♡ රාගයේ විලාපය ♡
DrgNo❦ හයවන දිගහැරුම ❦

මතකනෙ කතාව. නිශාධි දැක්කනෙ මම සඳලිව බදාගෙන ඉන්නව. වැරදි දෙයක් උනේ නැතත් නිශාධි දන්නෑනෙ ඇත්ත කතාව. නිශාධිගෙ අම්ම කිව්වට නිශාධිව අපේ ගෙදර ගෙනියන්න කියල, මම එයාව එයාලගෙ ගෙදර එක්කන් ගියා....
[ කලින් කොටසට ]
එතැන් සිට...
ගෙදර කවුරුත් ම නෑ කියල සැක හැර දැනගන්න පටාස් ගාල එනමි නියර්බයි මිශන්(enemy nearby mission) එකක් දියත් කලා. බිකෝස් කවුරු හරි ගෙදර හිටියොත් එහෙම හෙට ඉඳන් මට මේ කතාව ලියන්න වෙන එකකුත් නෑ, මාව ස්ත්රී දූශකයෙක් කියල රිමාන්ඩ් කරයි. ඇප ගන්න වෙන්නෙත් නෑ අර බස් එකේ ගෑනි අනිවා මට විරුද්ධව සාක්ශි දෙනව.(කලින් කෑල්ල කියවපං)

ගෙදර empty.no one home. නිශාධි නං නහුතෙටම බය වෙලා. බස් එකේ අර ඇන්ටි මම දිහා බලපු විදිහටම නිශාධිත් මම දිහා බලනව. මට මොකෝ. බලපුදෙන්.
කෙලින්ම නිශාධි ඉස්සරහට ගිහිල්ල දණගැහුව. රොමෑන්ටික් කතා වල ඔය කොල්ල අහන්නෙ කෙල්ලගෙන් will you marry me කියල. අන්න ඒ වගේ දණගැහුව.
" අනේ යොහාන් මොකක්ද ඔයා කරන්නෙ. " නිශාධි තවත් බය උනාද කොහෙද.
"නිශාධි මට සඳලිත් එක්ක සම්බන්ධයක් නෑ......" කියල පටන් අරන් දණගහගෙනම කිව්ව සම්පූර්ණ විස්තරේම ඇලපිල්ලක් නෑර.
කතාව ඉවරවෙනකොට අපේ ආදරේට මොනා උනත් දණහිසට නං කෙල උනා සුපිරියටම. විනාඩි දෙකක් විතර හිටපංකො එක දණහිසකට බර දීල. සිරි සඟ බොධි මාලිගාවෙ තමා.
"ඇයි දෙයියනේ මට කලින් කිව්වෙ නැත්තෙ යොහාන්. දන්නවද මම ඒ වෙලාවෙ මැරුන්නැති එක විතරයි."
නිශාධි අඬනව හෝ ගාල. හැබැයි මෙච්චර මං ගැන හිතන කෙල්ලෙක් මේ ලෝකෙ පහල වෙයි කියල නං හිතුවෙ නෑ බං සිරාවටම. එහෙම කෙල්ලෙක්/කොල්ලෙක් නං උඹටත් ඉන්නෙ කවදාවත් නැති කරගන්න එපා.
" යොහාන්.... මාව තුරුල් කරගන්න " නිශාධි මං දිහාට අත් දෙක දික් කරල කිව්ව.
තුරුල් කරගන්න කියලද බං කිව්වෙ මෙච්චර රොමෑන්ටික් එන්ට්රන්ස් එකකුත් අරන් ෆුල් රොමෑන්ටික් විදිහට දණහිසත් රිද්දගෙන සීන් එක කියලත්. එක්කො නිකං 'යොහාන් මාව ඔයාගෙම කරගන්න.' , නැත්තං 'යොහාන් මට ඔයාව ඕනෙ' , ඒත් බැරි නං 'යොහාන් අපි ඇඳට යමු' වගේ ටිකක් රොමෑන්ස් විදිහට කියන්න එපැයි බං.
