Vintage Letters

Vintage Letters

BrOwN sOuL 🤎✨

Chapter #05

"Love's melody, written in the language of the heart: vintage love letters." 🤎✨



Chapter #04


" අත්තම්මලාගේ ගෙදර යන්න කලින් පොත් දෙක මාරු කරගන්නත් ඕනෙ නේ අම්මා .. වැඩි වෙලා ඉන්නේ නෑ මන් ඉක්මනට එනවා "


" මේ හවස් වෙලා .. අනික වහින්නත් වගේ .. "


" ඉක්මනට එන්නම් අනේ .. "


...........



ටිකින් ටික වැඩි වෙන හුළගත් එක්ක සෙල්ලම් කරන කොණ්ඩ කෑලී හදන ගමන් මන් තනි අතින් ෆුට් සයිකල් එක පදින ගමන් උන්නේ


ලයිබ්‍රි එකේ ගේට් එක ගාවින් ෆුට් සයිකල් එක නවත්තලා මන් වෙනදා වගේම රොබෝසියා ගස් මැදින් වැටුණ පුංචි පාර දිගේ ඇවිදන් යනවා ..


වෙනදා මුළු පාරම වහගෙන උන්නු රොබෝසියා මල් අද පරවෙලා .. අතුගාලා තැන් තැන්වල ගොඩවල් ගහලා තිවුණා


එක එක විදිහේ පොත් ගොන්නකින් පිරිච්ච ලයිබ්‍රි එකෙන් පොත් දෙකක් විතරක් තෝරගන්න එක ..

මට කරන්න අමාරුම දේවල්වලින් එකක් ..


ඒකටම විනාඩි ගාණක් ගෙවලා දාපු මන් මයාකාර වචනවලින් පිරිච්ච නිසදැසක් කියනවන ගමන් උන්නේ


" අද ගෙදර යන්න අදහසක් නැද්ද දරුවෝ ... අපි මේක වහන්නත් ඕනේ නේ "

ලයිබ්‍රි එකේ මැඩම් හිනා වෙලා කියද්දි මන් ඉක්මනට පොත් දෙක මාරු කරගත්තේ වටපිටාව ටිකෙක් ටික කලුවර වැටෙද්දි


...............


මුලු අහසම කළු වලාකුළකින් වැහිලා යද්දි වැහි බිංදු එකින් එක වැටෙන්න පටන් ගත්තා ..

හුළග ඕනෑවටත් වඩා සීතල වෙද්දි සැරෙන් සැරේ මගෙ මූණට වැටෙන හිරි පොද ඒක දෙගුණ තෙගුණ කරන ගමන් ඉදියේ


වැහි පොද වැටෙන වේගේ ටිකින් ටික වැඩි වෙනවා වෙනකොට මං ෆුට් සයිකල් එකෙන් බැහැලා පාර අයිනේ තිබුණ පොඩි පෙට්ටි කඩයක් අස්සට ගියේ සම්පූර්ණයෙන්ම මාව තෙමලා දාන වැස්සෙන් බේරෙන්න ..


මිනිස්සු එක්කෙනා දෙන්නා ටිකෙන් ටික වැඩි වෙන වැස්සෙන් බේරෙන්න පාර අයිනේ තිවුණ පෙට්ටි කඩ වගේම අහස උසට හදලා තිවුණ ලොකු ලොකු බිල්ඩින්වල හෙවණ පතද්දි ..


මන් දැක්කේ එලියේ වෙන කිසිම දෙයක් ගැන සිහියක් නැතිව කැෆේ එකක් ඇතුළට වෙලා කෝපි බොන කුරුලු ජෝඩුවක් ..


කැෆේ එකේ ..

පාර පැත්තට වෙන්න තිවුණ ග්ලාස් එක ලග වාඩි වෙලා ඉන්න ඒ දෙන්නව ..

කැෆේ එක ඇතුළ සම්පූර්ණයෙන්ම එළිය කරන කහ පාට එළියත් එක්ක ..

පුංචි පුංචි වැහි බිංදුවලින් පිරිලා තිවුණ ග්ලාස් එකෙන් ඕනෑවටත් වඩා ආදරණීය විදිහට පේද්දි වැස්ස ඉවරවෙනකන්ම මන් ඒ දෙන්න දිහා බලන් උන්නා


..........


" බලන්න දරුවෝ හොදටම තෙමිලා .. හිතුවක්කාරකම් කරලා අත්තම්මලාගේ දිහා යන්න බැරි වෙන්න ලෙඩ වෙනවකෝ " එද්දිම අම්මා මාව ඒ විදිහට පිළිගද්දි


මන් උන්නේ වැහි බිංදු පිරිච්ච ග්ලාස් එකෙන් දැක්ක ඒ රූප දෙක අමතක කරන්න බැරිව


" කෝ .. ඉක්මනට ගිහින් නාලා ඔය ඇදුම් මාරු කරගන්න " අම්මා කියද්දිම මන් උඩට දුවන් ආවේ එන්න එන්නම දැනෙන සීතල මට දරාගන්න බැරි වෙද්දි


............


