වැහිබිඳු වැටෙනවා නම්... (කෙටිකතාව)

වැහිබිඳු වැටෙනවා නම්... (කෙටිකතාව)

◇❉⃟࿔ꦿ꧁Sithu

       ~ (II) කොටස ~

 පෙර කොටසට

මොනදේ උනත්, කවුරු මොනව කිව්වත්, මෙච්චර කාලෙකට කෙල්ලෙක්ට හිත ගියේ නෑ අන්තිමේදි හිත නැවතුනේ, ඇහැල මලක් වගේ ලස්සන උබ ගාව විතරයි මැණික....

එතැන් සිට..........................................

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹


" යෙනූ..... අපි යමු නේද එහෙනම්... ගිහින් එන්නම් අයියේ..."යෙනූගෙ යාලුව කිව්වේ යෙනූගෙන් යතුර ඉල්ලන ගමන්...."


"ඒ කවී.... මේ බලන්නකෝ මෙයාට නින්ද ගිහින්නේ..."

යෙනූ කිව්වේ හා පැටියව තව ටිකක් පපුට තුරුලු කරන්.... ඔලුවත් අතගාන ගමන්..........


"අර Carඑකේ තිබුනු blanket එක මෙයාට පෙරෙවල Carඑකෙන් තියමු නේද...." යෙනූගේ යාලුව කිව්වේ එයාලගෙ කාර් එකේ පිටිපස්සේ දොර අරින ගමන්......... 

යෙනුත් මන් දිහා එක පාරක් බලල දුකින් වගේ Carඑක ගාවට ගිහින් හා පැටියව ඇතුලින් තිබ්බද කොහෙද.....



මමත් ගල්වැට ගාවින් නැගිටල ආවේ ආයෙත් කඩේට ඇතුළට යන්න හිතාගෙන........


කෙල්ල යන්න ඇති... හිස් හැගීමකින් කඩේට ඇවිත් අයියට උදව් කරන්න ගත්තා.... 🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹


"අහ්... උබ අර නෝනගෙ වටේ කැරකි කැරකි ඉදල දැන්ද ආවේ...." අයියා මගෙන් එහෙම ඇහුවේ කින්ඩියට හිනාවෙන ගමන්..... 

"ඒක නෙමෙයි හැබෑටම මොකක්ද බං වෙලා තිබුනෙ....."


"එයාල එනකොට ඉස්සරහින් ගිහිපු කැබ්එකේ හාවෙක් හැපිල.... ඒ සතාව බේරන්න අපේ කඩේ පැත්තට කරල බ්‍රේක් ගහල...." මං එතන තිබුනු ප්ලාස්ටික් පුටුවෙන් වාඩිවෙන ගමන් කිව්වේ.....


"දැන් කඩේ වහන්නත් වෙලා හරි වගේ.... අදත් දොදොල් තැටි එකහමාරක් ඉතුරු වෙලා බං.... දැන් නම් වෙළදාම එන්න එන්නම අඩු වෙනවා... අර සුමනයගෙයි, සිරියාවතිගෙයි, දොදොල් කඩවලත් වෙළදාම අඩුයිලු බං.... මේ වැඩේ හරියන්නෑ බං... අපිටත් තව ටික කාලෙකින් වෙන මොකක්හරි රස්සාවක් හොයාගන්න වෙයි වගේ..." අයිය එහෙම කිව්වේ හිතේ මහලොකු දුකක් තියාගෙන කියල තේරුනා......

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹


"අයියේ..." 

එකපාරටම මං බැලුවෙ කවුද කතාකරේ කියල... හුරුපුරුදු කටහඩක්... එතකොටයි දැක්කේ ඇහැල මල මං දිහා බලන් කියනවා...


ඇත්තටම කීයටවත් හිතුවෙ නෑ මගේ ඇහැල මලව ආයෙ දකින්න ලැබෙයි කියල...... හිතා පුරාම අමුතු සතුටක් ඇතිවෙලා..... 


"දොදොල් කිලෝ 4ක් පුලුවන් නම් වෙන වෙනම ඔතල දෙන්නකෝ..."


"ඒත් නෝනා.... දොදොල් කිලෝ එකක් රුපියල් 750නේ.... ග්‍රෑම් 500ක් විතර දෙන්නද..." අයිය එහෙම කිව්වේ පුදුමෙන්.... ඇත්තටම මතක ඇති කාලෙක එච්චර ගොඩක් කවුරුවත් ඉල්ලල නෑ.... මටත් පුදුමයි.... වෙන මිනිස්සු කිලෝ 1ට වඩා අරන් යන්නේ නැතිම තරම්.... වැඩිම උනොත් කිලෝ 2ක් විතර විකිනෙයි ඒකත් ඉදල හිටල ඉතින්.......

