White Rose
Peppermint:)
White Rose
Chapter #15
ඔව් ඒ ගිනියම්ව රත් පාටට තියෙන ඇස් දෙක තාමත් මගෙ පස්සෙන්මයි...
__________________
මම හිටියෙ ඉස්කෝලෙ පන්තියේ desk එකකට ඔලුව ගහගෙන... ස්ටාෆ් මීටින් එකක් නිසා ගුරුවරු හැමෝම ස්ටාෆ් රූම් එක ඇතුළෙ...
සමහර ලමයි සිංදු කියනවා...
සමහර ලමයි ඕපදූප කියවනවා..
සමහර ලමයි පොතක මූණ ඔබාගෙන ඉන්නවා...
ඒ අතරෙ මං වගේ ලමයෙක් දෙන්නෙ කම්මැලිකමේ ඩෙස්ක් එකට ඔලුව ගහගෙන නිදාගෙන ඉන්නවත් මට පේනවා..
" ශෙතූ යමන්කො කැන්ටීන් එක පැත්තට.."
මනෝ ලෝකෙ හිටිය මං තූර්යාගෙ කටහඩින් යතා ලෝකෙට ආවා...කටේ මොනාද කන ගමන් තවත් කැන්ටීන් එකට යන්න කතා කරනවා...
" ඇත්තටම උබට කෑමෙන් තොර ලෝකයක් නැද්ද බං..??"
පුටුවෙන් නැගිටින්න්න තියෙන කම්මැලිකමටයි ඒ නැගිටලා කැන්ටීන් එක පැත්තට යන්න තියෙන කම්මැලි කමටයි මං තූර්යව වෙන කතාවක් ඔලුවට දාලා ඒ ගමන නවත්තන්න හැදුවත් මේකි මාවත් ඇදගෙන ක්ලාස් එකෙන් එලියට ආවා..
" මල වදයක් තූර්යා ඔයා නම්.."
" එහෙම තමයී...
මේහ්...ඇයි ඊයෙ ආවෙ නැත්තෙ උබ...මං අහන්න හිටියත් අර රෝහණකාරය උගන්නනව ඉවරයක් නෑනෙ..."
මං තූර්යා දිහාම බලන් ඉදල කැන්ටීන් එක පැත්තට යන්න ආවා..
" ඇයි අද ලමයි මෙච්චර සද්දේ...වෙනදා ස්ටාෆ් මීටින් එකක් වෙලාවට මෙහෙම නෙවේනෙ..."
" හුම්ම්...මේඝව් අද උදේ කොහෙද ගියානෙ...ඒකයි ඔය කෑගහන්නෙ...එයා හිටිය නම් ඔහොම වෙන්නෙ නෑනෙ.."
මං අත්දෙකත් බැදගෙන වෙන පැත්තකට ඔකුව හරවගෙන ආවා...
" ඒක නෙවෙයී...මං අද අභිලාශ්ව දැක්කෙ නෑනෙ..."
අභිලාශ්...මට මතක් වුණේ ඊයෙ දැක්ක ඒ රත් පැහැ වුණ හීනි ඇස් දෙක...
" හ්ම්ම්ම්..."
" මේ උබට ඌ කැමති වගේ ලයින් එකක් තේරෙන්නෙ නැද්ද බං..??"
එකපාරටම තූර්යා කිව්ව දේ එක්ක මං ගොඩක් කලබල උනා...
අභිලාශ්....මට..එහෙම ලොකුවට තේරුනෙ නෑ..ඒත් සමහර දේවල් නිසා මට එහෙම් නොතේරුනාමත් නෙවෙයී....ඒත් මෙහම කන් දෙකටම එහෙම අහද්දි හරි වෙනස් නුහුරු අත්දැකීමක් මට දැණුනා...ඒ වගෙම කලබලයක්,බියක්,නොසන්සුන්කමක් මගෙ හිතේ නොතිබුණා ම නෙවෙයී..
" ඒහ්....අන්න අරුන් ගහගන්නවා..."
එක පාරටම කොල්ලෙක් කැන්ටීන් එකෙන් පිටවෙලා මහ හයියෙන් කෑගගහ කියන ගමන් main hall එක පැත්තට දිව්වා..
