꙳♡ мr.gυapo ♡꙳

꙳♡ мr.gυapo ♡꙳

පබා ලියනගේ﹏✍
เ ƒεℓℓ ƒσ૨ ყσµ αɳ∂ เ αɱ รƭเℓℓ ƒαℓℓเɳɠ・❥・




(අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්..) 🚫



පෙර කොටස.....🤍

https://telegra.ph/mrgυapo-12-25


දහතුන්වන දිගහැරුම....


දිග හුස්මක් පහළට දැම්ම කෙල්ල ගිෆ්ට් වගයක් පැක් කරන්න ගත්තෙ හෙට චබීගෙ උපන්දිනේ නිසා චබීට දෙන්න....

ලස්සනට ගිෆ්ට් ටික පැක් කරපු කෙල්ල ස්ටඩී ඩේබල් එකෙන් ඉදගෙන ඩයිරි එක පෙරලන්න ගත්තෙ අද දවස ගැන ලියන්න...ඒ පිටු අතරෙ කෙල්ලගෙ ඇස් නැවතුනේ ඉශ් කෙනුල් එක්ක පාර්ක් එකේ ගත්ත ෆොටෝ එකක් අලවලා තිබ්බ පිටුවක... කෙල්ල ඒ පිටුව දිහා බලන් ඉද්දි නොදැනිම කදුළු ආවේ ඉශ් ගැන නැන්දා දැනගත්තොත් මේ දේවල් වලට කොහොමත්ම කැමති වෙන් නෑ කියලා දන්න නිසා...



එහෙම්ම මුකුත්ම නොලියා ඩයිරි එකත් වහලා කෙල්ල ඇදට වැටුනේ මුකුත්ම කරන්න හිතක් තිබ්බෙ නැති නිසා...



......................................................................................................................................................................................................

කෙල්ල උදේම නැඟිටලා ලෑස්ති උනේ ඉශ්ගෙ ගෙදරට යන්න.... ලෑස්ති වෙන ගමන් ෆෝන් එක අරන් බැලුවේ පුරුදු මැසේජ් එක ඇවිත්ද බලන්න... ඇවිත් තිබ්බ නිසා කෙල්ල හිනා වෙලා මැසේජ් එකට රිප්ලයි කරලා ෆෝන් එකත් බෑග් එකට දාන් යන්න ලෑස්ති උනේ අද ටිකක් පරක්කු උන නිසා...



කෙල්ල චබීගෙ ගිෆ්ට් ටිකත් අරන් කැබ් එකක් දාන් ඉශ්ගෙ ගෙදරට ගියත් වෙනදා වගේ කවුරුත් එළියේ පේන්න හිටියේ නෑ... කෙල්ල චබීගෙ ගිෆ්ට් ටිකත් අත පිටිපස්සෙ හංඟගෙන හිමින් හිමින් චබීගෙ කාමරේ පැත්තට යද්දි ඉශ් මුණත් අමුතු කරන් කෙල්ල ඉස්සරහට ආවේ කෙල්ල අතේ දබරඇගිල්ල තොල්වලට තියලා සද්ද කරන්න එපා වගේ කියලා චබීගෙ කාමරේට යන්න හැදුවත් ඉශ් කෙල්ලගෙ අතින් අල්ලගත්තෙ කෙල්ල මොකද කරන්නෙ කියලා හිතාගන්න බැරි උන නිසා...



"කොහෙද යන්නෙ..."



කොල්ලා ඇහුවෙ පුදුමෙන්...



"අද චබීගෙ බර්ත් ඩේ එකනේ.."



කෙල්ල රහසින් කිව්වේ කොල්ලා ඇස් හීනී කරගද්දි ...



"අද..නෑ... ලබන මාසෙ 27 නේ..."



ඉශ් ටිකක් වෙලා කල්පනා කරලා කිව්වේ කෙල්ල මූණත් ඇද කරන් ඉශ් දිහා බැලුවේ කෙල්ල හිතුවේ මේ මාසෙ කියලා නිසා...




"ඔව්ව්.... මේ මාසේ නෙමෙයි...ඊළග මාසෙ..."



