꙳♡ мr.gυapo ♡꙳

꙳♡ мr.gυapo ♡꙳

පබා ලියනගේ﹏✍
เ ƒεℓℓ ƒσ૨ ყσµ αɳ∂ เ αɱ รƭเℓℓ ƒαℓℓเɳɠ・❥・


(අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්..) 🚫



පෙර කොටස.....🤍

https://telegra.ph/mrgυapo-12-19


දොළොස්වන දිගහැරුම....



කෙල්ලගෙ හුස්ම ඉශ්ගෙ බෙල්ලෙ වදිද්දි ඉශ්ට තමන්වම පාලනේ නැතුව ගියේ මූළු ඇඟේම හිරියක් දුවලා....




"කාශ් හරි....මන් ඔයාට ආදරේයි..."




ඉශ් හිතුවේ කෙල්ල දිහා බලන්...




......................................................................................................................................................................................................


ෆෝටෝ අරන් ඉවර උනාම කෙල්ල ඒ ෆොටෝ අතරින් ෆොටෝ දෙක තුනක් අතට අරන් ඉශ් දිහා බැලුවේ ඒ ටික ගන්නද අහන්න... කෙල්ල අහන්නත් කලින් කෙල්ලගෙ බැල්ම තේරුන නිසා ඉශ් හා කියන්න වගේ ඔලුව වැනුවේ කෙල්ල හිනාවෙලා ෆොටෝ ටික බෑග් එකට දාගද්දි....



පාර්ක් එකේ ළමයින්ට සෙල්ලම් කරන්න තියන පොඩි ප්ලේස් එකක් ගාවට කෙනුල්ව එක්කන් ගිහින් කෙනුල් සෙල්ලම් කරන්න දිහා ඉශ් වගේම කෙල්ල ටිකක් දුරින් ඉදන් බලන් හිටියේ පොඩි බෙන්ච් එකක වාඩි වෙලා...




"කෙනුල් ඔයා එක්ක සතුටින් ඉන්න තරම් එයාගෙ අම්මා එක්කවත් සතුටින් ඉදලා නෑ..."




ඉශ් කිව්වේ හිනාවෙවී සෙල්ලම් කරන කෙනුල් දිහා බලන් ....කෙල්ල ඇස් හරවලා ඉශ් දිහා බැලුවේ ඉශ්ගෙන් එහෙම කතාවක් බලාපොරොත්තු උනේ නැති නිසා .....



"කෙනුල් කොච්චර පොඩි ළමයෙක් උනත් හැමදේම ඉවසුවා...අන්තිමට එයත් තමන්ව කන්ට්‍රොල් කරගත්තෙ කතා කරන එක නවත්තලා...එයා මට ඇරෙද්දි ලං උනානම් කාශ්ටයි චබීටයි විතරයි...ඒත් මන් එක්කවත් එයා ඔයා එක්ක කතා කරන තරම් කතා කරේ නෑ... කෙනුල් මටත් වඩා ඔයාට කැමති.... කෙනුල්ට කරන උදව්වක් විදිහට ඔයාට පුළුවන් වෙලාවට කෙනුල් එක්ක ඉන්නවද...වදයක් නැත්තම් විතරක්..."



ඉශ් ඒ ටිකනම් කිව්වේ කෙල්ල දිහා බලන් .....



"වදයක් නෙමෙයි...මාත් කැමති කෙනුල් එක්ක ඉන්න...කෙනුල්ව දකිද්දි මට මාවමයි මතක් වෙන්නෙ... මන් පුංචි කාලේ දැනුන අඩුව තව ළමයෙක්ට දැනෙනවට මන් කැමති නෑ.... කෙනුල්ට ඕනෙ ආදරෙයි , එයාගෙ අම්මායි තාත්තයි... අම්මා ළඟ නෑනේ එයාට...තාත්තා වෙච්ච ඔයා ළඟ හිටියා කියලා වෙනසකුත් නෑනේ ඉශ් එයාට...ඔයා මේ කොච්චර කාලෙකට පස්සෙද කියන්නකො නිවාඩු දාලා එයා එක්ක මෙහෙම ඇවිදින්න ආවේ...එයාට එයාගෙ අම්මයි තාත්තයි නැති අඩුව මට පුරවන්න බැරි උනාට ඇතිවෙන්න ආදරේ දෙන්න මට පුළුවන්..."



