Vintage Soul
BrOwN sOuL 🤎✨Chapter #01

Register code: 001916
වැහි වාලාකුළු පිරුණු හැන්දෑවක
පාර අයිනෙම බුක් ශොප් එකක් ගාවින් වාහනේ නතර කළේ මෙච්චර කල් ආසාවෙන් හොය හොය උන්නු පොත මෙතනවත් ඇති කියන බලාපොරොත්තුවෙන් ...
බුක් ශොප් එකක් ...
නෑ ඒක ඊටවඩා ගොඩක් වෙනස් තැනක්
රජ කාලේ පින්තූර , පුංචි පුංචි අරුමෝසම් බඩු , වේලපු කැළෑ මල් එක්ක තරුණ ඇගක හිරවුණු පැරණි ආත්ම කීපයක්ම හුස්ම ගත්තු හරි ලස්සන තැනක්
කොටින්ම කිව්වොත් කියවපු නවකතා පොත්වලට විතරක්ම සීමාවුණු හරි අපූරු තැනක් ..
දොර අරිනවත් එක්කම ඇතුලෙ තිවුණ සංසුන් සුළගට එලියෙන් ආපු දගකාර සුළං රැලි එකතු වෙද්දි දොරේ එල්ලලා තිබ්බ සීනුව නාද වුණේ මන් ආවා කියලා අනිත් අයව දැණුවත් කරන්න වගේ ..
ඒත් පොත් අස්සේ කිමිදිලා උන්නු මිනිස්සුන්ට මන් ගැන වගේ වගක් නැහැ
" ලස්සන කතාවක් " වාඩි වෙන්නෙවත් නැතුව රැක් එක ගාවම හිටගෙන් පොතක් කියවන ගෑනු ළමෙක්
" කියවලා තියෙනවද "
" හ්ම් .. කීප පාරක්ම "
මට හිනාවකින් සංග්රහ කරලා එයා එතනින් ගියා
ලස්සන හිනාවක්
එයා යන තාලෙටම පැද්දෙන උරහිසට ටිකක් පහළට තිවුණ කොන්ඩේ දිහා බලාගෙන මම මිමිණුවා
.............
මේ වූකලී ,
නාකි මහානාග රජුන්ගෙන් මෙන්ම
ලාබාල කුඩා තිස්ස රජුන්ගෙන්ද
කිසිදා ආදරය නොලැබුණු
අසරණ බිසවකගේ කතාවය .
එසේම,
ආදරය උදුරා විසි කළ මොහොතක
අහම්බෙන් එය නැවත මුණ ගැසුණු මහ රැජිනකගේ කතාවය.
~ රැජින ~
ඒ වචන අස්සේ හිරවෙලා උන්නු මම ඔලුව ඉස්සුවේ ලගින්ම ඇහුණ කටහඩ නිසා
" ලස්සන කතාවක් " අහිංසක හිනාවකින් මූණ පුරෝ ගත්තු පිරිමි ළමෙක්
" කියවලා තියෙනවද "
" හ්ම් .. කීප පාරක්ම "
ලා හිනාවක් පා කරන ගමන් මන් එන්න හැරුණා
...........
https://t.me/brown_Soul_personal_blog