Vintage Letters

Vintage Letters

BrOwN sOuL 🤎✨

chapter #09

"Love's melody, written in the language of the heart: vintage love letters." 🤎✨

Chapter #07


" අකේෂි .. බෑග් එක හදලා නිදා ගන්න " රෑ කනගමන් ඉද්දි අම්මා කියනවා


" ඒ කියන්නේ හෙට යනවද " මන් මූණ බෙරි කරන් කියද්දි අත්තම්මා මගෙ ඔලුව අතගෑවේ බර හුස්මක් පිට කරන ගමන්


" මට සදුදා ඉස්කෝලෙනේ ලමයෝ ඉතින් "


එතනින් එහාට කවුරුත් ඒ ගැන කතාවක් නොවෙද්දි හෙට යන්න මන් හිත හදන් උන්නා



.............


ලස්සනම ලස්සන මතක ගොඩක් එකතු කරන් මන් ආයෙම පරණ ජීවිතේට හුරු වෙන්න යන්න ලෑස්තිය


" පරිස්සමින් යන්න මගෙ දරුවෝ .. "


" මට පාලු හිතෙයි අත්තම්මා .. " අන්තිම වතාවට අත්තම්මා ලගින් එන කේක් බටර් සුවද විදින ගමන් කිව්වා


ඒක එයාටම ආවේණික වෙච්ච සුවදක් වෙනකොට මේ දවස් ටිකට මන් ඒ සුවදට ඕනෑවටත් වඩා ආස කලා


" අපි ගිහින් එන්නම් අම්මා "

අම්මාගේ ඒ වචනත් එක්ක ඒක ලස්සන වගේම ආදරණීය සමුගැනීමක් කරන ගමන් අපි වාහනේට නැග්ගේ මන් මේ දවස් ටිකට ඕනෑවටත් වඩා ආදරේ කරපු ආස කරපු ගම දිහා ලාවට තෙත් වුණ ඇස් වලින් මන් බලන් ඉන්නකොට


" අකේෂි .. ඕනෑවට වඩා ඕවා කන්න එපා ළමයෝ " අත්තම්මාගෙන් හමබ් වුණ කැලෑ බෙරි පිරිච්ච කූඩේ හිස් කරන ගමන් උන්නු මට අම්මා කියනවා


" හ්ම්ම් "


............



ගෙදර එද්දි ටිකක් හවස් වෙලා ..


ඕනෑවටත් වඩා අව්වට වේලුනු පොළව වැහි බිංදුවලින් තෙත් වෙද්දි


ඒ එන නැවුම් සුවද .. විදින්න මන් පපුව පුරෝලා හුස්මක් ගත්තා



දෙයියනේ ..


හදිස්සියේම මන් දිව්වේ පොස්ට් බොක්ස් එක ගාවට


කවුරුහරි ඒක ඇරලා දාලා තිවුණා වෙනකොට කාබන් මිශ්‍ර වුණ තෙමිච්ච කඩදාහි වලින් ඒක පිරිලා තිවුණා


" අකේෂි .. මේ බඩු ටික ගෙනියන්න " අම්මගේ කෑගැහිල්ලත් එක්ක මන් පියවි සිහියට එද්දි අතේ තිවුණ ලියුම් ටිකත් හංගගෙනම මන් හෙට ගියා


" වොශ් එකක් දාගන්න කලින් මේ ටික අස් කරලා ඉන්න .. එතකොට වොශ් එකක් දාගෙන එහෙන්මම ටිකක් නිදා ගන්න පුලුවන්නේ "


තෙමිලා ඉරිලා ගියපු ඒ ලියුම් අස්සේ තනිවෙන්න මට ඕන වුණත් ඒකට ඉඩක් නොවෙද්දි මන් උන්නේ ගෙනිච්ච බෑග් අස් කරන ගමන්



..........