අමුතු කාලක්න්නි බයක් මගෙ හිතට දැනෙද්දි මගෙ හිත කෑගහන්න ගත්තෙ අභිලාශ්ට මොනා හරි කරදරයක් වෙන්න ඇති කියලා...
ඇතිවුණ නොසන්සුන්කමට ම මං තූර්යාගෙ අත අල්ල ගන්න ගමන් ඒ මූණ දිහා බලද්දි ඒයත් මගෙ දිහා බය වෙල බලන් ඉද්දි එයාට කියවුණෙ,
" අශේන්.." කියලා..
ඒ එක්කම තූර්යා මාවත් අතෑරලා කැන්ටීන් එක පැත්තට දිව්වෙ මං ගල් ගැහිලා වගේ එතන ඉද්දී...
ප්රිෆෙක්ට්ල කීප දෙනෙක් කොහෙන්දෝ ඉදගෙන දුවගෙන කැන්ටීන් එක පැත්තට ගියා වෙද්දි මං මේ වෙන දේවල් බලාගෙන හිටියෙ මට එක අඩියක්වත් තියා ගන්න ප්ණ නැති වෙද්දී...
එහෙන් ම මං වොශ් රූම් එක පැත්තට දිව්වා..එයාට කරදරයක් ද ශෙතූ...නෑ නෑ...එහෙම වෙන්නෙ නෑ...මෙහෙම මරා ගන්නෙ අභිලාශ්ලා විතර ද....ඒත් ඒ ඒදෙන්න වෙන්නත් පුළුවන්නෙ...
එහෙමම මං දෙපාරක් නොහිතා කැන්ටීන් එක පැත්තට දිව්වා...ත්ත්වෙ ගොඩක් උත්සන්න වෙලා වෙලා කියලා මට කවුරුවත් කියන්න ඕන උනේ නෑ...මුලු කැන්ටීන් එකම අපායක් වගේ...
කෑම ඔතන්න ගෙනත් තිබුණ සුදු පාට පත්තර, මේස උඩ තිබුණ සෝස් බෝතල්, සමහර පුටු මේසවල කකුල් නෑ...
මං යනවත් එක්ක ම දැක්කෙ අශේන්ව පැත්තකට අදින තූර්යා...ඇත්තටම එතන කෙල්ලොන්ට කියලා හිටියෙ මමයි තූර්යායි විතරයි.. ඉතුරු සේරම කොල්ලො වෙද්දි ඒකෙන් බාගයක් මරගද්දි සමහරු මේ දේ නවත්තන්න ගොඩක් උත්සහ කරනවා මට පෙනුනා...
ඒ එක්ක ම තමයි මං දැක්කෙ මං වෙන්න එපා කියලා කිව්ව එක වෙනවා...දෙයියනේ අභී..එයා...තනිකරම රස්තියාදුකාරයෙක් වගේ.... ඊයෙටත් වඩා ඒ ඇස් තරහකින් පිරිලා තියෙනවා මට පෙනුණා...ඒ හීනි කලු ඇස් දෙක බිම වැටිලා ඉන්න මේඝව් දිහා යොමු වෙලා තිබුණා...
පැලිලා තියෙන තොල් අගිස්සෙ බේරුන ලේ අතින් පිහිදාන ගමන් ටිකවෙලාවක් මේඝව් දිහා බලන් ඉදපු එයා ආයෙම කැන්ටීන් එකෙන් පිටත් වෙන්න ආවත්,
එක පාරටම මේඝව් එයගෙ පැත්තකින් තිබුණ කොකාකෝල වීදුරු බෝතලේ අභිලාශ්ගෙ පැත්තට ආවත් එක පාරටම එයා පල්ලෙහාට නැවුණා නිසා වීදුරු බෝතලෙ එයාට වැදුණෙ නැති වුණත් ඒ විදුරු බෝතලෙ මගෙ දිහාට ආව බව මට අන්තිමට වෙනකන් මතක තිබුණා...
___________
මං ශෙත්විව මරනෝ...😐😶කලින් chapter එකට comment කරපු හැමෝටම thank you මගෙ ලමයී...