නොලී කවියක්...

නොලී කවියක්...

#𝕂𝕍#

1 වන කවියට...


නොලී කවියකට පදවැල් අමුණන්නට වෙර දරන ඇගේ කතාව...


"ඕහ්.... සොරි..." කිසිවෙක් මුමුණන හඬ ඇසී කල්පනාවක නිමග්නව කොණ්ඩය පිහිදමින් සිටි මම හැරී බැලුවෙමි.

✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️


2 වන කවිය...


වටකුරු දෑසක් සමාව අයදිමින් ඉක්මනින් එතනින් ඉවත්ව ගියේ මා හට සිදුවූයේ කුමක් දැයි සිතීමට ද ඉඩක් නොතබාය. ක්ෂණිකව බාගෙට හැඳ සිටි මා දෙසට යොමුවු මගේම නෙත් ඔහු සමාව අයදිමින් හැරී යාමට හේතුව මනාව පසක් කළේය.


සුදු පැහැති වෙස්ට් එක ඉණ තෙක් දිගුවූ කොණ්ඩයෙන් බේරී ආ වතුර නිසාවෙන් බොහෝ දුරට පෙඟී ගොස් තිබුණේ මා එය ද හැඳ නා ඇති ලෙසටය. ඉතින් ඔහු හැරී නොදිව්වා නම් පුදුමය.


ඔහු කෙසේ මෙතනට පැමිණියාදැයි මට සිතාගත නොහැකිය. කාර්‍යාලය අසළින් නිවාසයේ අභ්‍යන්තර කොටසට ඇතුළු වීමට ගේට්ටුවක් සාදා ඇත්තේ ද කාර්‍යාල කොටසත් අප සිටින අභ්‍යන්තර කොටසත් වෙන් කර අපට බාහිර පුද්ගලයන් සමඟ ගැටීම අවම කර නිදහසේ සිටිමට ඉඩ සලසා දීමටය.


"කුෂියෝ.... කුෂියෝ...." දෙව් සැනින් හතිලමින් දිව ආවාය.


"මොකෝ බන්..." මම නැවතත් අතරමග නැවැත්වූ කොණ්ඩය පිසදැමීම ආරම්භ කරමින් පැවසුවෙමි.


"මොකෝ තමයි.... මේ පැත්තට කවුරුහරි ආව ද?" ඇය විමසුවාය.


"ආවා ආවා. උඹට පෙනුණෙ නැද්ද බන් මෙතනටම කොල්ලෙක් කඩා පහත් වෙනකං." මම නොරිස්සුමෙන් විමසුවෙමි.


"සොරි සොරි බන්. දැකපු ගමන් තමයි දුවගෙන ආවේ. උඹ දැක්ක ද ඒ කවුද කියලා...." දේව් විමසුවාය.


"දකින්නෙ කොහෙද? සොරි කියලා එයා දිව්වා. වුණේ මොකද්ද කියලා හිතාගන්නත් මට ටික වෙලාවක් ගියා." මම පැවසුවෙමි.


"ඒ හිටියෙ අවිශ්ක අයියා බන්. මිස්ට අමතක වෙලා ද කොහේ ඔෆිස් එකට ගියාට පස්සෙ ගේට් එක වහන්න." දෙව් පැවසුවාය.


"මම දන්න අවිශ්කයෙක් නෑ බන්. මම ඉක්මනට ඇඳුමක් දාගෙන එන්නං. කොණ්ඩෙ වතුර බේරිලා වෙස්ට් එකත් තෙමිලා." එසේ පැවසූ මම එතනින් පිටත්ව ඒමට සැරසුණෙමි.


"දිව්වෙ නැත්තන් තමයි පුදුමේ. බලපන් ඕක හොඳටම තෙමිලා. උඹටත් සිහියක් නෑනෙ ඉතින්. කවුරුහරි ඇවිත් උස්සන් ගියත් ඔච්චරයිනෙ." දෙව් පැවසුවාය.


"උස්සන් යන්න මේක ඇතුළට කාටවත් එන්න බෑනෙ." මම දේව්ට දිව දික් කර කාමරයට දිව ගියෙමි.


✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️

නිවාසය අසළ වූ නැවතුමෙන් පොල් පැටවූවා වැනි බස් රථයක නැග විශ්වවිද්‍යාලය අසළින් බැසගත් අප දෙදෙන තත්පර කිහිපයක් බැසගත් තැනම සිට හති ඇරියෙමු.


"අම්මෝ කුෂියෝ ඇඟේ කෑලි නෑ වගේ..." දෙව් දෑත දිගහැර හිරි අරිමින් පැවසුවාය.


