වැහිබිඳු වැටෙනවා නම්... (කෙටි කතාව)

වැහිබිඳු වැටෙනවා නම්... (කෙටි කතාව)

◇❉⃟࿔ꦿ꧁Sithu

~ ( I ) කොටස ~


" මල්ලි....... එළියට ගිහින් බලහන් අර කාර්එක කඩේ පැත්තට කරල එක පාරටම බ්‍රේක් ගැහුවෙ ඇයි කියල..... " කඩේ අයියා එහෙම කිව්වේ මං දිහා බලන ගමන්...............

යකෝ වැස්ස දවස්වලට වත් මුන්ට හෙමින් යන්න බැයිද.... තවටිකෙන් කඩෙත් හැපීගෙන, අපිත් මරාගෙන, මුනුත් හිරේ යනවා.... ෂික් විතරක් කාලකණ්ණි.... " මමත් එහෙම කියාගෙන කඩෙන් එළියට බැස්සා.......


කාර් එක ගාවට ගියේ අදනම් මුන්ට හොදවැයින් දෙකක් කියල එනව කියල හිතාගෙනමයි........................................ මාස ගානකට කලිනුත් කාර් කාරයෙක් ඇවිත් කඩේ ඉස්සරහ තියෙන දිවුල් ගහේ හැපුනා........................................

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹


"යෙනූ..... අන්න අර කැබ් එකේ සතෙක් හැපුනා.... ඉක්මනට ඔය කඩේ පැත්තට කරල බ්‍රේක් ගහන්න...."


"අම්මෝ ඇති යන්තන් ඔයින් ගියා..... අර සතාව අපේ Carඑකේ හැපුනෙ නෑනේ....... කවී,.......අර සතාට මොකක්ද උනේ කියල පොඩ්ඩක් බැහැල බලන්නකෝ..... අර Driver නැවැත්තුවෙ නෑනේ බං..... මුන් තිරිසන්නුන්ටත් අන්තයිනේ.... පව් අර අසරණ සතා....."


"එහ් යෙනුවෝ අර දොදොල් කඩේ හිටපු අයියත් බනින්න කොහෙද මේ පැත්තට එනව නේද...."

"ආයෙත් අහල...... පුලුවන් ගහලම එලවාවි......... මේ කවියෝ මං එයාව ශේප් කරගන්න බලන්නම්......"

"අම්මො යෙනූ හැබෑටම අර අයියා ගහන්න වගේනේ එන්නේ.... "

"හනිකට බැහැපන් කවියෝ..."

"හරි හරි බං...."

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹


ඒත් එක්කම මං දැක්කේ කාර් එකෙන් ඉක්මනට බහින සුදුපාට දිග ගව්මක් ඇදල හිටපු හුරුබුහුටි කෙල්ලෙක්ව....


ගොඩක් ලස්සනයි හැබැයි ඊටවඩා පින් පාරටයි........... කහපාටට හුරු සුදු පාට හමක් තිබ්බේ.... කොණ්ඩෙත් ඉණ ගාවට දිගයි...... හුගක් චාම් පෙනුමක් තියෙන්නේ...... හරියට ඇහැල මලක් වගේ.....................................................

සමහරවිට කතරගම ගිහින් එන ගමන් වෙන්නැති...................................


"නෝනා මැරෙන්නද හදන්නේ ආ...." මං ටිකක් සැරට කතාකරේ තරවටු කරන්නත් එක්ක.................................


"අනේ සොරි අයියේ..... එනකොට දැක්කා කැබ් එහෙක සතෙක් හැපෙනවා..... ඒ සතාව බේරන්න තමයි අපේ Carඑක කඩේ පැත්තට කරල බ්‍රේක් ගැහුවේ... "


"කෝ මොකෙක්ද හැපුනේ.... බල්ලෙක්වත් ද ?....."

"අහ්............ හරියට දන්නෑ අයියේ....... සුදුපාට වගේ චූටි සතෙක්........" එයා කලබලෙන් වගේ මගෙන් ඇස් ඉවතට ගන්න ගමන් කිව්වා..............................


"ගිහින් බලමු නේද නෝනා........"

"යාලුවා බලන්න ගියා අයියේ....."

"අහ් හරි නෝනා එහෙනම්......"

"අපෝ අයියේ මොකක්ද අනේ හැමතිස්සෙම නෝනා නෝනා ගන්නේ.... අක්කෙ හරි නංගි හරි කියල කියන්නකො...." කෙල්ල කිව්වේ හිනාවෙන ගමන්.....................


කවදාවත් නැති විදිහට අද මේ කෙල්ල දැක්ක වෙලාවෙ ඉදන් හිත හෙල්ලිලා....... මටත් හොරා මගේ හිතේ ඇහැල මල ගැන ආදරේ හිතිලා........ කිසිම දෙයක් නොදැන....... බොරුවට බලාපොරොත්තු දීලා විහින් හිත රිද්දගන්න බැරි නිසා මට එතනින් යන්න හිතුනා......


