White Rose🤍

White Rose🤍

Guest it

White Rose 🤍✨️


Chapter #01


Register code : 1897


' වන් ටූ ත්‍රී බම්බල් බී...ත්‍රී ටූ වන් බබ්බල් බී...වන් ටූ ත්‍රී බම්බල් බී... ත්‍රී ටූ වන් බම්බල් බී...


ඔව්...මං කැමති නෑ...මේක නොර්මල් දෙයක්... ආදරයක්ක්ක්ක්...?? පිස්සු...නෑ නෑ...එහෙම වෙන්නෙ නෑ..'



ආයෙම බොරුවක්..ඔව් හිතට ආයෙම බොරුවක්... ඒත්.... 



නෑ නෑ...එත් නෙවෙයි මං කැමති නෑ... ඒකා මහ වල් සතෙක්ක්ක්...!! ඔව්ව්...තනිකරම වල් සතෙක්..!!



" හෙට ස්කූල් ක්ලාස්.."


මං ඉදපු මනෝ ලෝකෙන් එලියට ආවෙ අම්මගේ වචන දෙක නිසා...



හ්ම්ම්ම්.... පුරුදු විදිහටම ආයෙම ජීව විද්‍යාව ලෝකෙක විශය කරුණු අතර අනාගතය සෙවීමක්ක්..!!



වෙලාව රෑ 11 පහු වුණ නිසා මං හිතුවෙ නිදාගන්න යන්න...ඒත්....ඒත් ආයෙම...



" 11 -B ක්ලාස් එකට මේ ළමයව එක්කගෙන යන්න..."


වයිස් ප්‍රින්සිපල් සර්ගෙ හඩ නිසා කවුදෝ මිස් කෙනෙක් මාව ගොඩනැගිලි කීපයක් පහු කරලා ලස්සන ගාර්ඩ්න් එකක් අතරින් මාව එක්කන් ගියේ මහා කාලගෝට්ටියක් තියෙන ක්ලාස් රූම් එකක් ගාවට...



ඒත් එක්ක ම මිස් මාව එතනින් තියලා ගියා...



මගෙ මූණෙ තිබුණ කණ්නාඩියත් හරියට හදාගෙන එක අතකින් බෑග් එකේ පටියත් අල්ලන් අනෙක් අතින් ටයි එකේ කොනක් අල්ලගෙන බිම මං බිම බලාගෙන උන්නෙ කරන්න දෙයක් නැති නිසාමයි...



ඒත් එක්ක ම එක ලමයෙක්ගෙ කෑ ගැහීමකින් පන්තිය ඉදපු සියලු දෙනාම කෑගැහිල්ල නතර කරලා මගෙ මූණ දිහා බලන් හිටියා...



ඔව්..හැමෝම...විනිවිද පෙනෙන විදිහට... ඒ හැගීම ඔයාලට තේරෙන්නෙ ඔයාලත් එතන හිටිය නම් විතරයී...



නොදැණුවත්ව ම මගෙ ඇස් වලට කදුලු ඉනුවෙ කවුරුවත් ම මං ගාව නොහිටින්න නිසා...



ඒත් එක්ක ම මගේ ඇහැ ගියේ මුළු මූණෙ ම දාඩිය දාගෙන තොලේ එක අගිස්සකින් ලේ පෙරාගෙන ඉන්න ලමයෙක් දැකලා...ඒත් එක්ක ම මගේ ඇඩිල්ල වැඩි වුණේ මං මේ මොන මරාලයකට පාත් වුණේ කියලා හිතන ගමන්මයි..



" මොකද්ද මෙ වෙන්නේ..ආහ්හ්හ්... කව්ද මේ ඩෙස් පුටු වීසි කරලා මරාගන්නේ..."


මගේ පිටිපස්සෙන් ආව අත් දිග ශර්ට් එකකට කෝට් එකක් දාගත්ත මට වඩා වයසින් වැඩිමල් පිරිමි ලමයෙක් ඇවිත් මහ හඩින් කෑගැහුවෙ මං අඩ අඩාම එයාගෙ දිහා බලද්දී...



ඒ එක්ක ම ඒ ඇස් මගෙ දිහා බැලුවේ මහ අමුතු බැල්මක් මගෙ දිහා බලල...



" උඹ මොකද ටැප් එක ඇරගෙන මෙතන... මල්ලකුත් එල්ලගෙන... 



යශේන්න්න්න්.... උඹ උබ ආයෙම පටන් ගත්තද... වරෙන් තෝව මං තියන්නෙ නෑ..."



ඒ එක්ක ම අර මං ගාව ඉදපු කොල්ලා ලේ පෙරාගෙන ඉන්න කොල්ලව ඇදගෙන ගියේ හිතන්නවත් බැරි තත්පරේකින්...



පන්තියට යන්න පුලුවන් කියන හැගීමක් මූණට ආවත් ආයෙම මං ඉස්සර්හට තිබ්බ අඩිය මං පස්සට ගත්තෙ මං දැකපු දේ නිසා



______________


ම්ම්ම්.... අලුත් කතාවක්... ඕතර් නේම් එක කියන්නෙ නෑ...ගෙස්ට් කරල කියාගෙන යමු බලන්න... 



කමෙන්ට්ස් තිබුණොත් ඊගාව එක දෙන්නම්... හැමදාම දෙන්න බැරි වෙයී...


Report Page