කමක් නෑ. වෙලාවෙ හැටියට තුරුල් කරගත්තත් ඇති දැන් නං. මම නැගිටල නිශාධි ව තුරුල් කරගත්ත. එයත් මට තුරුල් උනා ඇඟට තද වෙලා. ඔව් ඔව් රණ හංස යුවලත් තද උනා මගෙ පපුවට. ඊය ඕයි හිතන ඒව. මේක ලව් ස්ටෝරි එකක්. නැතුව එක්ස් හැම්ස්ටර් නෙවේ.😂

නිශාධි තුරුල් වෙලා ඉන්න ගමන්ම මට කතා කලා.
"යොහාන් ඔයා සඳලිට කැමති නං එයාට ආදරේ කරන්න. මම ඔයාව නවත්තන්නෑ. මම ඔයාට ආදරේ කරන්නෙ ගොඩ කාලයක් ඉඳල. මට වෙන කාටවත් ආදරේ කරන්න බෑ ආපහු. ඔයා සඳලිට ආදරේ කරන ගමන් මට ආදරේ කලත් කමක් නෑ යොහාන්"
මෙන්න ඒ ගමන ආපහු අඬනව. මොකක්ද ඒ හරුපෙ. ම්ම්ම්ම්ම් ත්රීසම් ආර් යූ රෙඩී....

(තුන් කොන් ආදරයක් ගැන එක්කෙනෙක් මතක් කරල තිබ්බ වගේ මතකයි කලින් කතාවක. පස්සෙ අනිත් හැමෝම එපා කිව්ව. 😁. ඒ නිසා ඕන්නෑහ් එහෙම.)
මම නිශාධිට සිංහලෙන්ම කතාව කිව්වට පස්සෙත් එතන උනේ මොකක්ද කියල, නිශාධි ආපහු කියනව මට සඳලි එක්ක සම්බන්ධයක් තියේ නං කමක් නෑලු.
අර කතාවක් තියෙන්නෙ බං කෙල්ලෙක්ට දෙයක් තේරුම් කරනවට වඩා ලේසිලු හරකෙක්ට වීජ ගණිතය උගන්නන එක. damn true. පරම සත්යක් බං.
" නිශාධි..., එක පාරක් කිව්වෙ ඉතින් මම දැන්. මට සඳලිත් එක්ක සම්බන්ධයක් නෑ. එයා උදව්වක් ඉල්ලුව මතීශ එක්ක යාලු වෙන්න. මම උදව් කලා. ඒකට එයා සතුටට මාව බදාගත්ත. ඒක එතනින් ඉවරයි. ආපහු අහන්න එපා ඒ ගැන." මම නිශාධිව ඉස්සරහට අරන් එයාගෙ මූණ දිහා බලන් කිව්වා.
මිත්රවරුනි.......... capac ගැනීමට ලෑස්තිදෝ....
"මට ආදරෙයි කියන්න යොහාන්. කියන්න මට ඒක. මට විතරක් ආදරෙයි කියන්න"
"මම ඔයාට විතරයි ආදරේ වස්තුවෙ" (පොඩි උසස්වීමක් : වස්තුව)
මොන බයිලාව ගැහුවත් කෙල්ලො කැමති නෑ බං තමන්ට ලැබෙන ආදරේ බෙදාගන්න. ඒකයි ඇත්ත. කෙල්ලො හෙන ලෝභයි ආදරේට. ඔය ලොකු ලයින් අල්ලන්නෙ කොල්ලව තව තව පස්සෙන් ගෙන්න ගන්න. ඒමයි කියල ලයින් නන් දීගෙන එන්න එපා නංගී.....
මම නිශාධිව වඩාගෙන කෙලින්ම එයාගෙ කාමරේට ගිහිල්ල එයාව ඇඳට අතෑරල මමත් ඇඳට පැනල එයාගෙ ඇඟ උඩට ඇවිල්ල එයාගෙ ඇඳුම් ටික අයින් කරල පිස්සුවෙන් වගේ kiss කරල අහවල් මගුලක් කරන්න මේක නෝටි ඇමරිකා කියල හිතුවද යකුනේ..
mmmmm acai netha......