ඉශ් දිහා බලාගෙන කියපු කෙල්ල හිටපු තැනින් නැගිටලා ගියේ කෙනුල් ඉන්න තැනට...ඉශ් මුකුත් නොකියා දිග හුස්මක් පහළට දැම්මේ කෙල්ල කිව්වේ ඇත්ත නිසා...



එදා දවස කෙනුල් හිටියේ ගොඩක් සතුටින්...කෙනුල් එක්ක වගේම ඉශ් එක්කත් ළඟින් ඉන්න පුළුවන් උන නිසා කෙල්ලත් හිටියේ වෙනදට වඩා ගොඩක් සතුටින්....ඉශුත් කෙල්ලව ගෙදරටම ඇරලවලා කෙනුල් එක්ක ගෙදර ගියේ ගොඩක් සතුටින්....


......................................................................................................................................................................................................


මාස හයකට පසු...🤍



දින සති මාස ගෙවිලා ගිහින් මාස හයක්ම ඉක්මනට ගෙවිලා ගියේ ආරෝහිට , ඉශ්ට ,කෙනුල්ට , කාශ්ට ,චබීට එකට ඉන්නෙ නැතුව ඉන්න බැරි තරම් ලං කරලා......



"ආරෝහි ඔයා මගේ රූම් එක අස් කරාද..."




කෙනුල්ට කෑම කව කව හිටපු කෙල්ල හැරිලා බැලුවේ ඉශ්ගෙ කටහඬට...



"ඔව්.....ඇයි..."



ඉශ් මොකක්හරි හොයාගන්න බැරුව අහන්නෙ කියලා තෙරුන නිසා කෙල්ල ඇහුවේ කෙනුල්ට කෑම කවන ගමන් ඉශ් දිහා බලාගෙන...




"මන් ඩොක්‍යුමට් වගයක් තියලා තිබ්බා රෙඩ් කලර් ෆයිල් එකක ඒක කෝ..."



ඉශ් ඇහුවේ ඉනටත් අත්දෙක තියාගෙන කෙල්ල දිහා බලන්...



"කබඩ් එකේ සෙකන්ඩ් ෆ්ලෝ එකේ..."



කෙල්ල කිව්වම ඉශ් ආපහු කාමරේට ගියේ චබී කෙල්ලට කතා කරද්දි...



"ආරෝහි මගේ වයිට් ශූශ් දෙක කෝ..."



චබී ඇහුවේ කෙල්ල කෙනුල්ට කවන්න හදපු බත් කට කෙල්ලගෙ අතින් අල්ලලා හරවලා කන ගමන්...



"ඇයි ඊයේ ඔයා දාන් ගියේ...එළියේ ශූ රැග් එකෙ ඇත්තෙ..."



කෙල්ල කිව්වේ චබී ඔලුවත් කස කස හිනාවෙවී එළියට යද්දි....



"ආරෝහි ඊයේ ඩොක්‍යුමට් වල මොකක්හරි අවුලක් තියනවා....ආපහු අද අපිට ප්ලේස් එකට යන්න වෙයි වගේ..."



කෙල්ල ළගින් ඇවිත් වාඩි වෙන ගමන් කාශ් කිව්වෙ කෙල්ල කෙනුල්ට කවන ගමන් කාශ්ගෙ අතේ තියන ඩොක්‍යුමට් දිහත් උනන්දුවෙන් බලද්දි...



ඉතින් ඔන්න ඔහොම තමයි මෙයාල දැන් ඉන්නෙ.....කෙනුල්ට විතරක් නෙමෙයි දැන් ඉශ්ට කාශ්ට චබීටත් කෙල්ලව ඒන්ජල් කෙනෙක් වගේ.....සේරම දේවල් වලට උදව් කරන්නෙ කෙල්ල... කෙල්ල රෑට විතරයි ගෙදර යන්නෙ...ඒකත් රෑ දහයට එකොලහට.... උදේත් පාන්දර හයේ ඉදන් ඉශ්ගෙ ගෙදර.. ඔෆිස් ගිහින් කෙල්ල කෙලින්ම එන්නෙ ඉශ් එක්ක ඉශ්ගෙ ගෙදරට...ඒ නිසා ඉශ්ගෙ ගෙදර කෙල්ලටත් කාමරයක් තියනවා කෙල්ලගෙ ඇඳුම් එහෙම තියන....ඒ ඇවිල්ලා රෑ වෙනකන් කෙනුල් එක්ක ඉදලා තමා කෙල්ල ගෙදර යන්නෙ...කෙල්ල ගොඩක්ම ඉශ්ගෙ ගෙදර යන්න එන්න පුරුදු උනේ කෙනුල් බලගන්න ඕන නිසා..... දැන් කෙනුල්ව විතරක් නෙමෙයි ඉශ්ව බලාගන්නෙත් කෙල්ල...



