Vintage Letters

Vintage Letters

BrOwN sOuL 🤎✨

Chapter #10

"Love's melody, written in the language of the heart: vintage love letters." 🤎✨


Chapter #09



කරන්න එහෙමට දෙයක් නොතිවුණ නිසාම මන් ලයිබ්‍රි එකට ගියේ එකම එක නිසදැසක්වත් නැතිව හිස් අතින්


ගත්ත පොත් දෙකත් කියවලා ඉවර නොවෙද්දි මට දැණුන එකම දේ මන් වෙනස් වෙලා


පොතක් ගත්ත දවසේ ඉදන් කියවලා ඉවර වෙනකන්ම සිහියක් නැතිව ඉන්න මන් සතියක් ගිහිනුත් තාම ඒ පොත් අල්ලලාවත් නෑ ....


දවස පුරාවට හිතට එන හැමදේම අකුරු කරන මට දැන් ඒ ගැන වගේ වගක් නෑ ..


මන් ඕනෑවටත් වඩා තනිවෙලා කියලා මටම දැනෙද්දි මන් උන්නේ උසම උස පොත් රාක්කයක් දිහා බලාගෙන



..............



පැයක් .. සමහරවිට ඊටත් වඩා පොත් අස්සේ උන්නු මන් ලයිබ්‍රි එකෙන් එලියට ආවේ හිස් බෑග් එකත් අරගෙනම


මන් ගෙදර යනකොටත් අම්මා ඇවිල්ලා ..


" කොහෙද ළමයෝ යන්නේ .. අඩුම නෝට් එකක්වත් තියලා යන්න ඕනේ නෙ "


" මන් මෙච්චර වෙලා ඉන්න හිතන් නෙමේ අම්මා ගියේ "


" පොත් ගත්තේ නැද්ද අද "


නෑ කියන්න මන් ඔලුව වනද්දි


" ඒ මොකද "


" කලින් ගත්තුවා තාම කියවලා ඉවර නෑ "


" පුදුමයි " අම්මා ලාවට හිනා වෙලා කියනවා



............



මේසේ උඩ තිවුණ කෝපි පාට කඩදහිය දිහා බලාගෙන මන් බර හුස්මක් පිට කරා


ඇත්තටම අහස්ට කියන්න කිසිම දෙයක් නැද්ද මට ..


කියන්න දේවල් නෑ නෙමෙයි හිතේ තියෙන ගොඩක් දේවල් අකුරු කර ගන්න බැරුව මන් ලතවෙනවා



මට හරි මහන්සි අහස් ..



මුලු කොලේ පුරාවටම තිවුණේ ඒ වචන හතර විතරක් වෙද්දි මට කියාගන්න ඕනේ වුණ හැගීම් මහ ගොඩක් ඒ අස්සේ තිවුණා





ඔයා යාලුවෝ ගැන මොකද හිතන්නේ




ඉස්සර කෙසේවෙතත් මන් දැන් මිනිස්සුත් එක්ක ඉන්න වැඩිය කැමති නෑ අහස් ..

අඩුම මිනිස්සු ගොඩක් ඉන්න තැන්වලට යන්නවත් කැමැති නැති තරම් ..

මන් කැමති මාව අදුරන්නෙ නැති අඩුම දැකලාවත් නැති මිනිස්සුන්ව අදුරගන්න දැනගන්න ... හරියට ඔයාව වගේ



මට මතක් වුණේ දවසක් එයා ඇහුව ප්‍රශ්නෙකට මන් කියපු කතාවක් ..



ඒත් මනුස්සයෙක්ට දරාගන්න බැරිම වෙලාවක හේත්තු වෙන්න උරහිසක් තියෙන්නම ඕනේ ..


සහෝදරයෙක් තියා යාලුවෙක්වත් නැති අඩුව මේ දවස්වල ඕනෑවටත් වඩා මට දැනෙනවා වෙද්දි


අහස් කියන්නේම මගෙ හිත නිවලා දාන මායාවක්



........



ලිලැක් 🪻✨



කියවලා කියවලාම ඒකේ තිවුණ නිසදැස් , කවි කටපාඩම් වෙලා තිවුණත් ආයෙම පොත අතට ගත්තේ හිතේ නිදහස වෙනුවෙන් ..


පොතේ පිටුවෙන් පිටුව පෙරලෙද්දි මට දැවුණේ කාලය මොහොතකට නතර වෙලා වගේ ..



ඒ අතරේ මගෙ හදවතම මොහොතකට නතර කරලා දාපු මායාකාර වචන ටිකක් ..



දැනෙනා උණුහුමට වඩා .. නොදැනෙන උණුහුම ප්‍රබලයි ..,
ළගින් ඉදන් බලාගන්නවට වඩා , දුරින් ඉදන් බලාගැනීම ප්‍රේමණීයයි ..
කොටින්ම කසිප්පුවලට වඩා වොඩ්කා මාරයි ..




අහස්


මගෙ කටින් ඒ වචන පිටවුණේ ඉබේටම වෙද්දි ඒක දැක්ක ගමන්ම මගේ මතකෙට ආවේ එයා



කවුරු නැතත් මන් ඉන්නවනේ ළමයෝ


වෙනදටත් වඩා ලස්සන අකුරුත් එක්ක කෝපි සුවද පිරුණු ලියුමක් උදෙන්ම මට ලැබිලා තිවුණා වෙද්දි


කියෝ කියෝ හිටපු පොත පැත්තක දාලා මන් ආයෙමත් ඒ ලියුම අතට ගත්තේ හිතට දැනුන සියුම් සතුටත් එක්ක



.........



Ink-stained memories 🤎✨



100+ comments to next episode



https://t.me/brown_Soul_personal_blog

BrOwN sOuL 🤎✨

Report Page