Vintage Soul
BrOwN sOuL 🤎✨Chapter #02

" දැන් කියපන්කො කවුද ඒ කෙල්ල "
" දන්නෙ නෑ බන් .. හරි අහිංසක පෙනුමක් තිබුණෙ ආයෙ දෙපාරක් හැරිලා බලන්න තරම් ලස්සන මායාකාර ඇස් දෙකක් "
" ආ හා .. අපි කෙල්ල ගැන ඇහුවෙ නැතුව උබේ කවි විචාර නෙමෙ "
............
ශෙරාන්ට ඒ ගෑණු ළමයා ගැන කියලා දවස් දෙකක් විතර ..
ආයෙම වතාවක් මුළු ලෝකෙම නතර කරවපු මාරම මාර තත්පර කිහිපයක් ..
එදා වගේම අදත් ඒ වළ ගැහුණු කම්මුල් අතරේ හරි ආඩම්බරකාර හිනාවක් රැදිලා තිවුණා ..
කළු පාටට හුරු සරියක් එක්ක අතේ දාලා තිබුණු වීදුරු වළලුවල හඩට වටපිටාවේ තිබුණු නිහැඩියාව මොහොතකට ගිළි ගෙද්දි අපි දෙන්නගෙ ඇස් එකට යා වුණු තවත් අමතක නොවන ඒ තත්පර කිහිපය ...
ඒත් ඒ ගැන වගේ වගක් නැතිව පොත් මිටියක් තුරුලු කරන් හරි හරියට වැඩ එයා
මෙච්චර කාලෙකට මන් දැකපු , යාලු වෙලා උන්නු හැම කෙල්ලෙක්ටම වඩා වචනවලට පෙරලන්න නොතේරුණු මහ අමුත්තක් මන් එයාගෙන දැක්කා ..
" සහස්නා , කලින් යන්න ඕනේ කිව්වා නේද "
ඉබේටම මට බැලුනේ ඒ කටහඩ ආපු දිහා
එයා ඔලුව හෙලෙව්වේ ඒ හඩට උත්තර බදින්න
සහස්නා
එතකොට එයාගෙ නම ඒකද
............
කතාව ගැන වචනයක් කියාගෙන යම්න 🌝✨
https://t.me/brown_Soul_personal_blog