ඉශ් කෙලින් කෙල්ලට මුකුත් නොකිව්වත් ඉශ් එක්ක ඉන්න ඉන්න කෙල්ලට තේරුනා කෙල්ල ගැන හැඟීමක් ඉශගෙ හිතේ තියනවා කියලා...



......................................................................................................................................................................................................


ඔෆිස් ගිහින් ඇවිත් හවස් වරුවම කෙල්ල කෙනුල් එක්ක හිටියේ වැස්සෙ තෙමිලා කෙනුල් ටිකක් අසනීපෙන් හිටපු නිසා... කෙනුල් නිදාගත්තට පස්සෙ කෙල්ල කෝෆි එකකුත් හදාගෙන ගාඩ්න් එකට ඇවිත් බෙන්ච් එකක වාඩිවෙලා අහස දිහා බලන් හිටියේ අද අහසේ තරු පැහැදිලිව පේන නිසා...



එක පාරම කෙල්ල ගැස්සිලා බැලුවේ අතේ තිබ්බ කෝෆි මග් එක කවුරුහරි ගත්ත හින්දා....ඒ ඉශ්... කෙල්ල අතින් කෝෆි අරන් බොන ගමන් කෙල්ල ළඟින්ම වාඩි උන ඉශ් අහස දිහා බැලුවේ කෙල්ලත් දිග හුස්මක් පහළට දාලා අහස දිහා බලාගද්දි....



වෙනදට වඩා දැන් ඉශ් කෙල්ලට ගොඩක් ළං වෙනවා...ගොඩක් ආදරණීය විදිහට කතා කරනවා..ඒ නිසා කෙල්ලත් වෙනදට වඩා ඉශ් ළඟ ඉන්නෙ සතුටින්....




"මන් ඉස්සෙල්ලාම රවීශාව දැක්කෙ මේ වගේ ලස්සනට අහසෙ තරු තිබ්බ දවසක..."



ඉශ් කිව්වම කෙල්ල ඉක්මනට ඉශ් දිහා බැලුවේ ඉශ් මොන දේ කෙල්ල එක්ක කිව්වත් එයාගෙ අතීතෙ ගැන කෙල්ල එක්ක මේ වෙනකන් කියලා නැති නිසා....




"එයා හරියට හා පැටියෙක් වගේ... කාගෙවත් දිහා බලන් නෑ බිම බලාගෙන ඉන්නෙ... හයියෙන් සද්දයක් ඇහුනත් ගැස්සෙන තරම් අහිංසකයි.. එදා පාටි එකක් තිබ්බා...ඒකට රවීශත් ඇවිත් හිටියා...එදා තමා මන් ඉස්සෙල්ලාම එයාව දැක්කෙ.....ඒ අහිංසක පෙනුමට ඇත්තටම මන් පිස්සු වැටුනා..... දැන් වගේ නෙමෙ එයා ඉස්සර...ලස්සන අහිංසක පෙනුමක් තිබ්බෙ...මන් එදා ඉදන් එයාව ෆලෝව් කරා...ඉන්න තැන යාළුවෝ ඒ හැම විස්තරයක්ම දැනගෙන තමා එයාගෙන් ඉස්සෙල්ලම ආක්ස්අවුට් කරේ... එයා එක පාරින්ම කැමති උනා..අවුරුදු ගාණක් අපෙ එෆ්ෆෙයර් එකත් තිබ්බා..එයා ගැන තිබ්බ පිස්සුවට එයාවම මැරි කරන්න ඕනේ කියලා අම්මිටයි තාත්තිටයි කරදර කරනවා බැරිම තැන අම්මි එයාගෙ ගෙදරත් එක්ක කතා කරලා අපේ මැරේජ් එකත් ගත්තා....ඊට පස්සෙ මාසයි..මගෙ ජීවිතේ තිබ්බ හැම සතුටක්ම මට නැති වෙලා ගියා..."



ඉශ් අන්තිම ටික කිව්වේ දිග හුස්මක් පහළට දාලා....



