Vintage Soul

Vintage Soul

Chapter #04


Chapter #03


අළු පාට වලාකුලු පිරුණු හැන්දෑවක හිටි හැටියෙම ආයෙම වතාවක් අර හීනි ඇස් තිවුණ හාදයා මන් ඉස්සරහින් මතු වුණා ..


ඒක ඇත්තටම මායාකාර මොහොතක්


දවස තිස්සෙම දූවිලි පුරුණ පොත් කන්දක් එක්ක ඔට්ටු වෙලා මන් උන්නේ හරි මහන්සියෙන් ..

ජල වාෂ්ප එක්ක එක්වුණු සීතල හුළගෙ පහස විදින ගමන් මන් බෝඩිමට යන ගමන් උන්නේ

" සහස්නා .. " ටිකක් ගැඹුරු කටහඩක්

එයාව දැක්ක ගමන් මට මතක් වුණේ තාමත් මං ලග හරි පරිස්සමට තියෙන ඒ පුංචි ලියුම් කෑල්ල

මගෙ මූණේ වගේම එයාගේ මූණෙත් ලස්සන හිනාවක් ඇදිලා


" කොහෙද මෙහෙ .. "

" ගෙදර යන ගමන් .. "

" මහන්සි පාටයි .. "

" එහෙම පාටකුත් තියෙනවද "

" හ්ම් ඔව්නේ .. අද බරටම වැඩ කරලා වගේ "

" අද විතරක් නෙමේ හැමදාම එහෙම තමා .. ඒත් ඒ හැමදේටම මන් හරි කැමති "

" මොනාටද "

" ඒ තැනට .. එතනට එන මිනිස්සුන්ට .. එතන තියෙන පොත්වලට හැමදේටම "

" මාත් ඉතින් එතනට එනවනේ එතකොට මටත් කැමතිද "

" අකමැතී නම් මෙහෙම කතා කරන්නෙ නැහැනේ " මන් හිනා වෙන ගමන් කියද්දි අපි දෙන්නගෙ ඇස් එකිනෙක යා වුණේ ඒ බැල්ම දරාගන්න බැරුව මන් බිම බලද්දි


ඒ කතාව එතනින් ඉවර වෙනකොට පාරේ යන වාහන සද්දෙ හැර වෙන කිසිම සද්දයක් නොඇහුණ තරම් ..

ටිකින් ටික අපි දෙන්නම බුක් ශොප් එකෙන් ඈතට යනකොට පරිසරයේ තිවුණ කොළ පාටත් එන්න එන්නම වැඩි වුණා ... පාර දෙපැත්තෙ තිවුණ මහ විශාල මැයි ගස් අතරින් වැටෙන ලා හිරු රැස් නිසා මුළු පරිසරයම අමුතු ලස්සනක් ආරූඪ කරගෙන උන්නේ


" ඔයාගේ වචන හරි ලස්සනයි " අපි දෙන්නගෙ නිහඩ බව බිදලා මන් කියද්දි එයා මන් දිහා බලලා ආයෙම වතාවක් හිනා වුනා

" මන් හිතුවෙ ඒක අමතක වෙලත් ඇති කියල .. "

" අනුදි ඒක අල්ලගෙන මේ සතිය පුරාවටම කියපු කයි කතන්දර එක්ක කොහොම ඒක අමතක වෙන්නද "

" කවුද අනුදි "

" මගෙ යාලුවෙක් .. බුක් ශොප් එකේ ඉන්න "

" මන් හිතුවේ ඔයා විතරක් ඒක බලයි කියලා " එයා නුරුස්සන කටහඩකින් එහෙම කියද්දි මට හිනා ගියේ නොදැනිම

" මන් නෙමේ එයා තමා බලලා තියෙන්න .. මට වැරදිලා මේසෙ උඩ තියලා ගියපු වෙලාවක "

" දැන් ඉතින් එහෙමවත් කියමුකෝ "

" බොරු නෙමේ ඇත්ත .. ඒක නෙමේ මන් ඔයාගෙන් දෙයක් අහන්න හිටියේ "

මගේ මූන දිහා බලන් ඉන්නේ ඒ මොකද්ද කියලා අහන්න වගේ

" නම .. ඔයාගෙ "

" ඒ ප්‍රශ්නෙ හොදටම පරක්කු වැඩී "

" ඒ කියන්නෙ "

" ඒක මීට කලින් අහන්න ඕන දෙයක් "


..................


ගොඩ කාලෙකින් නේද ඒයිලා ...

ඔය ලමයිගෙ කමෙන්ට්ස් නැති වුණාම කතාව ටයිප් කරන්න හිතෙන්නෙ නෑ ඒයි මට


50 + comments to next episode ( එක්කෙනෙක්ගෙන් කමෙන්ට්ස් 50 නෙමේ හැබැයි ඔනේ )


https://t.me/brown_Soul_personal_blog










Report Page