ඉශ් ආයේත් මතක් කරලා කිව්වේ කෙල්ල අඬන්න වගේ මූණ හදාගද්දි....එතකොටම චබීගෙ කාමරේ දොර ඇරෙන සද්දෙ ඇහුනම ඉශ් ඉක්මනට කෙල්ල අතේ තිබ්බ ගිෆ්ට් ටික ඉශ් අතට අරන් කෙල්ලව තුරුළු කරගත්තෙ කාමරේන් එළියට එන්න හදපු චබී මේ දෙන්නවා දැකලා කටත් උල් කරන් ආපහු කාමරේ ඇතුළට යද්දි....



"ඔයාට එයාගේ බර්ත් ඩේ එක පැටලිලා කියලා දැනගත්තොත් අද කනක් ඇහිලා ඉන්න වෙන් නෑ......"



චබී ගියා කියලා දැක්ක නිසා කෙල්ලව ඇදන් ඉශ්ගෙ කාමරේට යන ගමන් ඉශ් කිව්වේ මේ වෙච්ච සිද්ධිය දිහා කාශ් ටිකක් දුරින් ඉදන් බලන් ඉද්දි...



කොච්චර දන්නවා උනත් ඉශ් ආරෝහිට වගේම ආරොහි ඉශ්ට ආදරේයි කියලා ඒත් ඒක දැනෙන දකින ගානේ කාශ්ගෙ හිත රිදෙන එක දැන් කාශ්ටම වදයක් වෙලා....ඉස්සර කිසිම දෙයක් සීරියස් නොගෙන හැම ප්‍රශ්නෙකටම හිනාවකින් උත්තර දෙන කාශ් අද හිනාවෙන්නෙම නැති තරම්....ඉස්සර ඉවරයක් නැතුව කියවන , "අයියෝ කට චුට්ටක් වහගනින්කො " කියලා අනිවාරෙන් චබීගෙන් හරි ඉශ්ගෙන් හරි අහගන්න කාශ් අද ඉශ්ටත් වඩා ගොළු වෙලා...



කෙල්ලට කාශ්ගෙ වෙනස ලොකුවට නොදැනුනත් ඉශ්ට චබීට කාශ්ගෙ වෙනස ලොකුවටම දැනිලයි තියෙන්නෙ... මේ දෙන්නගෙනුත් කාශ්ගෙ වෙනස ලොකුවටම බලපාන්නේ චබීට...මොකද ඉශ්ටත් වඩා චබී ළඟින් හිටියෙ කාශ්....



චබී කාශ්ගෙ වෙනසට හේතුව දන්නවා උනත් ඉශ් දැනන් හිටියේ නෑ..චබී ඒක කියන්න ගියෙත් නෑ....



......................................................................................................................................................................................................

සතියකට පෙර...🤍



"ආරොහි අද තාම නැත්තෙ මොකද..."




වෙනදා කෙල්ල උදෙ හය වෙද්දි ගෙදරට එන නිසා චබී ඇහුවේ ගේට් එක දිහත් බලාගෙන ඇවිත් කාශ් , ඉශ් දෙන්නා වාඩි වෙලා හිටපු ටේබල් එකෙන්ම වාඩි වෙන ගමන්...




"ආන්ටිට චුට්ටක් සනීප නෑ කිව්වා...ඒ නිසා පරක්කු වෙයි..."




ෆෝන් එකෙන් ඇස් අරන් චබී දිහා බලන ගමන් ඉශ් කිව්වේ කාශ් මුකුත්ම නෑහෙන ගාණට ෆෝන් එක දිහාම බලන් ඉද්දි...




"ඇයි ආන්ටිට මොකද..."



චබී මුකුත් දන් නැති නිසා ඇහුවේ පුදුමෙන් වගේ ඉශ් දිහා බලන්.....




"ආන්ටිගෙ කකුළෙ අව්ලක් තියනවා...ඒකට..."



ඉශ් ෆෝන් එක දිහා බලන් කිව්වේ චබී ඉශ් දිහාම බලන් ඉද්දි..



"ඒක නෙමෙයි.. ආන්ටිව බලන්න අපිටත් යන්න වෙයිද...එයා මෙච්චර අපි ගැන හොයලා බලන එකේ අපි මෙහෙම ඉන්න එක හරි නෑනේ...හෙට දිහාට ගිහින් එමුද..."



චබී කිව්වේ කාශ් දිහත් බලලා...



