White Rose

White Rose



White Rose

Chapter 1- https://telegra.ph/White-Rose-09-16


Chapter #02


දෙයියනේ ලේ පෙරාගෙන ඉන්න කොල්ලෙක්... මගෙ කකුල් ඉස්සරහම...


මුලු පන්තියම මගෙ දිහායි ඒ කොල්ලා දිහායි මාරුවෙන් මාරුවට බලාගෙන ඉද්දි මට කරගන්න දෙයක් නැති උනා...ඒත් හිතට ආපු එක සිතුවිල්ලකට මං බෑග් එක එක ටේබල් එකකට වීසි කරලා අර කොල්ලා ගාවට ගියේ මේ කොල්ල මෙතන ම මැරෙයි කියලා දැණුන බියට... දැනටමත් ගොඩක් බ්ලීඩ් වෙලා..



" දෙයියනේ ඇයි ඔයාලා බලාගෙන ඉන්නෙ..?? මේ කොල්ලට ඇයි ඔයාලා උදව් කරන්නෙ නැත්තෙ...


හේයි ඇස් අරින්න... "මං කම්මුලට හෙමින් හෙමින් තට්ටු කරන ගමන් එහෙම කිව්ව...


ඒත් එක්කම මගෙ ඇස් ගියේ බිත්තියේ එල්ලල තියෙන ෆස්ට් එයිඩ් බොක්ස් එක ගාවට... ඒකෙ ඇතුළෙ තියෙන සේරම මෙඩිසින් අරගෙන මං ආයෙම අර කොල්ල ගාවට ගියා...



ඒත් එක්කෙනෙක් වත් මගෙ උදව්වට ආවෙ නෑ... ඇත්තටම මට ඒ වෙලාවෙ කල්පනා වුණේ අම්මලා මාව මේ මොනවගේ ඉස්කෝලෙකට දාලද කියලා...ළමයෙක් මැරුණත් බලන්නෙ නැති ඉස්කෝලයක්.. අඩුම එක ගුරුවරයෙක් වත් මෙතනට ආවෙ නෑ....අඩුම ප්‍රින්සිපල් සර්වත්..



සිරින්ජර් එකකට සේලයින් ටිකක් අරගත්ත මං ඒ කොල්ලව බිත්තියට හේත්තු කරලා වාඩි කරේ මගෙ වැඩේ තවත් ලේසි වෙන්න...


එහෙම්ම පොඩ්ඩ පොඩ්ඩ ඇහි බැමට උඩින් තියෙන තුවාලෙට පොඩ්ඩ පොඩ්ඩ සේලයින් දාන ගමන් පුළුන් කෑල්ලකින් පිහිදැම්මා...



" ආහ්හ්.." මේ කොල්ලට රිදෙනව ඇති... ඔව්...පොඩි තුවාලයක් උනත් තරමක් දුරට විශාලයි ඒ තුවාලෙ...


" ශ්ශ්.... ඒක පොඩියි...බය වෙන්නෙපා මං හෙමින් බෙහෙත් දාන්නම්.."


" හේයි...අයිස් කැටයක් ගෙනවද... මෙයාගෙ ඔලුවෙ පැත්තක තැල්මක් වෙලා... "



මං බෙහෙත් දාන ගමන් ම එහෙම කිව්වත් ඒයාලා ඇහුනෙ නෑ වගේ බලාගෙන හිටියෙ මං.බෙහෙත් දාන දිහා...


එයාලා හිතනව ඇති මං මෙහෙම බෙහෙත් දාන්නෙ කොහොමද කියලා වෙන්න ඇති...තාත්තා ඩොක්ටර් කෙනෙක් උන හැම ළමයෙක් ම යම්තාක් දුරකට හරි මනුස්සයෙක්ගෙ තුවාලකට බෙහෙත් කරන හැටි දන්නවා... ඒක ඒ හැටි දෙයක් නෙවෙයි කියලා මට කියන්න හිතුණත් මං කරේ මගෙ වැඩේ ඉවර කරපු එක...



සර්ජිකල් පොඩ්ඩක් දාල තුවාලෙ හෝදද්දි නම් මේ කොල්ලා මං කවදාවත් ම අහපු නැති කුනුහර්ප තොගයක් කිව්වෙ මං බය වෙල එයාගෙ දිහා බලද්දී...



