Vintage Letters
BrOwN sOuL 🤎✨Chapter #08

" කොහෙද දැන් දෙන්නත් එක්ක යන්නේ " අත්තම්මාගෙන් හමබ් වුණ එළකිරි කෝප්පේ හිස් කරන ගමන් උන්නු මන් මොහොතකට නැවතුණේ ඒ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න
" එහෙම තැනක් නෑ ඉතින් ... අර කන්දට යන්න හිතන් ඉන්නේ "
" එහෙනම් අමතක නොකර මේකත් අරගෙනම යන්නකෝ " අත්තම්මා හිනා වෙලා මන් උන්නු තැනින් පොඩි වේවැල් කූඩක් තියද්දි මන් ඇස් දෙකත් ලොකු කරන් අහනවා
" ගියාම තේරෙයි .. වැඩිය උඩහට යන්න එපා .. අම්මගෙන් අහලද දැන් ඔය යන්නේ " අත්තම්මා අහද්දි මන් ඔලුව වැනුවේ නෑ කියන්න
" එහෙ යනවා කිව්වොත් අම්මා යන්න දෙන එකක් නෑ අත්තම්මා .. නිකන් ඇවිදින්න යනවා කියලා නම් කිව්වා ඉතින් "
" පරිස්සමින් ගිහින් එන්න එහෙනම් " බේකරි එකේ දොරෙන් ඇතුළට ආපු මේග්නාව දැකලා අත්තම්ම කියද්දි
" හරි හරි අනේ .. ඉක්මනට එනවානේ ඉතින් " කියාගෙන අපි දෙන්නා එළියට ආවා
ඇත්තටම මට ලොකු නිදහසක් දැනෙන්නේ
මතක ඇති කාලෙක යාලුවෙක් එක්ක කතා කරලා නැතුව ඇති ..
එහෙව් එකේ මේ වගේ මොහොතක් කොහොම මගෑරගන්නද
" අද පොළ නිසා ඔහෙන් යන්න බෑ අකේෂි .. අපි ඉස්කෝලේ පාරෙන් යමු " ගමේ තිවුණ චූටි ඉස්කෝලේ බලන් හිතේ ආසාවක් තිබ්බත් දැන් මට ඕන වුණේ .. අත්තමා ආපු දා ඉදන් මාව එක්කන් යන්න දගලන පොළ බලන්න
" ඉතින් අපි පොළේ යමුකෝ "
" ඒ මොකටද ඒ " මේග්නා මන් දිහාවට අමුතු බැල්මක් දාගෙන අහනවා
" නිකන් ඉතින් .. ඒ පැත්තෙන් යමු ඉතින් "
කඩ වීදිය දෙපැත්තෙ පොඩි පොඩි කඩ ගොඩාරියක් ..
තැන් තැන්වල එළවළු පුරෝපු කරත්ත..
එක්කෙනෙක්ට එක්කෙනෙක් පරදින්න හයියෙන් කෑගගහා බඩු විකුණන වෙළෙන්දෝ ..
බූන්දි , පුහුල්දෝසි මලුවලට වගකියන ගමන් පාර පුරා ඇවිදින පොඩි උන් ..
මෙහේ කොටුවට වඩා ගොඩක් නිස්කලංක .. එළවළු සුවදත් එක්ක මිශ්‍ර වුණ ඇත්තම පොළක සුවද පිරිච්ච තැනක් අහස් ..
එයාට මගෙ ලැබෙන්න තියෙන අලුත්ම කෝපි පාට ලියුමට එකතු වෙන අලුත් දේවල් ගැන හිත හිත උන්නු මට ඇහුණේ මේග්නාගේ කටහඩ
" යමුද දැන්වත් "
" විනාඩියක් .. "
අයිනේ තිවුණ චුටි කඩේකින් බූන්දි මල්ලක් ගත්තු මන් ආයෙමත් දුවන් ගියේ මේග්නා ගාවට
" යමු "
" ඇත්තම මෙහෙ හරි ශෝක් " පුංචි රෙදි සාප්පුවක් ඇතුලින් එන රෙදි කෑලි සුවද මගෙ නාස් පුඩු අතර සෙල්ලම් කරද්දි මන් කියෝනවා
" එච්චර ආසයි නම් ආයෙත් නොයා ඉන්නකෝ " බූන්දියක් හපන ගමන් මේග්නා කියනවා
බර හුස්මක් ගන්න ගමන් මන් මුකුත් නොකියා උන්නා
..........
