Vintage letter
BrOwN sOuL 🤎✨Chapter #06

Chapter #05
වැස්ස ..
ආදරණීය හැගීම් ගොන්නක උල්පතක් වගේම
අමාරුවෙන් වළදාපු අදුරු අතීතයක් ආයේ ආයෙම මතක් කරල දෙන අපූරු මායාවක්
මේ ළමයා ඊයේ හවස වැස්සට අහුවෙලාද ඒ කියන්නේ ..
ඉස්කෝලේ යනගමන් දෙන්න කියලා අම්මා අතේ යවපු නිසදැස් අතරේ තිවුණ පොඩිම පොඩි කොටසකින් මගෙ ඊයේ හවස්වරුවම තීරණේ කරලා ඉවරයි එයා ..
වචනයක් නෑරම හරි පරිස්සමට කියවන ගමන් උන්නු මට ඊයේ අහපු ප්‍රශ්නෙට අද උත්තරක් හම්බ වුණා
තණකොළ ගොන්නක් උඩ නිදාගෙන තරු බලන එක
ඒකත් මරු ඉතින් .. ඒත් දැන්නම් මට මේ ළමයගේ කෝපි පාට ලියුම් කියවන එක තරම් ආසවක් කිසිම දේකට නෑ..
මේ ළමයා
එයා හැමවෙලේම මට එහෙම කතා කරද්දි මන් ඕනෑවටත් වඩා ඒ වචනවලට ආස කලා
පරණ කොළ කෑලිවලට මෙච්චර ආදරේ කරන ..
ලස්සන තද කලු අකුරින් කෝපි පාට ලියුම් ලියන්න වෙලාව හොයන ..
හැමදාම වගේ පොඩි කැලෑ මල් පොකුරක් මන් වෙනුවෙන් වේළලා අරන් තියාගන්න ..
එයා ඇත්තටම තේරුන් ගන්න අමාරු ලස්සනම ලස්සන හදවතක් තියෙන මායාකාර පිරිමි ළමෙක්
වෙලාවකට මට එයා ගැන පුදුමත් හිතෙනවා ..
ඇත්තටම එහෙම මිනිස්සු ඉන්න පුලුවන්ද මේ ලෝකේ
මන් මගෙන්ම අහන ගමන් කියෝ කියෝ ඉදිය ලියුම පැත්තකින් තිබ්බා
.......
"අකේෂී ... ඔය බෑග් ටික මෙහෙට ගේන්න"
මාසෙකට විතර හරියන්න බඩු පුරෝලා තිබ්බ බෑග් එකත් උස්සන් මන් කාර් එක ගාවට යද්දි අම්මා ඉණට අත් දෙක තියන් බලන් ඉන්නවා
"මෙච්චර ඇදුම් .. දවස් තුන හතරකට යන්නේ ළමයෝ "
"අම්මා කිව්වේ කැමති නම් ටික දවසක් මට එහෙ ඉන්න කියලා "
එයා කියන දේ ගානකට නොගෙන මන් බෑග් එක කාර් එකට දාග ගමන් කියද්දි
" අම්මව තනියම ගෙදර දාලා එහෙ ඉන්න පුලුවන්ද "
ඒ ප්‍රශ්නෙට දෙන්න උත්තරක් මන් ගාව නොවෙද්දි මන් ආයෙත් ගේ ඇතුළට ගියේ ඉතුරු බඩු ටික අරන් එන්න
.........
" මෙච්චර දුර අම්මට තනියම ඩ්‍රයිව් කරන්න පුලුවන්ද "
මගේ හිතේ තිබ්බ ලොකුම ප්‍රශ්නේ ඒක වෙද්දි අන්තිමට ඒක වචවනවලට පෙරළන්න මට පුළුවන් වුණා
" හිමීට යමු .. හදිස්සියක් නෑනේ අපිට .. හැන්දෑ වෙන්න කලින් ගියා නම් ඇතිනේ "
අතේ තිවුණ මෆින් එකෙන් කෑල්ලක් කටේ ඔබාගන්න ගමන් මන් ඔලුව වැනුවා
උස උස බිල්ඩින් , බලන බලන පැත්තේ තියෙන ලොකු ලොකු වහන වගේම මුහුදු හුළගත් දාලා අපි ටික ටික ඈතට යද්දි එන්න එන්නම වැඩි වෙන කොළ පාට ගස් දිහා මන් හරි ආසාවෙන් බලන් උන්නේ
ඇයි අපිට දිගටම අත්තම්මලාගේ ගෙදර ඉන්න බැරි .. ඇයි අම්මා මාව එහෙ එක්කන් යන්නෙ නැත්තේ
චූටි කාලේ ඉදන් මන් උත්තර හොයන ප්‍රශ්නයක් ඒක
" අම්මට එහෙ ඉස්කෝලෙකට ට්‍රාන්සර් එකක් හදාගන්න පුලුවන් උනොත් අපිට දිගට අත්තම්මලාගේ දිහා ඉන්න බැරිද "
මන් අහද්දි වෙනදා වගේම එයාගේ සැනැල්ලු මූණට මහ බැරෑරුම් පෙනුමක් ආරූඪ වුණා
" බැහැ "
" ඇයි ඒ "
" මන් හැමදාම කියනවා අකේෂී .. එහෙ ඔයා ඔය හිතන තරන් සුන්දර නෑ .. ඔයා හුරු වෙලා ඉන්නේ මෙහෙ ජීවිතේට .. දවසක් දෙකක් එහෙ ගිහින් ඉද්දි ඔයාට වෙනසක් සැහැල්ලුවක් දැනුනට දිගටම එහෙ ඉන්න වුණාම ඔයාටම එපා වෙයි "
" ඉතින් ගිහිල්ලා එන්නවත් අපි එහෙ යන්නෙ නෑනේ "
" ඒවට හේතු තියෙනවා .. ආයේ ඔය ගැන කතා නොකරට කමක් නෑ "
අම්මා ටිකක් තදට කියද්දි මන් ශටර් එකෙ එළිය බලාගත්තේ අම්මා දිගින් දිගටම කතා කරද්දි
" කවුද ඔයාට මේ දවස්වල ඔච්චරටම ලියුම් එවන ළමයා "
"ලයිබ්‍රි එකෙන් හම්බ වුණ අලුත් යාලුවෙක්"
" කලින් ඔයාට දවස් පතා ලියුම් එවන යාලුවෝ හිටියේ නෑනේ .. සතියට සැරයක් මාසෙට සැරයක් ලියුමක් ආවොත් මිසක් "
" අලුතින් හමබ් වුණ යාලුවෙක් ඉතින් "
................
" අකේෂි .. නැගිටින්න දරුවෝ "
අම්මාගේ සද්දෙට මන් ඇස් අරිද්දි වාහනේ නතර කරලා තිවුණේ අත්තම්මලාගේ ගෙදර ඉස්සරහ
ඒක තට්ටු දෙකක චූටි ගෙයක් වෙද්දි
උඩ තට්ටුවේ තිවුණ බැල්කනි එකේ ඉදන් මුළු වහලෙම මල් වලින් පිරිච්ච වැලකින් වැහිලා තිවුණා
" අනේ මගේ දරුවෝ .. "
එළියට එද්දිම මාව දැක්ක අත්තම්මා මාව බාදගෙන ඔලුව අතගානවා
" මගෙ කෙල්ල ලොකු වෙලා හොදටෝම "
ඇස්වල පිරිලා තිවුණ කදුලු මගෙන් හංගන ගමන් එයා කියනවා
...............

.............
🥹🤎✨
https://t.me/brown_Soul_personal_blog
BrOwN sOuL 🤎✨