"අහ්..... හරි නංගි..... එහෙනම් මම යන්නම්....." අමුතුම දුකකින් හිත වෙලාගෙන වගේ.... ඇහැල මලව දාල යන්න බෑ වගේ හැගීමක්.......


"දැන්නම් හොදටම හවස් වෙලා වගේ නේද අයියේ..." කෙල්ල එහෙම ඇහුවෙ මාත් එක්ක කතා කරන්න හිතිලද කොහෙද...යන්න එපා කියන්න වගේ මගේ දිහා බලන් ඉන්නේ............


" ඔව් නංගි දැන් නම් හවස 5.40 විතර වෙලා ඇති...."


ඒපාර කෙල්ල කාර්එකේ කඩේ ගාවින් අයින් කරල ටිකක් එහයින් පාර අයිනේ නතරකලා පස්සේ කාර් එකේ බොනට් එකට හේත්තු උනහම මාත් එතන ගල්වැට උඩින් වාඩි උනා............ කෙල්ල අත වනවන කාටද කතා කරනවා.............. ඇස් කොණින් වගේ දැක්කා කමල් අයියත් කඩෙන් එළියට ඇවිත් අපි දිහා බලල ගියා....................

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹


හීනියට වැටෙන පොද වැස්සට අපි දෙන්නම යන්තමට තෙමිල ගිහින්........ දැනෙන නොදැනෙන ගානට හුළඟකුත් ඇගේ වදිනවා.................. කොහොමත් තම්මැන්නාව වැවට ටිකක් දුරින් තමා අපේ දොදොල් කඩේ තිබුනේ..................

දැන්නම් හීතලයි වගේ..... කෙල්ලගෙත් අත්වල ලාවට හිරිගඩු පිපිල.................


කෙල්ලට නම් වැහිපොද ගානක්වත් නෑ වගේ........ කඩේ රේඩියෝ එකේ යන සින්දුවත් මුමුණ මුමුණ මං දිහා බලන් ඉන්නවා...... මට නම් හිනත් එක්ක..... අමුතුම හැගීමක් මුලු හිතම වෙලාගෙන වගේ දැනෙන්නේ............



🎶🎶 වැහි බිඳු වැටෙනවා නම්...........

සුළඟක් සැලෙනවා නම්..............

මොහොතක් තනිවී හිදීමී

ආදරේ..........🎶🎶


🎶🎶ලංවී ඉන්න මා නම්..................

රහසක් කියනවා නම්.................

මොහොතක් තනිවී සොයමී

ආදරේ...........🎶🎶



මගේ ඇහැල මලගේ ඇසුත් මං දිහාවට තියෙන්නේ කියල දැනුනා.....

ලස්සන ඇස් දෙකක්.... දිලිසෙනවාත් එක්ක......... මාත් එක්ක කතාකරන්න හිතිල වගේ....... ඒත්.............................


ඒවගේ කෙල්ලෙක් ලබන්න අපිට වාසනාව නෑනේද............ හ්ම්..........

කතරගම එන මිනිස්සුන්ට දොදොල් විකුණනල එදාවේල හම්බුකරන් කන අපි වගේ කොල්ලොන්ට යාන වාහන තියෙන පෝසත් නෝනලට පෑහෙන්න අපිට පුලුවන්යැ......... මටත් කඩේ කමල් අයියට වගේ මල් විකුණන කෙල්ලක්ව හරි මේ පැත්තේ අපි වගේම පව්ල්වල කෙල්ලෙක්ව තමා කසාද බදින්න වෙන්නේ................

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹


"යෙනූ මේ බලන්නකෝ චූටි හාවෙක්..."

මෙච්චර වෙලා අපි ගැනම හිත හිත ඉදපු මම හරි සිහියට ආවේ තව කෙල්ලෙක්ගේ කටහඬ ඇහිලා.............

අනේ....... ඒ කියන්නේ මගේ ඇහැල මලගෙ නම් යෙනූ ද..... නමත් ලස්සනයි මගේ කෙල්ල වගේම.....


කකුල කැඩිල ලේ ගලන චූටි හාවෙක්ව අතේ තියාගෙන එතනට ආවේ එයාගේ යාලුව වෙන්නැති........ ඒ කෙල්ල දිහා උවමනාවෙන් බැලුවෙ නැත්තේ මම ඒ වෙනකොටත් යෙනූට ආදරේ කරන්න පටන්ගෙන නිසා වෙන්න ඇති..............


"අනේ කවී.........මෙයා පව්.......... කකුලත් කැඩිලනේ...... ෂික් අර කැබ් කාරය නිසා නේ..........කෝ දෙන්න බලන්න............. අපි මෙයාව අදට ගෙදර අරන් යමු....." යෙනූ කිව්වේ දුකින් වගේ... හුගාක් කරුණාවන්තයි වගේ.....