ආපහු අපි දෙන්න ටිකක් වෙලා බදාගෙන හිටිය. දිගටම බදාගෙන ඉන්නත් බෑනෙ. කතාවක් පටන් ගත්ත මම.
"නිශාධි ඔයා මෙහෙන් ඉන්නවද. අපේ ගෙදර යනවද."
"මම මෙහෙන් ඉන්නම් යොහාන් මට ඇඟට හරි නෑ වගේ."
"මම උම්ම එකක් දෙන්නද. එතකොට අඩු වෙයි අසනීප ගතිය."
කට්ට කාල මෙඩිකල් කොලේජ් ගිහිල්ල, අවුරුදු පහක් ලෙඩ ගැන ඉගෙනගෙන, ඒවට බෙහෙත් කරන්න ඉගෙනගෙන, ඩිස්පෙන්සරියක් දාගෙන, මෙච්චර කල් ඇඟට පණ නැති ගතියට පැන්ඩෝල් එකක් බොන්න කියපු ඩොක්ටර්ස්ල මෙහෙම උම්ම එකකට ලෙඩේ හොඳ වෙනව කියල දැක්කම😅👇

"ම්ම්ම්ම් හා" නිශාධිත් කම්මුල් දෙක රතු පාට කරන් කිව්ව.
(ඒ කම්මුල රතු පාට වෙන කතාව බොරුවක් බං. කතාව ලස්සන වෙන්න දැම්මෙ. එහෙම එකක් ඇත්තටම වෙන්නෑ.)
මම හෙළ ජාතික අභිමානයෙන් අභීත රණ හෙලයෙක් විලසින් ලක් දෙරණට දායාද කල වීර පුතෙක් වගේ නිශාධි ළඟට ගිහින් එයාගෙ කම්මුල් දෙකෙන් අල්ලගත්ත.
ඇය ඇසිපිය නොහෙලා බැලුවා......
මම ඇස් දෙක ඇරගෙන බැලුවා......
ඇය ඇසිපිය නොහෙලා බැලුවා.....
මගෙ දෑස් දිහා..........
"උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා......."
ඊළඟ තත්පරේ මගේ තොල් නිශාධිගෙ තොල් පෙති වල ගෑවුනා.... මගෙ දිව එයාගෙ තොල් වල උණුහුම හොයන්නද මන්ද එහාට මෙහාට වැනෙනව. නිශාධිගෙ ඇස් දෙක භාගෙට පියවෙලා. නිශාධිත් ඇස් දෙක පියාගෙනම තොල් වල පහස විඳිනව.
(තොපිල කාව හරි කිස් කරන දවසට අනිත් එකාගෙ ඇස් වැහෙනවද බලන්න උඹල ඇස් ඇරන් ඉන්න එපා හොඳේ. ඇස් දෙක වහන් කිස් කරපං. ඒ තොල් වල රස විඳපන්)
විනාඩි දෙකක් විතර තොල් වල රස උරපු අපි තොල් දෙකේ බැම්ම ගැලෙව්වෙ හාට් බීට් එක ඩීජේ දාන්න පටන් ගත්තු නිසා.
කිස් කරන වෙලේ මගේ e.c.g. report චෙක් එක.😂👇

නිශාධි එහෙමම මුකුත් නොකිය බිම බලාගත්ත හයියෙන් හුස්ම ගන්න ගමන්. මමත් නිශාධි දිහා බලන් හිටිය.
නිශාධි හිමීට අඬන්න ගත්ත ආපහු. ඒත් කටේ ලාවට හිනාවක් ඇඳිල. මේ සතුටට අඬනවද කොහෙද. මම හිනා වෙන්න ගියෙ නෑ. මොකද මම හිනාවෙන්න ගත්තොත් ගෙදරින් ගහල පන්නයි එලියට පලයන් පව් වැඩ කරන්නැතුව කියල. ඒ තරන් කැතට බං මං හිනා වෙන්නෙ. ඔය පහල වීඩීයෝ එකේ වගේ. 😂 රොමෑන්ටික් වෙලාවක කෙල්ල ඉස්සරහ ඕම හිනාවෙයන්කො. ඇට දෙක පු@ වටේ එතෙන්න ගහයි😂
නිශාධි එහෙමම ඉඳල ආපහු කතා කරන්න ගත්ත විකසිත උනු පුෂ්පයක් වගේ ලස්සන හිනාවක් මූණට දාගෙන.