හැමදාම ආදරේ කරන ආස කරන වැස්ස ගැන මොහොතකට මගෙ හිතේ තරහක් ඇති වෙද්දි මන් උන්නේ කම්මුල් තෙත් කරන උණු කදුලුවලට වැටෙන්න ඉඩ හරින ගමන්


මුලු කොලේ පුරාම බොද වුණ තීන්ත පාරවල් වෙද්දි


ඒ අස්සේ තිවුණ කියවන්න බැරි අකුරු අස්සේ මොහොතකට තනි වෙන්න මට ඕන වුණේ



" අකේෂි ... කෑම කන්න එන්න ළමයෝ " ආයෙමත් අම්මාගෙන් මට ඒකට බාදාවක් වෙනකොට කදුලු පිහදන් මන් යටට ගියේ කෑම කන්න



........



මෙහෙට හොදටම වැහැලා අහස් ...

දවස් ගාණක් බලන් උන්නු කෝපි පාට ලියුම් වෙනුවට මට හමබ් වුණේ වචනයක්වත් කියව ගන්න බැරි තෙමිලා , ඉරිලා ගියපු කඩදහි ටිකක් ...

ඔයාගේ ලස්සනම ලස්සන කැලෑ මල් පොකුර වෙනුවට තෙමිලා ගද ගහන මල් පොකුරක් ..

අත්තම්මලාගෙ එඩ්‍රෙස් එකට එහෙම වැරදිලාවත් ලියන්න එපා හරිද ..



හිතේ තිවුණ දුක ඒ විදිහට අකුරු වෙද්දි මන් උන්නේ මගෙ කදුලු වලින් රටා මවපු කෝපි පාට කඩදහියක ලියන ගමන් ..



.........



" මහන්සියත් එක්ක අද පාඩම් වැඩ ටිකක් පැත්තකින් තියලා නිදහසේ ඉන්න .. ඕනේ නම් ලයිබ්‍රි ගිහින් එන්න "


අම්මා ඉස්කෝලේ යන්න ලෑස්ති වෙලා කියද්දි මන් කරේ ඔලුව වනපු එක


අම්මා හදලා තිවුණ පිටි කිරි එක බොද්දි අත්තම්මගේ එළකිරි වීදුරුවේ අඩුව මට දැනුනේ ඉබේටම



මන් තනිවෙලා


වෙනදටත් වඩා ඒවග මට දැනෙනවා



ඒත් එක්කම ගේට් එකට ලගින් ඇහුණ සද්දෙට මන් ඉස්සරහට දුවන් ගියේ මගෙ කෝපි පාට ලියුම ගන්න


ඊයේ මන් ලියපු ලියුම තාමත් අහස්ට හම්බ වෙලා නැති වෙද්දි ඒ වගක් නොදැනම එයා දිගින් දිගටම ගම ගැන අහලා තිවුණා



මේ දවස් ටිකට මට දැණුන එකම දේ මන් ඔනෑවටත් වඩා ඔයාගෙ ලියුම්වලට ඇබ්බැහි වෙලා අකේෂි



ඇත්තටම මට පාලුයි ළමයෝ



ඒ වචන මට ඕනෑවටත් වඩා දැනුණා වෙද්දි මන් උන්නේ ඒ වචන අතරේ අතරමන් වෙලා



..........


🍒✨


කතාව chapters 10 කින් ඉවර කරන්න හිතන් හිටියේ ...


ඒත් තාම අවසානයක් ගැන හිතාගන්නවත් බෑ ඒයිලා ..


ඔයාලා හිතන්නේ මොන වගේ අවසානයක්ද ..


ඉමෝජි එකක් ලස්සනයි කියනවට වඩා දෙයක් අද මේ ළමයා ඔයාලගෙන් හමබ් වෙනකන් බලන් ඉන්නෝලු ඉතින්



ආතරෙයි 🥹🤎



https://t.me/brown_Soul_personal_blog

BrOwN sOuL 🤎✨

Report Page