කෙස් අග ඉදන් සැරෙන් සැරේ රූටලා උරහිසට වැටෙන වතුර බිංදු පිහදලා තාමත් තෙත බේරෙන කැරලි කොණ්ඩේ මන් පිටිපස්සට කරලා බැදගත්තේ අම්මා දැක්කොත් බැනුම් අහන්න වෙනවා කියලා දැගගෙනමයි


තිබුණ පොඩි බඩගින්න නිසාම ..

පාන් පෙත්තක බටර් ගානගමන් බැල්කනි එකට වෙලා මන් බලන් උන්නේ සැරෙන් සැරේ වෙනස් වෙන අහස දිහා


දැන් ටිකකට කලින් මහ හඩින් අකුණු ගහහා වැස්ස අහසම දැන් ඒ මුකුත් නොදන්න ගාණට ඉන්න ලස්සන ..


අහස් ...

වැඩිය අහන්න ලැබෙන්නෙ නැති අමුතු නමක් වෙනකොට මට මතක් වුණේ හරි ලස්සනට අකුරු අමුණපු ලියුම්වලින් මගෙ හදවතට කතා කරන ඒ මායාකාරයව ..


ඇත්තටම එයා හරි අමුතු කෙනෙක් ..

හම්බ වෙන්න ආසාවෙන මග බලන් උන්නු මං කියවන පොත්වල ඉන්නවා වගේ මායාකාර පිරිම ළමෙක් ..



................



ගමක් කියන්නේ ඒක ඇත්තම ගමක් අහස් ..
අර චූටි කාලේ අපි බලන මූවීස්වල තියෙනවා වගේ ..
මහෙ වගේ නෙමේ එහෙ මිනිස්සු හරි එකතුයි
මං චූටි කාලේ ගියාට පස්සේ තාම එහේ ගිහින් නෑ ..
අප්පච්චි නැති වුණායින් පස්සේ අම්මයි මායි කොහෙවත් නොගිය තරම් .. මන් අත්තම්මව දැකලත් අවුරුදු ගාණක්
ඉතින් මං හරි ආසයි එහෙ යන්න .. අත්තම්මගේ අතින්ම හදපු සුවද වෑහෙන කේක් කෑල්ලක් එක්ක කෝපි එකක් බොන ගමන් එයාගේ තුරුලට වෙලා ඉන්න

දන්නවද .. ?
එයාට චූටි බේකරි එකක් තියෙනවා ..
' බේකරි ' ඒ වචනෙට වඩා මන් ආසැඑකට කොෆි ශොප් එකක් කියන්න ..
මොකද ඒක නිකන්ම නිකන් කේක් , පාන් පුච්චන තැනක් නෙමේ ..
මනුස්සයෙක්ට ඇති තරම් වෙලා නිවී සැනසිල්ලේ කියෝ කියෝ වෙලාව ගෙවලා දන්න පුලුවන් .. හැමවෙලේම දර පෝරණුවට වෙලා පිච්චි පිච්චි ඉන්න කේකක් ගෙඩියක , පාන් ගෙඩියක සුවදත් එක්ක මිශ්‍ර වුණ කෝපි සාම්ප්‍රදායෙන් පිරිච්ච තැනක්
එහෙව් එකේ එතනට ' බේකරි ' කියන නමට වඩා ' කොෆී ශොප් ' කියන නම ගැළපෙනවා කියලා හිතෙන්නෙ නැද්ද ඔයාට .. ?
ඒත් ඒක පොඩි ගමක් නේ .. ඒ වගේ වචන අහන්න දකින්න ලැබෙන්නේ කලාතුරකින් ..




ඇයි ඔච්චරම ගමේ යන්න ආස


මේ දවස්වල එයාට තියෙන ලොකුම ප්‍රශ්නේ ඒක වෙද්දි පිටු ගාණක් ලියන්න හේතු තිබ්බත් මන් ලියුම ඉවර කරේ එහෙම



...............


" අකේශි .. ඇදුම් එහෙම ඔක්කොම ලෑස්තිද දැන් "

අම්මා අහද්දි මන් ඔලුව වැනුවේ ඔව් කියන්න


" මේ ලගකදි ඉදන් සෑහෙන්න ලියුම් එනවනේ ඔයාට .. අලුත් යාලුවෙක්වත් හමබ් වුණාද "

අම්මා අහද්දි වැඩි කතාවක් නැතිවම මන් හිනා වෙලා මේසෙ උඩ තිවුණ ලියුමත් අරන් උඩට ආවා


.............


"Raindrops on the window, steam from our coffee, and the quiet conversations that only lovers share."




අකේෂිට ලියුම් එවන මායාකාර පිරිමි ළමයගේ නම හොය හොය හිටපු ළමයි වෙනුවන් මේ එපිසෝඩ් එක .. 😌🤎


ඉතින් හැමදාම කමෙන්ට් කරන ළමයින්ට


ආතරෙයි ඒයිලා



https://t.me/brown_Soul_personal_blog


BrOwN sOuL 🤎✨





Report Page