White Rose

White Rose

Peppermint:)


White Rose


Chapter #16


POV : අභිලාශ්



" අයියා අපි යමු දැන්..අනික ආන්ටිලත් ඉන්නවනෙ.."


චුට්ටා මගෙ ගාවට ඇවිත් එහෙම කියද්දි තමයි මං මේ ලෝකෙට ආවෙ..


මගෙ ලෝකෙම කඩාගෙන වැටිලා වගේ... මොනාද උනේ කියලා මට තේරෙන්න විනාඩි 5කටත් වඩා යන්න ඇති... ඒ තරම් ශොක් එකක් මගෙ අම්මි නැති වුණා කිව්වම පස්සෙ මට දැණිලා තිබුණෙ ම නෑ...අම්මි නැති වෙලා ලබන සතියට හරියට ම අවුරුදු 3ක් වෙන්න එනවා...



" අයියා.."




" ම්ම්හ්හ්..." මං හොස්පිට්ල් එකෙන් ඈත පේන පන්සල දිහාම බලාගෙන කෙදිරිගෑවා..


දකුණු අතේ තියෙන ලිකර් එකේ ටිකක් තියෙද්දි ඒකත් සේරම බීල ඉවර කරලා මං ආයෙම බැලුවෙ iCU එකේ පණ අදින ශෙත්විගෙ දිහා...



" ඕක තියපං ඕයි..."



" දිහේන් මෙතනින් මකබෑවිලා පලයන්..."


චුට්ටගෙ කෑගැහිල්ල එපාවෙලා තිබුණ නිසා මං මහ ඌට කෑගැහුවෙ දරාගැනීමෙ උපරිම මට්ටමේ තියෙද්දී...



" යකෝ උඹ ඔතන උඹ ඒකිගෙ මිනිහ ද... ඒකිගෙ තාත්තා මෙතන ආවොත් දන්නවනෙ වෙන එක...අනික උඹට හවසත් තර්ජනේ කරානෙ තොට මෙතන තවත් හිටියොත් වෙන්නෙ අරකිට ප්‍රශ්නෙ...



බලහන්...අන්න අර නර්ස් ගෑණිත් මේ දිහා බලන් ඉන්නවා"



දිහේන් එහායින් ඉන්න්න වයසක නර්ස් කෙනෙක් පෙන්නල එහෙම කියද්දි මට හිතුණෙ අතේ තියෙන එකෙන් ඒ ගෑනිගෙ මූණට දෙකක් දෙන්න..



" ඉදපුදෙන්..."


" යකෝ අභී තෝ ඔය කරන දේ ගොඩක් වැරදී හොස්පිට්ල් එකක් ඇතුළෙ ඩ්‍රින්ක් ගන්නව කියලා මුන්ට උබ ගැන කම්ප්ලේන් කරන්න උනත් පුළුවන් පොලිසියට..."



" කරපුදෙන්.."



ටික වෙලාවක් මං දිහා බලාගෙන ඉදපු දිහේන් ශෙත්වි දිහාත් බලල කොහේද ගියා..



ඇත්තටම මට දැණුණෙ කියාගන්න බැරි සැනසීමක්...මට අඩන්න ඕන...ඒත් අවාසනාවකට මං පිරිමියෙක්...



වාඩිවෙලා ඉදිය සෝෆා එකෙන් නැගිටලා ICU එකේ දොරගාවට ගිහින් බලන්න තියෙන තරමක් ලොකු සිදුරෙන් මං ඒ සියුමැලි මූන දිහා බැලුවා...




ආයෙම...ආයෙම....හිත පිරෙන හැගීම..


"යකෝ උඹ ඔතන උඹ ඒකිගෙ මිනිහ ද"



මට මතක් උනේ දිහේන කිව්ව දෙ..මිනිහා...නැහෑ...මට ගෑණු පේන්න බෑ... මගෙ අම්මිටවත් මාව ඕන නැති එකේ කොහෙවත් ඉන්න එකියක්ට මාව ඕන ද... මට ඒකි වැඩක් නෑ...ඇත්තටම මට ඉන්න උවමනාවක් නැහැ මෙතන ඒත්...ඒත් ඒ ඇස් දිහා බලද්දි මගෙ හිතට එන හැගීම....



මං කොහොම ද ඒක කියන්නෙ දෙයියනේ...


ආයෙම සුපුරුදු තැනට ඇවිත් වාඩි වෙලා මං බිත්තියට ඔලුව තියාගෙන ඇස් පියාගත්තෙ හිතට ගතට දැණුණ වෙහෙසකර බව නිසා...



"දෙතොල නම් ගොලුයි

මුව කමල මල් සමයි

හිතට නෙතට සුවද ගෙන තියා

නුබ රහසින් ඇවිත් මගේ ලොවම හීනයක් කලා.."


Hospital එක ගාව තියෙන චොකලට් ශොප් එකේ ලාවට වගෙ හෙමීට දාල ' හිනා වෙන්න බැරි තරමට ' song එකේ මලිදු චතුරංගගෙ කටහඩින් ඇහෙන කවර් එකක් දාලා තිබුණා...