පව්...ඇස් වල කදුළු පුරවන්...ඒත් විසබීජ අයින් කරන්න වෙන මොනා කරන්න ද මං... පස්සෙ බෙතාඩින් දාල ගෝස් එකකට ඒක තියලා ප්ලාස්ටර් එකකින් වැහුව...




හ්ම්ම්ම්ම්ම්ම්.... ඔව්..එයා ඉක්මනට ම සනීප වෙයි..මං මගෙ හිතට කියා ගත්තා...


" අනේ ප්ලීස් අයිස් තියෙන තැනකින් පොඩ්ඩක් ගේන්නකෝ.... නැත්තං මට කියන්න..මං ගිහින් ගේන්නම්.."



කිසිම කෙනෙක් පිළිතුරක් දුන්නෙ නෑ... වෙන කරන්න ම දෙයක් නැති නිසා මං මගෙ බෑග් එකේ තිබුණ ඕඩිකොලොන් බෝතලේ අරගෙන ආවත් එක පාරටම ඒ බෝතලේ උඩින් ගියේ මං හිතුවෙ නැති විදිහට....



ඒත් එක්කම මං තල්ලු වෙලා ගියේ ඩෙස්ක් එකක් ගාවට වගේම මට ඇහුණා මගෙ ඕඩිකොලොන් බොතලේ කුඩු වෙනව...



" උඹ...උඹ.. අලුතින් මේ ඉස්කෝලෙට ඇවිත් අපේ දේවල් වලට ඇගිලි ගහන්න හදනවද..."


ඒ..ඒ අර කොල්ලා... ප්‍රිෆෙක්ට් කෙනෙක් කියලා කියන්න පුළුවන් උස මහත කඩවසම් කොල්ලෙක්...ඒත් මහ රස්තියාදු පාටයි...මූණෙ ඉදල ම...



මගෙ ඇස් වලට කදුළු පිරුණා... මට කවුරුවට් කවදාවත් මෙහෙම කතා කරලා නෑ... අඩුම අම්මවත් තාත්තාවත්...ඉතිං කදුළු බිංදු එකින් එක පහළට වැටෙන්න ගත්ත්‍ර්‍ර් මටත් නොදැනීමයි...



මං කරේ එයාට බෙහෙත් දැම්ම එකනේ..



" හැම එකටම ටැප් අරින්න තියාගන්...."



" මේඝ ඕක නවත්තපන්න්න්.. ඒකි මට බෙහෙත් කරා විතරයි බල්ලෝ...අනික තෝ ලොකු නෑ මිනිහෝ.... උබයි උබේ යාලුවටයි පරිස්සමින් ඉන්න කියාපන්....උබලට එකට දෙක කරලා දෙන්නෙ..."



"ඔව්..ඔව්...තාත්තගෙ බලෙන් නටන පුතාල නෙ උබලා....ඉතිං කරපන්...තොගෙ අප්පටයි තොටයි බය වෙන්නෙ නෑ බල්ලෝ... තෝ වැරදී මෙතන...යශේන් ඒකයි තොට ගැහුවේ..වැරැද්ද පිලිගනින්..."



"හහ්...වැරැද්ද.... මට කලින් යශේන්ගෙ නංගිගෙන් අහපන් කවුද කියලා.."


එහෙම්ම අර කොල්ලා අමාරුවෙන් ඔලුවත් අල්ලගෙන් පන්තියෙන් එළියට ගියේ මං දිහාවත් බලන්නෙ නැතුව...


ඒත් එක්කම මං ගාව ඉදපු ප්‍රිෆෙක්ට්තුත් ගියේ ඩෙස්ක් එකකට පයින් ගහන ගමන්මයි...


" ආ යූ ඔකේ...??" ඒ එක්ක ම කවුදෝ කෙල්ලෙක් ඇවිත් මට අත දුන්නෙ මාව නැගිට්ට්වන්න හිතාගෙන...



