White Rose
Peppermint:)
White Rose
Chapter #32
• • • • •
" මොකද්ද යකෝ උඹලා මගෙ පුතාට කරේ..."
දැනටමත් හය හත් දෙනෙක් මරලා සාලෙ මැද ගොඩගහලා අට වෙනි ගාඩ්න්ගෙ ඔලුවට පිස්ටල් එක තියගෙන ඉන්න සාගර ඇමති ඉන්නෙ කවදාවත් නැති විදිහට වියරු වැටිලා...
" සර්....සර්.....අපි කර....................."
ඒ එක්ක ම අට වෙනි මිනියෙ පපුව මැදින් ලේ විදිද්දි එක පාරට ම ගාඩ්න් එකට වාහනයක් ඇතුළු කළේ සාගර නොසිතූ විදිහට....
ඉදිකටුවක් වැටුණත් ඇසෙන පරිදි තියෙන සාගරගෙ මන්දිරේ ඇතුළට එන තරුණයා දෙස සාගර ඇමති බලාගෙන හිටියෙ පුදුමෙන්...
• • • • •
හදිසි ප්‍රතිකාර ඒකකය අසළ තිබුණෙ ඉතාමත් කලබලකාරී තත්වයකි...
මව්වරුන් දෙදෙනෙක්....
ජීවිත දෙකක් බේරගන්නා ඒ කාමරය අසළ ඔවුන් දෙදෙනාගෙ හිතවතුන් හඩාවැලපෙන්නේ නොසිතූ විදිහට සිදු වූ මෙම අනතුර නිසා ය...
එක් වරම හදිසි ප්‍රතිකාර ඒකකයෙන් ඉදිරියට පැමිණෙන වෛද්‍යවරයා දකිත් ම සියලු දෙනා නැගිට ඔහු අසලට ගියේ ධනාත්මක අදහසුන් වුවත් එයුන් කිසිදු හරිහැටි අදහසක් නොවූ හෙයුන් නැවතත් ඔවුන්ගේ අසුන කරා ගියේ බලාපොරොත්තු කඩ වූ ලෙසිනි....
රෝහලට පිටතින් අර්ථයක් නොදන්නා වූ එම කාගේත් සිත් පැහැරගත් හින්දි ගීතය වැසි බරිත පරිසරයේ තිබුණ සීතලත්වය පරයා ගොස් රෝහලේ සිටින් වුන්ගේ හදවත ගිනි තබයි...
Jise zindagi dhoondh rahi hai
Kya ye woh makaam mera hai
Yahaan chain se bas ruk jaaun
Kyun dil ye mujhe kehta hai
Jazbaat naye se mile hain
Jaane kya asar ye huaa hai
Ik aas mili phir mujhko
Jo qubool kisi ne kiya hai
Haan..
Kisi shaayar ki ghazal
Jo de rooh ko sukoon ke pal
Koi mujhko yun mila hai
Jaise banjaare ko ghar
Main mausam ki sehar
Yaa sard mein dopahar
Koi mujhko yun mila hai
Jaise banjare ko ghar
Hmm...
Jaise koi kinaara
Deta ho sahaara
Mujhe wo mila kisi mod par
Koi raat ka taara
Karta ho ujaala
Waise hi roshan kare woh shehar
Dard mere woh bhula hi gayaa
Kuch aisa asar huaa
Jeena mujhe woh phir se woh sikha raha
Hmm.. Jaise baarish kar de tar
Yaa marham dard par
Koi mujhko yun mila hai
Jaise banjare ko ghar
Main mausam ki sehar
Yaa sard mein dopahar
Koi mujhko yun mila hai
Jaise banjaare ko ghar
Muskaata yeh chehra
Deta hai jo pehraa
Jaane chhupata kya dil ka samandar
Auron ko toh hardam saaya deta hai
Woh dhoop mein hai khada khud magar
Chot lagi hai usey phir kyun
Mehsoos mujhe ho raha hai
Dil tu bata de kya hai iraada tera
Main parinda besabar
Tha uda jo darbadar
Koi mujhko yun mila hai
Jaise banjarey ko ghar
Main mausam ki sehar
Yaa sard mein dopahar
Koi mujhko yun mila hai
Jaise banjarey ko ghar
Koi mujhko yun mila hai
Jaise banjare ko ghar
Jaise banjare ko ghar..