"යොහාන්. මොනා හරි බොනවද ඔයා"
මම හිතුව ඉතින් දැන් බඩු හරි. අද නං සැප සැප සැප..... කියල. මමත් ටෙන්ට් එක ගහන්ම කියල දැම්ම ඔන්න ඔහේ.
(ටෙන්ට් එක කියන්නෙ මොකක්ද කියන එක ඊළඟ එකෙන් කියන්නම් ඕනි නං)
"කුක්කු චුට්ටක් තිබ්බ නං බොන්න තිබ්බ"😋
නිශාධිගෙ මූන විකසිත පුෂ්පයක් වගේනෙ තිබ්බෙ. ඒ කතාව මම කියපු ගමන් එයාගෙ මූණ දෙල් උනා. මටත් තේරුනා සුකාගත්ත නේද කියල.
"ඒයි මෝඩයො මොනාද ඔය කියන්නෙ."
සැනිකෙට බැක් අප් වදන දුන්න මාත්.
"ඉතින් කුක්කු පිටි ටිකක් තිබ්බ නං කියල කිව්වෙ. අපෝ මේ කෙල්ලත් හිතන ඒවා චී චී"
(ඒ කිව්වට මම නං අදහස් කලේ රණ හංස යුවල. මෙයා වගේ කෙල්ලෙක් ගෙන් ඕව අහල කලින් කතාවෙ පේශල බුවාට උනු වැඩේ උනොත් එහෙම. සෙස් චැට් එකකුත් නෙවේනෙ මේක. මූණට මූණ හම්බෙලානෙ.)
දෙල් උනු මූණ පොඩ්ඩට ආපහු හිනාවක් දාගෙන,
"හා හා මෝඩය මං හදන් එන්නං. ඉන්න ඔතනින්"
නිශාධි කුස්සිය පැත්තට ගියා.
පේශලයව මතක් කරපු නිසා වෙච්ච සිද්දියක් කියන්නං නිශූ තේක හදනකං.
මූ කාලයක් අපේ පංති ආපු කෙල්ලෙක් එක්ක සම්බන්ධයක් තියන් ගියා. ඒ කෙල්ලත් පොතේමෙ ඉන්න, කොල්ලො දිහා බලන්නෙවත් නැති කෙල්ලෙක්. මම කිව්වනෙ මුගෙ විශේෂ හැකියාව ගැන. මූ මොකක් හරි ජිල්මාට් එකක් දාල ඒකිව සෙට් කරන්.
කොහොමත් පේශලය සෙට් කරගන්නෙ ඔය ලේසියෙන් ටෝක් වෙන්නැති කෙල්ලොන්ව. ඒක ඌ මහා වීරකමක් හැටියට සැලකුව.
ඉතින් ඕක මාසයක් විතර තිබ්බ අවුලක් නැතුව. කෙල්ලත් ඌ එක්ක විතරක් කතා කරනව. ඌ එක්ක පංති ඇරිල බස් එකේ යනව. ශේප් එකේ තිබ්බ.
ඔහොම ඉන්නකොට එක පාරටම ඒ කෙල්ල සති තුනක් විතර පංති ආවෙ නෑ. පේශල කියන්නෙත් එසේ මෙසේ එකෙක් නෙවෙයි හින්ද අපි හිතුව ඉතින් මූ අරකිව ටෝක් කරන් ඒකිට ඇනල දැන් ඒකි අම්මෙක් වෙන්න යනව කියල.😂.