පොලුයි, ගෑසුයි, සීනියි මිල ගිහින් නිසා කොහොමත් දොදොල් මිල යනවා.... මේ දවස්වල නම් පාඩුත් එක්ක........


"යාලුව ගෙදරින් එනකොටත් කිව්වේ දොදොල් කිලෝ 1ක් ඕනි කියල... සල්ලි ප්‍රශ්නයක් නෑ අයියේ.... පුලුවන් නම් විතරක් වෙන වෙනම ඔතල දෙන්න හොදේ...."

මම තාමත් පුදුමවෙලා බලන් හිටියේ එයා දිහා.... අයියත් පුදුමෙන් වගේ බලන් ඉදල හනිකට දොදොල් කෑලි 4ක් කපන්න පටන් ගත්තා......


දොදොල් කෑලි ඔතන කොළ දෙකක් අයියගෙ අතටත් දීල මමත් ඉතුරු කෑලි දෙක ඔතල කෙල්ලගෙ අතට දුන්නා... කෙල්ල දොදොල් කන්න ආසයි වගේ.... 


කතරගම එන හැමෝම වගේ දොදොල් අරගෙනමයි යන්නේ.... ඒකමයි මේවගේ කඩයක් දාන්න අයියට හිතෙන්න ඇත්තේ... ඒත් දැන් ඉස්සර තරම් වෙළදාම නෑ.....  


"ඉතුරු සල්ලි එපා අයියේ...." 

කෙල්ල 5000 කොලයක් අයියගෙ මේසේ ගාවින් තියල ඔතපු දොදොල් ටිකත් අරන් දුවල ගියා...... 

ගාන රුපියල් 3000 යි... මෙච්චර කාලෙකට දොදොල් විකුණනල හම්බකරපු ලොකුම ගාන වෙන්නැති මතක හැටියට ......


"මල්ලි මේ 2000 අර නෝනට ගිහින් දියන්... දැනටමත් ගිහින් ඉවරද කොහෙද.... දුවල යමන්... "


හනිකට අර රුපියල් 2000ත් අරන් පාරට දිව්වේ ඉතුරු සල්ලි දෙන්න හිතාගෙන....


දැනටමත් කාර්එක කිලෝමීටර්  බාගයක් විතර ගිහින් මේ දවස්වල ලිස්සනවත් එක්ක.... කොච්චර හයියෙන් ගියාත් එයාලට කිසිම කරදරයක් වෙන්න එපා කියල කතරගම දෙවියන්ගෙන් ඉල්ලුවේ...

ඇත්තටම ඒ යන වේගෙ දැක්කම මට බය හිතුනු නිසා........


ආයෙත් හැරිල කඩේට ආවෙත් හිතහොදකින් නම් නෙමේ....

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹


"දිව්වට වැඩක් උනේ නෑ අයියේ... ඒ නෝනා මං යනකොටත් ගිහින් ඉවරයි..." 

අයියට රුපියල් 2000 දෙන ගමන් කිව්වා....


"ඕක උබ තියාගනින් ධනුක... ඕක උබටද කොහෙද දුන්නේ... අනික ඒ නෝන උබට මනාපයි වගේ... ආයෙත් මට කිණ්ඩියට වගේ හිනාවෙලා අයිය කිව්වා...."


"ඒත් ඕවා හරියන වැඩ නෙමෙයි නේ..අපිට ඔය ලොකු නෝනල ගැලපෙන්නෑ..."  මම එහෙම කිව්වේ හිතේ තිවිච්ච දුක හංගගෙන...


"ඔන්න ඔන්න උබත් මට කොලේ වහන්න එනවද කොල්ලෝ.... ඈ යකෝ අපිත් ඔය වයස පහු කරන් ආවෙ හරිය...." ඒක කිව්වේ නෝක්කඩුවට වගේ....


"හරි හරි ඉතින්... " මම කිව්වේ එක අතකින් ඔලුව කසන ගමන්...


"අම්මෝ මෙන්න කොල්ලට ලැජ්ජ හිතිලා... හූ.... ඔන්න උබගේ කම්මුල රෝසපාට වෙලා.... "අයියා ඒ පාර මහ හයියෙන් හිනාවෙනවා....