ඒත් මට තරහයි හැමෝම එක්ක ම...මෙ මුලු පන්තියේ හැමෝම එක්ක ම... ඇයි එයාලට මට උදව් කරන්න බැරි උනේ...එතකොට අර කොල්ලා ඇයි මං එයාට උදව් කරාට බැන්නේ... අර කෙල්ලගෙ අතත් ගසලා දාලා මං මගෙ බෑග් එකට් අරගෙන ආවෙ ක්ලාස් රූම් එකෙන් එළියට...


කොහේ යන්නද කියලා හිතාගන්න බැරුව ඉද්දි මං දැක්කෙ අපි පහු කරගෙන ආව ගාර්ඩ්න් එක..



එහෙම්ම හෙමින් හෙමින් මං එතනට ගියේ වෙන කරන්න දෙයක් නැති කමට... එතන තිබුණ බෙන්ච් එකකින් වාඩි වුණ මම කල්පනා කරන්න ගත්තේ අද උන දේවල්... දැනටමත් වෙලාව 10 වගේ වෙන්න ඇති... තව විනාඩි තිහකින් මෙතන ලමයින්ගෙන් පිරෙයි...



ඒ එක්කම මට මහ ඔලුව කැක්කුමක් ආවෙ ස්ට්‍රෙස් එක නිසා ම වෙන්න ඇති.... ඕඩිකොලොන් බෝතලේ ගන්න බැග් එක අරිද්දි තමයි මතක් උනේ ඒක බිදුණා නේද කියලා...



ඉවසන්න ම බැරි නිසා මගෙ අතින් ම මං ඔලුව මසාජ් කරගත්තා...ඒ එක්ක ම.මට මතක් උනේ අර කොල්ලා මං ඔලුව මසාජ් කරද්දි ම්ම්ං දිහා බලන් ඉදපු විදිහ.. ඒ ඇස් දිලිසුණා...මොකද්දෝ කියන්න බැරි අසරණකමක් ඒ මූණෙ තිබුණා වගේ මට දැණුනත් ඒ ගැන මං වැඩි අවධාණයක් ගත්තේ නෑ...



"සිරිස්.........සිරිස්..."


කොල කැලි හෙලවෙන සද්දයක් මට පිටිපස්සෙන් අහුණ නිසා මං බැලුවෙ මොකද්ද කියලා...ගර්ඩ්න් එක පුරාම ඇස් යැව්වත් මට දකින්න ලැබුණෙ ඈතට වෙන්න විහිදිලා තියෙන වයිට් රෝස මල් යායයි ඊට මෙහා පැත්තෙන් ගිනි බෝලයක් වගේ තියෙන ඉර දිහා බලන් ඉන්න සූරියකාන්ත මල් යායයි ලස්සන පුංචි පුංචි වටේට හදලා තියෙන වතුර මලක් මැද තියෙන පොන්ඩ් එකකුයි ලස්සන ලස්සන රූස්ස ගස් ගොඩකුයි විතරයි...



එතන ඉදලා කිසිම වැඩක් නැති නිසා ම මං පන්තියට යන්න ආවා...ඒත් පන්තිය ගාවට ම යද්දි ඇහුන උගන්නන හඩ නිසා පන්තිය ඇතුළට යනවද නැද්ද කියලා හිතන්න මට වුණා... එකිනෙකට වෙනස් පරස්පර හැගුම් ගොඩක් මැද්දකින් ඉදපු මම තීරණේ ගත්තෙ ක්ලස් රූම් එකට යනවා කියල...


පන්තියට අඩිය තියද්දි ම මගෙ හිත කිව්ව විදිහට ම ඒක වුණා...


" ඔය ළමයා දැන් ද පන්තියට එන්නෙ ආ...බලන්න විනාඩි 10ක් ම පරක්කුයි...කොහෙ කියලද හිතාගෙන ඉන්නෙ..."


මිස් කෑගහගෙන ම යද්දි කවුරු හරි කෙනෙකෙ කෑගහා,


" මිස් ඔය කෙල්ල.අද ආවෙ ඉස්කෝලෙට... ඇවිත් නියම අඩව්ව ඇල්ලුවෙ..."



දෙයියනේ මොනද මේ කියන්නෙ... මට දැණුන විදිහට ඒ කටහඩ පුරුදුයි... ලාවට ඇගිලි වලින් ඉස්සිලා මං බැලුවෙ කවුද කියල...