අපි ඇහුවට මූ ඒ ගැන කට හොල්ලන්නෙත් නෑ. ඔහොම ශේප් එකේ දවස් ගෙවිල යනකොට වටින් ගොඩින් ආරංචියක් ආව ඒකි පේශලය ආපු පංති ඔක්කොගෙන්ම අයින් වෙලා වෙන වෙන පංති වලට ගිහින් කියල. අපි දැනගත්ත මූ මොකක් හරි කුප්ප වැඩක් කරල ඒකිට ගේමක් දීල තමයි කියල.
ඉතින් සෙට් එකම ගිහින් ඇහුව උගෙන්. ඌත් බැරිම තැන කියල දැම්ම.
"අනේ නෑ බං මගෙ අතින් එයාට වැරදි මැසේජ් එකක් වැටුන. අනේ කව්ද බං දන්නෙ ඕක. මම ඉතින් මොනා කරන්නද. ඊට පස්සෙ එයාගෙ අම්ම කතා කලා මට. තාත්තත් කතා කරල මට බැන්න දෙන්නම. ඊට පස්සෙ එයාව පන්තියෙන් අස් කරන් ගිහිල්ල."
"ඉතින් මොකක්ද යකෝ උඹ ඒකිට ඔච්චර කේස් යන්න තරන් දාපු මැසේජ් එක"
"එච්චර ලොකු එකක් නෙවෙයි බං. මම ඇහුවෙ එයාගෙන් අපි නිවාඩු මාසෙ කොහේ හරි තැනකට ගිහින් තනි වෙමුද කියල."
"ඉතින්"
"ඉතින් එයා ඇහුව තනි වෙලා මොකක්ද කරන්නෙ කියල. මම කිව්ව මම ඔයාව මගේම කරගන්නව කියල."
"ඊට පස්සෙ එයා ඇහුව ඒ කොහොමද කියල"
"මම ඉතින් කිව්ව ඒ අදාල දේ"
අපිට තේරුනා සීන් එක. මූ හෙන අහිංසක කෙල්ලෙක්ව ටෝක් කරගෙන ඒකිට කියල කොහේ හරි ගිහින් ඩිස්ඩි ඩිඩිං කරමු කියල.
මූ සීන් එක කියල පැය භාගයක් විතර යනකං අපේ උන් පස් කකා අඬ අඬ හිනා උනා.
අන්තිමට කුමාරය කතා කරන්න ගත්ත කඳුලු පිහි දදා.
"පුන්නක්කු ගොන් හරක් හිවලො. හු@තො පංතියෙ හිටපු අහිංසකම කෙල්ලව ටෝක් කරන් මාසයක් යන්න කලින් ඕවද බල්ලො ඒකි එක්ක කතා කරන්න ගියේ."
ආපහු කුමාරයට හිනා. හිනාව නවත්ත නවත්ත මූ කතා කරනව.
"වහ කුප්පියක් දීපන් වහ. උඹ කොල්ලෙක්ව සෙට් කරන් කොල්ලෙක්ට ඔය ටික කිව්වත් ඌත් කියයි ආස නෑ හු@තො කියල."
මැරෙන්න හිනා සෙට් එකටම. පේශලය තරහවට වඩා හෙන දුකින් ඉතින්.
පස්සෙ අපි ඌව ශේප් කරල සොරි කියල කැපුන. තාමත් ඌව දැක්ක ගමන් අපේ උන් අහන්නෙ,
"අඩෝ තනිවෙලා හු@න්න යමුද. මම ඔයාගෙම වෙන්නම්" කියල.😂
ම්ම්ම්ම්ම්ම් කතාව මතක් කර කර ඉඳල නිශූ මැනිකගෙ කුක්කු පිටි එකත් අමතක උනානෙ. ඉතින් මමත් ගියා කුස්සියට.
මෙයා මට පිටු පාල කිරි එක හදනව. ම්ම්ම්ම් වටකුරුය ඒ පසඟ🤗.