"ඇති බං අයියේ... අනික එයාලට අපි වගේ මිනිස්සුන්ව ගැලපෙන්නෑ..... බොරු බලාපොරොත්තු තියාගෙන හිත පාරව ගන්නෙ මොකටද.... "

තව හිටියොත් කිචවෙලා දියවෙලාම යයිද දන්නෑ.... සැක්.. ලැජ්ජාවෙ බෑ.... හොද වෙලාවට කවුරුවත් නෑ....


ඒත් හිතේ ඊට වඩා ලොකු දුකක්... ඔව් ආයේත් පාරක් මගේ ඇහැල මල..... මගේ යෙනූ....... දකින්න ලැබෙනව නම්.............


"මෙන්න අද උබේ ගාන..." අයිය දුන්නේ අද කඩේ වැඩ කරපුවට සල්ලි.... ඒකත් එහෙම්මම සාක්කුවට දාගත්තේ තව කීයක්හරි එකතු කරල අම්මට හෙට උදේ ටව්මට ගිහින් බෙහෙත් ගන්නත් ඕන නිසා....


හරි අයියේ එහෙනම්... මම ගිහිල්ල හෙට උදේ එන්නම් ටිකක් පරක්කු වෙයි හැබැයි....


"ඒකට කමක් නෑ බං...."

යෙනූගේ රුපියල් 2000න් අනිත් 1000 අයියගේ මේසෙන් තියල... ඉතුරු රුපියල් 1000ත් සාක්කුවෙ දාන් ආවේ අම්ම උදේ ගෙදරින් එලියට බහිනකොට කියපු එළවළු ටික කඩෙන් ගන්න හිතාගෙන....

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

🍁 දින දෙකකට පසු.. 🍁


මං වෙනද වගේම කඩේ ගාව තියෙන දිවුල් ගහ යට තියෙන බංකුවෙන් වාඩි වෙලා අහං හිටියේ රේඩියෝ එකේ යන වැඩසටහනක්.... අද මාතෘකාව නම් ආර්ථික අර්බුදය........ හ්ම්.............

දවසට රුපියල් 500ක් 600ක් විතර හොයන අපිට මොන ආර්ථිකයක්ද දැන් නම් ඇත්තටම එදාවේල හම්බුකරන් කන්නත් අමාරුයි..... අම්මයි මායි විතරයි ඉන්නෙත්....

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹


එකපාරටම ගහපු හෝන් එකක් නිසා ගැස්සිල වගේ බැලුනේ ඒ පැත්ත.....


අනේහ්.........මගේ ඇහැල මල..... මගේ යෙනූ.... එයා ඇවිත්..... කොච්චර කොහොම හිතන් හිටියත්... එයාද දැක්කම.... මං කවුද කියන දේත් අමතක වෙනවා.....


"අහ්... අයියේ.... කොහොමද ඉතින්.... අද ටිකක් අයියත් එක්ක කතා කරන්න හිතාගෙනමයි ආවේ...."


කෙල්ල කිව්වේ මගේ ඇස් දිහා බලන ගමන්....... ඒ ඇස් වෙනදටත් වඩා දිලිසෙනවා.... කලුපාට ගව්මක් හරිම ලස්සනයි.... එයා ලා කහපාට නිසා ඒ ගවුමට එයාව සුරංගනාවියෙක් වගේ පේන්නේ.... මගේ ඇහැල මල.....


"අපි වගේ මිනිස්සුත් එක්ක මොනව කතා කරන්නද මි ස්..නැ හ්.. නංගි..." මං කිව්වේ ඇත්තටම එයාගේ වෙලාව නාස්ති කරන්න ඕන නැති නිසා.... එයා නම් ගොඩක් විවෘත චරිතයක්.... මම හරිම කැමතියි ඒ වගේ අයට....


"අයියේ... අද හවස 5.00ට විතර තම්මැන්නාව වැව ගාවට එන්නවද..."


🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

මතුසම්බන්ධයි ....අවසානයක් නොව; තාවකාලික නැවතුමක් පමණක්ම විය....................................

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

මේක මගේ පළවෙනි කතාව නිසා හුගාක් අඩුපාඩු තියෙනවා කියල තේරුනා....

කියවන ටිකදෙනා හරි Comment එකක් දාගෙන යනවද කොහොමද කියල....

කතාව හොදමදි වගේ ද?....

තව කොටස් 2කින්, හරි 1කින් හරි තමයි කතාව ඉවර කරන්නේ....

Sithumini Dias.

Report Page