ලුණු රසත් එක්ක හමන මුහුදු හුළග වෙනුවට රුකත්තන සුවද මුසු වුණු ලා සීතල හුළගේ පහස විදින ගමන් තණකොල ගොන්නක වාඩි වෙලා මන් උන්නේ
" තව ටිකක් අරහෙට ගියා නම් ඇති තරම් කැලෑ බෙරි කඩාගන්න පුලුවන් "
" මෙතන ටිකක් ඉදලා යමුකො " මන් කියද්දි එයත් මගෙ එහායින් වාඩි වුණා
" ඇත්තටම මෙහේ ශෝක් මේග්නා " මන් දෙවෙනිවතාවටත් කියද්දී එයා උන්නේ ගමන් ගැන තිවුණ ආඩම්බරේ පිරිච්ච හිනාවකින් මූණ සරසගෙන
" ඔයා ගොඩක් වෙනස් වෙලා අකේෂි .. " අපි දෙන්නා අතර තිවුණ නිහඩබව බිදින ගමන් එයා කියනවා
" අනේ මන්දා "
මන් දන්නවා මන් වෙනස් වෙලා .. ගොඩක් ..
කතා කරන්න , හිනා වෙන්න කිසිම දේකට යාලුවෙක්වත් නැතුව දවස තිස්සෙ පොත් ගොඩකට මැදි වෙලා ඉද්දි වෙනස් නොවී තියෙයිද .. !
........
" දැන් 12ටත් කිට්ටු ඇති "
" අම්මෝ තව නම් බෑ "
පාසි පිරිච්ච ලී කොටයක් උඩින් වාඩි වෙන ගමන් මන් කියද්දි මේග්නා අත් දෙක ඉනේ තියන් බලන් ඉන්නවා
" නැන්දාගෙන් මටත් එක්කලා බැනුම් අහගන්න වෙනවා "
" එයා ඔයාට බයින්නෙ නෑ අනේ"
වාඩි වෙලා උන්නු ලී කොටේ පුරාවට තියෙන පුංචි පුංචි බිම්මල් දිහා බලාගෙන මන් කියනවා
එහෙ නම් ආසවට දකින්න බිම්මලක් නැති තරම් 🍄
" අකේෂි .. යමුකො අනේ " තිවුණ වදේටම මන් නැගිට්ටේ බිම්මල් දෙක තුනක් ගෙනාපු වේවැල් කූඩෙඩ දාගන්න ගමන්
...........
" ඕවා කොහෙන්ද "
මගෙ අතේ තිවුණ කැලෑ බෙරි පුරෝපු කූඩේ දිහා බලාගෙන අම්මා අහනවා
" මායි මේග්නායි කැඩුවේ "
" කොහෙන්ද "
" ඇයි අනේ ඔච්චර ප්‍රශ්න අහන්නේ .. අත්තම්මේ මන් ඔයාට බඩුවක් ගෙනාවා " එහෙම කියාගෙන මන් අත්තම්මා ගාවට ගියෙ කැලෑ බෙරිවලින් පිරිච්ච වේවැල් කූඩෙත් අරගෙනම
" ඔන්න ඕකට තමා මන් ඕක අරන් යන්න කිව්වේ " හිනාවකින් මූණ පුරවගෙන එයා කියනවා
...........
ආදරණීය වාලාකුළු කොල්ලට මගෙන් පුංචි තෑග්ගක්
පැයක් විතර මක මක ඇදපු බිම්මල් ච්‍රිතේ යටින්ම එහෙම ලියන ගමන් මන් උන්නේ ලොකු කල්පනාවක
එයාට මට ලියන්න බැරි වුණාට මට පුලුවන්නේ මේ ටික එයාට යවන්න
හිතට ආපු අලුත් අදහසත් එක්කම මන් දිවුවේ අත්තම්මා ලගට
" පෝස්ට් ඔෆිස් එක කොහෙද තියෙන්නේ අත්තම්මා "
............

.........
200 + to next episode 🥹🤎✨
ආතරෙයි ඒයි
https://t.me/brown_Soul_personal_blog
BrOwN sOuL 🤎✨