"හෙලොව්... නෑ....අපි හෙට මීට් වෙලා වැඩේ ගැන කතා කරගමු....."



ඒ එක්කම කාශ් ෆෝන් එකත් කනේ තියන් නැඟිටලා ගියේ ඉශ් වගේම චබිත් පිටුපාල යන කාශ් දිහා බලන් ඉද්දි...



"කාශ්ට මොකද්ද බන් වෙලා තියෙන්නෙ...ඌ ඔහොම ඉන්න එකෙක් නෙමෙයිනෙ....ප්‍රශ්නෙ මොකද්ද ඇහුවට කියන්නෙත් නෑ...හිටපු ගමන් මොනා උනාද කියලා මට හිතාගන්න බෑ... මූ හෙන ගැහුවත් හිනාවෙලා ඉන්න ජාතියේ එකෙක්නෙ..."



ඉශ් කිව්වේ මාස ගාණක් තිස්සෙ නෝට් වෙච්ච දේ නිසා...චබී හිනාවෙලා බිම බලාගත්තෙ ප්‍රශ්නෙ මොකද්ද කියලා වගේම ඒ ප්‍රශ්නෙට උත්තර නෑ කියලත් දන්න නිසා...




"ඉදලා ඉදලා වැරදි කෙනෙක්ව හිතට වැදුනම ඔහොම වෙනවා බන්..."




චබී එහෙම කියලා ඉශ්ගෙ උරහිසටත් තට්ටුවක් දාලා එතනින් ගියේ ඉශ් මුකුත්ම හිතාගන්න බැරුව දිග හුස්මක් පහළට දාද්දි....ඉශ් දැනන් හිටයත් කාශ් ආරෝහිට කැමති කියලා ඉශ් හිතුවෙම ඒකත් කාශ් වෙනද ජොලියට කරනවා වගේ නිකන්ම ජෝක් එකක් වෙන්නැති කියල... කාශ් මෙහෙම සීරියස් වෙලා කෙල්ලට කැමති කියලා ඉශ්ට හිතුන් නෑ..



......................................................................................................................................................................................................


වර්තමානය...🤍


කෙල්ල පුරුදු විදිහටම දවස ගෙව්වේ චබීගෙ බර්ත්ඩේ එක පැටලුන එකට තමන්‍ටම හිතින් බැන බැන...

කෙල්ල ගෙදර යද්දි රෑ දහයත් පහු වෙලා..වෙනදා කෙල්ල එද්දි නැන්දා නිදි උනත් අද ඇහරිලා හිටපු නිසා කෙල්ලගෙ හිතට සාධාරණ සැකයක් ආවේ කලින් දවසෙ රෑ නේහා කියලා ගියපු දේත් මතක් උන නිසා..



කෙල්ල සද්ද නොකර ඉක්මනට කාමරේට යන්න හැදුවත් ඇස් දෙකත් පියාගෙන නතර උනේ නැන්දාගෙ කටහඬට..




"ආරෝහි.."





වෙනදා ආදරෙන් පුතේ කියලා කතා කරන නැන්දා අද කවදාවත් නැතුව නමින් කතා කරද්දි කෙල්ලගෙ පපුව ගැහෙන වේගේ පවා වැඩි උනේ වෙන්න ඕන දේ වෙලා කියලා දැනුන නිසා...





"හෙට උදේ හිමන් පුතාලගෙ ගෙදරින් එනවා කිව්වා...ඒ නිසා හෙට ගෙදර ඉන්න..."




කෙල්ල දිහා බලන්නෙවත් නැතුව නැන්දා කිව්වේ කෙල්ල ඇස් හීනි කරන් නැන්දා දිහා බලන් ඉද්දි .....




"ඒ මොකටද නැන්දේ..."



කෙල්ල ඇහුවේ නැන්දා ළඟට එන ගමන්...




"ඔයා හැමදාම ඔහොම ඉන්න නෙමෙයිනේ...මොකක්හරි පිළිවෙලක් වෙන්න එපැයි...මාත් මැරිලා ගියපු දවසට කවුද බලන්න ඉන්නෙ...ඒ නිසා මේකට බෑ නොකියා කැමති වෙන්න...අනික හිමන් පුතා කියන්නෙ නොදන්න ළමයෙක් නෙමෙයිනේ...පුංචි කාලේ ඉදන් එකට හිටපු ළමයෙක්නේ... නේහා දුවත් දවල් ඇවිත් කතා කරලා ගියා.. එයාල හෙට උදේම එයි...මන් ආච්චිටත් කතා කරා...එයාලත් එයි..."