" අහස නම් දුරයි

සද නේන බව සැබැයි සදට රැයට තරු වලට හඩා

නුබ නොකියා ගිහින් මගේ පාලු ලොවම බොද කලා......................"



ඒක වෙනම භාවනවක්...තුවාල වෙලා තියෙන හිතක් හදන්න තරම්ම්ම්...



" අයියා.."


එහා පැත්තෙන් චුට්ට මොනාදී කප් එකක් මගෙ ගාවින් තියලා ඌ මෙහා පැත්තෙන් වාඩි වුනා..මං බැකුවෙ මොකද්ද වෙන්නෙ කියලා..


මොකද අන්තිම තත්පරේ වෙනකන් ම ගෙදර යං කිව්ව මිනිහා බඩුත් අරගෙන මං ගාව එහා පැත්තෙන් වාඩිවෙලා ICU එකේ දොර දිහා බලන් ඉන්නවා...



" ඇයි..මොකද බලන්නෙ...හොට් චොකලට්...බීහන්.. දවල් කාලත් නෑනෙ..දැනුත් රෑ 1යි "



චුට්ටා ගැන මට දැණුණෙ කියාගන්න බැරි හැගීමක්...


මං ඌව තදින් බදාගත්තේ හිර වෙලා තියෙන කදුලුත් ඇස් වලට එද්දී....ක්ශනිකයෙන් ඇහිපිය ගහල ආව කදුලු ටික ඇස් වලම හිර කරගෙන මං ඌ ගෙනාව හොට් චොකලට් එක බිව්ව..




" කොහොම ද බං සිටුවේශන් එක"


දිහේන් අත් දෙක බැදගෙන මගෙන් එහෙම අහද්දි මගෙන් සුසුම්ක් හෙලුනා...



" මන්දා...ශෙත්වි ඇස් අරුනකන් මං මෙතන ම ඉන්නවා...මං එච්චරයි දන්නෙ..."



" මේඝව්ට සති දෙකක පන්ති තහනමක් දීලා..."


මේඝව්...!! ගස් බ##ගෙ නම ඇහෙද්දිත් මට දැනෙන්නෙ කාලකන්නියා මරලා හංගන්න...ඒ පා##යා නිසා මගෙ එකීට මෙහෙම උනේ...මං ඕකගෙ රිටර්න් එක එක දෙක කරලා ගන්නෙ...බලන් හිටපං තොට වෙන දේ...



" මං වොශ්රූම් එකට යනවා..."



දිහේන්ට එහෙම කියලා මං ආව වොශ් රූම් එකට...


මූණත් හොදගෙන මිරර් එකෙන් මං බැකුවෙ මගෙ ම මූණ දිහා...


තාමත් සමහර ලේ පැල්ලම් මූණෙ තියෙනවා... මූණ හෝදද්දි මුලු මූණම ඇදුම් කෑවත් ඊට වඩා බයක් මගෙ හිතේ තියෙනවා...



ඒ ශෙත්විට මොනා හරි වෙයිද කියලා...මේ දවස් දෙක තුනට මේකි මට මොන වශියක් කරලද මංදා...



ඒත් එකපාරටම මට මහ අමුත්තක් දැණුන නිසා මං අඩියට දෙක ICU එක පැත්තට ගියා...



ඩොක්ටර්ස්ලා හතර පස් දෙනෙක් එක්ක ශෙත්විගෙ ඩැඩී ICU එකට රිංගද්දි මට පිස්සු නොවැටුණා විතරයි...



ෆෙන්ට් වෙලා ඉදිය ශෙත්විගෙ අම්මි ICU එක ගාව මර් ලතෝනි තියද්දි මං නොමැරුණා විතරයි...




" දිහේන්න්...මොකද්ද යකෝ උනේ මං නැති ඩිංගට..."



මං පැනල දිහේන්ගෙ කොලර් එකෙන් ඇදගෙන ඇහුවෙ මට දැණෙන බය තරහ පාලනේ කරගන්න බැරුව..දිහේන් උනත් හිටියෙ හිදටම බය වෙලා...




" කියප්න් මිනිහෝ...මගෙ එකීට මොකද්ද උනේ.."



" අය්.යියා...අක්කි................................"



_______________

ශෙත්වි මරලා වෙන කෙල්ලෙක් දාන්න ද..කොහොම exam..හරි හීතලයි නේ ලමයී... තව ටික දවසක් යද්දි අපේ පැත්තට හිම වැටෙන සීන් එකක් පේන්න..



කලින් chapter එක කමෙන්ට් කොටපු හැමෝටම ආදරෙයී...react කරපු අයටත් ගොඩක් ආදරෙයි..



අනේ දිග කමෙන්ට් දාගෙන යන්කෝ...ඔයාලගෙ කමෙන්ට් ශෝක්ක්ක්..මට කියවන්න ආස හිතෙනවා...ලස්සන ම කමෙන්ට් එකක් කලින් chapter එකේ දාලා තිබුණ...ආනෙ ඒක ඩිලිට් කරලා ඒ කෙල්ල..හුම්..තරහයී


Previous chapter

Report Page