සැපක් ගන්න නියම චාන්ස් එකක් නේ. ඔව් ඔව් මේ පාර අතැරියෙ නෑ. හිමීට පිටිපස්සෙන් ගිහින් එයාව තුරුල් කරගත්ත බඩ වටේ අත් දෙක දාල. අත පොඩ්ඩක් උඩට ගන්නත් හිතෙනව. එහෙම අරන් ලාවට ටච් එකක් දෙන්නත් හිතෙනව. ඒත් පේශලයට උන වැඩේ උනොත්.😂.
"මෝඩයො තව ඩිංගෙන් උණු වතුර එකත් හැලෙනව ඇඟට"
"හරි හරි ඉතින් මුකුත් උන්නෑනෙ"
"හරි හරි තමයි. කෝ අත ගන්න. අත අරන් තේක බොන්න. බීල අම්ම එන්න කලින් යන්ම යොහාන්."
මම තේක අරන් උගුරක් බිව්ව. සැර ජාති බීල බීලම කටේ රස සංවේදක, උෂ්ණත්ව සංවේදක අක්රීය වෙලා තියෙන්නෙ දැන් කාලෙක ඉඳන්. ඉතින් රස්නෙ පිටින්ම බිව්ව.
(මේක ලියන මම නං කිරි එක බොන්නෙ කට්ටෙට කූල් වෙනකං ඉඳල😂)
මම තේක බොන අතරෙ නිශාධි ඇඳුමක් මාරු කරන් ආව. සැක්. හොඳම හරිය නේ බං මිස් උනේ. මටත් හිතුන. ඒත් පස්සෙ ඒව අල්ලමු.
තේක බීල කෝප්පෙත් හෝදල ආපහු නිශාධි ළඟට ආව.
"තේක රසයිද"
"ම්ම්ම් රසයි. හැමදාම හදල දෙනවද"
"හා හා. හැමදාම කෙල්ලො බදාගෙන ඉන්නකො මට පේන්න. හැමදාම මම ගෙදර එක්කන් ඇවිල්ල හදල දෙන්නං තේ."
මගෙ නම්බුව ත් එක්කම ආත්ම ගරුත්වය ලෙෆ්ට් උනා. amo nambuwa left.
"කී පාරක් කියන්නද එහෙම එකක් නෑ මෝඩියෙ"
"හරි හරි දැන් යන්න එහෙනං. අම්ම ආවොත් එහෙම"
මම නිශාධිව ආපහු කිස් කරල එයාට සමු දීල සතුටු සිතින් ගෙයින් එලියට ආව. අම්මෝ දවල් වෙලා.
කිස් කරපු එකේ මතකෙත් අරන් දොරත් වහගෙන ආව අපේ ගෙදර. ගෙදර ආපු ගමන් අල්ලපු ගෙදර අක්කත් ආව අපේ නැන්දව හොයාගෙන. එයාගෙ නම චතුමිණී. මට වඩා අවුරුදු දෙකක් වැඩිමල්. හම්මෙ අන්න නියම ගාන.....
සුදු පාටට බෝල බෝල ඉදුණු තක්කලී....
මයෙ අම්මේ. මම තව අවුරුදු දෙකක් කලින් ඉපදුනා නං මෙලහට සැප කනේ.
"ආ මල්ලි මම මේ වැල ගෙඩියක් ගෙනාව. වරකද කියල ශුවර් නෑ. වැල වගේ නිකං."
(වැල තමා අක්කෙ මතක් වෙන්නෙ දැන්. වරක නං ඕනෙත් නෑ කියල හිත කියනව.)
මට ඕව කියල චාටර් කන්න බෑනෙ.
"නිකං වරක වගේ නේ අක්කෙ."
" නිලානි නැන්ද ඉන්නව නේ මල්ලි"
"ඔව් අක්කෙ"
"පොඩ්ඩක් එන්න කියන්නකො. හරියට අහගන්න"
(මගෙන් අහගනින්කො මම කියල දෙන්නං.).
" ඉන්න අක්කෙ. නැන්දේ........ නැන්දේ...... චතුමිණී අක්ක ඇවිල්ල වැල අරන්..... සොරි ......වැල ගෙඩියක් අරන්"
ඒක අහපු අක්කගෙ ඇස් මං දිහා බලල අමුතු දෙයක් කිව්ව. නිකං හරියට මල්ලි යමුද අපි එහෙනං. වැල ගෙඩිය පැත්තක දාල උක් + කන්න. වගේ..