"කාශ්, මන් රවීශාව මැරි කරන්න කලින් ඉදන් කිව්වා මට රවීශා ගැන තියෙන්නෙ ආදරයක් නෙමෙයි ඇට්‍රෑක්ශන් එකක් විතරයි කියලා... අපේ එෆ්ෆෙයර් එක තියන දවස් වල කාශ් ලොකුවට මුකුත් නොකිව්වත් අපි මැරි කරන්න හදද්දි කාශ් හැමතිස්සෙම ඕක කිය කිය මාව නවත්තන්නමයි හැදුවේ...දැන් හිතුනෙවා අපරාදේ ඌ කියන දේ අහන්න තිබ්බෙ කියලා....මන් හිතුවක්කාරයි...මට හිතුනෙම මන් රවීශාට ආදරේයි කියලා.....රවීශාව මැරි කරලා මාසෙකට පස්සෙ රවීශා ප්‍රෙග්නට් උනා... ඒක මගෙ අතින් උන දෙයක් නෙමෙයි කියලා මට හොඳටම ශුවර්....මොකද මන් මැරි කරාට පස්සෙවත් රවීශට එහෙම ළං වෙලා තිබ්බෙ නෑ...ඊටපස්සෙ සේරම හොයලා බලද්දි තමයි මන් දැනගත්තෙ රවීශගෙයි මගෙම අයියාගෙයි එෆ්ෆෙයර් එකක් තිබිලා කියලා..."




ඉශ් කිව්වෙ බිම බලාගෙන...කෙල්ලගෙ පුදුම උනේ ඉශ්ට අයියා කෙනෙක් ඉන්නවා කියලා දැනන් හිටියෙ නැති නිසා..



"පස්සෙ මල්ලිගෙ වයිෆ් අයියා අතින් ප්‍රෙග්නට් වෙලා කියලා හැමෝම කියන්න ගත්තම ඒක ඉවසගන්න බැරුවම අයියා සූසයිඩ් කරගත්තා...ඊට පස්සෙ රවීශට කෙනුල් ලැබෙනකන් ඉදලා මායි රවීශයි ඩිවෝස් උනා... කෙනුල්ව මන් ළඟට ගත්තෙ අයියා මන් ළඟ නැති උනත් කෙනුල් ඉන්නවා කියලා හිත හදාගන්න...කෙනුල් මේ කිසිම දෙයක් දන් නෑ... මන් එයාගෙ තාත්තා රවීශා එයාගෙ අම්මා කියලා එයා හිතන් ඉන්නෙ...අදටත් මන් අයියාගෙ මරනෙට වැරදි කාරයෙක් කියලා හිතෙනවා...මන් කිසිම දෙයක් හොයලා බලන් නැතුව දරුවා මගේ කියලා පාඩුවෙ පිළි අරගෙන හිටියනම් අයියට එහෙම දෙයක් වෙන් නෑ එයා අදටත් ඉන්නවා....."



ඉශ්ගෙ හඬ බිදිලා ගිහින්... බිම බලාගෙන ඉශ් කතා කරන්නෙ ඇස්වල පිරිලා තියන කදුළු හංඟගන්න... කෙල්ල දිග හුස්මක් පහළට දාලා ඉශ්ගෙ උරහිසෙන් අත තිබ්බේ ඉශ් විදින වේදනාව කෙල්ලත් විදින නිසා..





"ඒක ඔයාගෙ වැරැද්දක් නෙමේ..."





කෙල්ල කිව්වේ ඉශ්ගෙ උරහිස උඩට පහළට අතගාන ගමන්.....




"කාශ් කියන්නෙ ඇත්ත.... මන් කවදාවත් රවීශට ආදරේ කරේ නෑ....ඒක නිකන් කැමත්තක් විතරයි... මන් එයාව මන් ළඟින් තියාගෙන හිටියා ඇරෙන්න එයා ආස මොනාටද එයාට ඕනේ මොනාද ඒ මොනවත් ගැන මන් හොයලා බැලුවේ නෑ.....රවීශා දැක්ක පළවෙනි වතාවෙම එයා ගැන කැමත්තක් දැනුන නිසා මන් හිතුවේ ඒකට තමයි ආදරේ කියන්නෙ කියලා...ඒත් ඒක එහෙම නෙමෙයි කියලා තේරුනේ ඔයා මගේ ජීවිතේට ආවට පස්සෙ..."




ඉශ්ගෙ අන්තිම වචනට ටිකට කෙල්ලගෙ හිත ගැස්සුනේ ඉශ් කෙල්ලගෙ අතිනුත් අල්ලගත්ත නිසා...





