Vintage Letters

Vintage Letters

BrOwN sOuL 🤎✨

Chapter #12

"Love's melody, written in the language of the heart: vintage love letters." 🤎✨


Chapter #11



ඉතින් අදත් පුරුදු විදිහටම මන් බලන් උන්නේ මගේ කෝපි පාට ලියුම වෙනුවෙන්

පෝස්ට් බොක්ස් එකට ලියුම වැටෙනවත් එක්කම මන් එතනට දුවන් ගියා වෙනකොට මන් උන්නේ ඒ ලියුම ආයේ ආයෙම කියවන ගමන්


ම්ම් ... දැන් මේ ළමයට තියෙන ලොකුම ප්‍රශ්නේ මගේ වයස .. එහෙමද ?? ඒක දැනගන්න නම් ඔයාට මාව හම්බ වෙන්නම වෙනවා අකේෂි ...



.............


කවදාවත් හැබැහින් නොදැකම මගේ හැමදේම දන්න , දුක සතුට හැමදේම බෙදාගත්තු එකම කෙනා ඔයා වෙනවට තමා මන් නම් කැමති .. හරියට ඕල්යට යුමී සං වගේ .. මෙච්චර පොත් කියවන ඔයා Forget me not කියවලා නැතුව ඇති කියලා මම නම් කොහෙත්ම විශ්වාස කරන්නෙ නෑ .. ඉතින් මන් හිතන්න්නේ ඔයාට මන් කියන දේ ඕනෑවටත් වඩා හොදට තේරෙනවා ....

ඒත් තාම මගෙ ප්‍රශ්නෙට උත්තර හම්බ වුණේ නෑ අහස් ...





අහස් ..


ඇත්තටම එයා මට වඩා ගොඩක් වැඩිමල් ඇතිද ..

නැත්තන් ..

නෑ කොහෙත්ම මට වඩා බාලයි කියලා නම් හිතන්න බෑ .. එතකොට .. මෙච්චර කාලයක් ඇයි මන් ඒ ගැන හිතුවෙ නැත්තේ ..


................



10 . 47 හරියටම


වෙනදට මේ වෙද්දි මන් බලන් ඉන්න කෝපි පාට ලියුම ලැබිලා වෙද්දි මන් මිදුලට වෙලා බලන් උන්නේ පොස්ට් බොක්ස් එකට ලියුම වැටෙනකන්


ඉස්සරහ ගෙදර ගේට් එකට ඇරෙන සද්දෙට මන් ගේට් එක ගාවට දුවලා ගියා වෙද්දි ඒ අස්සෙන් මන් දැක්කේ ඒ ගෙදර ආන්ටි පොස්ස්ට් බොක්ස් එකේ තිවුණ ලියුමක් අරන් ඇතුලට යනවා


එතකොට ..

අද ලියුමක් නැද්ද එතකොට මට

අහස් .. එයාට මාව අමතක වෙලාද


ඇස්වලට පිරුණ කදුලු ඔහේ වැටෙද්දි මන් දුවන් ගියේ ගේ ඇතුලට


දවස තිස්සේ කතා කරන්නවත් යාලුවෙක් නොවෙද්දි මගේ තනියට උන්නු එකම කෙනා අහස් ..

ඒත් දැන් එයත් මාව මගාරිනවද



මට මේ හැමදේම ඇති අහස් ..
මගේ වයසේ අනිත් ලමයි එක්ක බලද්දි මට මන් ගැනම පව් කියලා හිතෙනවා

පාඩම් කරන එක, කියවන එකයි ලියන එකයි ඇරුනම මට ජීවිතයක් කියලා දෙයක් නැති තරම්
දවසටම මාත් එක්ක වචනයක් හරි කතා කරන්න ඉන්නේ අම්මා විතරක් වෙනකොට එයත් උදේ වරුවම ගෙදර නෑ ..
මෙච්චර කාලෙකට නොදැණුන අප්පච්චිගේ අඩුවත් මේ ලගකදි ඉදන් ඕනෑවටත් වඩා දැනෙනවා

පාඩම් කරන එක ඇරුණම මොනාද මට කරන්න තියෙන්නේ ..
ඔයාට හිතෙනවා ඇති මේ මොන විකාරයක්ද කියලා
ඒත් අහස් ඉස්කෝලේ ගිහින් යාලුවෝ එක්ක පිස්සු නටන්න ඕනේ වයසක ඉන්න මට මේවා ඕනෑවට වඩා වැඩී කියලා හිතෙන්නෙ නැද්ද ..