Jaise banjare ko ghar...
Jaise banjare ko ghar....
කඩා හැලෙන මෝසම් වර්ශාවද නොතකා එක්වර ම පහළින් ඇසුණ පොලිස් සයිලන්සර් නාදයෙන් පළාතෙහිම වූ නිස්කලංක බව පරදා එම නාදය ජයගත්ත ද එම හඩින් හදිසි ප්‍රතිකාර ඒකකයෙහි වූ තත්වය නොවෙනස් වුණි...
සියල්ලන්ගේම සිත් අතර දෙදෙනෙක්ගෙ මතකයන් හොල්මන් වන බව හැගීම් විරහිත එම මුහුණුවලින් දැකිය හැක...
එක් වරම විවෘතව තිබූ විවරයෙන් හදිසි ප්‍රතිකාර ඒකකයට පැමිණියේ කවුරුවත් නොසිතූ පුද්ගලයෙකි...
කිසිවක් ම නොකියා ඔහුගේ පියවර ප්‍රතිකාර ඒකකයේ විවරයට දෙසට ගොස් එහි රෝගියා බැලිමට තිබෙන කවුලුවෙන් අභිලාශ් දෙස විනාඩි කීපයක් බලන් සිටියේ ය... වම් ඇස් අගින් වැගිරෙන කදුළු බිංදුවක් ඔහුගේ කම්මුලට පතිත වූ අතර ඔහුගේ සිතට මතක් වූයේ මීට පැය කීපෙකට කලින් නිවසට පැමිණි ඒ පුද්ගලයා අතර වූ කතා බහට ය...
පැය කීපෙකට පෙර....
මින් පෙර කිසිම දිනක නිවසට නොපැමිනි ඔහු දෙස සාගර ඔහු දෙස බලාසිටියේ හැගීම් විරහිත ප්‍රශ්නාර්ථ මුසු බැල්මකිනි.....
" දැන්වත් ඔය තිරිසන් වැඩ නතර කරනවා..."
දෙඅත් එක්කරගෙන ඔහු දෙසට වැදගෙන ම තරුණයා පැවසූවෙ බිදුණු ස්වරයකිනි...පසුව ඔහු නැවත ඔහුගේ වාහනේට යන්නට ගියද නැවතත් තරුණයාගෙ පිටුපසින් ඇසුණු වෙඩි පහරකින් තවත් එක් අයෙකු මිය ගිය බව දැනගත් තරුණයා අඩියට දෙකට ගොස් සාගරගේ කොරලයෙන් අල්ලා සෝෆාවට අතෑරියේ මෘගයෙකු ලෙසිනි..
" උබට එක සැරයක් කිව්වනේ.....උබ හොයන එකා මං මැරුව යකෝ...ඔව්...ජීවිතේට මිනියක් මරලා නැති මේ අත් දෙකෙන් මගෙ අයියව මරන්න හදපු හැතිකරේම සුන්නද්දූලි කරා....උබට ඒකනෙ කරන්න ඕන වුණේ උඹෙ අතින්....හහ්හ්....බය වෙන්නෙපා....ඌ ක්ලෝස්... හැබැයි දැන්වත් මගෙ අයියට ඉන්න දීපන්.... උබලා උබලා නොදන්නව වුණාට ඌ හිටියෙම....ආශ්ශ්...උබලට කියලා වැඩක් නෑ........ උබලා මාව මගෙ අම්මගෙන් ඒ වගේ ම මගෙ අයියගෙන් වෙන් කර එකට මං පලිගත්තෙ උගෙන්....ඒත් දැන් මට තේරෙනවා උගෙ හිත.....මං තාම පසුතැවෙනවා ඌ එක්ක ඉන්න බැරි වුණ එකට...