"ආරොහි...ඔයාගෙ කැබ් එක ඇවිත්...."




ඉශ් වගේම ආරෝහිත් ගැස්සිලා බැලුවේ චබීගෙ කටහඩට....කෙල්ල ගෙදර යන්න කැබ් එකකට කෝල් කරපු නිසා කැබ් එක ඇවිත්..ඉශ් දිහා එක පාරක් බලපු කෙල්ල ඉශ්ගෙන් අත අරගෙන යන්න හැදුවත් ඉශ් ආපහු කෙල්ලගෙ අතින් අල්ලගත්තෙ කෙල්ල හැරිලා කෙල්ල දිහා බලද්දි....




"අපි එළියෙදි මීට් වෙලා කතා කරමු...මට ඔයාට කියන්න දෙයක් තියනවා..."



ඉශ් කිව්වේ කෙල්ල දිහා බලන් ...කෙල්ල හා කියන්න වගේ ඔලුව වැනුවේ ඉශ් හිනාවෙලා කෙල්ලගෙ ඔලුව අතගාද්දි ... කෙල්ල ළගට ළං උන ඉශ් කෙල්ලගෙ නළලින් හාද්දක් තියලා කෙල්ලව පපුවට තුරුළු කරගත්තෙ කෙල්ල එක පිට එක ඇස්පිල්ලම් සීයක් විතර ගහද්දි....

ඉශ්ගෙ උණුසුම ටික ටික දැනෙන්න ගත්තම කෙල්ලත් ඉශ්ට තව තවත් තුරුළු උනේ ඈත් වෙන්න තිබ්බ ලෝභ කමට වගේ...

කෙල්ලව තමන්ගෙන් ඈත් කරපු ඉශ් ආයෙත් කෙල්ලගෙ නළලින් හාද්දක් තියලා කෙල්ලගෙ ඇස් දිහාම බලන් හිටියේ කෙල්ලත් ඉශ් දිහාම බලන් ඉද්දි...




"පරිස්සමෙන් යන්න හෙට උදේ කතා කරමු...ගුඩ් නයිට්.."




ඉශ් හිනාවෙලා කිව්වම කෙල්ලත් ගුඩ් නයිට් කියලා හිනාවෙලා යන්න හැරුනේ සතුටින්....




"පරිස්සමෙන් යන්ඩෝ..."




චබීත් හිනාවෙවී කිව්වේ කෙල්ල චබීටත් හිනාවෙලා ගෙදරින් යද්දි....කෙල්ල යන්න ගිහිල්ලත් නිකමට වගේ ආයෙ හැරිලා බැලුවේ හිතට අමුත්තක් දැනුන නිසා...ඉශ් චබී දෙන්නම කෙල්ල දිහා හිනාවෙලා බලන් ඉන්නවා.... කෙල්ල දෙන්නටම හිනාවෙලා ආපහු යන්න හැරුනත් කියාගන්න නොතේරෙන අමුතු හැඟීමක් කෙල්ලට දැනුනේ ඒක දුකක්ද සතුටක්ද කියලත් හිතාගන්න බැරුව....



......................................................................................................................................................................................................



ආරොහි ගෙදර ගිහින් වොශ් දාගෙන ඇදට වෙලා කල්පනා කර කර හිටියේ අද ඉශ් එක්ක ගෙව්න වෙලාව ගැන.. ඉශ් කෙල්ලගෙ නළලින් තිබ්බ හාද්ද මතක් වෙන ගානෙ කෙල්ලගෙ මූණ රතු වෙලා හිනාවක් මූණෙ ඇදුනේ ලැජ්ජාවටත් එක්ක...



"ආහ්..ආහ්..ආහ්...මේ මොකද මේ..."




කෙල්ල ගැස්සිලා බැලුවේ ඇහුන කටහඩට...ඒ නේහා...කෙල්ලගෙ වසවර්ති යාළුවෝ සෙට් එකෙන් කෙල්ලගෙ හොඳම යාළුවා තමා නේහා කියන්නෙ... කෙල්ලගෙ හැමදේම දන්නෙ එයා තමයි...




"මොකො මොකො මේ මූණ රතු කරන් මල් මල් හිනා පාන්නෙ ආ..."



නේහා කිව්වේ කෙල්ල ළඟින් ඇවිත් ඉදගන්න ගමන්...



"අද ඉශ් මන් එක්ක කතා කරා...."