නැන්දා අහක බලාගෙනම කිව්වේ කෙල්ලටත් නොදැනි කෙල්ලගෙ ඇස්වල කදුළු පිරෙද්දි..




"නැන්දෙ ඔයා මොනාද මේ කියන්නෙ...මගේ ජීවිතේ තීරණ ගන්න කලින් ඔයා ඒක අහන්න ඕනේ හිමන් අයියගෙන්වත් නේහගෙවත් ආච්චිගෙන්වත්

නෙමෙයිනෙ... ඉස්සෙල්ලම මගෙන් ඔයා අහන්න ඕනේ නැන්දෙ...."



කදුළු පිහදන් නැන්දා ළඟට යන ගමන් ආරොහි කිව්වේ නැන්දා මුකුත් නොකියා අහක බලන් ඉද්දි...




"තමුන්ගෙ ජීව්තේට ගැළපෙන තීරණ ගන්න තමුන් දන්නෙ නැත්තම් තමුන්ව බලාගත්ත වැඩිහිටියා විදිහට ගැළපෙන තීරණ අරන් දෙන එක මගේ යුතුකම.... මලක් වගේ පරිස්සම් කරලා හොඳට උගන්නලා බලාගත්තෙ බැදලා ළමයෙක් ඉන්න මිනිහෙක් එක්ක යනවා දකින්නද..."



නැන්දා කිව්වේ කෙල්ල දිහා රවාගෙන බලාගෙන....නැන්දා එච්චර කේන්තියෙන් ඉන්නවා දැක්ක පළවෙනි වතාව නිසා කෙල්ල ඉක්මනට බිම බලාගත්තෙ බයෙන්.... නැන්දට කෙල්ල ගැන දුක හිතුනත් දවල් නේහා ඇවිත් කියපු දේවල් මතක් උනේ ඇස්වල කදුළුත් පිරිලා....



......................................................................................................................................................................................................


පැය කිහිපයකට පෙර....🤍




"ආන්ටී...."



ඇහුන කටහඩට නැන්දා ඉස්සරහට ආවේ කටහඩින් කවුද කියලත් අඳුරගෙන...



"ආ..නේහ දුවනෙ...එන්න පුතේ ඇතුළට...."



නැන්දා කිව්වේ දොර ළඟ හිනාවෙලා බලන් ඉන්න නේහාට...



"ආන්ටි එක්ක ටිකක් කතා කරන්න හිතාගෙන ආවේ..."




නේහා කිව්වේ සෝෆා එකෙන් ඉදගන්න ගමන්..




"මොකද්ද ගැනද පුතේ....."




නැන්දා ඇහුවේ නේහා ළඟින්ම ඉදගෙන ....




"ආරොහි ගැන ආන්ටි... ළඟදිම ආරෝහි ලොකු ප්‍රශ්නෙක පැටලෙයි කියලා බයට මන් මේ ආන්ටි එක්ක කතා කරන්න ආවේ...."



නේහා කිව්වම නැන්දා ඇස් දෙකත් ලොකු කරන් නේහ දිහා බැලුවේ ඒ මොකද්ද අහන්න වගේ....




"ආරොහි වැඩ කරන කම්පනි එකේ ඕනර්ගෙ පුතත් ආරෝහි එක්ක වැඩ කරනවනේ ආන්ටි....එ කොල්ලා බැදලා ඩිවෝස් වෙලා ළමයෙකුත් ඉන්න තාත්තා කෙනෙක්.... මේ රටෙ කොල්ලො නෑ වගේ ආරෝහි ඒ කොල්ලා එක්ක පැටලෙන්න හදන්නෙ ආන්ටි ... මේ කෙල්ලට මොන අඩුවක්ද කියලා හිතන්නකො... මන් කිව්වට තේරුම් ගන්නෙ නැති නිසයි මන් ආන්ටි එක්ක මේ ගැන කතා කරන්න ආවෙ...."




