Vintage Letters
BrOwN sOuL 🤎✨Chapter #16

" අපි කවද්ද අත්තම්මලාගේ ගෙදර යන්නේ .. ඔයාම දවසක් බලලා මට කියන්නකෝ .. මන් කොහොම හරි නිවාඩු හදාගන්නම් " මන් වාඩි වෙලා උන්නු මේසෙ උඩින් කෝපි සුවද වෑහෙන උණුම උණු කෝපි පුරෝපු මග් එකක් තියන ගමන් අම්මා අහනවා
" තව ටික දවසක් යනකන් මට හෙල්ලෙන්නවත් විදියක් නෑ අම්මා .. දිගට හරහට එක්සෑම් " මන් මූණ ඇඹුල් කරන් කියද්දි
" ඔයා ගොඩක් මහන්සි වෙනවනේ මගෙ දරුවෝ .. ඔය හොදටම ඇති .. රිසාල්ට් එක මොකක් වුණත් කමක් නෑ .. අනික ඔයා කලින් එක්සෑම් ලියන නිසා කොහොමත් ඒක ප්‍රශ්නයක් නෑ හරිද " අම්මා ඔලුව අතගගා කියනවා
............
උදේ ඉදන් හිර වෙලා උන්නු පොත් අස්සෙන් විනාඩි ගාණකට මිදුණු මන් හිතට ආපු වචන කීපයක් අකුරු කරමින් උන්නා
හමු නොවූ දෙනෙත් අග
ආදරේ මෝරනා
මා පැතූ ආදරේ
නොමද ඇතිවයි සිතා
මළකාපු හද පිසදමා මම
යළිත් පැළකළෙමි ප්‍රේමය
ආගන්තුක වූ ඇස්
ආගන්තුකවම දකින්නට පෙම් කළ
මම ...
දැන් මගේ නොව
මුහුපුරා ගිය නුඹේ හදවත විසින්
බැදී ඇත මගේ හදවත
හිමි කරගත යුතුද ....
මන්ම ලියපු ඒ වචන අතරේ මන් මොහොතක් තනි වෙද්දි පුරුද්දට වගේ මන් උන්නේ එයාගෙන් හමබ් වුණ ඒ හදිස්සිකාර කෝපි පාට ලියුම 1239870 වතාවටත් කියවන ගමන්
ඒ වචනවලින් ආයෙම වතාවක් මගෙ මූණ හිනාවෙන් පිරිලා යද්දි අතේ තිවුණ කෝපි එකෙන් උගුරක් මන් බිව්වා
ඇත්තටම මන් අහස්ව මෙහෙම මගාරින එක ..
ඒක වැරදිද .. කිසිම හේතුවක් නැතිව එහෙම කරන එක ඇත්තටම අසාධාරණයි අකේෂි
මන් මටම කියාගත්තා වෙද්දි මන් උන්නේ කරපු වැරද්දට පසුතැවෙනවට වඩා ආයෙම වතාවක් ඒ ආගන්තුක ඇස්වල අතරමන් වෙන්න තිවුණ ආසාවෙන්
කියන්න , අහන්න දහස් ගණන් දේවල් තියෙද්දි කෝපි පාට වගේම සුවදත් පිරුණ කෝළේක අකුරු පේළි තුන හතරක් තනියට උන්නා
චිත්‍රයක් වගේ ලස්සන අහසක් තියෙන හවසක , කැළෑ මල් පොකුරක් අරගෙන එනවද මාව බලන්න
...........
එන්න එන්නම එක්සෑම් එකට දවස් ලං වෙද්දි මන් උන්නේ ඕනෑවටත් වඩා බය වෙලා ..
නින්ද පැය දෙක තුනකට සීමා වෙද්දි ටිකෙන් ටික වැඩි වෙන ඇස් යට තිවුණ කළු පාටට වගේම .. සැරෙන් සැරේ මූණේ තනි මකන්න මතු වෙන පොඩි පොඩි පිම්පලවලටත් මන් වෛර කරා ..
ඉතින් එහෙම දවසක මාව තප්පරයකින් නිවන්න පුලුවන් කළු පාටයි දුඹුරු පාටයි මිශ්‍ර වුණ ඒ ආගන්තුක ඇස් දෙක විනාඩියකට හරි දකින ලැබෙන එක සතුටු වෙන්න ඕන කාරණාවක් නෙමේද .. !
මොකද බැරි .. කැළෑ මල් පොකුරක් වෙනුවට දහයක් පහළවක් හරි අරගෙන එන්නම් මම ...
ඔයා හිතන්නේ ඒ වගේ ලස්සන අහසක් තියෙන හැන්දෑවක් එන්න තව කොච්චර කාලයක් යයි කියලද .. !
ප.ලි : එකපාරටම හම්බ වෙන්න ඕන වෙලා තියෙන්නේ මොකක් හරි ප්‍රශ්නයක්ද අකේෂි
එහෙමත් නැත්තන් එක්සෑම් ලං වෙන්න ලං වෙන්න මේ ළමයගේ ඔලුව අවුල් වෙලාද
වෙනදා එවන වේලපු කැළෑ මල් පොකුරක් වෙනුවට අද භාගෙට වේලුණ ඩේසි මලක් එක්ක එයාගෙන තවත් ආදරණීය කෝපි පාට ලියුමක් ....
..............

.............
කතාව දෙන්න පරක්කු වෙනවට සමාවෙන්න ඒයීලා 🥺
අකේෂිට විතරක් නෙමේ මේ ළමයටත් මේ දවස්වල වැඩ ගොඩ ගැහිලා
පුලුවන් ඉක්මනට කතාව අරන් එන්නම් 🙂
ප.ලි : නිසදැස් නම් ලියන්න බැහැ ලස්සනට .. ඕකත් යාලුවෙක් ලියපු එකක් .. ලස්සනට ලියන්න පුලුවන් පුංචි මායාකාරියෝ ඉන්නවා නම් ලස්සන වචන ටිකක් කමෙන්ට් බොක්ස් එකේ තියලා යන්න .. 🥹✨
ආතරෙයි
https://t.me/brown_Soul_personal_blog
BrOwN sOuL 🤎✨