"අපරාදෙ බන් ඇඳුම් අයන් කරගන්න නාස්ති වෙන කරන්ට් එක." මම පොඩිව ගොස් තිබූ බ්ලවුසයේ රැළි කිහිපයක් පිරිමදිමින් පැවසුවෙමි.


"සිරාවට. මේ ඔය සායත් හරියට කරකවා ගන්න. ඒකත් ඇඹරිලා උඹට තියෙන විසේට." දෙව් පැවසුවේ සිනාසෙමිනි.


"මට ඇති විසේකට නෙවෙයි. මිනිස්සු අස්සෙන් රිංගන්න ගිහින්. ඔහොම වත් බේරුණු එක ගැන සතුටු වෙයන්. මේ පුංචි සරීර ඕවට ඔරොත්තු දෙන්නෙ නෑ." මම පැවසුවෙමි.


"මං කියන්නෙ නෑ ඉතින් පුංචි සරීරෙ ගැන. හරි යමන් දැන්." දේව් මාවත් ඇදගෙන විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළට පිවිසුණාය.


"අඩේ මෙන්න ඩබල ඇවිත්." අප දුටු සැනින් බංකුවක් මතට වී සිටි නිරූ ඉන් නැගිටිමින් පැවසුවාය.


"ආපනශාලාව දැකබලාගන්න යමුනේ එහෙනං?" දේව් විමසුවාය.


"යමු. යමු. අපි මේ ඔයාලා එනකං වේළි වේළි බලන් හිටියේ." බංකුව මතවූ බෑගය ද කරේ ලාගනිමින් අමා පැවසුවාය.


අප සිව්දෙනා එතැනින් ඉවත්ව ආපනශාලාව වෙත පියනගන්නට විය.


"කුෂී ඔය සෙරෙප්පුවෙ බකල් එක ගැලවිලා. ඒක හරියට දාගන්න. එක්කො උඹ නැත්තන් මම ඕක පෑගිලා වැටෙනවා." දෙව් අතරමග නැවතී පැවසුවාය.


මම සිනහවක් පා එතැනම දණගසාගෙන සෙරෙප්පුවෙහි ගාංචුව දාගන්නට විය.


"හරී...." මම කාර්‍යය නිමකර හුන් තැනින් නැගී සිටින්නට විය.


"කුෂියෝ..." එසැනින් ඇසුණු නිරූගේ හඬගෑමත් සමඟම ඇසිපිය හෙළන සැනෙන් කිසිවෙකුගේ හැපී මා පසුපසට විසිවී ගියේය. බිම වැටේයයි සිතා තදින් දෑස වසාගත්ත ද සුරත අඬුවකට අසුවූවා සේ දැනුණා හැරෙන්නට මා බිමට නොවැටීම නිසා එක ඇසක් හැර මම සිදුව ඇත්තේ කුමක්දැයි බැලුවෙමි.


අපේ බැච් එකේ නොවෙන කඩවසම් පිරිමි පරාණයක් විසින් මගේ සුරත තරයේ අල්ලාගෙන සිටි අතර ඊට පිටුපසට වී විශ්වවිද්‍යාල සිසුවෙක් යයි සිතිය නොහැකි තවත් කඩවසම් පිරිමි පරාණයක් අසීරුවෙන් සිනහව සඟවාගනිමින් බැරෑරුම් පෙනුමක් ආරූඪ කරගැනීමට උත්සාහ දරමින් සිටියේය.


ඊටත් පිටුපසින් දේව්, අමා හා නිරූ පිටසක්වල ජීවියෙකු දෙස බලන්නා සේ මුව අයාගෙන අප දෙස බලා සිටියහ.


"නංගි, මගේ අත රිදෙනවා ඔයාට කෙලින් වෙන්න පුළුවන් ද?" මගේ දෑස ඉදිරියෙන් අසුරක් ගැසූ මා අල්ලාගෙන සිටි පුද්ගලයා පැවසුවේය.


"ආහ්..." මම දණිපනි ගා කෙලින් වන්නට සැරසුණෙමි.


නමුත් සිදුවූයේ බලාපොරොත්තු නොවූ දෙයකි. නැවතත් සමබරතාව ගිලිහී ගිය මම වැටෙන්නට ගියෙමි. ඔහුගේ දෑත නැවතත් ක්‍රියාත්මක වී මා අල්ලාගත් අතර ඒ තීරණාත්මක මොහොතේ වුව ද එතැනම වළක් කපාගෙන වැළලුනා නම් මීට වඩා හොඳ බව මගේ සිහියට නැගිණි.


