White Rose

White Rose

Peppermint:)


White Rose


Chapter #31


" අභිලාශ්...ඔයා මාව දාල ගියොත් හොදයි...එහෙම නැති වුණොත්............"



" ඇයි එහෙම නැති උනොත් උඹ මොකද්ද කරන්නෙ...."


මැණික්කටුව හරියෙන් අත්දෙක ම අල්ලගෙන එයා මගෙ දිහා බලාගෙන ඇහුවෙ ගිනිපිට වෙන ඇස් වලින්...


ඒ දිහා බලාගෙන ඉන්න බැරි නිසා ම මං තූර්යා දිහා බැලුවෙ අසරණව...



එයාටත් මොනවත් කරගන්න බැරුව අසරණව මං දිහා බලන් හිටියෙ දත්මිටි කමින්...


මොකද මීට විනාඩි කීපෙකට කලින් අභිලාශ් හේතුවක් නැතුව මේඝව්ටයි තූර්යාටයි යශේන්ටයි හොදට ම බැන්න එකෙන් තූර්යා හිටියෙ යක්ශාරූඪ වෙලා...



සමහර විට මං මෙහෙම හරි පණපිටින් යහතින් ඉන්න එක ගැන මං ගොඩක් සතුටු වුණා..



මොකද මීට දවසකට කලින් අභිලාශ්ටයි ගාඩ්ස්ලටත් හොරෙන් පැනලා නුවර ආවෙ නිහාරි ආන්ටිගෙ ඩයරිය නිසාමයි....නුවර එද්දි මට හිතුණෙ ම ඒ ඩයරිය නිසා ම මට මැරුම් කන්න වෙයිද කියල...ඒත් මරණ බියට වඩා මට කුතුහලේ ලොකු වුණා....ඔව්....ඒක නිසයි මං අභිලාශ්ට නිදිපෙති දුන්නෙත්.....



" මිසිස් සේනක...මං හිතනවා ඔයා මාව වැරදියට හිතන්නෙ නැත්තං මෙයාව මට අරන් යන්න දෙයි කියලා...."


අභිලාශ් මාව නිහාරි ආන්ටිට පෙන්නන ගමන් එයා ගාඩ් කෙනෙක්ට කතා කළා....


මට තවත් ඒ කුණුගොඩට යන්න ඕන නෑ...මං අසරණව නිහාරි ආන්ටි දිහ බැලුවෙ අඩන්න වගේ....ඒත් එයා මොකුත් නොකියා අභිලාශ් දිහා බලන් ඉදියේ දගල.දගල.ඉදිය මං තරහට ම අභිලාශ්ගෙ කකුල පාගද්දී....



" මොකද....අසහනේද.." 


ගහගන්න වගේ අහද්දි ම තිබුණ ගට්ස් සේරම නැතිවෙලා මං අඩන්න ගත්තෙ තිබුණ බය නිසා ම නෙවෙයි....ඇත්තටම ඒක උපක්‍රමයක්...!!



මට හිතුණා ඇඩුවොත් මට ගැළවෙන්න පුළුවන් වෙයී කියලා...




ඒත්.....



ඒත් මං වැරදියී...!!!



විනාඩියක් දෙකක් මං දිහා බලන් හිටිය අභිලාශ් මාව තෙමි තෙමි ජීප් එකට අරන් ගිහින් වහලා ලොක් කළා....



වැස්සට තෙමුණ ඇදුම් ටික ඇගටම ඇලිලා තියෙද්දි මං ශටර් එකෙන් එළිය බලාගෙන අඩන්න ගත්තෙ ආයෙම මට ගැලවීමක් නැති වෙයිද කියල හිතන ගමන්... 



ඩො එක ඕපන් කරන්න හැදුවට ඒවත් ලොක් වෙලා තියෙද්දි මං ඉස්සරහ තියෙන පැසෙන්ජර් ශීට් එකට කකුලෙන් ගහගෙන ගියේ මගෙ තරහ දුක පාලනේ කරගන්න එක්ක...



" මැඩම් සර් දැක්කො.........."



" ඇයි ඌ මාව මරන්න ද..."


වාහනේ.ඉස්සරහ හිටිය කලු ඇදගත්ත ඩ්‍රයිවර් අභිලාශ් ගැන කියන්න ගද්දි ම මං ඒ මිනිහට කෑගැහුවෙ අභිලාශ්ගෙ තරහ පිට කරගන්න එක්ක... 



ඊට පස්සෙ ඒ මිනිහා මොකුත් කියන්නෙ නැතුව ඉස්සරහ බලාගත්තෙ මට මොකුත් කියලා තේරුමක් නෑ කියලා හිතාගෙන වෙන්න ඇති....



" එරික්....ඔයා අනිත් අය එක්ක එන්න...මං ඩ්‍රයිව් කරන්නම්..."