අම්මගේ වැරැද්දක් නෙමේ .. මටයි ඕන වුණේ විභාගේ කලින් ලියන්න ..
මට ඉස්කෝලේ කාලේ මහ ලොකුවට යාලුවෝ හිටියේ නෑ කොහොමත්
ඒත් දැන් මට මහ පාලුවක් දැනෙනවා අහස් .. පාලුවක් කියනවට වඩා ඒක මහ මූසල හැගීමක්



හිතේ තිවුණ හැගීම් ගොන්නක් වචනවලට පෙරලෙද්දි ලිය ලිය ඉදිය කොලේ උඩ මගෙ කදුලුවලින් රටා ගොඩක් මැවිලා තිවුණ



1.30 වෙනකන් ඇගිලි ගැන ගැන උන්නු මන් කාර් එක ඇතුලට දාන සද්දෙත් එක්කම දුවන් ගියේ අම්මා ගාවට


" මට .. මට ගමේ යන්න ඕනේ අම්මා " අම්මාව බදාගෙන මන් කියද්දි


" අනේ ඇයි දරුවෝ මේ ... අකේෂි "


මගෙ කදුලුවලට ටිකෙන් ටික අම්මගේ සාරිය තෙත් වෙද්දි අම්මා මගේ ඔලුව අතගගා අහනවා


" අකේෂී .. කෝ යමු අපි ගෙට " අම්මා මාවත් එක්කරන් ගෙදර ගේ ඇතුලට එද්දි මන් උන්නේ අම්මට තුරුලු වෙලා


" දැන් මට කියන්නකෝ මොකද වුණේ "


" මුකුත් වුණේ නෑ "


" හ්ම්ම් ... එහෙනම් අම්මා වොශ් එකක් දාන් එන්නම් අපි කාලා ඉමු "


එහෙම කියලා අම්මා වොශ් රූම් එකට ගියා වෙද්දි මන් උන්නේ කුෂන් එක උඩ ගුලි වෙලා


" ගොඩ කාලෙකින් මගෙ දූට කවන්නත් බැරි වුණානේ .. කෝ එන්නකෝ "

අම්මා මට කවන ගමන් එයත් කෑවේ හිතේ තිවුණ මූසල හැගීම ටිකෙන් ටික අතුරුදහන් වෙද්දි



...............


" අකේෂී ... " අම්මගේ කටහඩට මන් යටට යද්දි එයා උන්නේ ෆෝන් එක දිහා බලාගෙන ලොකු කල්පනාවක


" අම්මා .. "


" මන් හෙට නිවාඩු දැම්මා .. ඔයාට අලුත් සුදු ගවුමක් මහන්නත් ඕනේනෙ .. අපි හෙට ටිකක් ඇවිදින්න යමු " අම්මා කියද්දි මන් ඔලුව වැනුවේ හා කියන්න



................



ඔයාට ඕල්යා යුමී සං විදිහට ඉන්නම ඕනෙද ? මං හිතන්නේ අපි එහෙම හිටියා දැන් ඇති .. අපි හම්බ වෙමු අකේෂී .. කවුරු නැත්තත් මන් ඉන්නවනේ ඔයාට .. ඔයා තනි වෙලා නෑ .. තේරුණාද ..
මෙච්චර අවුල් ගිහින් ඉන්නේ මට ඊයේ ලියුමක් එවන්න බැරි වුණ නිසා නම් .. ඇත්තටම මට සමාවෙන්න මගෙ දරුවෝ ...


වෙනදටත් වඩා නිවිච්ච , මගේ අකුරුවලටත් වඩා ලස්සන පිලිවෙල එයාගේ අකුරු වලින් පිරුණු කෝපි පාට ලියුමක් ආයෙමත් ..