ඔව්..මං හිතුව එක හරී...අර ප්‍රිෆෙක්ට්..ඒ කොල්ල අරම කියලා කව්දෝ කොල්ලෙක් එක්ක හිනා වෙවී පහක් ගැහුවා... පෙණුනෙ හැටියට ඒ කොල්ල අර ප්‍රිෆෙක්ට් කලින් ඇදන් ගිය කොල්ලා...



" ආ....එහෙමද මේඝව්... එනව එනවා...පලවෙනි දවස නිසා මං මේක කම්ප්ලේන් කරන්නෙ නෑ සර්ට... ගිහින් අර දෙන්න ගාවින් ඉදගන්නව...ඒක තමයි දෙන දඩුවම..."


මං බැලුවෙ මැඩම් පෙන්නුව තැන..දෙයියනේ ඒ වටේටම පිරිමි ළමයිනෙ ඉන්නේ....මට බෑ එතෙන්ට යන්න.... ඒ මදිවට ඒ.දෙපැත්තෙ ඉන්න දෙන්නා...



එක්කෙනෙක් මං බෙහෙත් කරපු කොල්ලා...අනිත් පැත්තෙන් මේඝව්... දෙයියනේ මං මොන වගේ පන්තියකට ද මේ වැටුණේ...


" යනවා....යනවා.... මොනාද තවත් බලන්නෙ..."


ඇස් දේ කදුකුත් පුරවගෙන මං මට ඉදගන්න කිව්ව තැනට ආව... මගෙ දිහා සමාව අයදින වගේම අනුකම්පා ලෙස බලන් ඉන්න ඇස් දෙකක් මං දැක්කෙ ඒ එක්කමයි...



ඔව්..ඒ අර කොල්ල..මං බෙහෙත් කරපු... එයා ඉන්නෙ මගෙ දකුණු අත පැත්තෙන් වෙද්දි මේඝව් වගේ ම යශේන් කියන කොල්ල එයාගෙ එහාපැත්තෙන්...


ඒ.දෙන්නා මහ අමුතු කාලකණ්නි සතුටකින් මං දිහා බලාගෙන හිටුයෙ හරියට එයාල මගෙන් පලි ගත්තා වගේ...



ඇඩෙන්න ආවත් මං ඒක පුළුවන් තරම් නතර කරගෙන හිත හයිය කරන් වාඩි වුනා...මගෙ ජීවිතේ මතක ඇති කාලෙකට මෙහම දෙයක් වෙලාම නෑ...



ඔව්..කවදාවත් ම...


ටික වෙලාවකින් මැඩම් එයාගෙ පොත් ටිකයි ෆයිල්ස් ටිකකුයි අරගෙන ඔෆිස් එකට ගියා...


මං බැලුවෙ නැගිටලා වෙන තැනකට යන්න උනත් මාව නැවතුණේ මේඝව් කටහඩ නිසා..


" ඔයී...නැවතියන්. උඹට යන්න කිව්වෙ කවුද ආහ්..."


දෙයියනෙ ඒ වචන... මනුස්සයෙක්ට පුළුවන් ද එහෙම කතා කරන්න...


මගේ ඇස් නොදැනුවත්ව ම ගියේ අර කොල්ලා ගාවට...මං දන්නෙ නෑ තාම එයාගෙ නමවත්...ඒත්..



එයා මං දිහාම බලාගෙන ඉන්නව...



" වාව්ව්..වාව්ව්...වාව්ව්...නයිස් ශොට්..."


ඒ එක්කම අපේ එහා පැත්තෙන් ඇහුණේ ෆොටෝ එකක හඩක්..දෙයයනේ මේඝව්ගෙ යාලුව අපි දෙන්න බලගෙන ඉන්නවා ෆොටෝ එකක් අරගෙන...


ඒත් ඉස්කෝලෙට ෆෝන් ගේන්න...???



" නියමයි මචං..."



" මේඝව් ඕක උබලයි පපාට ගිහින් දීහම්ම්.." ඒ එක්ක ම මහ හයියෙන් හිනාවෙවී ෆොටෝ එක මේඝව්ට දුන්නා...



" උබට මම...................."


_____________________


සිරාවටම ගෙස්ට් කරන්න බැරිද බං..


Report Page