මේ.සෙරටම වග කියන්න ඕන උඹ.. උඹ මගෙ තාත්තා නෙවෙයී... උබ වගේ තිරිසනෙක් කොහෙත්ම අපේ තාත්තා වෙන්නෙ නෑ....එක අතකින් අර මනුස්සයො දෙන්නා පව්.... මං ඒගොල්ලොන්ටත් නොසෑහෙන්න දුක් දුන්නා..... මේ සෙරම උබ නිසා...උඹ මගෙ අම්මව බැන්ද නිසා....එහෙම වුණේ නැත්තං අම්මා මගෙ තාත්තා එක්ක සතුටින් ඉන්න තිබුණා...
දැන් වත් ඔය කරන #ර වැඩ නවත්තහන්.... මගෙ අයියව බලාගනින්... උබල ඌට කන්න බොන්න දුන්නට ඌට ඕන තරන් හිතෙන හිතෙන ව්ව්ලාවට සල්ලි දුන්නට උබලට එක දෙයක් දෙන්න බැරි වුණා....
හහ්....බලනවා ඇති නේ මොනාද අඩු වුණේ කියලා....
යකෝ ආදරේ...... ආදරේ.... උඹලාගෙ මේ අසික්කිත වැඩ නිසා මගෙ අයියා දුක් වින්දේ.... උඹ දන්නව ද මගෙ අයියව මැරන්න හැදුවෙ කවුද කියලා..... ආහ්....
එකට ඉදගෙන උබටම කුඩු දෙන උබේ මහ ලොකු මැරයා යකෝ.... චික්..... උන් නිසා ඌ පොඩි කාලෙම කුඩු ගහන්න ගත්තා... පස්සෙ පස්සෙ ඌ එකටම addict වුණා.... උබලා ඕවා දන්නෙ නෑනෙ.... ඔව්...උඹලට ඕන උණේ සල්ලියි බලයයි ප්‍රසිද්ධියනෙ නේද...."
මේඝව් ගිරිය කඩාගෙන සාලෙ මැද කෑගහන විදිය සාගර ඇමති බලාගෙන ඉදියෙ ගොඩක් ඉවසිලිමත්ව.... ඒ වගේ ම සමහර දේවල් එයාවත් දන්නෙ නැති දේවල්... එරික්...තමන්ගෙ හොදම යාලුවා... හොදම යාලුවා වුණේ හැබැයි සාගරට විතරයි... මොකද මුළු ලංකාවට ම කුඩු බෙදන ඔහු වගේ කෙනෙක්ගෙන් කුරා කූඹියෙකුටවත් යහපතක් වෙයි කියලා හිතන්න බැ....
" දැන්වත් ඌට සැනසීමෙ ඉන්න දීහන්......"
ඒ එක්ක ම මේඝව්ගෙ දුරකථනයට ඇමතුමක් පැණිණියේ සියල්ලන්ගෙම අවධානය යොමුවෙද්දී...
" මොකක්.........."
කිසිවෙකුට කිසිවක් සිතා ගත නොහැක...ඇති වූ පුදුමය කේන්තිය පසාරු කරගෙන පැමිණි දුකෙන් ඔහුගෙ අතින් සිය දුරකථනය ඇතෑරුණි.......
වර්ථමානයට.........
" ඇමතිතුමා අභිලාශ් නැතිවුණා...."
සිය ගතම අප්‍රාණික වෙද්දි සාගර ඇමති කවුළුවෙන් පෙනෙන තම පුත්ණුවන්ගෙ නිසල දේහය වෙත සිය ඇස් යොමු කොට ඇත්තෙ හැගීම් විරහිත ස්වභාවයකි..
