Vintage Letters
BrOwN sOuL 🤎✨Chapter #13

" මන් ඉස්කෝලේ යන ගමන් ඔයාව ලයිබ්‍රි එකට දාගෙන යන්නම් එනකොට ගන්න පුලුවන්නේ මට "
" ලයිබ්‍රි එක අරින්නෙත් 8ටනේ අම්මා .. මන් ටිකක් දවල් වෙලා යන්නම් "
" හ්ම් .. විකාර හිතලා ඔලුව අවුල් කරගන්නෙ නැතුව ඉන්න ඕනේ හරිද .. පරිස්සමින් " අම්මා මගෙ ඔලුව අතගාලා ගියා වෙද්දි උඩට ගියපු මන් දඩි බිඩියේ ලෑස්ති වුණේ ලයිබ්‍රි එකට යන්න ..
දණිහිස ගාවට වෙන්න තිවුන සුදු පාට රෙද්දෙ තැනින් තැන රෝස පාට පුංචි මල් වැටිච්ච ගවුම ඇදලා කොන්ඩේ එකතු කරලා චූටි කොන්ඩ කට්ටක් ගහගත්තු මල් දිව්වේ එයා අන්තිමට දුන්නු ලියුම හොයන්න
එහෙනම් හෙට ඔයාට පුලුවන් ඕන වෙලාවක එන්න .. මන් උදේ 8 ඉදන් ඔයා වෙනුවෙන් බලන් ඉන්නවා
ඒ කොළෙත් සයිඩ් බෑග් එකට දාගෙන .. මාරු කරගන්න තිවුණ පොත් ටිකත් බෑග් එකට දාගෙන මන් දිව්වේ ෆුට් සයිකල් එක ගාවට
හරි මතකයක් නැති නිසාම ආපහු පාරක් දොර වහලද කියලා බලාගෙන මන් ෆුට් සයිකල් එක එලියට ගත්තා වෙද්දි අහසේ තිවුණේ වැස්සක් ලගයි කියන ලකුණු
අහස ටිකෙන් ටික කලු කරද්දි හමන සීතල හුලග මගේ ඇගේ දැවටෙන්නේ ඇදන් උන්නු ගවුමත් එක්ක මට ෆුට් සයිකල් එක පදින එක තව තවත් අමාරු කරලා ..
අන්තිමට මන් ලයිබ්‍රි එක ලග උන්නා වෙද්දි පුරුදු විදිටම එලියෙන් බයිසිකලේ නවත්තලා මන් රොබෝසියා ගස් අතරින් වැටුන අඩි පාරෙ ඇවිදමින් උන්නේ ..
වෙනදා පාර සරසන් උන්නු රොබෝසියා මල්වල අඩුව මට දැනෙමින් තියෙද්දි මන් දැක්කේ ලයිබ්‍රි එකේ කෙරවලට වෙන්න තිබ්බ බංකුවක වාඩිවෙලා උන්නු සුදුත් නැති තලෙලුත් නැති ටිකක් විතර උස අවුරුදු 20ක .. 21ක විතර පිරිමි ළමෙක් ..
ඒ .. එතකොට ඒ අහස් ද
ඔව් ඒ එයා තමා .. ඇතුලතින් වගේම පිටතිනුත් එයාටම ආවෙණික වෙච්ච නිවුණ බවක් තියෙන්නෙ එයාට ..
ඒත් .. එතකොට ..
මට වඩා අවුරුදු 5ක් විතර .. නෑ ඊටත් වැඩිමල් කොල්ලෙක්ටද මන් මෙච්චර පණ්ඩිත කතා ගොඩක් කියලා තියෙන්නේ ..
ඒ දේවල් සැරෙන් සැරේ මතකෙට ඇවිත් මගෙ සැනසීම නැති කරද්දි මට ඕන වුණේ කාටවත් හොයාගන්න බැරි තැනක හැංගිලා ඉන්න ..
ලැජ්ජාව පුදුමේ මිශ්‍ර වුණ හැගීම් ගොඩකින් මගෙ හිතම පිරිලා ගිහින් ..
මම දැන් යනවද නැද්ද ..
මං මෙගේ හිතත් එක්කම මහ යුද්ධයක්
එයා දිහා ටිකක් වෙලා බලන් උන්නු මන් ආපහු හැරුනේ එයාට මුණ දෙන්න බැරිකමට ..
