Vintage Soul

Vintage Soul

BrOwN sOuL 🤎✨

Chapter #03

💚✨


Chapter #02



වුණ හැමදේකින්ම මට තේරුනේ එයා පොත් කියවන්න විතරක්ම මෙතනට එන කෙනෙක් නෙමේ .. එයා වැඩ කරන්නෙත් මෙතන කියලා ..



" එයා දැන් බලයි මං දිහා "

එහෙම හිතලා මම වෙන අතක් බලාගෙන උන්නා,

ඒ ක්ෂණිකෙන් හැරී බැලුවම මම අහම්බෙන් දැක්කේ,

ඇස්කොනින් මං දිහා බලන් උන්නු එයාව,

ඒක හරි ආදරණීය තප්පරයක්


සීතල උණු ශරීරයක් එක්ක වීගෙන් ගැහෙන හදවතක් මට දීලා එයා යන්න ගියා 🤍


එයා යන දිහාව හොයාගන්න විනාඩි කටුව හරියටම රවුමක් සම්පූර්ණ කරනකම් බලන් උන්නු මට ඒ ගැන වගේ වගක්වත් නොවුනේ ඒ මායාකාර ඇස් වලට අහුවුනු ඒ තත්පර කිහිපය නිසා ...




..............



වැහි වළාකුළු පේන මානෙක නොවුනු ලස්සන දවසක් ..


ඒත් ඒ වචන දැක්ක ගමන් මගේ ඔළුවේ අකුණක් වැදුනා වගේ දැනුනේ ..


ඒක හරි ආදරණීය තප්පර කීපයක්

සීතල වුණු ශරීරයක සහ නොකඩවා වයිබ්‍රේට් වෙන හදවතක අත්දැකීම මට හරියටම ලැබුණේ ඊයේ ..

ඒ ඔයා නිසා


මම ඒ වචන ආයෙ ආයෙම කියෙව්වේ ඒවා ඉබේටම මට කට පාඩම් වෙද්දි


එතකොට ඒ මං වෙනුවෙන් පොත් රාක්ක අස්සේ පැය ගණන් රස්තියාදු වුණු එදා මුණගැහුණු කළු පාට හීනි ඇස් තියෙන හාදය ද !


" සහස්නා දහයට විතර අලුතෙන් පොත් ලෝඩ් එකක් ගේනවලු "


ඒ වචන එක්ක මෙච්චර වෙලා අතේ තිබුණු කොළ කෑල්ල මම හරි පරිස්සමට මේස උඩින් තියලා ගියේ පහන තියන්න



..........




" මොකෝ තනියම හිනාවෙන්නේ .. වේගෙන් වයිබ්‍රේට් වෙන හදවතේ අයිතිකාරයාව හිතට අල්ලලා ගිහින් වගේ කෙල්ලගේ "



අනුදි ඇවිත් කියවගෙන ගියේ මට හිතන්නවත් මොහොතක් ඉතිරි නොකර



" ඒ කවුද ඒ "



" ඇයි අර පහුගිය දවස් ටිකේම ඔයත් එක්ක ඇස් වලින් ගනුදෙනු කරපු හාදය "



" විකාර "



..........



දවසක් දෙකක් නෙමේ සතියක්ම ගෙවිල ගියත් එයා ආයෙම එක වතාවක්වත් මෙහෙ ආවේ නෑ



..........



20+ comments to next episode 🌷✨



https://t.me/brown_Soul_personal_blog



Report Page