" ශෙත්විට කොහොම ද...?? "
අරමුණකින් තොරව එසේ විමසුවද ඔහු අසල සිටින ඩොක්ටර් මිගාරගෙ හිස පහතට යොමු වූයෙ පැවසීමට ධනාත්මක පිළිතුරක් නොමැති බැවිනි...
" සර්... එයාගෙ හාර්ට් එකට ගොඩක් ඩැමේජ් වෙලා තිබුණා....
" ඉතින්..??"
" සර් ගෑණු ළමයව බේරගන්න ඕන් නම් එයාට හදවතක් ලබා දෙන්න් ඕන...එහෙම නැත්තං.............."
වෛද්‍යවරයා සිය හිස පහත්කරගෙන ම සිටියෙ ඔහුගෙ සිතෙහි ඇති වූ මරණ බියෙනි... මුලු රටම කතා වන මෙම ඇමතිතුමගේ කේන්තිය අවුස්සවා ප්‍රසිද්ධ ජන මාධ්‍ය ඉදිරියේ ම මැරුම් කන්නට ඔහුගෙ අදහසක් නොතිබුණි...
නමුත්....................
කොරිඩෝවට පැමිණි එක් පුද්ගලයෙක් නිසා ඔවුන්ගෙ සංවාදය ඔහු වෙත හැරුණි...
දින කිහිපයකට පසු,
එක්වරම ද්වාරයෙන් ඉවතට පැමිණියෙ වෛද්‍යවරයෙකි....
" පේශන්ට සිහිය ආවා....සර්ජරි එක සක්සස්.. "
සියළුම දෙවියන් අයදමින් සිටි ශිරාණිගෙ සිය දෑස් වලින් කදුළු ඉවතට පැමිණියේ ය..
" ඒත්.............."
වෛද්‍යවරයා තවත් යමක් පවස්සන්නට වෑයම් කළ බැවින් සියලුම දෙනාගේම දෑස් ඔහු වෙත යාවුණෙ කුමක් හෝ අනතුරක සේයාවක් ඔවුන්ට ඉවෙන් මෙන් දැණුන නිසා ය..
"පේශන්ට හදවත දුන්න කෙනා මිය ගියා..."
සියලුම දෙනා ඒ පුවත දෙස බලාසිටියේ විස්මයකිනි...
" ඒ කිව්වෙ ඩොක්ටර්...??"
" ඇයි ඔයාල දන්නෙ නැද්ද... පේශන්ට හදවතක් බද්ද කලා කියලා...?"
" දන්නවා...ඒත් අපි දැනගෙන ඉදියෙ නෑ ඒ කවුද කියලා..."
ශෙත්විගෙ පියා එසේ විමසුවෙ කවුරුන් වුවත් ඔහුට හෝ ඇයට ජාති ජාතිත් පින් ලැබේවායි ප්‍රාර්ථනා කරම්ණි...
" පොඩ්ඩක් ඉන්න... නර්ස් අර ෆයිල් එක ගේන්න.."
වෛද්‍යවරයාගෙ අතට ලැබුණෙ කළු පැහැති කවරයක් ඇති කිසියම් ෆයිල් කිහිපයකි..ඒ සමගම කුඩා කොල කැබැල්ලක් ශෙත්විගෙ පියා අතට දී ඔහු හදිසි ප්‍රතිකාර ඒකකයෙන් ඉවතට පැමිණියේ ය...
" දෙයියනේ......!!!!!!"
" කවුද පියල් ඒ...? "
" මේ..මේඝව්...!!! "
සියල්ලන් අතරම තිබුණෙ දිග නිහැඩියාවකි..
__
කාලෙකින්න්න්...;)
Writing style ටිකක් වෙනස් ඇතී...ගනන් ගන්නෙපා.... Author POV එකක් වගෙ දුන්නේ... personal blog එකේ අයට සිංදුව අහන්න පුළුවන්... මං comment section එකේ දාන්නම්...
අදහසක් කියාගෙන යන්න....
Ending එකෙන් හමුවෙමූ...♥️