Vintage Letter

Vintage Letter

BrOwN sOuL 🤎✨

Chapter #15

"Love's melody, written in the language of the heart: vintage love letters." 🤎✨


Chapter #14


දවස් ..

එකින් එක ගෙවිලා යද්දි අපි අතරේ හුවමාරු වුණ කෝපි පාට ලියුම් එන්න එන්නම අඩු වුණා

ගොඩක් දුරට මට ඕන වුණේ එයාව මගාරින්න


ඒත් ඇයි ඒ ..

කිසිම හේතුවක් නැතුවම මන් එයාට කරන වෙනස්කම්වලින් එයා හොදටම හිත රිදෝගෙන මගෙන් හැමදාම ඒවට හේතු ඇහුවා


......................


ඔයා කැමති නම් විතරක් .. ආයෙම එකම එක වතාවත් අපි හම්බ වෙමු


දවස පුරා වැඩ කරලා මගෙ හිතේ වගේම ගතෙත් තියෙන මහන්සිය නිවාගන්න එකම විදිය එයාගේ කෝපි පාට ලියුම් වෙද්දි

දවසක් මගෙ මූණට හිනාවක් වගේම හිතට අමුතු භයක් අරගෙන ආපු කෝපි පාට වචන පෙළක් ..



එක්සෑම් එන්න එන්නම ලං වෙන නිසා උදේ ඉදන් ක්ලාස් මට .. මන් හිතන්නෙ නෑ මට ඒකට වෙලාවක් හොයාගන්න පුලුවන් වෙයි කියලා


මගෙ උත්තරක් වෙනුවෙන් එයාට දවස් දෙකක් පුරාවට බලන් ඉන්න වුණේ මන් ඕනකමින්ම එයාව මගෑරපු නිසා



........................


43


කාමරේ දොර ලගට වෙන්නම තිවුණ මන් හදාගත්ත පුංචි කැලැන්ඩර් එකේ උඩම කොළය උදේම ඉරලා දැම්මේ එක්සෑම් එකට තව දවස් 42යි කියලා මටම ඒත්තුගන්වන ගමන් ..


ඇකඩමි එකෙන් ගොඩක් සබ්ජෙක්ට් මේ වෙනකොටත් කවර් කරලා දීලා තිවුණත් මන් උන්නේ තියෙන පීඩනය දරාගන්න බැරිව ..


ලයිබ්‍රි එකට යන එක, පොත් කියවන එක , උදේ දවස මන් ආසාවෙන් ප්ලේ කරන පියානො එක .. ඒ හැමදේම මට ඕනෑවටත් වඩා මගෑරිලා


ඒ ඔක්කොටම වඩා ඉදලා හිටලා මගෙ අතින් ලියවුණ නිසදැස්වලට ලැබෙන ආදරණීය කමෙන්ට්ස් එන්න එන්නම අඩු වෙනකොට මන් ඇතුලේ ජීවත් වුණ පුංචි මායාකාරි දැන් නෑ කියලා මටම තේරිලා තිවුණේ ..


" අපි ටික දවසකට අත්තම්මලාගේ දිහා ගිහින් එමු .. ඔයා මේ දවස්වල ඔනෑවටත් වඩා මහන්සි වෙනවා මගෙ දරුවෝ " අතේ තිවුණ ඉගුරු තේ එක ස්ටූල් එකෙන් තියන ගමන් අම්මා කියනවා


මන් ඔලුව වැනුවේ හා කියන්න වුණත් එහෙම ගමනකට සුදුසු මානසිකත්වයක් මට තිබුණෙ නෑ ..



.......................


තව චැප්ටර් දෙක තුනක් කතාව ඉස්සරහට අරන් යන්න වෙනවා ඒයිලා ..

එහෙම හදිස්සියේ ඉවර කරොත් කතාව අවුල් වෙයි කියලා මට හිතෙන්නේ ..



ආතරෙයි 🥹🤎✨



https://t.me/brown_Soul_personal_blog

BrOwN sOuL 🤎✨




Report Page