ඔහුට පිටුපසින් සිටි පුද්ගලයා කිසිවක් නොපවසාම එතනින් නික්ම යනු ද මගේ දෑසට ඒ මොහොතේ හසුවිය.


"තැන්‍ක්‍ යූ." එවර නම් කකුල් දෙකට ආයෙත් නොපැටලෙන ලෙස පින්සෙණ්ඩු වී කෙලින් වුණු මම ස්තූති කර එතැනින් මාරුවන්නට සූදානම් වුණෙමි.


"ආහ් ඔහොම ඉන්න. උදේ වුණු දේට සොරි. සුදූ ඔෆිස් එකේ පිටිපස්සෙ තිබුණු ගේට් එකකින් එකපාරටම ඇතුළට දුවන් ආවා. මම එයා හොයාගෙන තමයි ආවේ." ඔහු පැවසුවේය.


"ආහ්." මම එපමණක් පවසා මිතුරියන් ද පසු කරගෙන ඉක්මනින් ආපනශාලාව වෙත දිවයන්නට විය.


ඇත්තෙන්ම මේ වනවිට නම් කොහේ හෝ සැඟවී කිසිවෙකුට නොපෙනී යන්නට ඇත්නම් කෙතරම් හොඳදැයි මට සිතුණි.


දිනපතාම පාහේ කුමන හෝ හේතුවක් නිසා මිතුරියන් ඉදිරියේ නෝන්ඩි වුවද කෙදිනකවත් මෙතරම් නම් චාටර් වූ දිනයක් මගේ මතක පොතේ සඳහන්ව නැත.


"කුෂී ඔහොම ඉඳපන්..." දෙව් කෑගසන හඬ මට ඇසිණි. නමුත් මම නෑසුණා සේ ඉදිරියට ඇදුණෙමි.


"මොකෝ බන් දුවන්නෙ? දිව්වට වැඩක් නෑ වටපිටාවෙ හිටපු ඔක්කොම සීන් එක දැක්කා." දෙව් සිනාසෙමින් පැවසීය.


"ඒක නිසා තමයි දුවන්නෙ. උඹ ඉතින් හිනාවෙයන්." මම නෝක්කාඩුවෙන් පැවසුවෙමි.


"හරි හරි සත්තලන්. ඒක නෙවෙයි අද දවසෙ දෛවයා විසින් උඹලා දෙන්නා වෙනුවෙන් මාර ස්ක්‍රිප්ට් එකක් තමයි ලියලා තියෙන්නේ." දේව් මගේ නාසය මිරිකමින් පැවසුවාය. මම ඇගේ අතට පහරක් ගැසුවෙමි.


"මොකද්ද මොකද්ද ඒ කතාව?" නිරූ පැමිණ දේව්ගේ උරහිසේ එල්ලෙමින් විමසුවාය.


"කියන්නෑ. කිව්වොත් ගහනවා දේව්, ඇත්තමයි හොඳේ." මම දේව් දෙසට දබර ඇඟිල්ල දිගුකර පැවසුවෙමි.


"සොරි සුදූ. මට කියන්න වෙනවා. නැත්තන් මට රෑට නින්ද යන එකකුත් නෑ." දේව් එසේ පවසා දිවයන්නට විය. නිරූ හා අමාද මා හට දිව දිගු කර ඇය පසුපසින් දිවයන්නට විය.


මම ඔවුන්ට රවා පාඩුවේ ආපනශාලාව වෙත පියනගන්නට විය.


"ඒයි කුෂී....." විහස් ආපනශාලාව දෙස සිට පැමිණියේය.


"ආහ් විහා...." මම පැවසුවෙමි.


"මොකෝ මූණ අප්සට්..." විහස් මූණට එබෙමින් විමසුවේය.


"මුකුත් නෑ අනේ..." මම පැවසුවෙමි.


"අද ෆ්‍රී වෙලාවක ඇක්‍ට් එක හදාගමු එහෙනං. මොකද්ද ගෘප් පෆෝමන්ස් එක විදියට කරන්නෙ?" ඔහු විමසුවේය.


"තාම හරියට එකක් තෝරගත්තෙ නෑ මම හිතන්නෙ?" මම පැවසුවෙමි.


"හ්ම්ම්...එහෙනං මම යනවා. අද අලුත් ලෙක්චර් කෙනෙක් ඇවිත් කියලා ආරංචියි මිස්ට සමරදිවාකර වෙනුවට." ඔහු පැවසුවේය.


"ආහ් එහෙමද? ඒකනං හැබැයි ලොකු දෙයක්. නැත්තන් මට කවදාවත් ෆුල් නෝට් එක ලියාගන්න වෙන්නෙ නෑ." මම සිනාසෙමින් පැවසුවෙමි.


