Vintage Soul
BrOwN sOuL 🤎✨Chapter #05

මුළු අහසම අදුරු කළු වළාවකින් වහගෙන තිවුණ අදුරු උදේ වරුවක් ..
හරියකට හිරු එළියවත් නැතිකොට මන් උන්නෙ හරි පාළුවෙන්
මේ වගේ දවස්වලට ගෙදර මතක් වෙන වාර අනන්තවත් තිවුණට ගෙදරට වඩා නිදහසක් මේ තැනින් මට ලැබුණු නිසාම ගෙදර යන්න හිත හදාගන්න හරි අමාරුයි
මහ වැස්සක් අතලග නිසාමද කොහෙද මුළු පරිසරයම අමුතු නැවුම් බවක් ආරූඪ කරගෙන ..
වෙනදට සීනි පුරවලා පැනි රසට හදන කෝපි කෝප්පෙට වඩා අද ඒකේ තිවුණ තිත්ත රස වැඩී කියලා මට දැනුනෙ මොහොතින් මොහොත සැර වෙන පොද වැස්ස දිහා බලන් ඉන්න අතරේ ..
පුංචි පුංචි පොදවලින් පටන් ගත්තු වැස්ස මහ වර්ෂාවක් වෙන්න ගත වුණේ තත්පර කීපයයි
කාමරෙ තිවුණ අදුරු ගතිය එහෙන්මම තියෙද්දි ලයිට් එක නොදාම මේසෙ උඩ තිබුණ ඉටිපන්දම පත්තු කරේ ඒකෙන් එන එලියට වඩා සුවදට මන් ආස කරපු නිසා ..
මේසේ උඩ තිබුණ ඩ්‍රෝවින් පේපර් එකක් උඩ කිසිම හැගීමක් නැතිවම කුරුටු ගගා උන්නු මම මිනිත්තු කීපයක් යනකොට හැගීම් මහ ගොඩක් පිරුණු ඇස් දෙකක් අදින ගමන් උන්නේ ..
අද බුක්ශොප් එකට යන්න විදිහකුත් නැති නිසා මන් වෙනුවෙන් දවසක්ම වෙන් කරන්න මට පුළුවන් වුණා ..
ගතට වගේම හිතටත් දැනෙන සැහල්ලුව විදින ගමන් මන් ඒ චිත්‍රේ සම්පූර්ණ කළා ..
................
" චූටි දූ ... ගෙදර එන්න හිතක් නැද්ද ළමයෝ ඔයාට "
තුන්වෙනි වතාවටත් කෝපි එකක් බොන ගමන් මන් උන්නේ අම්මත් එක්ක කෝල් එකක
හැමදාම නැතත් දවස් දෙක තුනකට වතාවක් ඒ කෝල් එක නොවරදවාම එන්නේ සුපුරුදු ප්‍රශ්නෙත් එක්කමයි
" මට මෙහෙ හරි නිදහස් අම්මා "
" එහෙමයි කියලා කොච්චර කාලෙකට ඔහොම ඉන්නද "
" මට පුළුවන් කාලයක් .. මට හැමදේටම වඩා මගේ නිදහස වටිනවා අම්මා "
" අනෙ මන්දා දරුවෝ .. බෙහෙත් ටික බිව්වද "
" ඕ උදේ බිව්වා "
" කෝ ධාරණා ඉන්නවද "
" නෑ ගෙදර ගිහින් "
" ඔයත් දවසකට දෙකකවත් ඇවිත් යන්න එන්න දරුවෝ "
" බලමුකෝ "
...............
කතාව කියවලා හොර පාරේ යන්න එපා එයීලා ..
මේ ළමයට දුක හිතෙනවනේ
ඔයාලා සහස්නා ගැන මොකද හිතන්නේ ඒයිලා ..
https://t.me/brown_Soul_personal_blog