මගෙ දරුවෝ


ඒ වචන මට ඕනෑවටත් වඩා දැනුනා .. ඒත් මේක ඕනෑවටත් වඩා වැඩි නැද්ද ?

එයාගේ එකම එක වචනෙකට මගෙ හිත මෙච්චරටම නිවෙන්න ඇයි ...

එයා .. එයා නිකන්ම නිකන් යාලුවෙක් විතරද මගේ

මන් මගෙන්ම ප්‍රශ්න කරද්දි මට ඕන වුණේ ඒ ගැන නොහිතම ආයේ ආයෙත් ඒ වචන අස්සෙ.. ත/නිවෙන්න



ඒත් කොහෙන්ද ඒකට වෙලාවක් ..


" අකේෂි .. ලෑස්ති වෙලා ඉවර නම් ඉක්මනට එන්න දරුවෝ .. "

අම්මගේ කටහඩටත් එක්ක මන් පහලට ගියා වෙද්දි මන් උන්නේ ලා පාටට හුරු විලුඹ ගාවටම දිහ ගවුමක් ඇදලා තැනින් තැන කෑලී පයින විදිහට ගොතලා තිවුණ තනි කොන්ඩෙත් ඉස්සරහට දාගෙන


" කොහෙද දැන් මුලින්ම යන්නේ අපි " අම්මා අහද්දි අපි උනේ කාර් එක එලියට ගන්න ගමන්


" කෝවිල් යමුද " මන් අහද්දි අම්මා ඇස් දෙකත් ලොකු කරන් මන් දිහා බලන් උන්නා


" අනේ අම්මා " කිසිම හේතුවක් නැතිවම මගේ ඔලුවට ආපු අදහස ඒක වෙද්දි මට ඕන වුණේ කපුරු සුවද මිශ්‍ර වෙච්ච කෝවිලටම ආවෙණික ඒ සුවද විදින්න



ටික වෙලාවකින් වාහනේ නැවැත්තුවේ ඒ සුවද ඕනෑවටත් වඩා දැනෙන හරි නිස්කලංක පරිසරයක

අම්මා වාහනෙන් බහිද්දිම මාත් බැහැලා දුවන් ගියේ ඉස්සරහ තිවුණ මල් කඩේ ගාවට ..


මල් කඩයක් කිව්වට පන්සල් ගාව තියෙන මල් කඩවලට වඩා ගොඩක් වෙනස් ..


එක එක ජාතියේ පලතුරු , පාට පාට මල් මාල එක්ක තිවුණ සුදුම සුදු පාට පිච්ච මල් වැලකට මගෙ හිත ගියේ ඉබේටම


තැඹිලි පාට දාස්පෙතියා මල් පුරෝපු මල් වට්ටියක් එක්ක අම්මා ඒ පිච්ච මල් වැලත් මට අරන් දුන්නේ මන් ඒක ගොතලා තිවුණ මගේ කොන්ඩෙ පටල ගද්දි


දෙවියෝ ගැන ලොකු විශ්වාසයක් නොතිබුනා වුණත් මන් චූටි කාලෙ ඉදන්ම ගණදෙවියොන්ට ආදරේ කලා

ටික වෙලාවක් කෝවිල ඇතුලට වෙලා ගෙවලා දැම්මා වෙද්දි අම්මා නැගිට්ටේ යන් කියාගෙන


ස්ත්‍රෝත කියන සද්දේ .. පිච්ච මල් සුවද වගේම .. සැරෙන් සැරේ ඇහෙන පොල් බිදෙන හඩ පහු කරන අපි ගොඩක් දුර ගිහින් වෙනකොට අද දවසම අම්මා මන් වෙනුවෙන් වෙන් කරලා ඉවරයි



..................