ඒත් මෙච්චර කල් හැබැහින් දකින්න ආසාවෙන් බලන් ඉදිය කෙනා මෙහෙම ඉස්සරහටම ඇවිත් ඉද්දි මං ආපහු යන්න හිත හදාගන්නේ කොහොමද .. ?
මං ටිකින් ටික එයා ඉන්න දිහාවට අඩි තිබ්බේ සැරෙන් සැරේ හමන සීතල හුළගේ පහස විදින ගමන් .. ගෙවෙන තත්පරෙත් පැයක් වගේ දැනෙද්දි මට හිතුණෙම එන්න එන්න එයා උන්නු තැනට තියෙන දුර වැඩි වෙනවා කියලා ..
" අකේෂී .. " ඈත තියලම එයා මාව අදුරගෙන වෙනකොට උන්නු තැනින් නැගිට්ටේ හරි අහිංසක හිනාවකින් මූනම පුරවගෙන ..
මම උන්නේ කිසිම දෙයක් හිතාගන්න , කියාගන්න බැරුව ගොළු වෙලා ..
මම දැන් මොනාද කියන්නේ .. මෙච්චර කල් තිබුණ ප්‍රශ්න ඔක්කොටම වඩා ලොකු ප්‍රශ්නයක ඉස්සරහට ඇති වෙයි කියන බය ඕනෑවටත් වඩා මට දැනෙමින් තිබුණේ ..
" ම.. මම .. මේ .. අහස්ද " අමාරුවෙන් වචන ගලපන් මන් කියද්දි එයා උන්නේ තාමතිස්සෙල්ලා වගේම හිනා වෙලා
අහස්
මං එහෙම කතා කරන එක හරිද .. නැතුව මං වෙන මොනා කියන්න්ද ඉතින්..
" අහස් .. අ.. අයියේ "
කියන්න දෙයක් හිතාගන්න බැරුව මං උන්නා වෙද්දි එයා මුකුත් නොකියම වාඩි වුණේ මටත් වාඩි වෙන්න කියලා ඉගි කරන ගමන් ..
" මුලින්ම මං පටන් ගන්නද " මගේ හිත කියවලා වගේ එයා අහද්දි මන් ඔලුව වැනුවා
" ඔයා .. ඒ ඔයාම තමා .. මගේ හිතේ මැවිලා තිවුන කෙනා හරියටම හරි .. ඒත් ඔයාගේ හිතේ මැවිලා තිබුණ කෙනාට වඩා මන් සම්පූර්ණයෙන්ම වෙනස් .. එහෙම නේද .. ඇයි මේ .. බයවෙලාද ඉන්නේ "
එයා අහද්දි මන් බලන් උන්නේ ටිකක් ඉස්සරහින් තිබුණ ලයිබ්‍රි එකේ පොත්වලට වහ වැටිලා වටපිටාව ගැන වගේ වගක් නැතිව එහේ මෙහේ දුව දුව පොත් තෝරන මිනිස්සු දිහා ..
සැරෙන් සැරේ මගෙ කෙහි රැලි එක්ක සෙල්ලම් කරන හුළගත් එක්ක මිශ්‍ර වුණ අමුතු සුවදක් ..
පිරිමි ළමයි ගාවින් එන සාම්ප්‍රදායික සැරම සැර පර්ෆියුම් සුවදට වඩා ටිකක් වෙනස් .. ටිකක් නෙමේ හාත්පසින්ම වෙනස් සෞම්‍ය සුවදක් එයා ගාවින් එන්නේ
" අකේෂී .. ළමයෝ " එයාගේ කටහඩට මං මනෝලෝකෙන් මිදෙද්දි මං බැලුවේ එයා දිහා .. තේරුම් ගන්න බැරි තරම් ගැඹුරු ඇස් දෙකක් තිබුණේ එයාට ..
ඒ බැල්ම දරා ගන්න බැරිකමටම මම බිම බලාගත්තේ ..