කෙල්ල කිව්වේ නේහා දිහා බලන්..නේහාගෙ මූණෙ තිබ්බ හිනාව සම්පූර්ණ නැති උනා කෙල්ලගෙ කතාවට...




"එකම දේ උබට කී පාරක් කියන්නද ආරෝහි... ඉශ් කියන්නෙ ළමයෙක් ඉන්න තාත්තා කෙනෙක්....උබ ඇයි කියපන්කො මේ ලෝකෙ කොල්ලො නෑ වගේ ඒ මිනිහා පස්සෙ මෙච්චර නැහි නැහී ආදරේ කරන්නෙ..."




නේහට කේන්ති ගියේ ආරොහිට හැමදාම එකම දේ පැහැදිලි කරන්න වෙන නිසා.... ඉශ් කියන්නෙ ළමයෙක් ඉන්න තාත්තා කෙනෙක් කියලා දැනගත්ත දවසෙ ඉදන් නේහා ඉශ්ට පොඩ්ඩක්වත් කැමති නෑ......




"හරි මොනාද දැන් ඌ කිව්වෙ උබට...."



නේහා ඇහුවේ ආරොහි ඇස් උස්සලා නේහා දිහා බලද්දි...




"මුකුත් නෑ...එයා ආදරේ කියන්නෙ මොකද්ද කියලා තෙරුම් ගත්තෙ මන් එයාගෙ ජීවිතේට ආවට පස්සෙ කියලා කිව්වා...."



කෙල්ල නේහ එක්ක කෙනුල් කියන්නෙ ඉශ්ගෙ ළමයෙක් නෙමෙයි කියලා කියන්නත් ගිහින් ඒක නොකිය හිටියෙ ඒක කවුරුත්ම දැනගන්න ඕනෙ නෑ කියලා හිතුන නිසා...




"අහ්...ඌ කපටි බන්...ඕන මිනිහෙක් උබ වගේ කෙල්ලට කැමති...ඒ මදිවට උගෙ ළමයත් උබට කැමති....එහෙම කෙල්ලෙක්ව අල්ලගත්තම ඌට හැමදේම ලේසි වෙනවානෙ බන්...හැමදාම උබට වෙන්නෙ වැඩකාරි වගේ අනුන්ගේ ළමයෙක් බලාගෙන දෙවනි කසාද ගෑනි වෙලා ඌ එක්ක ඉන්න...ඇයි උබ තේරුම් ගන්නෙ නැත්තෙ...ඉශ් උබට ආදරේයි නෑ බන්.....ඌට උබව ළඟ තියාගන්න එක වාසි...ඒකයි ඌ උබට ළං වෙන්නෙ...."




නේහා නොහිතා කිව්වත් කෙල්ලට ඒ කතාවට කේන්ති ගියා...



"ඉශ් එහෙම කෙනෙක් නෙමෙයි නේහා... පව් පිරෙන කතා කියන්න එපා....එයාට මාව ළඟ තියාගන්න එක වාසිනම් එයා ඕක කියන්න මාස හය හතක් ඉදීද...එහෙනම් කෙනුල් මට කැමති කියලා දැනගත්ත දවසෙම මට ඔහොම කියනවනේ..."




ආරොහි කිව්වෙ ඇදෙන් නැගිටලා යන ගමන්...




"උබනම් මහ හෙනම ගොනෙක්...ඕන මඟුලක් කරගනින්....මන් යනවා...හැබැයි උබ මැරි කරපු මිනිහෙක් එක්ක ගිහින් අමාරුවෙ වැටෙන්න කලින් මන් මේ සේරම කොයිවෙලේ හරි ආන්ටි එක්ක කියනවා..."




නේහා කේන්තියෙන් කියාගෙන යන්න ගියේ කෙල්ල මුකුත් නොකියා බලන් ඉද්දි....දිග හුස්මක් පහළට දැම්ම කෙල්ල ගිෆ්ට් වගයක් පැක් කරන්න ගත්තෙ හෙට චබීගෙ උපන්දිනේ නිසා චබීට දෙන්න....




විරාමයක්...🤍



ඊළග දිගහැරුමෙන් නැවත හමුවෙමු 💖



බුදු සරණයි 🌸

කතාව පරක්කු වෙනවට සොරි ළමයි...ඒ වගේම කතාව කියවන අදහස් දක්වන හැමෝටම ගොඩක් ගොඩක් ගොඩක් ස්තූතියි....🤍🌸










Report Page