Vintage Letters

Vintage Letters

BrOwN sOuL 🤎✨

Chapter #11

"Love's melody, written in the language of the heart: vintage love letters." 🤎✨



Chapter #10



මීට දවස් කීපෙකට කලින් එයාගෙන් ලැබුණ වැස්සට පෙගිලා තිවුණ කඩදාහි මේ වෙනකොට වේවිලා වෙද්දි මන් උන්නේ බොදවුණ තීන්ත පාරවල් අස්සෙන් එයාගේ අකුරු කියෝන ගමන්



මන් අද ඔයා වගේම කෙනෙක් දැක්කා අකේෂී ...
ඔයා ගමේ ගියා කියලා නොදැන හිටියා නම් ඒ ඔයා කියලා ඇත්තටම රැවටෙනවා මන් ...


මේසේ උඩ තිවුණ කඩදහියක මගේ හිතේ තිබ්බ ලොකුම ප්‍රශ්නේ අකුරු වෙද්දි මන් උන්නේ ඔලුව කෙලින් කරන් ඉන්න බැරි තරම් නිදි මතෙන්


මන් වගේ කෙනෙක් ... ?
මාව වත් හරි හැටි නොදැක ඔයා කොහොමද මන් වගේ කෙනෙක්ව දැක්කා කියන්නෙ



අත්තම්මගේ උණුම උණු ඉගුරු විස්කෝතු .. බටර් කුකීස්වල රස සැරෙන් සැරේ මතකෙට එද්දි තිවුන බඩගින්න වැඩි වෙද්දි නිදිමතේම මන් කුස්සියට ගියේ මොනා හරි කන්න කියලා හිතාගෙන


" අකේෂි ... " මන් යනකොට කුස්සියේ ඉදිය අම්මව දැකලා නිදිමත සම්පූර්ණෙන්ම නැති වෙලා ගියා

" බඩගිනී අම්මා .. "

අම්මා කිරි එකක් හදන අතරේ මන් උනේ කිචන් එකට ටිකක් එහායින් තිවුණ මේසෙට ඔලුව තියාගෙන


" මට කියන්න බැරි වුණානේ .. අද මඩුගල්ල මැඩම් මට කෝල් කරා "

" ඒ මොකටද "

" මේ මාසේ අග ප්‍රයිස් ගිවින් තියෙනවා කියලා .. ඔයා ගිය අවුරුදු දේකම තර්ඩ් ටර්ම් එකේ ප්ලේස් කරානේ .. ඒකට "

" මන් ඒකට යන්න ඕනෙද එතකොට "

" නැතුව "


කිරි එකට දාන්න අම්මා අලුත්ම අලුත් මිල්ක්මේඩ් ටින් එකක් කැඩුවා වෙද්දී ඒකෙන් එන අමුතු සුවද විදින ගමන් මන් උන්නේ ලොකු කල්පනාවක


එකතකොට මන් ආයෙත් ස්කෝලේ යන්න ඕනේද ..

මේ දවස් ටිකට මට ඉස්කෝලේ අගේ ඕනෑවටත් වඩා දැනිලා තියෙද්දි මේකෙන් වෙන්නේ අමාරුවෙන් හදන් ඉන්න මගේ හිත ආයෙම පාරක් පෑරෙන එක


" දැන් එකත් පහු වෙලා .. ඕක බීලා නිදා ගන්න .. අපි උදේට කතා කරමු "

අම්මා කිචන් එකෙන් යනවත් එක්කම මාත් බැල්කනි එකට ආවේ අම්මා හදලා දුන්නු කිරි එකත් අරන්



අහස පුරා තරු පිරිලා වෙද්දි හුළගට ගහගෙන ආපු කළු වලාවක් මෙච්චර වෙලා කහ පාටට දිලිහි දිලිහි උන්නු හද වහගත්තේ පරිසරයම මොහොතකට අදුරු කරන ගමන්



..................


උරහිසට ටිකක් යට වැවුණ කැරලි කොන්ඩයක් එක්ක ලස්සන හිනාවක් තියෙන අවුරුදු දාසයක විතර චූටි කෙල්ලෙක් ...
මන් ඔයාව මවන් ඉන්නේ ඒ විදිහට
ඉතින් මන් අද දැක්කෙත් ඒ වගේම කෙල්ලෙක් ..
උස්ස ගන්න බැරි තරම් පොත් ගොඩක් ලයිබ්‍රි එකෙන් අරන් පාර අයිනේ තියෙන මල් ගස්වලට හිනා වෙවී ඇවිදන් යනවා


මගෙ මූණට හිනාවක් එන්න තත්පරයක්වත් නොයන්න ඇති


චූටි කෙල්ලෙක්

එතන තිබුණ මන් ආසම වචනේ ඒක වෙද්දි මට ඕන වුණේ එයාගේ වයස දැනගන්න ..




...................


අහස්ගෙ වයස ...

හරියට ගෙස් කරොත් පළවෙනි බෝන්ස් එක අද දෙනෝ 😚🤎


අහස්ගේ මොකක් හරි හොරයක් තියෙනවා කියලා හිතෙන්නෙ නැද්ද ඔයාලට



කතාව කියවන හැමෝම කමෙන්ට් එකක් දාගේන යන්න ඒයි ..

රියැක්ට් එකක් හරි



https://t.me/brown_Soul_personal_blog

BrOwN sOuL 🤎✨















Report Page