" ම .. මම බය වෙලා නෑ " මවාගත්ත හිනාවක් එක්ක මන් කියද්දි එයාගෙන් ලැබුණේ ඒක පිළිගන්නේ නෑ කියන විදිහේ බැල්මක්
" මෙච්චර කල් කතා කලා වගේම නම කියලා කතා කරන්න මට .. වයස .. ඒක ගැන ඔච්චර හිතන්න එපා .. අයියාලා අක්කලා නෑ කියලානේ හැමවෙලේම නහයෙන් අඩන්නේ .. මං ඔයාගෙම අයියා කියලා හිතගන්නකෝ .. එතකොට හරිනේ .. එහෙම බැහැ වගේ නම් මෙච්චර කල් උන්න වගේ ඔයාගේ හැමදේම දන්න .. කවදාවත් නොදැකපු යාලුවා කියලම හිතාගෙන මේ හමුවීම සදහටම අමතක කරන්න .. අකේෂී .. ඇයි නංගී මේ .. ඔච්චර බය වෙන්න දෙයක් වුණාද .. ම්ම්.. "
" නෑ එ.. එහෙම නෙමේ "
අපි දෙන්නා අතරෙම කතාවක් නොවෙද්දි මන් උන්නේ ලොකු කල්පනාවක
" ඔ ..ඔයා .. අහස් .. මං කිව්වේ අයියේ .. ඔයා මොකද කරන්නේ "
" තාම ස්ටඩීස් " ඒ මන් බලාපොරොත්තු වුණ උත්තරේ නොවෙද්දි මන් උන්නේ ඊයේ සිද්දිය මතක් කර කර
එතකොට ඒ ශොප් එකේ හිටියේ .. එක වගේ නම් තියෙන අය කොච්චර මේ ලෝකේ ඉන්නවද මන් මටම කියා ගත්තා වෙද්දි
" මොනා හරි කිව්වද " එයා අහද්දි මන් ඔලුව වැනුවේ නෑ කියන්න
" ඉතින් .. " කියන්න කොච්චර දේවල් තිබුනත් ඒවා වචන කරන්න මට පුලුවන් කමක් නොවෙද්දි මට ඕන වුණේ තනිවෙන්න ..
" ලගදිම ප්‍රයිස් ගිවින් තියෙයිලු " හිතේ තිවුණ හැගීම් මොහොතකට අමතක කරලා මන් කිව්වේ කවදාවත් නොදැකපු මගෙ හොදම යාලුවව හිතේ මවාගෙන
" යනවද ඉතින් "
" යන්න වෙනවනේ " පරිසරේ නිස්කලංක බව බිදින ගමන් විනාඩි ගානකට සැරයක් අපි දෙන්නා අතරේ පුංචි වචන හුවමාරුවක් වුණා හැරෙන්න ලොකු ලොකු සංවාද වුණේම නෑ
..................
අදුරු වලාකුළුවලින් අහස පිරිලා තිවුණා වෙද්දි මෙච්චර වෙලා මන් නොදැක්ක ඩේසි මලක් මේ වෙද්දි එයාගේ අතේ තිවුනා
ඒ මල දිහා ටිකක් වෙලා බලන් උන්නු එයා ඒක මන් දිහාවට දික් කරේ මන් හරි ආසාවෙන් ඒ මල අතට ගද්දි
" මෙච්චර කල් මට හමබ් වුණේ වේලපු කැලෑ මල්නේ "මන් හිනා වෙලා කියද්දි මගේ මූණ දිහා බලන් උන්නු එයා
" ආපු වෙලාවේ ඉදන් හදවතින්ම හිනා වුණ පළවෙනි පාර මේ "
එයා කියද්දි මෙච්චර වෙලා මගෙ මූණේ තිබුන හිනාව අතුරුදහන් වෙලා ගියා
ඩේසි මල් ..
මන් හරි ආස වගේම මල් පෙත්තක පාටෙ ඉදන්ම ලොකු රහසක් හංගන් ඉන්න මලක් ..
.....................

.......................
ඇත්තටම කතාව ගැන මොකද හිතෙන්නේ ඔයාලට ..
ඩේසි මල් ...
ඩේසි මල් දෙන එකේ තේරුම මොකක් වෙන්න ඇතිද ..
අයියා කියලා හිතන්න කිව්වට අකේෂිට එහෙම හිතන්න පුලුවන් වෙයිද ඒයිලා ..
ඔයාලා හිතනවද ඇත්තටම ඒ දෙන්න ලවර්ස්ලා කියලා ..
මේක ලව් සටෝරි එකක් වෙයි කියලා හිතෙනවද ඔයාලට ..
එහෙම වුනා කියමුකෝ .. අකේෂිගේ බෝයි අහස් වෙයි කියලා ??
ආතරෙයි ...
100+ comments to next episode
https://t.me/brown_Soul_personal_blog
BrOwN sOuL 🤎✨