අඩෝ මල විකාර. මහ දවාලෙ විකාර පේනව. ඒ මගුලක් වෙලා නෑ. අක්ක මං දිහා කන්න වගේ බලන් ඉන්නව. මොකද ඕයි වගේ ලුක් එකකින්.
නැන්දත් ආව සෙනිකෙට.
"ආ දුව. කොහොමද ඉතින්"
"හොඳින් නැන්දෙ. මේ වැල ගෙඩියක්ද වරක ගෙඩියක්ද කියල බලාගන්න ආව නැන්දෙ"
(මාත් එක්ක වරෙන් ඉතින් කියල දෙන්නං වැලද වරකද කියල)
" කපල බලමු අපි. පුතා මන්නෙ අරන් එන්න. දුව අර ගල අරන් එන්න. මන්නෙන් කපන්න අමාරු වෙයි. පුතා අක්කට උදව් කරන්න. මම රෙදි හෝද හෝද හිටියෙ."
කියාගෙන නැන්ද ආපහු ආපු විදිහටම ගියා.
මම ෆ්ලෑශ් වගේ දුවල ගිහින් මන්නෙත් අරන් ආව. චතුමිණී අක්කගෙ පූර්ණ අධීක්ෂණය යටතේ පලවෙනි පාරට වරක ගෙඩියක් කපන්න යන්නෙ දැන්. අක්කත් ගල් කෑල්ලක් අරන් රෙඩී උනා වැඩේට.
මන්න පාර කොහේ වදීද දන්නෑ. ඇස් දෙකම තිබ්බෙ හෙන කාණුවක් අස්සෙ. චතුමිණී අක්ක නැවිල ඉන්න නිසා බ්ලවුස් එක අස්සෙන්..... මොනාද ඕයි මේ කියවන්නෙ අපි. කතාවට යමන්.
"මල්ලි අපි කපමුද එහෙනං බලන්න." අක්කත් කියනව
"අක්කෙ ගල කපන්න." (ඉකුවනෙ)
"නෑහ් මං කිව්වෙ ගල කඩන්න. ඕක ලොකු වැඩීනෙ"
අක්කත් මගෙ දිහා බලල 'මුට මොන ගෙවලයෙක් වැහිලද මංද' කියල හිතලද කොහෙද මූණ හදාගත්ත.
චාටර් හතයි ඉතින්.
අක්ක ගල කපල,.... නෑ.... මං කිව්වෙ, ගල කඩල මට දුන්න.
"මුලින්ම මන්නෙ ඇතුලට දාන්න මල්ලි.ඊට පස්සෙ ගලෙන් ගහන්න."
(මගෙ මන්නෙත් රත් වෙලා අක්කෙ. ඇතුලට දාමු දැන්. කෝකටත් ශොපින් එකක් අරන් එන්නකො. වැඩි ආරක්ශාවට. යකෝ ශොපින් එක කොහොල්ලැ ගෑවෙනවට)
අක්ක කියපු විදිහටම "මන්නෙ" ඇතුලට දාල ගලෙන් වේගෙන් ගහගෙන ගහගෙන ගියා. ටිකක් වෙලා ගහනකොට "වරක ගෙඩිය" හොඳට ඈත් උන නිසා සුදු පාටට "කොහොල්ලෑ" ටිකත් එක්කම ම "මන්නෙ" එලියට ගත්ත.
(ඉරි ගසා ඇති තැන් වල පිහිටි නොගැලපෙන වචන වලට සුදුසු වචනය යොදන්න)

බැලින්නං ඒ වරක ගෙඩියක්. ඉතින් ඕක කපල නැන්දට කියල මදුලු ටිකත් ගලවන් කෑව අපි.
ඔන්න ඕකයි සුපිරිම වැල කතාව. අන්තිමට බලනකොට ඒ වැල නෙවේ වරක😋.
මතු සම්බන්ධයි.......