අභිලාශ් කුඩේකුත් අරගෙන ඇවිත් ඉස්සරහ ඉන්න මිනිහට එහෙම කිව්වෙ මං දිහා බලාගෙන ම..



" ඇයී..."


තාමත් ඒ ගිනිපිටවෙන ඇස් එහෙමමයි...තරහට ම ඒ අතේ මස් පිඩු වල නහර ඉලිප්පිලා තියෙද්දි මං එහා පැත්ත බලාගත්තෙ ගස්සගෙන....



" උඹ අරූට ඔහොම ගැස්සුවට පැද්දුවට මට ඕව තියාගෙන එන්නෙපා....එච්චරයි උඹට කියන්නෙ..."



මගෙ කට දෙපැත්ත එක අතකින් තද කරන ගමන් අභිලාශ් කිව්වෙ රවාගෙනමයි...



තිබුණ තරහට ම මං එයාව තල්ලු කරා...




ඒත් මට තව ටිකක් හිතන්න තිබුණා...කූඹියෙක් අලියෙක්ව තල්ලු කරන්න ඊට වඩා හොද ක්‍රමයක් ගැන...



මං ඇස් කොනින් දැක්කා එයා නක්කලේට හිනා වෙනවා....මං තව තව ආවේස වෙද්දි ගහගන්න බැරි කමට මගෙ ඇස් වලට කදුළු ඉනුවා....



ඉස්සරහ හිටිය ඩ්‍රයිවර් බැහැල යද්දි අභිලාශ් ජීප් එකේ ඩ්‍රයිවර් ශීට් එකට ගියා....



" තමුසෙට බුලත් දෙන්න ඕන ද මෙතෙන්ට එන්න කියන්න..."



පැසෙන්ජර් ශීට් එක පෙන්නන ගමන් අභිලාශ් අහද්දි මං ඔරෝගෙන ම වෙන පැත්තක් බලාගෙන හිටියෙ " මැරුවත් එතෙන්ට යන්නෙ ම නැ "කියලා තනියම කියාගන්න ගමන්....



__________________________



අභිලාශ් ගාව මං හිතන දේවල් අනිත් පැත්තට වෙන්නෙ මගෙ පවකට ද අභිලාශ්ගෙ පිනකට ද කියල මට තේරුණේ නෑ...කොහොම උනත් මට පැසෙන්ජර් ශීට් එකට එන්න වුණා....



" තමුසෙ ලොකු වීරකමක් කරා කියල හිතන් ඉන්නව ඇත්තෙ නේ..."


වාහනේ ඩ්‍රයිව් කරන ගමන් ඉස්සරහ බලන් ම කතා කරන අභිලාශ් දිහා මං වැරදිලාවත් බලන්නෙ නැතුව ගොලුවෙක් වගෙ මගෙ පාඩුවෙ හිටියා....



කොහොම එහෙම වෙන්නෙ..අම්මා...ප්‍රින්සිපල් සර්..නිහාරි ආන්ටි....



හිතල හිතල ම මට පිස්සු වගේ...වැස්සට තෙමුණ නිසා සීතලට මං ශීට් එකේ අස්සට ම ගිහින් ගුලි වුණා.... ඒ එක්ක ම විසදගන්න බැරි දාහක් ප්‍රශ්න ගොඩක් අස්සෙ කල්පනා කර කර ම නින්ද ගියේ මටත් නොදැනිමයි...



එක පාරටම හීනයක් දැක්ක මං " මේඝ " කියාගෙම කැගහගෙන ම නැගිට්ටෙ හයියෙන් හුස්ම ගන්න ගමන්...



තාමත් වාහනේ ඩ්‍රයිව් කරන ගමන් තියෙද්දි මං හෙමීට අභිලාශ් දිහා බැලුවෙ මං කෑගහපු එක ඇහුණ ද කියලා හිතන ගමන්...



නැහැ..තත්වෙ සාමාන්‍යයි...



හෙමීට ඇහෙන flute ටෝන් එකට කන් දීගෙන ඉද්දි ම ඇහැ පියවෙද්දි ම මං දැක්කෙ ඉස්සරහින් ආව බස් එක අපේ වාහනේ වැදුණා විතරයී....!!!!





__________________________________



" දෙන්නට ම.සිහිය නෑ......"





" අභිලාශ්....නැගිටපන්න්න්..."





" කෙල්ල මැරිල ද බං...""





" පුතා.....නැගිටින්න......."






" කවුද අයිසෙ ඕක කරේ..."





" ශෙත්වී...ප්ලීස් නැගිටින්න...."



______________________


හ්ම්ම්ම්ම්...කිසිත් නොකියමි....


ඔයාලගෙ comment අඩුයි...ඒ වගේ ම reaction... මං හිතුවා ඉක්මනට ම මේක ඉවර කරන්න...අදින්න හැදුවෙ ටික ටික....ඒත් ඔයාලගෙ කිසිම active එකක් නෑනෙ

Report Page