"අනේ බන්. සමරදිවාකර සර් නෙවෙයි සක්‍රයා ආවත් උගන්නන්න උඹ හැම ලෙක්චර් එකේම නිදාගන්න එක නවතින්නෙ නෑ කියලා අපි දන්නවා. නිකන් නෙවෙයිනෙ කුසීතා කියන්නෙ..." විහස් සිනාසෙමින් පිට මැදට දඩෝං ගා පහරක් ගසා පැවසුවේය. මම ඔහුටත් රවා ආපනශාලාව වෙත පියනැගුවෙමි.


"ආ කෙල්ල... මගදි ආයෙ වැටෙන්න ගියාද?" අමා දෑසින් ඉඟිකරමින් විමසුවාය.


"අනේ මේ...." මම ඇයට පහරක් ගසන්නට සිතා ඇය වෙතට යන්නට සැරසුණෙමි.


"කුෂී වාඩිවෙයන්. තව ටිකකින් ලෙක්චර්ස් පටන්ගන්නවා." දෙව් මා වෙතට ලුණුමිරිස් මැදට දැමූ රොටියක් දිගු කරමින් පැවසුවාය.


"ප්ලේන්ටි නැද්ද?" මම රොටියෙන් කැබැල්ලක් කඩාගනිමින් පැවසුවෙමි.


"ප්ලේන්ටි ඕනෙද? අපි හිතුව බොන එකක් නෑ කියලා. ඉන්න මම අරන් එන්න." නිරූ නැගිටිමින් විමසුවාය.


"ආදරෙයි හොඳේ." මම ඇය වෙතට ෆ්ලයින් කිස් එකක් පා කර යවමින් පැවසුවෙමි.


"ඔය බටර්වලට අහුවෙන්න එපා නිරූ ලිස්සලා වැටේවි." දේව් පැවසුවාය. නිරූ සිනාසෙමින් නැවතත් ආපනශාලාවේ කවුන්ටරය වෙත පියනැගුවාය.


"ඒක නෙවෙයි දේව්, කුෂීව දැකලා අවිශ්ක අයියට හිමිදිරි උදෑසන දුටු චමත්කාරජනක දසුන මතක්වෙන්න ඇති නේද?" අමා දිවයන්නට සූදානමින් බෑගයත් අතටගෙන අසුනින් නැගිට පැවසුවාය.


"මම කිව්වා කියලා හිතාගනින්. දැන් අල්ලගන්නෙ නෑ. ඒ නිසා වාඩිවෙලා ඉන්න සත්තලන් හොඳේ." මම ඇයට රවා නැවතත් රොටිය වෙත අවධානය යොමු කළෙමි.


නිරූ ගෙන ආ ප්ලේන්ටිය ද බී අපි දේශන ශාලාව වෙත කඩිමුඩියේ ගමන් කළෙමු.


"අතනින් වාඩිවෙමු." දෙව් හිස්ව තිබූ ආසන පෙළක් පෙන්වමින් පැවසුවාය.


"ඔතන බෑ. ළමයි ගොඩක් ඉන්න තැනකින් වාඩිවෙමු. නැත්තන් නින්ද ගියොත් සර්ට පේනවා." එසේ පැවසූ මම ඔවුන් තිදෙනාද ඇදගෙන ගොස් වෙනත් ස්ථානයකින් අසුන් ගත්තෙමු.


මොහොතකින් ශාලාව නිශ්ශබ්ද වූයේ දේශකවරයා පැමිණි බව පසක් කරවමිනි.


"සමරදිවාකර සර් වෙනුවට අද අලුත් එක්කෙනෙක් එන්නෙ කියලා මට විහස් කිව්වා." මම පැවසුවෙමි.


"ඒයි කුෂී අර බලපන්...." මගේ වම්පස සිටි නිරූ මගේ අතට අනිමින් පැවසුවාය.


✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️

හේ... හේ ඉතින් කොහොමද ළමයි කතාව. කොහොමද කියලා කියාගෙන යන්න ඉතින් හොඳේ.

⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕

(කතෘ අවසරයකින් තොරව කතාවේ අන්තර්ගතය හෝ ඉන් කොටසක් උපුටාගැනීමෙන් හෝ වෙනස්කම් කිරීමෙන් හෝ වෙනත් සමූහවල පළකිරීමෙන් වළකින්න. එවැනි අකටයුතුකමක් පිළිබඳව ඔබ දැනුවත් වුවහොත් ඒ පිළිබඳව කතෘ දැනුවත් කිරීමට කාරුණිකවන්න.)

⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕


#𝕂𝕍#






Report Page