" ගන්න අලුත් පොත් මුකුත් නැද්ද .. මන් අහන්නේ ලයිබ්‍රි එකේ නැති "


අම්මා අහද්දි මන් ඔලුව වැනුවේ තියෙනවා කියන්න



ටිකක් එහායින් තිවුණ බුක් ශොප් එකක් ඉස්සරහින් අම්මා වාහනේ නැවැත්තුවේ අපි දෙන්නම වාහනෙන් බහිද්දි


ටිකක් අමුතු විදිහේ බුක් ශොප් එකක් ..


" ගුප්ත පාට තැනක් " ඇතුලට යද්දිම අම්මගේ කටෙන් පිට වුණේඑ එහෙම

නෑ .. ඒක ගුපත පාට නෙමේ කෝපි පාට තැනක්


පිච්ච මල් සුවද හදුන්කූරූ .. මන් බලන් උන්නේ පොත් රාක්කයක් උඩ පත්තු කරලා තිවුණ හදුන්කූරු අළු සුලගත් එක්ක මිශ්‍ර වෙලා පාවෙන දිහා


" අකේෂී " අම්මාගෙ හඩට මන් එයා දිහා බලද්දි එයා උන්නේ මාව පහු කරන් ගොඩක් දුර ගිහින්



" ඔයා පොත් තෝරන් එන්න මන් අතනින් ඉන්නම් " අම්මා එහායින් තිවුණ සෝෆා එකක් පෙන්නලා කියද්දි මන් ඔලුව වැනුවා



ඇහැල මලට දම් පාටක්


මන් මුලු ශොප් එකේම ඒ පොත හෙව්වා වෙද්දි ඒ පොත හැර තියෙන්න ඕන පොත් සේරම මට හමබ් වුණා


අන්තිමට ශොප් එකේ වැඩ කරන කෙනෙක්ගෙන් මන් ඇහුවේ ඒ පොත කියවන්න තිබුන කුතුහලේට


" ඊයේ අලුතෙන් ගෙනාපු ස්ටොක් එකේ ඇති මිස් .. මන් බලන්නම් "

එහෙම කියාගෙන ඒ මනුස්සයා ගියා වෙද්දි මට ඈතින් ආයෙම පාරක් ඇහුණේ එයාගෙ කටහඩ


" අහස් ... අර ඊයේ ගෙනාපු ස්ටොක් එකේ .............


ඒ මනුස්සයා තව මොනාද කියවනවා වෙද්දි මන් අතරමන් වෙලා උනේ එකම එක වචනයක් අස්සෙ


අහස්


" මිස් ... මිස් " ඒ හඩත් එක්ක මන් දැක්කේ පොතත් අතේ තියන් මන් දිහා බලන් ඉන්න මනුස්සයෙක්ව


නෑ .. ඒ වෙන කවුරුත් නෙමේ .. අර කලින් ආපු කෙනාමයි


" තෑන්ක්ස් " එයා දුන්නු පොතත් අරගෙන මන් කැශියර් එක ගාවට ගියේ අම්මා ඇවිත් බිල් එක පේ කරද්දි


.................


" මොකද දරුවෝ මේ බය වෙලා වගේ .."


" නෑ අම්මා එහෙම මුකුත් නෑ "


ගෙදර යනකන්ම අපි දෙන්නා අතරේ කතාවක් නොවෙද්දි මන් උන්නේ ශටෙර් එකෙන් එලිය බලාගෙන




.....................


"Embracing peace, tranquility, and divine grace."


....................



කතාව දානකන් බලන් ඉදලම ඔයාලට එපා වෙලාද ඒයිලා .. 🥺❤️‍🩹


අද ඉදන් දිගයටම කතාව දෙනෝ ..ආයේ බලන් ඉන්න වෙන්නෙ නෑ ...


ඊලග චැප්ටර් එක ... ඒක ගොඩක් විශේෂයි ඒයි

අහස්ටත් ඕනෑ කොහොම හරි අකේෂිව හමබ් වෙන්න එකේ දැන් තියෙන තත්පෙත් එක්ක අකේෂි ඒකට අකමැති වෙයි කියලා හිතනවද ඔයාලා .. ✨



100+ comments to next episode


https://t.me/brown_Soul_personal_blog

BrOwN sOuL 🤎✨









Report Page