙ වගේ අසික්කිත හිතක් නෙවෙයි තියෙන්නෙ. ඒව තෙරුම් ගන්න හදන්නත් එපා. කාලයත් එක්ක නිකංම ඕව තේරෙයි.


එක්කෙනෙක් අහල තිබ්බ ටෙන්ට් එක ගහනව කියන්නෙ මොකක්ද කියල. ටෙන්ට් එක ගහනව කියන්නෙ බං (කෝමද යකෝ මේව කියන්නෙ😅.)


මෙහෙමයි. පුරුශ ලිංගය රාගී හැඟීම් වලට ප්‍රතිචාරයක් වශයෙන් සෘජු වෙලා කෙලින් වෙනව.(ප්‍රාණවත් වෙනව කියන්නෙ). එතකොට කලිසමේ ඉස්සරහට දණ්ඩක් වගේ නෙරා එනව. නිකං හරියට දිග කූරක් පොලවෙ හිටවල ඒක උඩට රෙද්දක් දැම්ම වගේ. අන්න ඒකටයි ටෙන්ට් එක ගහනව කියන්නෙ. ඔය පහල පොටෝ දෙක බැලුවම තේරෙයි හරියටම😂.

මැරිච්ච මිනිහෙක් ටෙන්ට් එක ගහගෙන

Report Page