අදින් පස්සේ මගේ ඇහැල මල ආයෙත් දකින්න ලැබෙන එකක් නෑ........ හිතින් විතරක් ආදරේ කරලත් යන්න වෙනව කියල දැනුනම මෙච්චර හුගක් හිත රිදෙන්නෙ ඇයි බං.................................


"ඒත් නංගි මේ හාවා..... කොළඹ අරන් ගිහින් හරි යන්නෑනේ....." වෙනසක් නොපෙන්නල මං ඇහුවා.....


අහ් අයියේ අපි ගාල්ලේ.... මගේ යාලුවෙක් ඉන්නවා පශුවෛද්‍ය කෙනෙක් එයාට කියල බෙහෙත් දම්මවන්න පුලුවන්....." එහෙම කිව්වේ යෙනූ නංගිගේ යාලුවා..........


" කවී....... අපි කොහොමත් අනිද්දට ආයේ එනවානේ...... ඒගමන්ම මෙයාවත් කැලේට අතාරින්න පුලුවන් නේ...." යෙනූ එහෙම කිව්වේ මං දිහත් බලන ගමන්...................................

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹


ඒ කියන්නේ උබ ආයෙත් මෙහෙ එනවද මැණික............. හිතට සතුටත් නොදැන්නුනාමත් නොවේ......................

උබ ඔය නොකියා කියන්න හදන දේ මට හොදට තේරෙනව යෙනූ...............

ඒත් අපි ගැලපෙන්නෑ බං...... ඒක නිසා උබත් බොරුවට බලාපොරොත්තු තියාගන්න එපා මැණික.......................


උබටත් මං ගැන ආදරේ හිතිල කියල උබේ ඇස්වලින් පේනව බං.................... ඒත් මැණික කියන්න තියෙන්නේ අපිට කවදාවත් එකතු වෙන්න බැරි වෙයි.......


🌼අතින්වත් අත නොඅල්ලා...

අපි කොහොම බැඳුනාද මන්දා...

අතහරින්නේම නෑ ඒ නිසා...🌼

රිදි රිදී සනහනා ආදරේ...


හරි පුදුමයි බන් උබත් එක්ක වචන කීපයක් විතරක් කතා කරලත් ආදරයක් ඇති උනු විදිහ......... උබව කවදහරි මගේ මතකෙන් මැකිල යනකම්ම මං උබට ආදරේ කරාවි මැණික..................................................


හ්ම්................. ඕනතරම් කෙල්ලෝ හැමදාම වගේ අපේ කඩේට ආවත්, ගමෙත් කොච්චර කෙල්ලො හිටියත්, අපේ ගමේ ගොවිතැන් කරන පියදාස මාමගේ දුවවත් මට දෙන්න ඇහුවත්, තව මල් විකුණන අමාලියි, කලනියිත් මට කැමැත්තෙන් ඉන්නේ.... තව ගෑනු ළමයි කීපදෙනෙක්ම මට අපේ කඩේ ළඟදි මුකුළු කරත් කාවවත් වැඩිය ගනං නොගත්තේ එයාලට මගේ හිත ගියේ නැති නිසා................


මං අපේ ගමේ ඉන්න හැඩකාරම කොල්ලලු..... අපේ ගැන්සියෙ ඇවුනුත් මට කිව්ව බං " ගොඩේ එකා උනාට කොල්ලා හැන්ඩිය " කියලා.....


ඒ මොනදේ උනත්, කවුරු මොනව කිව්වත්, මෙච්චර කාලෙකට කෙල්ලෙක්ට හිත ගියේ නෑ අන්තිමේදි හිත නැවතුනේ, ඇහැල මලක් වගේ ලස්සන උබ ගාව විතරයි මැණික.........



මතුසම්බන්ධයි................අවසානයක් නොව; තාවකාලික නැවතුමක් පමණක්ම විය.....................................

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹


කතාව කොහොමද කියල කියන් යන්න හොදේ.........................................

කලින් Articles ලියල තිබුණට කතාවක් ලියල තිබුණෙ නෑ...... මේක මගේ පළවෙනි කතාව මේක.................

මුලින්ම කෙටිකතාවක් ලියන එක හොදයි කියල හිතුනා........................... අඩුපාඩු කියාගෙන යන්න......................

Comment එකකුත් දාගෙන යන්න..........


මීට කලින් ලියපු Articles.... ඒටිකත් කියවගෙනම යන්න.... 👇👇


සුදු - කලු – Telegraph

https://telegra.ph/%E0%B7%83%E0%B6%AF---%E0%B6%9A%E0%B6%BD-07-08


ආකල්පීය වෙනස... – Telegraph

https://telegra.ph/%E0%B6%86%E0%B6%9A%E0%B6%BD%E0%B6%B4%E0%B6%BA-%E0%B7%80%E0%B6%B1%E0%B7%83-07-13


Sithumini Dias.

Report Page