නේහාගෙ කතාවට නැන්දාගෙ මුළු ඇඟම හිරිවැටිලා ගියේ කෙල්ල ගැන ඒ වගේ දෙයක් අහන්න බලාපොරොත්තු උනේ නැති නිසා....




"දෙයියනේ....මේ ළමයා... මන් හීනෙකින්වත් හිතුවෙ නෑ පුතේ ඔය වගේ ප්‍රශ්නෙක පැටලෙයි කියලා.."




නැන්දා ඇස්වල කදුළු පුරවන් කිව්වේ නේහා මුකුත් නොකියා බිම බලන් ඉද්දි...




"වෙන කවුරුත් ඕන් නෑ ආන්ටි...අපේ අයියාම බලන්නකො...අවුරුදු කීයක් තිස්සෙද ආරෝහිට කැමත්තෙන් ඉන්නෙ... අයියා ගැන පම්පෝරී කියනවා නෙමෙයි ආන්ටි...ඒත් අපෙ අයියා තරම් ආරෝහිට ආදරේ කරන කොල්ලෙක් හොයාගන්න හම්බෙන් නෑ..... මන් නම් කියන්නෙ ආන්ටි හිතුවක්කාර තීරණ අරන් එයාගෙ ජීවිතේ විනාස කරගන්න කලින් බලෙන් හරි ආන්ටි තීරණයක් ගන්න කියලා..ඒ අපේ අයියාම වෙන්න ඕනේ නෑ..ආන්ටිට හොඳයි කියලා හිතෙන ඕන කෙනෙක්... ආරොහි මේ ප්‍රශ්නෙට පැටලෙන්න කලින් ඉක්මනට කරන දෙයක් කරන්න ආන්ටි... "




නේහා කිව්වම නැන්දා කදුළු පිහදාගෙන නේහා දිහා බැලුවේ නේහාගෙ කතාව ඇත්ත කියලා හිතුන නිසා ...



"ඔව් පුතේ... හිමන් පුතා එක්ක කතා කරලා හෙටම දිනයක් දාගෙන මේක කරමු... මට බෑ මේ කෙල්ලගෙ ජීවිතේ විනාස වෙනවා බලන්න.... අම්මා තාත්තා නැති වෙච්ච දවසේ ඉදන් මලක් වගෙ පරිස්සමෙන් බලගත්තෙ ඔහොම දෙයක් කරගන්න නෙමෙයිනේ පුතේ..."




නැන්දා කිව්වේ ආපහු ආපහු වැටෙන කදුළු පිහදගෙන....




"ඒකනේ ආන්ටි මාත් මෙච්චර එයාට කිව්වේ.. මන් කියන දේ අහන් නැති තැන තමා මන් මේ ආන්ටිට කිව්වේ..... මන් ගෙදර ගිහින් අම්මි තාත්ති අයියයි එක්ක කතා කරලා කියන්නම් ආන්ටිට කතා කරන්න කියලා...එහෙම උනොත් හෙට උදේම අපි එන්නම්...ආරෝහිට ගෙදර ඉන්න කියන්න .."



නේහා කිව්වේ නැන්දාගෙ අතකිනුත් අල්ලන්...



......................................................................................................................................................................................................

වර්තමානය....🤍



මුකුත්ම නොකියා බිම බලන් හිටපු කෙල්ල කදුළු පිහදන් කාමරේට ගියේ නැන්දා දිග හුස්මක් පහළට දාලා පුටුවෙන් ඉදගද්දි...




කාමරේට ගියපු කෙල්ල බෑග් එකත් ඇද උඩින් තියලා ඔලුවත් අල්ලන් කල්පනා කරේ මොකද්ද කරන්නෙ කියලා හිතාගන්න බැරුව...එහෙම්ම ඇද දිහා බලපු කෙල්ලගෙ ඇහැ ගැටුනේ ෆෝන් එක නිසා ෆෝන් එක අතට ගත්ත කෙල්ල ඉශ්ගෙ නම්බර් එකට කෝල් කරේ වෙන්න යන දේ ගැන කියන්න....




විරාමයක්...🤍



ඊළග දිගහැරුමෙන් නැවත හමුවෙමු 💕



බුදු සරණයි 💖

නේහා 🔥
ඉශ් 🤍


ආරොහි 🤍




Report Page